Tuesday, December 25, 2012

"සර් මේ අයි ගෝ ටු ද ..............."


බොහොම පුංචි සන්දියේ වෙච්ච සිදුවීමක් .ඒ දවස්වල ඉස්කෝලේ නිවාඩු මාසෙක .අපේ ගමේ පන්සලේ ඉංග්‍රීසි පන්තියක් පටන් ගෙන තිබුනා ...පොඩි ළමයින්ට ..ඉතින් මටත් ගෙදරින් ගොඩක්

පෙරැත්ත කරා පන්තියට සහභාගී වෙන්න කියලා ..ඉතින් මමත් බේරෙන්න බැරිම තැන පොතකුත් නවාගෙන හැන්දෑවේ පන්සලේ තිබුන පන්තියට ගියා ..
මන් යද්දීම වගේ පන්තියත් පටන් ගෙන තිබුනා ..පන්තිය කරේ ටිකක් මහා බයංකාර පෙණු මක් තිබුණු මුහුණ පුරාම රැවුලක් වවාගත්ත සර් කෙනෙක් ...
මගේ ජිවිතේ පළවෙනිම ටියුසන් ගුරුවරයාත් ඒ සර් ම තමයි ..පන්තියේ ළමයි විස්සක් විතර හිටියා ..සර් මගෙත් නම එහෙම අහලා එදාට නියමිත පාඩම කරගෙන ගියා ..මට මොනවත්ම තේරෙන්නේ නෑ ..නිකන් ග්‍රීක් වගේ .මන් ඉතින් පැන අතේ තියාගෙන පන්සලේ වහලේ උළු ගණන් කරා ,,,ටික වෙලාවක් යද්දී තමා හොදම වැඩේ උනේ ..මට උහුලන්න බැරි තරමේ මුත්‍රා බරක් හැදුනා නොවැ ..හදිසියට පන්තියට දුවන් ආවට ඒ වැඩ කටයුත්තක් අමතක උනා ..කොච්චර අමාරුද කියනවනම් ඉන්නේ කොහෙද බැලුවේවත් නෑ ..නැගිටලා "සර් චු බරයි ටොයිලට් ගිහින් එන්නද"කියල ඇහුවා ..සර් මගේ දිහා බලල කිව්වා ..ඒ දේ ඉංග්‍රීසියෙන් කියන්න කියලා ...මගේ ලග හිටිය යාළුවා පන්තියේ පරණ කෙනෙක් ..එයා කිව්වා "සර් මේ අයි ගෝ ටු ද ටොයිලට් " කියන්නකියල ..
මන් නැගිට්ට
සර් "යස් " කිව්වා ...මන් "මේ අයි ..." කියනවා ..සම්පුර්න වාක්කිය කියවෙන්නේ නෑ .සර් යක්ශාරුඩ මුහුණක් මවාගෙන කිව්වා හරියට කියනකම් ටොයිලට් යන්න දෙන්නේ නෑ කියල ..හතර පස් වතාවක් උත්සහා කරත් "මේ කියවෙනවා ගෝ කියවෙනවා ටු කියවෙනවා ටොයිලට් කියවෙනවා ..සම්පුර්ණ වැකියම කියවෙන්නේ නෑ ..අනිත් එක ඒ අමාරුව අස්සේ ඔය වාක්කිය කියන්නේ කොහොමද ..මන් මොකද කරන්නේ කියලා කල්පනා කරලා සර් කළු ලැල්ල දිහා බලනකම් ඉඳලා පොතත් අරන් හීයක වේගෙන් එලියට දුවන් ඇවිත් පන්සලේ තිබුණු ගන්ටාරෙත් එල්ලිලා දෙතුන් සැරයක් ගන්ටාරේ ගහල (අදටත් අවේලාවේ අපේ පන්සලේ ගන්ටාරේ ගැහුව කෙනා මන් කියලයි මන් හිතන්නේ.. එදා මන් ගන්ටාරේ එල්ලුනේ ඇයි කියලා මන් අදත් මගෙන් ප්‍රශ්න කරනවා ..)ඊට පස්සේ වලාකුළු බැම්මෙන් පල්ලෙහාට පැනල වෙල් යාය දිගේම දුවන් ආවා ..ගෙදරට යන පඩිපෙළ හරියේදී නැවතිලා පන්සල දිහා බැලුවා ..මන් දැක්ක ඉංග්‍රීසි සර් ළමයිත් එක්ක වාලාකුළු බැම්මට හේත්තුවෙලා මන් දිහා බලන් ඉන්නවා ..අයෙත් අඩියට දෙකට ගෙදරට දිව්වා ...අම්ම ඇහුව මොකද මේ හදිස්සියේ කියල ,,අම්මට මන් සින්හලෙන්වත් උත්තර දුන් නෑ ..කෙලින්ම ටොයිලට් ගියා ,,,අම්ම ඇහුව" ඇයි පන්ති නැද්ද කියල" ..මන් කිව්වා "ඒ සර් හරි සැරයි මට ආයේ ඒ පන්තියට යන්න බෑ" කිව්වා ..අම්ම මොනවත් කිව්වේ නෑ ..මන් හොරෙන්ම වගේ අපේ පල්ලෙහා වත්තට ගිහින් හැංගිලා හිටියා ..මන් හිතුවා සර් අපේ ගෙදර එයි කියල ..එත් ආවේ නෑ ..මන් ටිකක් රෑ වෙලා ගෙදර ආවා ..මොකුත් ප්‍රස්නයක් උනේ නෑ ..ඊට පස්සේ මන් දවස් ගානක් යනකම් පාරට ගියේ නෑ ...අවුරුදු ගානක් යනකම් ටියුසන් පන්ති ගියෙත් නෑ ..
හැබැයි අදටත් හොදටම මතකයි 
"මේ අයි ගෝ ටු ද ටොයිලට් "

Saturday, December 15, 2012

" තිස් හතරට පායපු සඳ "


තිස් හතරට හද පැව්වම පුදුම ලස්සනක් ....තිස් හතර අපේ ගෙවල් ඉස්සරහ පුංචි කදු ගැටයක් ...අක්කර කීපයකින් වටවුණු අපුරු කන්දක් ..තනිකරම තේ ගස් වලින් වට වුනු තිස් හතරේ තැන් තැන් වල ඉලුක් ගස් ඉල්පිලා තියෙනවා.පැගිරි මාන එක පැත්තක ..පොල් ගස් පහ හයකුත් තියෙනවා උනත් ...පොල් ගෙඩිනම් නැත්තේම නැති තරම් ....

කුරුම්බා අවදියේදීම අන්තරස්ද්හන් වෙනවා. තිස් හතර කන්දේ බැවුමේ එක පැත්තකින් පන්සල ..නිහඩ තිස් හතරට පන්සලේ ගන්ටා හඬ මිහිරක් ...
තිස් හතරේ කදු මුදුනට වෙන්න වගේ පුංචි පැල් කොටයක් තියෙනවා..අපේ සහුර්දයෝ කාන්ඩේ ඉද හිටක ඔය පැල් කොටේට එකතු වෙලා පරණ අතීත සිද්දි ආවර්ජනය කරන්නේ තිස් හතරත් සිනා ගස්සමින් ... අන්තිමටම වගේ අපේ කට්ටිය එකතු උනේ සිංහල අවරුදු රාත්‍රියක ...එදා අපි සින්දු කිව්වා රෑ දොළහත් පහු වෙනක් ..හද එක්ක තිස් හතරේ පැළ ඉස්සරහ අමරදේවයන්ගේ "ආරාධනා" සින්දුව කිව්ව හැටි ...තිස් හතර කන්ද පුරාම "අතීතයේ තුන් මංසල "විසිරිලා ගියේ පුදුම තරම් ලස්සනට. .... ...
තිස් හතරට පාලොස්වක හද ආවම පුදුම තරම් ලස්සනක් ..රන් තැටියක් වගේ හද තේ යායත් එක්ක කන්දේ ගැටුනම සිත්තරෙකුටවත් ඇද නිම කරන්න බැරි සිත්තමක් මවනවා ..නිස්කලංක රාත්‍රියක තිස් හතරට පැව්ව හද දිහා බලන් ඉද්දි හිත පුදුම තරම් සුවපත් වෙනවා..රාත්‍රියේ තරු රංචු මුකුළු කරද්දී හද වලාකුළු මතින් රන් වතුර මුදාහරිද්දී තිස් හතර නිසොල්මනේ බලන් ඉන්නවා ...
පුංචිම කාලේ ගෙදර මිදුලට වෙලා අම්මා මාව ඔඩොක්කුවේ තියාගෙන ..තිස් හතරේ කන්දට පායපු හද පෙන්න පෙන්න ...'හද මාමා කිරි පැණි අරන් එනවා කියා කියා ..මේ කටත් මේ කටත් කියමින් මගේ පුංචි හිතම තිස් හතරේ කන්දේ හදට යොමු කරවමින් පුංචි බෙලෙක් පිගානේ බත් ඇටයක්වත් ඉතිරි නොවෙන්න මට බත් කැව්ව හැටි මතක් වෙනවා

 (මේක ලියද්දීනම් මටත් නොදැනී මගේ ඇස් මතින් කදුලක් කම්මුල් සිප ගන්නවා )

අම්මා වියපත් උනත් ඉද හිටෙකවත් තිස් හතර දිහා බලනවා ඇති ..එත් ඔඩොක්කුවේ මන් නැතුව ..... අම්මව සිප ගන්න මන් ලග නැති උනත් අදත් පාලොස්වක හද තිස් හතර සිපගන්නවා ඇති ..............

Tuesday, December 11, 2012

මා බාල කාලේ


කෝම් පිට්ටු

"අපේ තාත්තට කොළඹ යන්න කෝම් පිට්ටු ඉදියෝ "...පුංචි කාලේ සෙල්ලම් බත් ඉව්වේ එහෙම කෑ ගහමින් ...ගෙවල් වටේම හිටිය කොල්ලෝ කුරුට්ටෝ
කෙල්ලෝ කිරිට්ටියෝ උදේ පාන්දරින්ම එකතු පාදා වෙලා ...සෙල්ලම් බත් උයනවා ..එහෙමත් නැත්නම් කෝම් පිට්ටු හදනවා ..මිදුලේ තියෙන වැලි එකතු කරලා
පුංචි වැලි ගොඩක් ගොඩ ගහල ..වතුර ටිකක් එකතු කරනවා ..ඊට පස්සේ වත්ත පහල විසි කරපු පොල් කටු දෙකක් අරගෙන ඉන් එකකට අර තෙත් වැලි පුරවනවා
පොල් කට්ට පිරෙන්නම ..ඊට පස්සේ පොල් කට්ට වැලිත් එක්කම අනිත් පැත්ත හරවල ..බිම තද කරනවා ..අනිත් පොල් කට්ට අරන් වැලි තද කරපු පොල් කට්ටට වටේට
අතින් ගහනවා .අතින් ගහමින් කටින් කියනවා ..'අපේ තාත්තට කොළඹ යන්න කෝම් පිට්ටු ඉදීයෝ "කියල ..ටික වෙලාවකින් පොල් කට්ට අයින් කරාම ඒ හැඩේට තියෙන කෝම් පිට්ටුවක් ..එහෙමත් නැත්නම් සෙල්ලම් බතක් ..වෙලාවකට ඒ වගේ කෝම් පිට්ටු විස්සක් තිහක් හැදෙනවා ..අන්තිමට කට්ටිය වට වෙනවා ..කෝම් පිට්ටු එහෙමත් නැත්නම් සෙල්ලම් බත් කන්න ..සෙල්ලම් බත් වලට එළවලු විදිහට එකතු වෙන්නේ මල් ගස් වල පුංචි අතු කැබලි පොඩියට කඩල ..ක්‍රෝටන් කොලත් එක එලවලුවක් ..කරවල විදිහට එකතු වෙන්නේ කෙසෙල් මුව වේලිලා බිමට වැටුණු කෙසෙල් මුවේ කැබලි ..බත් කාල ඉවරවෙලා වතුර බොන්නේ ..හරිම අපුරු විදිහට ..අමු එහෙත් කර නොවුණු කොස් කොළ ගොට්ට හදල ඒකට වතුර දාලා ...ගොඩක් වෙලාවකට එක කුරුට්ටෙක් තාත්තෙක් වෙනවා ..කිරිට්ටියක් අම්මෙක් වෙනවා ..අනිත් කුරුට්ටෝ කිරිට්ටියෝ පුතාල සහ දුවල ...
තාත්තා කුරුට්ටයි අම්ම කිරිට්ටියි තමා කෝම් පිට්ටු බෙදල දෙන්නේ ..අනිත් අයට ..

Saturday, December 8, 2012

"කොටුගොඩැල්ල වීදිය"


මහනුවර ....මගේ ප්‍රියතම වීදිය ,,නුවර ගිහින් කොටුගොඩෑල්ල වීදියේ පා නොතිබ්බොත් නුවර ගියේ නැ වගේ ..හේමමාලි බාලිකාවට ඉදිරියේ සිට කාර්ගිල්ස්bසුපර් මාර්කට් දක්වා විහිදුනු මාවත කොටුගොඩැල්ල වීදිය ලෙස හදුන් වනවා ,,හේමමාලි බාලිකාවන්ගේ කෙලින්ම නෙත ගැටෙන්නේ මේ වීදිය ..මුලින්ම වගේ පිහිටලා තියෙන්නේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ..මට මතකයි ඉස්සර දවසක අපි යාලුවෝ තුන් දෙනෙක් (අපි කතෝලික නොවුනත්)ඉරිදාවක දේවස්තානේ ඇතුලට ගියා ,,අපි කතෝලික අයත් එක්ක ඉරිදා දේව මෙහෙයට සහබාගි උනා ..ඒ අයත් එක්ක අපිත් ගීතිකා කිව්වා "රොනට වඩින බිගු ඔබයි -කැකුළු මල මමයි " ගීතිකාව ඇහුවේ එදා එතැනදී ...එද්දී ගීතිකා පොතකුත් අරන් ආවේ ...දේවස්ථානය ඉදිරියේ පැත්තකින් තියෙන පුංචි කඩෙන් පොඩි කුරුස ..තරු වගේ දේවල් මන් ගත්ත හැටිත් මතක් වෙනවා ....ඒ පැත්තෙන්ම ඉදිරියට යද්දී මුණගැහෙන මුල්ම හතර මන් හන්දියේ කොනේ තිබුනා රෙකොර්ඩ් බාර් එකක් "සත්සර රෙකොර්ඩ් බාර් කියල ..මන් ඉස්සර නිතර ගියා ..ගීත පටිගතකරගන්න .ඒකෙ හිටියේ ටිකක් මහත වැඩිපුර බඩ තිබුණු අය්යා කෙනෙක් ..එයාගේ සහයක මහේෂ් කියල කෙනෙක් මගේ මතකේ හැටියට ..පුංචි පහේ සත්සර රෙකොර්ඩ් බාර් එකේ වැඩිපුරම තිබුනේ අමරදේවයන්ගේ ..නන්දා මාලනියගේ ගීත ..මම මුලින්ම ගීත කැසට් එකක් පටිගත කරගත්තේ සත්සර එකෙන්..TDK 90 කැසට් පීස් එකකට ..ඒකෙ තිබුන ගීත අතර ..සිතුවිලි සිරවී ,නදීෂානි .කදුළු කතාවේ ,සුලන් කපොල්ලේ .කලෙක සිට මැවූ සිහින.,රුවන් තාරකා , වගේ ලස්සන ගීත ගොඩක් තිබුනා ..සත්සර එක 1996 දී වගේ වැහිලා ගියා ..තවත් ඉදිරියට යද්දී කොමර්සල් බැංකුව ..එතනට එහා පඩි පෙලෙන් උඩට නැග්ගම YMCA ..එහෙමත් නැත්නම් සෝයා එක ..සෝයා එකෙන් රස පිනන සෝයා අයිස් කන්න ..සෝයා ආහාරයක් රස විදින්න ඒ පඩි පෙළ නගින වාර අනන්තයි ..මගේ කියවීමට අත් පොත් තැබුණු ඩී .එස් . සේනානායක ළමා පුස්තකාලය.ඒ අසලම වගේ ..පුස්තකාලයේ සාමාජික වෙලා .මුලින්ම ගත්ත පොත් දෙක කුලසේන ෆොන්සේකාගේ කල්ලන්දුවේ මුතු කොල්ලය සහ දොන් පීටර් පියතුමාගේ ඩිංකි පොත .. ළමා පුස්තකාලයේ මතකයන් ගොඩයි .. ..ඒත් ඇතුලට නොයන්නේ දැන් මන් ළමා සාමාජිකයෙක් නොවෙන නිසයි ..එතනින් යද්දී මගේ බෙල්ල නිතැතින්ම ඒ පැත්තට හැරවෙනවා ..බෙල්ල කියද්දීම කොන්ඩෙත් මතක් වෙනවා ..එතැනින්ම ඉස්සරහ ටිකක් ඇතුලතින් වගේ තියෙන BRIDE සැලුන් එකේ කොන්ඩෙ කපන අපූරුව ..තවත් ටිකක් ඉස්සරහට යද්දී සමුපකාර ප්‍රාදේශිකය එක්කම මුස්ලිම් පල්ලිය ...එතන ඉස්සර ලෑලි කඩේ මුස්ලිම් සුවඳ විලවුන් ..ආගමට සම්බන්ද පත පොතත් තියෙනවා..වීදියේ අන්තිම හරියේදී

කතරගම දේවාලය ..දේවාලය ඇතුලේ පන්සල කුත් පිහිටලා තියෙනවා ...ඉද හිටෙක පන්සලට ගිහින් බුදුන් වැඳලා පිරිත් නුලක් එහෙමත් ගැටගහගෙන කතරගම දෙවියන්ගේ ආශීර්වාද අරන් එන වෙලාවලුත් තියෙනවා ..පරණ සිංහල පොතක් එහෙම ගන්න යන්නේ ඊට එහා තියෙන ආර්ය පොත් සාප්පුවට ..එතන ඇතුලට වෙන්න තියෙන කෙටි පාරේ ගල්ෆ් ටෙක්ස් එකේ හරි ජැන්ඩියට කලිසම් මහනවා ..කලිසමට හරියන කමිසය දනුෂ්ක එකෙන් ..දනුෂ්ක එකට අල්ලපු අත ලග තියෙන කැසමරා එකෙන් කෑම වේලක් අරන් ඉස්සරහ තියෙන පත්තර ලෑල්ලකින් ඉරිදා දිවයින පත්තරෙත් අරන් කොටුගොඩැල්ල වීදියට මුහුණට මුහුණලා තියෙන ෆූඩ් සිටි එකෙන් ගෙදරය යන ගමන් නම් මොනවහරි කළමනා ටිකකුත් අරන් යන්න පුළුවන්..

බොහොම කෙටි වීදියක එකම පැත්තක කතෝලික දේවස්ථානයක් ,මුස්ලිම් පල්ලියක් .කතරගම දේවාලයත් ..ඇතුලත බෞද්ද පන්සලත් පිහිටලා තියෙනවා ..ඒක හරි සුවිශේසයි ...ජාතින් හතරක පුද බිම් හතරක් එකම වීදියක් !..

Thursday, December 6, 2012

ශූ ............


ජගත් විජේනායක සර් ගේ ගණකාදිකරණය පන්තිය ..නුවර පේරාදෙණිය පාරේ IMS හෝල් එකේ ..සෙනසුරාදා උදේ 8-10..මානව මානවිකාවෝ පිරිලා ඉතිරිලා ..
කොහොමත් අපේ කට්ටිය හිටියේ නිතරම හිටියේ මැද පේළිවල ..ඉද හිට පිටිපස්සෙමත් ඉන්නවා ..පල්ලෙහා පාරේ යන වාහන දිහා බලන්න ..දොඩම්වල උඩ පාරේ යන පාට සරුංගල් වලට ශු කියන්න අපේ කට්ටිය හරිම දක්ෂයි ..පන්තිය පටන් ගන්න කලින් කවුරුහරි නිකමට හරි නැගිට්ටොත් ශූ සද්දේ ...නිතරම ඇහෙනවා ..ගොඩක් වෙලාවට ගැහැණු ළමයි නම් නැගිටින්නෙම නැති තරම් ..නැගිට්ටෝත් ඉතින් ඉවරයි ..
දවසක් ජගත් සර් උගන්වමින් ඉන්න වෙලාවක පල්ලෙහා ඔපිස් එකෙන් පණිවිඩයක් ගෙනත් දුන්න ..චිට් එකකුත් එක්කම ..ටික වෙලාවක් සර් චිට් එක දිහා බලන් ඉඳල ගැහැණු ළමයෙක්ගේ නමක් කිව්වා ..මට මතක හැටියට "ඉනෝකා " කියල නමක් සම්පුර්ණ නම මතක නෑ .අපිට පේලි දහයක් විතර ඉස්සරහින් වාඩි වෙලා හිටිය කොළ පාට ගවුමක් ඇදන් හිටිය ගැහැණු ළමයෙක් නැගිට්ට ..සර් කිව්වා "ඔය ළමයාගේ ගෙදර කවුදෝ ඇවිත් පණිවිඩයක් කියන්න ..පොඩ්ඩක් පල්ලෙහට ගිහින් බලන්න "..අපේ කට්ටිය පටන් ගත්ත ෂු ව
ඒ ගැහැණු ළමය ඉක්මනටම කඩිසර ගමනින් පහලට ගියා ...බිම බලාගෙන ..මුළු බිල්ඩිමම දෙදරුම් කන විදිහේ ශු සද්දයක් ....පිටිපස්සේ අය ශු එක හු වක් බවට පරිවර්තනය කරා ..සර් ළමයි ඔක්කොම දිහා බලන් හිටිය ..කෙමෙන් වැස්සක් පායලා ඉවර උනා වගේ ශු සද්දෙත් අහවර උනා ..ජගත් සර් කතා කරා ..


"දැන් ඉවරද ශු සද්දේ ..ඔය ළමයි දන්නවද ඒ ළමය එක්ක යන්න අවේ ඇයි කියල ..? ..ඒ ළමයාගේ තාත්තා නැති වෙලා .."


මුලු පන්තියම මීයට පිම්බා වගේ නිස්සබ්ද උනා ..තවත් විස්තර දැනගන්න මුළු පන්තියම බලා හිටියත් .."හරි දැන් පාඩමේ ඉතිරි ටික පටන් ගමු "කියල සර් පන්තිය පටන් ගත්ත ..ඒ කතාව එතනින් අහවර උනත් මගේ හිත ලොකු කම්පනයකට පත් උනා ..මමත් ඒ ෂුවට හවුල් උණු හින්දා ...ඒ ගැහැණු ළමයාගේ මුහුණුවර යාන්තමට වගේ මතකයි ..හීන්දෑරි උස සුදු ළමයෙක් ..පොත් දෙකත් ටියුට් ටිකත් අතේ අරන් ලෙදර් බැග් එකත් කරේ දා ගෙන බිම බලන් යද්දී ශු සද්දෙත් එක්ක හිතන්න නැතුව ඇති තාත්තා නැතිවෙලා කියල ..ඊට පස්සේ මන් විමසිලිමත්ව ඒ ළමය පන්තියේ ඉන්නවද බැලුවත් මට ඒ තරම් ඇහැ ගැහුනේ නෑ ...

එයින් පස්සේ කවදාවත් මන් ශු කිව්වේ නෑ .නිකම් හරි ශු සද්දයක් ඇහුනොත් මට එදා ඒ සිදුවීම මයි මතකෙට එන්නේ ..

Saturday, November 24, 2012

"හොන්සිස් ප්‍රෑල්මන් "





මේ කතාව මුලින්ම කියද්දී මගේ යාලුවෙක් ඇහුවා මේ වෙස්ට් ඉන්ඩිස් ක්‍රීඩක යෙක් ගැන කතාවක්ද කියල ...මමත් කිව්වා ඉතින් ..ටෝනි ග්‍රෙග් විස්තර විචාරේ ගෙන එනවා වගේ...
"yes ...හොන්සිස් ප්‍රෑල්මන් ඊස් අවුට් " කියලා ...
අපේ ගමට ටිකක් උඩහා තියෙනවා හොදටම වක් වෙච්ච ලොකු වංගුවක් ..මේ වංගුවට කියන්නේ 
"කොට හපුවගේ " 
වංගුව කියල ...ඉස්සර මිනිස්සු රෑ පානේ ගමන් යද්දී ඔය වංගුවේදී බයවෙනවලු ..හොල්මන් අවතාර දැකල ..මීට අවුරුදු පහළොවකට විතර කලින් අයෙත් කීපදෙනෙක්ම හොල්මනක් දැකල ..ඒ වංගුවට උඩින් ලොකු සියඹලා ගහක් තියෙනවා ..ඒ ගහ යට තනි සුදු ඇදගත්ත කෙනෙක් දැකල ...රෑ 11 විතර ...එක්කෙනෙක්ට නුල් බදින්නත් සිද්ද උනා.එක දිගට වගේ මේ සුදු ඇදගත්ත හොල්මන සියබලා ගහ යට වාඩි වෙලා බිම බලන් ඉන්නවලු ...ගමේ කීපදෙනෙක් මේ අවතාරේ ගැන හොයන්න ගිහින් තියෙනවා ...පුරුදු විදිහටම සියඹලා ගහ යටට සුදු ඇදගත්ත හොල්මන ඇවිත් වාඩි වෙලා අත් දෙක ලගට කරන බිම බලගත්තට පස්සේ කට්ටියම එතනට කිට්ටු වෙලා ..අතේ තිබුණු කැලි හයේ ටෝච් එලිය මුනට අල්ලලා ...හොල්මන එක පාරම එලිය දිහා බලල
"කවුද " 
කියල අහල ..පස්සේ කට්ටිය අදුරගන ..ඒ වංගුවට ටිකක් උඩින් ගෙයක් තියෙනවා ..ඒ ගෙදර ටිකක් විතර වයසට ගිය කෙනෙක් ඉන්නවා ..ඒ කෙනා පෝය දවසේ සිල් අරන් භාවනාව ප්‍රගුණ කරන්න හිතලා ..රෑ රේඩියෝ එකේ මහා පිරිත එහෙම අහලා සියඹලා ගහ යටට ඇවිත් භාවනා කරන්න ..පාරේ ගිය කට්ටිය හිතුවා හොල්මනක් කියලා ...පස්සේ කට්ටියම විස්තර කතා කරලා ..ප්‍රස්නේ නිරාකරණය කර ගත්තා ..අන්තිමට එයාගේ භාවනා වත් එතැනින්ම අහවර උනා ...ඒත් නමක් ඉතිරි උනා ...ඒ කෙනාගේ නම
'ප්‍රැන්සිස් "...කට්ටිය බය උනේ ප්‍රැන්සිස් හොල්මනක් කියල ...
ප්‍රැන්සිස් හොල්මන් 
අපි ඉතින් අනිත් පැත්ත පෙරලුව ...

'' සියත් "


මට ගොඩක්ම කුළුපග හිතවතෙක් විතරක් නෙවේ බොහොම ලෙන්ගතු මිතුරෙක්
ඇගට නොදනී කියන විහිළු කතා රස ගුලාවක්  ..දවසක් පන්සලේ මල් වට්ටි සල්පිලේ

නිවේදන කටයුතු කරද්දී මගෙත් එක්ක එකතු වෙලා හිටිවන කවි කිව්වා හැටිත් මතක් වෙනවා ..

මිහින්තලේ ගිහින් රාත්‍රියක් පුරාවටම "ගොළු චරිතයක් " රග පාලා පිටින් ආව නෑදෑයෝ පුදුමයට පත් කරලා ;

පාන්දර ඇස් රතු වෙනකම් විහිළු කරපු හැටි ! ..දඩු මොනර කතාව

ේදී අපි එක්ක වැල්" වල එල්ලිලා ගිය හැටි ...

මන් රට ඉඳල ලංකාවට ආව බව ආරංචි උණු ගමන්..ඉර එන්නටත් කලින් හිමිදිරියේම මාව බලන්න ආව හැටි ..

තව කොඉතරම් දේවලද ................කාලයත් එක්ක අපි නිතර මුණ නොගැහුනත් ... මුණ ගැහුණු හැම මොහොතකම පෙර

සුහදත්වය ඒ විදිහටම තිබුනා ...

අන්තිමට මට මුණගැහුනේ ...සියත් පුංචි දුව පෙර පාසල් එක්ක යන අතර මගදී ..එදා කිව්වේ "අවුරුද්දටවත
අපේ ගෙදරින් කෑමක් කාල යන්න " එන්න කියලයි ..ඒත් අද උදේ "සියත්" අයෙත් නොඑන්නම ගිහින් ...........
අන්තිම මොහොතේ මට සමුදෙන්න එන්න බැරි උනත් ..............

හිතේ නැගෙන සුසුම් දල රළ පෙළ සමග ...පරණ සොදුරු මතකයන් හිත තුල සදා පුරවාගෙන නුඹට සමු දෙමි !

මිතුරන් අතර ආනන්දයක්ම වූ
 "සියත්" ..............."සුභ රාත්‍රියක් !"

Sunday, November 18, 2012

"දඩුබැදිරුප්ප"

දවසක් හැන්දෑවක මගේ හිත මිත්‍රයෙක් එක්ක එයා දන්නා සමාජවාදී යාලුවෙක්ගෙ ගෙදරක යන්න පිටත් උනා ...දඹුල්ලට ගිහින් එතනින් නැග්ගේ පොඩි ලොරි බාගෙකට
දුෂ්කර ගමනක් ..ලොරි බාගේ පුංචි හිස් තැනක් වත් නැති තරමට මිනිස්සු පිරිලා හිටියා ..දුෂ්කර පාරක නොදන්නා ගම්මානයකට අපි සේන්දු උ නා ..

               ගම දඩුබැදීරුප්ප
 
හරිම ලස්සන ගමක් ..හැන්දෑවේ මද අදුරත් එක්ක හීන් වැහි පොදක් වැටුනා ....ගෙවල් ගොඩාක් ඇතින් ඇතට පිහිටලා තිබුනෙ. ..දෙවටවල් අයිනේ සුදු අන්දර වැටවල් ...ලොකු කැලැ රෝස මල් යායවල් ...ගම පිහිටලා තිබුනේසඩාශ්රාකාර තැනිතලා බුමියක ..හවස 6ට විතර අපේ නවාතැන් ගන්න නිවසට ගියා ..එහෙ යද්දී ...අපේ හිතවතා හිටියේ නෑ .
ඒ ගෙදර හිටියේ වයසක ආදරණීය පියාණන් කෙනෙක් සහ ආදරණීය මවක් ..අපි ගියාට පස්සේ අපි නොහදුනන අය උනත් අපිව බොහොම ආදරයෙන් පිළිගත්තා ..

අපි එහෙට යද්දී හොඳටම තෙමිලා වගේ ගියේ ..ගිය ගමන් අපිට නාන්න අවශ්‍ය දේවල් ලක ලෑස්ති කරලා දීල තෙමුන එක ගැන බොහොම දුකෙන් කතා කරා ..අපිට ඇදගන්න යාළුවගේ ඇදුම් දුන්නා ..ඊට පස්සේ කඩිමුඩියේම ඒ අම්ම රාත්‍රී ආහාර පිළියෙළ කරා ..අපි දෙන්නත් ඒ තාත්ත ත් ඉස්සරහ කොරිඩෝවට වෙලා අල්ලාප සල්ලාපයේ යෙදුනා ..සමාජවාදී අදහස් තියෙන සෞම්‍ය තත්තා කෙනෙක් ..
ගොවි තැන ..
කුඹුරු ..
71 කැරැල්ල ..
වගේම වාමවාදී අදහස් ගොඩාක්
රාත්‍රී ආහාර වේල උණු උණුවෙම අපිට පිලි ගැන්නුවා ..
'බැදපු කට්ට කරවල ..කිරි කොස් මාළුව ..තෙල් දාපු මෑ කරල් මාළුවත් එක්ක ගලේ අබරපු රතු පාට සම්බෝලේ ..'
විනාඩි කීපයකින් හිස් වෙන්න උනා ..අන්තිමේ බඩ කොන්ක්‍රීට් දාල වගේ  ..රසවත්ම කෑම වේලක් ..
ඒ දෙමව්පියෝ හරිම දයාවන්ත ආදරණීය දෙන්නෙක් ..කරුණාබරිත දෙනෙත් වලින් සෙනෙහස උතුරනවා ..එදා රාත්‍රියේ අපි නින්දට වැටුනේ නුහුරු ගමක නුහුරු ගෙදරක උනත් සෙනෙහස පිරුණු වටපිටාවක ..ගමන් මහන්සිය නිසාම ඇස් පිය උණු ගමන් වගේ නින්ද ගියා ..
උදේ පහට වගේ මගේ ඇස නින්දෙන් මුදා හැරුනේ ගෙතුලින් ඇහුනු පිරිත් සවන් වැකුණු නිසා ..ගෙදර තිබුනේ පුංචි ගුවන් විදුලි යන්ත්‍රයක් ..ස්වදේශිය සේවයේ වැඩසටහන් එකින් එක ඇහුනා ..මන් නින්දෙන් අවදි වෙලා කාමරේ ජනේලේ විවර කරා ..
මදනලත් එක්ක හමා ආව සුදු සමන් පිච්ච සුවද නාස් පුඩු පුරා විහිද ගියා ..ටික වෙලාවකින් මන් එලියට ගියා ..අලුත් හිරු එළියත් එක්ක මුළු පරිසරයම අලුත් වේවි තිබුනා ..ඇතම ඇත කුඹුරු යාය ..කිරි වැදුණු ගොයම ..කුඹුරු යායට එහා පිහිටි කුඩා පන්සල මනස්කාන්ත දර්ශනයක් උනා ..උදේ ගන්ටා සද්දෙත් ඇහෙන්න උනා ..රෑ වැටුණු වැහි පොද අහවර වෙලා නැවුම් සුවදක් හාත්පස පුරාම ...ඒ නිවස පැරණි නිවසක් ...සිවිලින් වෙනුවට උඩට ඉටිරෙදි ගහල තිබුනේ ..බිම සිමෙන්තිය පාට කරලා තිබුනා ..එලිය වට පිටාවේ සුදු සමන් පිච්ච වැලක් තිබුනා ..තද රතුපාට අන්තුරියම ..තැනින් තැන ..විසිරිලා පැතිරිලා තිබුනා ..කුස්සියේ අවිහිංසක මව්පියෝ අපිට උදැසනින්ම ඇහිරිලා කෑම වේල සකස් කරන ..සද්දේ ඇහුනා ..උදේ අපි ටික වෙලාවක් ඉඳල දහයට විතර එන්න අවා ..හැබැයි ඒ දෙමව්පියෝ ගේ හිත රිද්දල ..වෙන මොනවටවත් නෙවේ ..අපි දවල් කෑමට නොඉන්න තීරණය කල නිසා ..දවල් කැමත් කාල යන්න කියල හරියට වද කරා ..අපි ප්‍රමාද වෙන නිසා ආවා ..අපි ඒ දෙන්නට වැදල එහෙම පිටත් වෙද්දී ඒ දෙන්නම කිව්වේ "පුතාල දෙන්නටම රත්නත්තරේ පිහිටයි ..අයෙත් දවසක මේ පැත්තේ ඇවිත් යන්න එන්න "කියල යි ...

සෙනෙහස උතුරන දෙමව්පියන්ටත් ..ගැමි සුවද සපිරුණු ගමකටත් සමු දීල අපි එන්න ආවා ...
දඩුබැදිරුප්ප ගමන හරිම අසිරිමත් අත්දැකීමක් !

Saturday, November 17, 2012

"උක්කුන් මහත්ති "



පුංචිම පුංචි කලේ ගමේ මගේ හොදම යාළුවා උනේ උක්කුන් මහත්ති ...නම පියලත් උනත් ගෙදර අය ගමේ අය ඔක්කොම කිව්වේ උක්කුන් මහත්ති කියල ..
මන් පුංචි කාලේ නිතරම එහෙට ගියා ..සෙල්ලම් කරන්න ...මට හොදට මතකයි මට සෙල්ලම් කරන්න ඕනෙම දේවල් ලගට දීල උක්කුන් මහත්ති ගෙදර දොරේ වැඩ කරනවා ..මට වඩා වසර දෙකකින් විතර වැඩි උනත් වත්තේ පිටියේ හැමදේම වගේ කරේ උක්කුන් මහත්ති ..එහෙ එල හරක් හිටියා ..එල හරක් ගාල නිතරම සුද්ද පවිත්‍ර කරේ උක්කුන් මහත්ති ..එල හරක්ට කැමට වල් කපන්න යන්නේ සරම කැහපට ගහගෙන දෑ කැත්ත අතේ තියාගෙන හරිම උජාරුවෙන් ..උක්කුන් මහත්ති හරිම කඩිසරයි
ගමන හරිම වේගවත් ..මමත් ඉතින් නිතර උක්කුන් ම්හත්තිගේ පස්සෙන් යනවා ..ඒ කරන හැමදේම දිහා බලන් ඉන්නවා ..එහෙ ගෙදරට පහල පුංචි තල් ගහක් තිබුනා ..එතන නිතරම සෙල්ලම් ගෙයක් හැදෙනවා ..කඩයක් හැදෙනවා ..එක එක කොළ ජාති කඩේ පුරවනවා ..එළවලු විදිහට ..සෙල්ලම් බත් හැදෙනවා ..කෝම් පිට්ටු විදිහට
විනාඩි කීපයකින් උක්කුන් මහත්තිට කතාකරනවා ..එක්කෝ වල් කපන්න ..නැත්නම් හරක් ලිහන්න නෑත්නම් හරක් බදින්න .."මන් ටක් ගාල එන්නම් කියල" යනවා .. ගිහින් ඇවිත් ආයේ ටික වෙලාවක් ඉන්නවා ..තල් ගහට මෙහායින් ලොකු ජම්බු ගහක් තිබුනා ..අපිට ගහට නගින්න බැහැ.ජම්බු වැටුනම අහුරු පිටින් සාක්කු පුරවා ගන්නවා ..දවසක් මට මතකයි උක්කුන් මහත්තිගේ අම්ම කිව්වා "අන්න අරහේ ඉස්ටෝරුවට ගිනි තියල දෙන්නම ගිහින් බලල එන්න "කියලා කිවා .'..එදා තමයි මමයි උක්කුන් මහත්තියි ගෙදරින් පිට ගියපු පලවෙනි දවස ..ඉතින් අපි දිව්වා ගමේ තියෙන තේ ගස් වලින් ගහන කන්දට ..කන්දේ ඉඳන් අපි දෙන්න ඇතම ඇත ඉස්ටෝරුව ගිනි ගෙන අහසට දුම් වලා පිට කරන හැටි බලන් හිටියා ..අපිට ඒ හැටි තේරුමක් තිබුනේ නෑ ..ඒ කළු ජූලිය .. සිංහල අය කෝප වෙලා ඒ තේ දළු ඉස්ටෝරුවට ගිනි තියල ..අපි දෙන්නම බියෙන් ත්රස්ත වෙලා අයෙත් දුවගෙන ගෙදර ආවා ..මන් දවසට දෙපාරක් විතර උක්කුන් මහත්තිලගේ ගෙදර ගියත් උක්කුන් මහත්ති අපේ ගෙදර ..ආවෙම නැති තරම් ..
ඔහොම කාලය ගෙවිලා ගියා ..මන් ගමේ ඉස්කෝලෙන් අර්ද නාගරික ප්‍රාථමික විදුහලකට ගියා ..ඊට පස්සේ ටිකෙන් ටික උක්කුන් මහත්තිලගේ ගෙදරය යන එකත් අඩු උනා ..ඊට ටික කාලයකට පස්සේ මන් අපේ මාමලාගේ ගෙදර සතියක් විතර නැවතිලා හිටියා ..ඒ දවස්වල එහෙ කුඹුරු වල වැඩ පටන් ගෙන ..ගොයම් නෙලන කාලේ ...මට අවුරුදු 9ක් දහයක් විතර ඇති මගේ හිතේ ..අම්මල එහෙම කට්ටිය ත් මාමලාගේ ගෙදර හිටියේ.. 
මට හොඳට මතකයි දවසක් කුඹුරු යාය මැද්දෙදි ගිනි කාෂ්ටක අව්ව වෙලාවක අම්ම කිව්වා ..
"අරෙහෙ උක්කුන් මහත්තියා පාචනේ හැදිලා ඉස්පිරිතාලේ අරන් ගිහින් ඕන් අද උදේ නැතිවෙලාලු..පව් .. ..අපේ පුතාගේ යාලුවා" කියල 

 ..මන් මොනවත් කිව්වේ නැ ..අහන් හිටියා විතරයි ..මන් කුඹුරු යාය මැද නියර උඩ වාඩිවෙලා ඉස්සරහ බලන් හිටියා ....කිසිම හැගීමක් නැතිව ඔහේ .. 
සතියකින් විතර තමා අපි ගමට ආවේ ...ඊට පස්සේ මන් කවදාවත් උක්කුන් මහත්ති දැක්කේ නෑ ..කාලයක් යනකම් මන් ඒ ගෙවල් පැත්තේ ගියෙත් නෑ ..
දැනුත් සිංහල අව්රුද්ද්ට එහෙම මන් එහෙට යනවා ,,ගිහින් ඉස්තෝප්පුවේ වාඩි වෙලා ඉස්සරෝම බලන්නේ පුංචියට රාමු කරලා තියෙන සුදු මල් මාලයක් එල්ලලා තියෙන මතකයක් පමණක් ඉතුරු උණු උක්කුන් මහත්තිගේ දිහා.................

Saturday, November 10, 2012

"සුන්දර ටෝන් එක"


මැලේසියාවේ ඉන්න කාලේ දවසක් ලස්සන හවස් වරුවක මගේ ජංගම දුරකතනයට කවදාවත් අහල නොතිබුනු ගීතයක රිගින් ටෝන් එකක්
ආවා ..එක සැරයක් ඇහුව ගමන් මන් වහ වැටුනා .එදා හවස සිය දහස් වතාවක් මන් ඒ ටෝන් එක රස වින්දා ..දවස් ගානක් මන් පුදුම විදිහට ඒ ටෝන් එක ඇහුව ..මන් ඒ රිගින් ටෝන් එකට අදාල ගීතය ගැන විස්තර හෙව්වා ..එස් .පි.බාලසුබ්‍රමනියම් ගේ මනින් ඉන්ද කාදලාන් ගීතය ...තත්පර තිස් ගානක් හුස්ම නොගෙන අන්තරා කොටස නොනවත්වා කියන මනරම් ගීතය ...මන් මැලේසියාවේ හිටිය කාලේ පුරාම මගේ දුරකතනයේ තිබුනේ ඒ ටෝන් එක .
ලංකාවට ගියාට පස්සේ දුරකථන වෙනසක් නිසා ඒ ටෝන් එකත් නැති උනා ,,එත් මන් ඒ රිගින් ටෝන් එක හොයාගන්න සැහෙන උත්සහයක් දරුවත් වැඩේ හරි ගියේ නෑ ,,මට මතකයි නුවර ද්‍රවිඩ රෙකොර්ඩ් බාර් කීපයකම මන් හෙව්ව හැටි ...ඒත් මට ඒක හොයා ගන්න බැරි උනා ..
දවසක් හදිසියේ ත්‍රිකුණාමලේ සහ නිලාවැලි ප්‍රදේශයේ සංචාරයක යෙදුනා ..ගිනි කාෂ්ටක අව්වේ උණු වතුර ලින් බලන්න ගිහින් එන ගමන් ප්‍රවේස පත්‍ර ගන්න කුටිය හරියෙන් මන් ගොඩක් අස කරපු ඒ රිගින් ටෝන් එක අයෙත් ඇහෙන්න පටන් ගත්ත ..මන් විමසිල්ලෙන් බැලුවා ..සුදු සරමක් සහ සුදු කමිසයක් ඇදන් හිටිය
ද්‍රවිඩ ජාතිකයෙක් ගේ අතේ ජංගම දුරකතනයේ ඒ ටෝන් එක ..මන් එතන මොහොතකට නැවතිලා ඔහුට කිව්වා මට දැන්ම ඒ ටෝන් එක මගේ ජංගම දුරකතනයට එවන්න කියලා ..ඔහු විකමින් සිටි බුලත් විට එහෙම කටෙන් එලියට දාල මගෙත් එක්ක බොහොම අවිහිංසක විදිහට හිනා උනා ..විනාඩි ගානක් උත්සහ කරා ඒ ටෝන් එක එවන්න. ඒත් තාක්ෂණික දෝෂයක් නිසා ඒ වැඩේ හරි ගියේ නෑ ..අපේ ගමන ගිය අයත් බලන් ඉන්නවා මන් එනකම් ..ඔහුට තේරුනා ..මගේ ආසාව වගේම මගේ ප්‍රමාදයත් ..."මහත්තය දැන් යන්න.. මන් ගෙදර ගිහින් පුතාට කියල මේ ටෝන් එක එවන්නම් ..මහත්තයගේ නොම්බරේ දෙන්න " කියල..මගේ දුරකථන අංකය ලියාගත්තා ..ඉතින් මන් ගෙදර අවා ..දවසකට පස්සේ එක හැන්දෑවක මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් විදිහට ඒ රිගින් ටෝන් එක ආවා ..මන් විසි තිස් වතාවක් ඇහුව ..රස වින්දා ඒ තරම් මන් ඒ ටෝන් එකට ලොබ බැන්දා ..ටික වෙලාවකට පස්සේ මන් ඒ දුරකථන අංකයට ස්තුතිය පුද කරන්න කතා කරා ..ඒත් වැඩ කරේ නෑ ..කෙටි පණිවිඩයක් යැව්වත් ඒකත් මගේ දුරකතනයේම රැදිලා තිබුන ..සතියකට මාසෙකට පස්සෙත් කතාකරන්න උත්සහා කරත් ඒ අංකය වැඩ කරේ නෑ ..
ප්‍රස්නයක් උනත් 
ඒ සුන්දර රිගින් ටෝන් එක මට හැමදාම හරිම සුන්දරයි .......!

Sunday, October 28, 2012

"පින්නවල අලි"


හදිසියේ දවසක් හවසක මගේ යාලුවෙක් ඇහුවා .."හෙට උදේ පොඩි ට්‍රිප් එකක් යනවා .පින්නවල අලි බලන්න ...එනවද කියල". .
ඒ දවස්වල මමත් උසස් පෙළ ඉවරවෙලා ගෙදරට වෙලා උන්නු කාලේ ..සල්ලි සත පහක්වත් එපා කිව්වා .පැමිණීම විතරයි කියලත් කිව්වා ..හය දෙනෙක් යන බවත්
හෙට උදෙන්ම එන්න කියල ත් කිව්වා ...මමත් ඉතින් කැමති වෙලා ඊලග දවසේ උදෙන්ම නා කියා ගෙන ලස්සන CK ඩෙනිමක් ඇදල..ඩෙක් ශුස් දාල එහෙම
උදේ 7 ට ටවුමට ගියා ..මගේ යාලුවත් අවා ..කළු කලිසමක් සුදු කමිසයක් එහෙම ඇදලා ..අපි දෙන්න නුවරට ගියා ..මන් ඇහුවා "කෝ දැන් කට්ටිය කියල ..
එතකොට කිව්වා .."ට්‍රිප් එකේ කට්ටියම රඹුක්කනින් සෙට් වෙන්නේ ..අපි එහෙ ට යමු කියල යාළුවා කිව්වා ..අපි දෙන්න පොඩි මැණිකේ ට්‍රෙන් එකේ රඹුක්කනට ගියේ
සින්දු කිය කියා ..විහිලුවට වගේ සින්දු කවි කරමින් ..මට තාම මතකයි අපි ඉස්සරහ හිටිය මුස්ලිම් ජාතිකයා අපේ සින්දු ඇහෙද්දී කන් දෙකේ කහබිලියා ගැවෙනවා වගේ අපි දෙන්න දිහා බලා හිටිය හැටි ..රඹුක්කනට ගියා ..මන් ඇහුවා "කෝ කට්ටිය කියල .. ...ඊට පස්සේ මගේ යාලුවකිව්ව ,,,"මොනවහරි අප්සෙට් එකක් වෙලා තියෙනවා මචන් ...අපි මොනවා හරි කාල ඉමු කියල ...අද කොහොමත් පින්නවල අලි බලන්නම් ඕනේ අපි ට්‍රිප් එක සංවිදානේ කරපු කෙනාගේ ගෙදරට ම යන්" කියල ..එහෙ යන්න පිටත් උනා ..මට මතක හැටියට හේවා දිවෙල කියල පැත්තක් ..පොල් පැටෙව්වා වගේ මිනිස්සු පිරිච්ච වැන් එකක නැගල හිටගන කොන්දත් නමාගෙන දැන් ගමන යනවා ...පුදුම දුරක් ...පැය එක හමාරක් දෙකක් ...අන්තිමේට ගමන අහවර උනා .ගමනාන්තේටම ගියා .ඉතුරු උනේ මමයි මගේ යාළුවයි වාහනේ රියදුරු සහ ගෝලයා විතරයි ..මන් ඇහුවා "කෝ දැන් කට්ටිය කියලා"..යන් මචන් ගෙදරට තව ටිකක් දුර යන්න ඕනේ කියල මගේ යාලුවා කිව්වා .. අපි පයින්ම ගමන යන්න පිටත් උනා ..කදු හෙල් තැනිතලා වතුර වලවල් ..කුඹුරු ලියදි නියරවල් මැදින් දැන් අපි යනවා ..උදේ ඇදන් ආව ඩෙනිම ඩෙක් සුස් මඩ වෙලා...ඇග පුරා සුවඳ විලවුන් සුවද මැකිලා දාඩිය දාලා ..මැදන් ආව කමිසේ පොඩි වෙලා තිබුනා ..හැතැම්ම 3ක් විතර පයින් ගියා ..ඊට පස්සේ පොඩි ගමකට ඇතුල් උනා .."මන් ඇහුව මෙහේද පින්නවල සංවිදායක ඉන්නේ කියලා "...
"ඔව් මචන් තව ටිකක් ඉස්සරහ ගෙවල් කියල"යාලුවා කිව්වා ..ටික ටික ගම මැද්දට යද්දී සුදු පාට කොඩි එල්ලිලා වටේටම වගේ ..මල ගෙදරක් ..මන් ඇහුවා "මල ගෙදරක් නේද කියලා"..යාලුවා උත්තර දුන්න ..."ඔව් මචන් මෙහෙ තමා අර ගෙදර" කිවා ..මන් උඩ බිම බැලුවා..."මචන් අපේ පප්පගේ (අපේ යාලුවා තාත්තට කියන්නේ පප්පා කියල )යාලුවෙක් මැරිලා මචන් ..මේ ඒ මල ගෙදර.. සමාවෙයන් මචන් මට බොරු කිව්වට" කියල යාළුවා වදින්න පටන් ගත්තා .. ..මට යකා නැග්ග ..මන් කිව්වා "මන් දැන් යනවා කියලා "එන්න අවා . දැන් .මගේ යාලුවා මගේ කමිසෙන් අදිනවා ..අපි දෙන්නගේ මේ රගපෑම මල ගෙදර අය ඇත ඉඳන් බලාගෙන ..අන්තිමේදී තරහින් උනත් මන් මල ගෙදරට ඇතුල් උනා ...මිනිය ලගට ගියා ...වදිද්දී මන් දැක්කේ ...අවුරුදු 103 සියා කෙනෙක් ..මන් ඇහුවා "මේ මනුස්සයා බලන්නද යකෝ මෙච්චර දුරක් ආවේ කියලා" ..මගේ යාලුවා කියනවා" මචන් බනින්න එපා මචන් අපේ පප්පගේ යාලුවෙක් මචන් කියලා.".ආයේ මන් කනට කරලා කිව්වා "මේ පින්නවල අලි ට්‍රිප් එකේ සන්විදායකද" කියලා ..
"පප්පගේ යාලුවා උනත් මට හිනා යනවා මචන් මාව හිනස්සන්න එපා" කියල යාලුවා කියනවා ..ටිකකින් අපි එලියට ගියා ,,පුටු දෙකක වාඩි උනා ,,කවුරුත් අපි දිහා පුදුමෙන් වගේ බලනවා ,,නාදුන්නන අය දිහා බලන විදිහට ..ටික වෙලාවකින් සුදු ඇදගත්ත මැදි වියේ කෙනෙක් ඇවිත් ඇහුවා "කව්ද මේ ඉලන්දාරි දෙන්න කියලා" ,,,යාලුවා උත්තර දුන්න "අර නුවර ,,අර අරහේ ජයසේන ලගේ අර විජේසිංහ එයාලගේ බාප්පා ගේ ......"වැඩිය කියන්න නොදීම අර මැදි වියේ කෙනා කිවා .."කමක් නෑ කමක් නෑ කවුරු උනත් මේ ..එහෙනම් ඔහොම වාඩි වෙලා ඉන්නකෝ" කියල යන්න ගියා ..අපි ටිකක් වෙලා ඉඳලා එන්න අවා ..නුවරට එද්දී හවස පහත් පහු වෙලා ..එදා අපේ ගමේ පින්කම් ගෙදරක් තිබුනා මන් එහෙ යද්දී අපේ යාලුවෝ කියන්ට පටන් ගත්තනේ කොහොමද මචන් පින්නවල අලි ශෝක්ද කියලා ...මගේ ජිවිතේ කාපු ලොකුම ලනුව
 "103 යි ...පින්නවල අලි යි .."

" තම රියා දෙවොල "


සුන්දර මැලේසියාවේ තමරියා ප්‍රදේශයේ හිටිය කාලේ ඒ ලගම ඇති කෝවිලක් ගැන විස්තරයක් දැනගන්න ලැබුනා ....සෙනසුරාදා දවසක
අපේ කට්ටිය ඒ කෝවිල හොයන් ගියා ..විසල් පඩි පෙළක් තරණය කරමින් කෝවිලට ලං උනා ...කන්දක් උඩ රමණීය භූමියක අලුතින්ම
ඉදි කරලා තිබුණු දෙවොල හරිම මනස්කාන්තයි ..හැම සෙනසුරාදාම වගේ පුජාවක් පැවැත් උනා ..හින්දු බැතිමතුන් ගොඩාක්මත් නෑ.දෙවොල් බිමේ
හිස් අවකාසයකුත් තිබුනා ..කලබලයක් තිබුනෙම නැති තරම් ..මන් ගොඩක් ප්‍රිය කළා ඒ වට අවට පරිසරයට ..කෝවිලේ ඇතුලතින් යාන්තමට
වගේ දේව ගීතිකා ඇහෙනවා ,,අපිත් කෝවිලේ ඇතුලට ඇතුල් වෙලා බොහොම භක්තිමත්ව දෙවියන් වැදලා...පහන් දැලි මුනට අල්ලලා ..සින්දුර්
නළලේ ගාගෙන දෙවියන්ට පේ වෙනවා ..
මොහොතකින් පුරට්ටු නාග සලන් සද්දෙත් එක්කම දෙවියන් වැඩමවනවා ...පුංචි දෝලාවක තියලා බොහොම බැතියෙන් ..අපිත් ඒ දෝලාවට හරෝ හරා
කියමින් කර ගහනවා ..දෙවොල් බිම වටේ තුන් වටයක් ගමන් කරලා නැවත දේව කුටියේ දෙවියන් තැන්පත් කරනවා,,අනේකවිද සුවදවත් මල් ඉසිමින් ..
දේව පුජාවෙන් පස්සේ පුජාවට සහභාගී උණු අය‍ට රාත්‍රී ආහාරය ....කෙසෙල් කොලේ බත් එක්ක ලොකු පපඩම් වට්ටක්ක මාළුව වැරදුනේම නෑ .රාත්‍රී කෑමෙන්
පස්සේ හින්දු බැතිමතුන් කෝවිල කිට්ටුවම පිහිටි ඒ ඒ නවාතැන් වලට පිට වෙනවා .හරිම නිස්කලංක දිව්‍ය භුමිය දිහා ශනිදා සදු ඇතම ඇත කදු මිටියාවතෙන් එහා
ඉඳන් බලන් ඉන්නවා ..අපිත් එන්න එනවා ,,,මොකක්දෝ ලොකු තනිකමකුත් කර පින්නගෙන..
ඒ එන අතරමග හතර මන් හන්දියේ කහම කහ පාට මැලේ රඹුටන් පිරිච්ච ගෙඩි බිමටම බර වෙච්ච ගහක් තිබුනා ..අපි දේවාලෙට යද්දී කහ රඹුටන් අපේ දිහා
බලන් ඉන්නවා ..දෙවාලෙන් යද්දී කහ රඹුටන් අපේ සාක්කු වලට වැටිලා පිරිලා තෙරපිලා අපි එක්කම එන්න එනවා ..

Wednesday, October 3, 2012

" ඉතින් ඊට පස්සේ .................!"


ප්‍රේමකීර්ති ද අල්විස් රචිත වික්ටර් රත්නායක යන් ගයන ඉතින් ඊට පස්සේ ගීතයේ පසුබිම හරි අපුරුයි ..ඉස්සර තිබුනා "සිත්තර "කියල චිත්‍ර කතා පත්තරයක්
..පත්තරේ ජනප්‍රියම කතාව උනේ ..ඉතින් ඊට පස්සේ" ..චිත්‍ර කතාව ..මුලින්ම ඔය කතාව ලිව්වේ "බලන්ගොඩ සරත් මධු "කොටස් 1000ක් විතර ලිය උණු කතාවක්
හරි ලස්සනම කතාවක් ..ප්‍රදාන චරිත දෙක .."දේදුනු- කැලුම් "ප්‍රේමකීර්ති ගීතයේ අග හරියේ දේදුනු කැලුම් පෙම් පුරාවත මතක් කරමින් ඉතින් ඊට පස්සේ ගීතය රචනා කරා ..ඒ වගේම තව කතාවක් තිබුනා .."කුමාර "..ඇන්ද "තටු සිදුනු කිරිල්ලි "කියලා ..ඒ කතාවත් පාදක කරගෙන මිල්ටන් මල්ලවාරච්චි ගයන "තටු සිදුනා කිරිල්ලියේ "ලියවුනා .සිත්තර පත්තරේ අමතක නොවෙන කතා කීපයක්ම තිබුනා .."මිහිරි පැතුම් "-"සුද්දී "-සදා"-රැල්ල වෙරළට ආදරෙයි "-ඉන්ස්පෙක්ටර් ශ්‍රී නාත් "වයි රොඩී" වගේම මැද පිටුවේ කැමිලස් ගේ "ගජමෑන්" ඒ අතර ප්‍රදාන උනා ..චිත්‍ර කතා ඇදපු අය අතර සරත් මධු ,ගුණපාල ජයලත් ,කුමාර,සුමතිපාල ජෝතිපාල ,රානි හේමලතා ,විල්බට් රණසිංහ ,බන්දුල හරිස්චන්ද්‍ර ,කැමිලස් ,ගයාෂාන් ඇල්පිටිය ,අරවින්ද යන අය ප්‍රදාන උනා මගේ මතකේ හැටියට ..චිත්‍ර කතා පත්තර අතර දසුන සත්සිරි ..මදුර..චිත්‍ර මිත්‍ර ඒ කාලේ හරි ප්‍රසිද්ධයි ...
මන් මුලින්ම පත්තරයක් විදිහට දැක්කේ මහා රෝහලකදී ..පුංචිම කාලේ දවස් දෙකක් රෝහලක නතර වෙලා හිටියා ..එදා මට එහා පැත්තේ හිටිය රෝගියා ලග පත්තරයක් තිබුනා ..,මන් ඒක බැලුවා ...මුල් පිටුවේ "නවක නළු සනත් " කියල සනත් ගුණතිලකගේ සේයාරුවක් තිබුනා ,,,පත්තරේ නම "සරසවිය "ඒ තමා මන් මුලින්ම දැකපු පත්තරේ ..සිනමා පත්තර අතර තිරතරු -ගීතා කියන පත්තර ත් හරි ජනප්‍රිය උනා ..රන්කැටි කියල පුංචි පත්තරයක් තිබ්බ මට මතකයි ..කාලයක් යද්දී විජය පත්තරේ වගේම මිහිර පත්තරේටත් ලෙන්ගතු උනා ..විජය පත්තරේ පියල් උදය සමරවීරගේ මල් මාමා හෙවත් මකාගෙ යලක් "කතාව තාමත් මතකයි ..විදුසර -සතර -සමුදුර පත්තර වලටත් බොහොම ප්‍රිය උනා ..කාලයක් යද්දී මන් ක්‍රීඩා පත්තරේ නිතරම ගන්න පුරුදු උනා ..ඒ පත්තරේ මන් ක්‍රිකට් ලෝලියෙක් කරා කිව්වොත් හරියට හරි ..මට මතකයි පත්තරේ තිබුණු ක්‍රිකටස් ලගේ පින්තුර කපල පොතක ඇලෙව්වා ..පත්තරේ හිටිය අය අතර ක්‍රිස්ටෝපර් රණසිංහ ,සදුන් ප්‍රේමතිලක යන අය මතකයි ..තරුණයා පත්තරේටත් ටිකක් විතර කිට්ටු උනා මතකයි ..ඒ කාලේ පත්තරේ කරේ රොඩ්නි විදාන පතිරණ ..දයා රාජපක්ෂ ඇදපු මිස්ටර් මැරිඩ් කතාවත් සිනා සාගරයක් ..
සගරා අතර ශ්‍රී -මනහර -සෝවියට් දේශය -කුරියර් -පෙරමග -මුතු හර-වනිතා විත්ති-සිව්දෙස ප්‍රදාන උනා ..සගරා ගැන ලියවුනු හින්දා කුමාර සිරිවර්දන ..ගාමිණී විජේතුංග -එඩ්වින් ආරියදාස සහ කරුණා පෙරේරා යන නම් හතරත් ලියන්න හිතුනා ..
එක කාලයක මන් ආනන්ද පද්මසිරි කරපු සංගීතයට සම්බන්ද "සත්සර "පත්තරේ ගත්තා .සත්සර පත්තරේ නමට ඉහලින් ලියලා තිබුනා .."සංගීතය දෙවියන්ගෙන් මිනිසාට උරුම වූ අපුරු දායාදයකි " කියලත් ..ගොඩක් වෙලාවට පත්තරේ මුල් පිට සැරසුවේ කිර්ති පැස්කුවල් ..ගිටාරයක් අතින් අරගෙන ..කවරය නිර්මාණය කරේ "පවර සුජිත් මාරඹගේ "
බන්දුල පද්ම කුමාරගේ "අරලිය "පත්තරේ ගැන නොලිය කොහොමද අරලියේ දෙවැනියා-ප්‍රදීප් කුමාර බාලසුරිය ඒ වගේම ගැමුණු රත්නායක ,මනෝජ් රත්නායක ,රොහාන් බුලේගොඩ එහෙමත් හිටියා ..මයිකල් ආන්ජලෝ ගේ රොබරෝසියා මල්-මල් දෙවටයි ඔබ මගේ මාවතේ වගේම උපුල් ශාන්ත සන්නස්ගලගේ
වස්සාන සිහිනයත් හරිම ලස්සන කතා පෙළක් ..වස්සාන සිහිනයේ කසුන් චාපා සිනමාවකටත් සිත්තම් උනා ආදරණිය වස්සානය කියලා ..අරලියේ අන්තිම පිටුව ජෙහාන් නවාස් බදු අරගෙනම වගේ කේක්‌ පාඩම් ඉගැන්නුවා ..අරලිය ආණ්ඩු පක්ෂයේනම් විපක්ෂය වගේ හිටියේ දර්මරත්න පෙරේරා ගේ කුමරි"..කුමරියේ හිටිය කීප දෙන අතර ..කුමාර සිරිවර්දන ,චාමර මුතුනායක ..මතකයි ..දේවින්ද දසනායකගේ රෝස පිටුවේ කවි හරිම රසවත් ..ශාන්ත කුමාර විතාන ලිව්ව නිලි වැස්ස කතාවත් හරි අපුරුයි ඊට පස්සේ ආව පත්තරය අර්නස්ට් වඩු ගේ සංස්කරණය කල සුවඳ ..සුජීවගේ බොඳ මීදුම් -චමිලා රුවන් කුමරි ගේ "නාඩන් බට්ටිච්චි "චන්දි කොඩිකාරගේ 'හිම යයක මල් පිපිලා " කතා හරියට ජනප්‍රිය උනා..ඉස්සර තිබුණු යොවුන් ජනතා පත්තරෙත් හරිම අගේ ඇති පුවත් පතක් ..
ජාතික පුවත් පත් අතරින් මන් මුලින්ම බැලුවේ රිවි රැස පුවත් පත ..ඒ වගේම දවස ..දිනමිණ සිළුමිණ නිතර අපේ ගෙදර තිබුනා මතකයි ,,දිනමිණේ ඇස්.කරුනාදාසගේ සිනා රැල්ල ..වගේම පාර්ලිමේන්තු කතා හරි ආසාවෙන් කියෙව්වා ..තිලක් කරුණාරත්න (කළුතර දිස්ත්‍රික් ශ්‍රීලනිප පාම )-එස් .එල් .ගුණසේකර (පත්කළ මන්ත්‍රී ශ්‍රීලනිප )-බන්දුල ගුනවර්දන -(කොලබ දිස්ත්‍රික මා එ පෙ මන්ත්‍රී )..එ නම් තාම මතකයි පත්තරේ ලියල තිබුනේ ඔය විදිහට .ඒවාට කොච්චර කිට්ටු උනාද කියනවනම් දන්නා කාලේ ඉදල මැතිවරණ දිනවල රෑ නිදි වරාගෙන ප්‍රතිපල ලියන්න පටන් ගත්තා ..1988.12.19 තිබුණු ජනාදිපතිවරණයෙන්
පටන් ගෙන හැම මැතිවරණයක්ම මන් ආවරණය කරා ..සිළුමිණේ ලස්සන කතාවක් ගියා .."වාලුකාවේ සිහිනය " කියල ..එත් මට කතාව සම්පුර්ණයෙන් කියවන්න බැරි උනා ..වික්ටර් අයිවන් ගේ රාවය ආසාවෙන් කියෙව්වා ..සුනිල් මාධව ගේ හිරු ලක්දිව පුවත් පත් වල ප්‍රබල සාමාජිකයෙක් උනා මම.හිරු පත්තරේ කාටුන් ඇන්දේ විමලසිරි ගම්ලත් හෙවත් අද විමල් වීරවංස..චින්තන ජයසේනගේ "කොලම "තීරු පත්තරෙත් මතකේ තියෙනවා ..රෝහණ කුමාර ගේ ත්‍රිශුලේ පුවත් පත ආන්දෝලනාත්මක පුවත් මැව්වා ..එ වගේම 1989-විනිවිද සහ 1992-රාජාලියා පුවත් පත් සමාජය උඩු යටි කුරු කරා ..
අද ගත්තොත්...
දෛනික පුවත් පතක් ලෙස "ලන්කාදිපයටත්
ශාස්ත්‍රීය පුවත් පතක් ලෙස "දිවයිනටත්
ඉරිදා පුවත් පතක් ලෙස "ලක්බිමටත්
කොළ වැඩි පුවත් පතක් ලෙස "සිලුමිනටත්
ආසාවෙන් කියවන පුවත් පතක් ලෙස "රිවිරටත්
ප්‍රබල පුවත් පතක් ලෙස" මව්බිම ටත් මම ප්‍රිය කරමි ..

Tuesday, October 2, 2012

ලගදි ගේන මනමාලි .............


අවිවාහකව සිටි අපි දන්නා අය්යා කෙනෙක් දවසක අපේ අක්කා කෙනෙක්ගේ ගෙදරට ඇවිත් අලුත්ම කතාවකට මුල පුරලා ..


"නංගී...මගුල ලොකුවට ගන්නේ නෑ..ඔය හෝටල් වල ලොකුවට පේන්න මගුල් කන්න ඕන නැනේ ..ඒ හින්දා ගෙදරම මගුල් ගේ ගන්නවා ..පෝරුව ගහන්න අර උඩහ අය්යට කියනවා ..ඒ අය්යා ලස්සනට වැඩේ කරලා දෙයි ..ජය මන්ගල ගාතා කියන්න ගමේ ඉස්කෝලේ ළමයි දෙතුන් දෙනෙක්ට කියනවා ..තොරණක් නම් ගහන්න වෙනවා ..මොකද මනමාලිගේ පැත්තේ අයට පේන්නත් එක්ක වැඩේ ජයට තියෙන්නත් එපාය ..මගුල් මුද්ද හදවන්න නම් තැන් දෙකක් තියෙනවා ,..එත්
නාගලිංගම් එකෙන් හදවනවා ..එතන මුදු හදන්න හරි ප්‍රසිද්ද තැනක් නේ .මාල හතේ වැඩේ නම් හරි ..තැල්ලකුත් දාන්න වෙයිනෙ නේද නංගී .කොහොමත් උඩරට විදිහට තමා අදින්නේ ...ඔය කලිසන් කෝට් හරියන්නේ නෑ අපිට ..මන් මහත හින්දා නිලමේ ඇදුම හොදට තියෙයි ..වීඩියෝ කරලා තේරුමක් නෑ ..ෆොටෝ ටිකක් නම් ගන්නවා..මගුල් ෆොටෝ එක ලක්ෂ්මන් එකට වඩා මල්ලිකා එකෙන් ගන්න එක හොදයි කියල අරහේ අය්යත් කිව්වා ..වෙඩින් කේක් එක හදන්න අර පල්ලෙහා නංගිට කියනවා ..දැන් ඔය කේක් හදන පන්තියකටත් යනවා කියන්නේ මේ ලගදි ඉදල ..කොහොමත් වැඩිය කාටවත් කියන්නේ නෑ ..ඔය අපේ ලගම නෑදෑයෝ ටිකටයි මගේ යාලුවෝ ටිකටයි විතරයි කියන්නේ ..වාහන තුනක්වත් කතාකරගන්න වෙනවා ..වෙඩින් කාර් එක අපේ ගම්පහ බාප්පලාගේ කාර් එක ගන්නේ. දෙවෙනි මනමාලය අපේ වසන්ත මල්ලි ..මට වඩා අගල් දෙකක් විතර කොටයි ...ගානට ඉන්නවා ..නැටුන් කණ්ඩායමක් හොයාගන්නත් වෙයි ..නෑ ඒක මනමාලිගේ පැත්තෙන්නේ ..."

අපේ අක්ක පලවෙනි ප්‍රස්නේ අහලා
"දැන් අය්යා කවුද ඔය මනමාලි ...?"
"ඒක තමා නංගී මන් මේ බැලුවේ..නංගී එහෙම දන්න ..කවුරුත් නැද්ද ඔය මට හරියන "

Monday, October 1, 2012

"ලක්ෂපති සහ කෝටිපති "

" සතර දේශයෙන් ඔබේ සවනට.. රස දෝතක් "
-සිව්දෙස fm -

 
බොහොම කාලෙකට කලින් 1996 විතර මමත් මගේ හොදම යාලුවෙකුත් අලුත්ම තාලේ වැඩක් පටන් ගත්ත .ඒ වෙද්දී සිරස රේඩිඕ හරි ජනප්‍රියයි ..අපිටත් ඕනේ උනා ගුවන් විදුලියක් පටන් ගන්න ..ප්‍රාදේශීයව...අපේ ගම ආශ්‍රිතව ..fm තරංගයක් සුසර කරගෙන හසු කරගෙන අපි වැඩේ පටන් ගත්තා ..අපේ ගුවන් විදුලිය සිව්දෙස fm .තව 'සතර දේශයෙන් ඔබේ සවනට රස දෝතක් ගෙනෙන සිව්දෙස fm " කියල ස්ලෝගන් එකකුත් එකතු කරා ..නම යෝජනා කරේ මම ..අපේ යාළුවගේ ගෙදර පුංචි කාමරේ තමා සිව්දෙස ගුවන් විදුලියේ මහා ගෙදර උනේ ..ටික දවසක් යද්දී ඒ කාමරේ "අපේ සින්දු පිරුණු පුංචි කාමරේ" උනා .අපේ ගුවන් විදුලියට කුළුණක් නැති උනත් එළියේවහලේ ලොකු යකඩ බටයක් සවි කරා ..කාමරේ පුරාම වයර් කැලි..කැසට් පීස්,,සෙටප් ..බෆල් ..පුංචි ශබ්ද පරිපාලන තව අඩුම කුඩුම විසිරිලා පැතිරිලා තිබුනා ..
විකාශය ආරම්බ උනා ..දවසකට විකාශන වාර දෙකක් විසුරුවා හැරියා ,..උදේ 9 සිට 12 දක්වාත් ..හවස 3 සිට 7 දක්වාත් සිව්දෙස විකාශනය උනා .ප්‍රදාන වැඩසටහන් අතර මුලින්ම සෙත් පිරිත් ..සරල ගී..නිවේදක තෝරයි..ප්‍රවුර්ති ..ගමේ පුවත් ..බයිලා ..ආදීය ප්‍රචාරය උනා ..මගේ යාළුවා ප්‍රදාන තාක්ෂණික සහ ශබ්ද
පරිපාලක ..මම සිව්දෙස ප්‍රදාන නිවේදක ..සිව්දෙස ගුවන් විදුලියේ මිනිස් සම්පත් විදිහට හිටියේ අපි දෙන්නා විතරයි ..අපි දෙන්න ගම පුරා ගිහින් ගෙවල් වල අයට
මේ ගැන දැනුවත් කරලා ..අපිම ගුවන් විදුලියේ fm සිව්දෙස මීටරේ සකස් කරලා එනවා ..
ඊට පස්සේ වැඩසටහන් පටන් ගන්නවා ..
කාමරේ රෝස පාට කොලේක ඒ ඒ දිනවල විකාශනය වන ගීත ලැයි ස්තුව එල්ලලා තිබුනා ..විසේසයෙන්ම ඒ ගී අතර තිබුනා රාජ් ගේ සිලි සිලි සිතල ඇල්ලේ,
මිල්ටන් ගේ සැදී රන් අබරණින් ,නාමල්ගේ රැ සිහිනේ , අමරදේවගේ කදුළු කතාවේ ,මාලනිගේ දෑසේ මල් විලේ බ්ලු සැ ඩොස් මිලාන්ගේ සොයා මා එනවා ,
ජයන්තගේ සමුගන්න අවසන් සිනාවෙන් ,රාජ් ගේ මේ සයුරු මානේ ,බැද්දගේ ගේ සසද සසද ,ක් ලැ රන්ස්ගේ කිරි සුදු සේලේ ,ආදී ගීත ..ඉංග්‍රීසි ගීත ත් ප්‍රචාරය උනා  ඒ අතර sacrifice .sealed  with a kiss .careless whisper ,wind of chenge ...හින්දි ගී අතර තේසාබ්,ලාද්ලා ..මොහොරා ..දිල් .ප්‍රේම් ආදී චිත්‍රපට  ගී දෙමල සින්දු අතරින් රෝසාපු ...ඔරු සනම් ආදී ගීත නිතර ප්‍රචාරය උනා.
කාලයක් යද්දී අපිට ඕනේ උනා සිව්දෙස තව තවත් ගමේ අයට සමීප කරවන්න ..අපි තවත් සාමාජිකයෙක් බදවා ගත්තා ,,අපි අලුතින් පටන් ගත්ත අසන්නන්ගේ ගී තිරය සදහා ..ගම වටේ ගිහින් ගෙවල් වල අය කැමති ගීත ත් ඒ අයගේ නමත් ලියන එන රාජකාරිය තමා එයාට පැවරුනේ ..
පොතක් පෑනක් අරන් උදේම ගම වටේ යනවා ..සමහරු නම් ලියල එවනවා ..සමහරු අපිට හොයාගන්න බැරි සින්දුත් ලියල එවනවා ..ඒ හිතා මතාම අපිව අමාරුවේ දාන්න ...සමහරු බනිනවලු ..වැඩක් නැත්නම් මල් හදන්න කියලා ..ටික දවසක් යද්දී අපේ සාමාජිකයා බැනුම් අහන්න බැරිම තැන අපිටත් නොකියම යන්න ගියා ..
ඒ නමුත් සිව්දෙස කාලයක් බොහොම සුන්දරව ඉදිරියට ගලා ගියා ..හදිසියේ නතර උනේ ප්‍රදාන නිවේදක හෙවත් මම විදේශ ගත වීම නිසා
සිරසේ නිමල් ලක්ෂපතිආරච්චි අපිට වැදගත් චරිතයක් උනා
ඒ හින්දම අපි දෙන්නත් ඒ නම දාගත්ත
මම "ලක්ෂපති'
යාලුවා "කෝටිපති "
"ලක්ශේ මොකක්ද අපි ඊලගට ප්‍රචාරය කරන ගීතය "මගේ යාලුවා  මගෙන් අහනවා ..
"ඔව් කෝටී..සිව්දෙසේ දැන් වෙලාව හරියටම හවස හතර පහුවෙලා විනාඩි හතළිහයි ..අපි අරලිය ළන්ද දිහාවේ යමු නන්දා මාලනියත් සමග"මගේ ස්වරය සිව්දෙස fm   ඔස්සේ ගුවන් තලාවට මුසු වෙනවා  ...........

Sunday, September 23, 2012

KS 11



ඉස්කෝලේ යන කාලේ KS 11 බස් එකේ මතකය ...
ඒ කාලේ අපි කිව්වේ අන්කල්ගේ බස් එක කියල ..බොහෝ වයසට ගිය අන්කල් තමා රියදුරු ..කොටු වැටිච්ච සරමක් සහ ලන්ගමේ කොළ පාටකාකි කමිසය හැමදාම ඇන්දේ ..
කොන්දොස්තර අන්කලුත් ඒ වයසම වගේ හැබැයි එයා ඇන්දේ නිල් පාට අත්දිග කමිසේ ලොකුවට අත් නවල දුඹුරු පාට දිග කලිසම ...දුවිලි වැදිච්ච මොකසිනෝ සපත්තු දෙකක් දාල හිටියේ හැමදාම ..අන්කල් බස් එකට නගින්නේ කට පුරාම බුලත් විටක් පුරවාගෙන ....
බස් එක අරන් යන්නේ බොහොම හෙමින්..ඉස්කෝලේ යන කාලේ යන්න බස් එකක් නැතිමනම් විතරයි අපි ඒ බස් එකේ යන්නේ ..මාතලේ බස් නොනවත්වා යන දවස් වලට අපිට අන්කල් දෙවියෙක් උනා ..KS 11 දෙවියන්ගේ වහනයක් උනා ..
අන්කල් බස් එක උදේ වරුවේ ආරම්බ කරලා නැවතුම් දෙකක් විතර යද්දී බුලත් විට කන්න පටන් ගන්නවා ..බුලත් විට හුණු දුම් කොළ ආදී අඩුම කුඩුම ඔක්කොම බස් එක ඉස්සරහ තියන් ඉන්නවා ..බුලත් කෙල ගහන්නත් බස් එක නතර කරනවා. පිටිපස්සෙන් එන හැම වාහනයකටම ඉස්සර වෙන්න ඉඩ දෙනවා ..වෙලාවක බස් එකෙන් බැහැල පයින් යන්න හිතෙනවා ..අන්කල් බස් එක අරන් යද්දී ඉස්සරහ විතරක් නෙවේ දෙපැත්තේ අවට පරිසර සිරියත් නරඹ නරඹ යන්නේ ..ඒ සිරිය මැදින් ඇත කුඹුරක නියරක් මැදින් කවුරු හරි ගමනක් යන්න එනවා දැක්කොත් බස් එක නතර කරන ඉන්නවා.සමහර වෙලාවට එහෙම එන කෙනා ලගට ඇවිත් අනිත් පැත්තට යන්නේ කියල කිව්වම ..අන්කල් හිනාවෙලා එහෙමද එහෙනම් අපි යනවා කියල බස් එක ස්ටාර්ට් කරනවා ...මිනිස්සුන්ට නගින්න බස් එක නතර කරලා කොන්දාස්තර අන්කල්ගේ බෙල් එකේ සද්දේ ඇහෙනකම් බස් එක යන්නේ නෑ.
අන්කල් ලා දෙන්නම හරිම විනයවත් ...කොච්චර සෙනග හිටියත් මිනිස්සු මග දාල යන්නේ නෑ ..කොන්දොස්තර අන්කල් "ටිකට්ස්" කියල කියන එක ඇහෙන්නේ  "කස්" කියලා ..වාර ප්‍රවේස පත්‍ර ගන්න කියල අපිට කියනවා .ඒක අරන් ලොකු කතිරයක් දානවා ..පළවෙනිදා නැග්ගොත් තිස් වෙනිදා දවසේ කෑල්ලකුත් අන්කල්ගේ කතිරේට යට වෙනවා ..ඒ තරම් ලොකුයි ඒ කතිරේ ..
බැටරි පෙට්ටිය උඩ වාඩි වීම තහනම් කියල බෝර්ඩ් ගහල තිබුනත් ඒක උඩ වාඩි වෙන්න අන්කල්ගෙන් කිසිම තහනමක් තිබුනේ නෑ ..එන්ජිම වට කරලා තිබුණු ලොකු බොනට්ටුවේ නිතර ලියල තිබුනා ..."ඔල්ටනේටරයක් සවි කර ඇත ,,සවි කල දිනය ...."..ඔන්න ඔහොම විස්තරයකුත් ..ගොඩක් දවස් වලට ඒ හරියේ දුම් පිට වෙනවා ..බස් එක ඉදිරි කන්නාඩි වල වැහි කටු තිබුනත් වැස්ස දවස් වලට වැඩ කරේ වැහි කටු වලින් එක වැහි කටුවක් විතරයි ..ඒත් බොහොම හෙමින් ..
Ks 11 (මහනුවර දකුණ 11)උනත් අපි නම් කිව්වේ
 (k ) කොටමින් (S ) සෙමින් 11 කියලයි
Ks 11 බස් එකේ ගමනාන්තය වෙද්දී හිරු රැස් දැඩි විදිහට පතිත වෙලා විතරක් නෙවේ ඉස්කෝලේ ගේට්ටුව ලග විනය පාලක තුමා ගැට පිරිච්ච වේවැලත් අතින් අරන් රැස් විහිදුවමින් ඉන්නවා ...

Friday, September 21, 2012

" ආරාධනා "


මන් ගොඩක්ම ආස කරන ගීතයක් අමරදේවයන්ගේ ආරාධනා ගීතය ..මේ ආරාධනා ඒ ආරාධනා නෙවෙයි ..පාසල් වියේ සමරු පොත් වගේම ජනප්‍රිය පොතක්
ආරාධනා පොත ..ඒ පොතේ තමන්ගේ නම ලියල ..තමන් කැමති නළුවා ..ගායකයා ..ගීතය ...අමතක නොවේනම දවස ..ඔය වගේ දේවල් තමා ලියන්න තිබුනේ ..
අපි ල ගත් එහෙම ආරාධනා පොතක් තිබුනා ..ඔය පොතේ එක තැනක තිබුනා .."ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය " කියල පිටුවකුත් ..සමහරු නම් ලියල තිබුනා ..
දවසක් මේ පොත පන්ති බාර මැඩම්ට අහු උනා නොවැ...මැඩම් ඊලග දවසේ තමා පොතේ නඩුව විභාග කරේ ..කට්ටිය ඔක්කොම නිස්සබ්දයි..මැඩම් පොත අරන් ...හයියෙන් කියවන්න පටන් ගත්ත ...
"ආ...මේ තියෙන්නේ මේ තියෙන්නේ පිටුව .."ඔබගේ පෙම්වතා හෝ පෙම්වතිය .."එක එක්කෙනාගේ නම් කියවන ගමන් ලියල තියෙන දේවලුත් කියවන්න පටන් ගත්ත.
අප්පේ මෙන්න ........ට පෙම්වතියො 7 ලු අන්තන්පුරේ රජා ලු ...
....කියනවා තාම එකක් සෙට් උනේ නැතිලු ..සෙට් වෙච්ච ගමන් කියන්නම් ලු ..
...........කියනවා ..ට්‍රය් එකක් දීගෙන යනවලු
..............කියනවා බස් එකේ නියම කදක් ඉන්නවාලු ..පුල් ට්‍රය් බන්ලු
.............කියනවා ..තිබ්බ එක ඉවරයිලු ..අලුත් එකකට ට්‍ර්ය්ලු
..............කියනවා ..ලියුමක් දුන්න මචන්ලු ..
...............කියනවා ගෙදරින් අහන්න කිව්වනේ යකෝ ලු
............කියනවා කෑල්ල බෑ කිව්වා මචන්ලු
.............කියනවා මාර පාරක් ඉන්නවා බන්ලු ..
.........කියනවා සිරා එකක් බැහැල ඉන්නවාලු ..ඇහැ දෙනවා මචන්ලු ...වැටෙයි වගේලු ..වැටිච්ච ගමන් කියන්නම්ලු ..
...........කියනවා ..වැටෙන්න ඔන්න මෙන්න මචන්ලු
(මොනවද ළමයි මේ කැලි... මොනවද මේ පාරවල් //මොනවද මේ සිරා එකවල් ..මොනවද මේ වැටෙන්නේ කියල මැඩම් ඇහුවා ..පන්තියේ හිනා කෝටියයි )

Saturday, September 15, 2012

"කහපාට කමිසයක් -අම්මාගේ ගීතයක් "


කෑග ල්ල බස් නැවතුම්පල .වසර දහයකට පෙර දවසක වියපත් හවස් වරුවක ....සිදු වූ සිදුවීමක් ..ප්‍රදාන බස් නැවතුම්පලට එහා එක පැත්තක කොමර්සල් බැංකුව ..අනිත් පැත්තේ පොලිටෙක්ස් ගාර්මන්ට් එක ..මදක් ඉහලින් ඩිමන්ත දොස්තර මහත්තයාගේ බෙහෙත් සාප්පුව ..ඊට මෙහා සණස මොටෙල් එක ..ඊට ටිකක් එහායින් වික්‍රමසිංහ වලව්ව ...බස් නැවතුම්පොළ එදා හවස් වරුව කලබලකාරී උනත් බොහොම නිස්කලංක ගතියක් මවා පැව.බුලත්කොහුපිටිය /මීදෙනිය /හෙට්ටිමුල්ල /මොරොන්තොට බස් පේලියට නතර කරලා තිබුනා ..මමත් එක බස් රථයකට ගොඩ වැදුනා ..හරිම නිහැඩියාවක් ..මිනිස්සු හිටියත් ...හැමෝම තම තමන්ගේ ලෝක වල නිමග්න වෙලා හිටිය. අත දරුවෝ හිටියත් ඒ දරුවොත් කිරි සිහින තුල ගාල් වෙලා උන්න .ඉද හිට ඇහුනේ පහල මහා මාර්ගයේ යන වාහනයක සද්දයක් දෙකක් විතරමයි ...යාන්තමට විදුලි රැහැන් උඩ හැන්දෑව ගත කරන කපුටන්ගේ කෑ දර හඩත් ඇහුනා ..
මන් හිටිය බස් එකට එහා තිබුණු බස් එකට තරුණයෙක් නැගල සින්දුවක් කියන්න පටන් ගත්ත ..මුල් පේලි දෙක තුන කියද්දී මමත් විමසිලිමත් උනා ..
දෙවෙනි බුදුන් ලෙස -ලොවම උවම් කල -ලොවක පිදුම් ලද -ලොවට උතුම් ලද
අම්මා..........අම්මා ...................අම්මා
පුදුම තරම් රමණීය විදිහට ඔහු ගීතය ගැයුවා ...මන් හිතින් මගේ අම්මා ලග මොහොතක් රැදුනා ...නෙත් ලග කදුලක් මටත් හොරෙන් පැන නැග්ග ...
ස්වර පරාසය ..ඔහු කදිම විදිහට තීව්ර කරමින් හදවතටම "අම්මා"ලගට ගෙනත් තැබුවා ..ඒ මොහොතේ ඒ කටහඩ විතරමයි ...ඔහුගේ හඩේ ගීතවත්
සමාදියට මන් පුදුම විදිහට ලොබ බැන්ද..කලින් ගීතය ඇහිලා තිබුනත් එදා හැන්දෑවේ ඇහුනු එම ගීය මාව පුදුම විදිහට මගේ ආත්මයටම කතා කළා ..
හදුනන සුනිල් එදිරිසිංහගේ කට හඩට වඩා නොහදුනන එම තරුණයාගේ කටහඩ මාව පුදුම විදිහට වික්ෂිප්ත කළා ..
මන් විදුරු කවුළුවෙන් බලන් හිටිය ඔහු දිහා ..ලා කහ පාට අත් කොට කමිසයක් ඇදන් හිටියේ ..ගීතය අවසානයේ ඔහු බොහොම අවිහිංසක විදිහට ඒ බස් එකේ
හිටිය අය ගාවට ගිහින් යම් මුදලක් අපේක්ෂා කළා ..සමහරු දුන්නා...නොදුන් අයටත් ඔහු බොහොම අවිහිංසක සිනහවක් පැවා..මමත් මුදල් නෝට්ටුවක් අරන් ඔහු අපේ බස් එකට එනතුරු හිටියා ඒ තරම් ඔහු දක්ෂයෙක් .....විනාඩි කීපයක් ගියත් ඔහු ආවේ නෑ..මන් බස් එකෙන් බැස්ස ..සල්ලි දීල එන්න ..වට පිට බැලුවත් ඒ තරුණයා හිටියේ නෑ ..වෙන බස් දිහා බැලුවත් ඔහු හිටියේ නෑ ..අවාසනාවකට අපේ බස් එක ගමන් ආරම්භ කරා ..මට එන්න උනා ..ඊලග දවසෙත් ඒ වෙලාවටම මන් ගියත් ඒ අවිහිංසක තරුණයා හිටියේ නෑ ...ආයේ කවමදාවත් දැක්කේ නෑ ..අද වෙනතුරුම ..එත් මන් කෑගල්ල බස් නැවතුම දකිද්දී ..කහ පාට කමිසයක් දකිද්දී තාමත් ටිකක් විමසිලිමත් ....
දෙවැනි බුදුන් ලෙස ...ගීතය ඇහෙද්දී සියුම්ව මට ඒ තරුණයාගේ හඩ අදටත් යාන්තමට වගේ ඇහෙනවා .

Saturday, September 8, 2012

" චාලි සුවඳ ඇත තවමත් හද පතුලේ "



සොදුරු පාසල් විය ...අන්තිම පීරියඩ් එක කියන්නේ හරිම නොසන්සුන් කලබලය පිරුණු කෑ කෝ ගැසීම් වලින් ගහන සුන්දර විනාඩි හතලිස් පහක් ..ගොඩක් වෙලාවට ඕෆ් පීරියඩ් එකක් ..
ඉලන්දාරි කොලු ගැටවුන්ට කියාපු පීරියඩ් එක ..පිටත් වෙන්න ඔන්න මෙන්න හෝරාව ..සුදු දිග කලිසම් වලට සුදු අත් කොට ..සුදු අත් දිග කමිස යට වෙන
වෙලාව... සීරුවට පිටිපස්සෙන් කමිසේ ටිකක් උස් කරලා බැගී දානවා ..ඉස්සරහින් ගානට යටකරල දෙපැත්තෙන් හීනියට පොඩි බැගී පාරක් දානවා ..ඒ දවස් වල
මුනත් තහඩු බලන්න කට්ටිය කන්නාඩි කෑලිත් අරන් එනවා ..කුඩා විශාල එක එක වර්ගයේ කන්නාඩි උස්සන් එනවා ..මට මතකයි අපේ යාලුවෙක් උස්සන් ආව ගෙදර තිබුණු ලොකු භාග කන්නාඩි යකුත් ..ඒක ලොකු අච්චු පොතක් වගේ ..ගොඩක් වෙලාවට බිත්තියට හේත්තු කරලා මුහුණ බලන්න කට්ටිය පෝලිම් ගැහෙනවා ..ඒ කන්නාඩිය ට වැඩි ආයුෂ තිබුනේ නෑ.. අපි එක්ක ඉන්න ..දවසක් අපේ ප්‍රදාන ශිෂ්‍ය නායකයා ට ඕක අහු උනා ..කිසිම ප්‍රශ්ණ කිරිල්ලක් නැතුව අරන් ගියා ගියාමයි
ඊට පස්සේ මොනවා උනාද කියන්න අදටත් දන්නේ නෑ.. ඒ දවස් වල අසේල අයිය තම ප්‍රදාන ශිෂ්‍ය නායක (ජනප්‍රිය නිවේදක අසේල බණ්ඩාරනායක )ඒ කන්නාඩිය නැති උනත් පුංචි පුංචි කන්නාඩි බබාලා ඩෙස් යට හැංගි හොරා විසුවා ..ඔය අතර ක්‍රිම් වර්ග පව්ඩර් වර්ගත් හොර හොරෙන් සැරි සැරුව ,,වූඩු...බ්ලැක් නයිට් ...ගෝල්ඩ් ආදී ජනප්‍රිය ඒවා ..සමහරු පව්ඩර් සර්ට් එක යටට දමාගන්නව ..සමහරු කමිසේ සාක්කුවට දාගන්නවා ..මුහුණට දාගන්න කෙනා සහ සාක්කුවට දාගන්න කෙනා අතර වචන හුවමරුත් වෙනවා ..එතනින් නතර වෙන්නේ නෑ ..හොදම ටික කොණ්ඩෙට ..ජෙලි වර්ග හෙයාර් ක්‍රිම් ගොඩක් අය අතේ ගැවසුනා ..ජෙලි ගාල ක්‍රිම් ගාල සමහරු කොන්ඩේ පැත්තට පිරනවා..තවත් අය මැදින් රොද දාල පිරනවා ..කට්ටියක් කොන්ඩේ කඩා හැලෙන්න ක්‍රිම් තවරනවා.. වතුරත් ටිකක් මිශ්‍ර කරනවා ..වයිවාරන පනා වර්ගත් තිබුන ..එක්කෙනෙක් ගාව ලොකු හයේ හතරේ පනාවක් තිබුනා.. ගොඩක්ම ජනප්‍රිය පුංචි රවුම් හැඩේ ගත්ත අතේ ඇගිල්ලක් ඇතුලට දාලා පිරන්න හැකියාව තිබුණු දැති දැති තිබුණු කළු පාට පනාව .හැමෝ ගාවම වගේ ඒ පනාවක් සාක්කුවේ තිබුන ..කොන්ඩෙ හදන්
ඉවර උනාම කෙලි කවට කම් මහා ගොඩයි .අන්තිම සීනුව වදින තුරු ..සමහරු උඩට ලස්සනට පිරපු කොන්ඩේ බම්ප් එක කියල අතින් අවුස්සලා දුවනවා .ඉතින් රණ්ඩු වැහි වහිනවා ඔය අතරේ ..
කොන්ඩෙන් නතර වෙන්නෙත් නෑ .මගේ ලග හිටිය යාළුවා ගව තිබුන චාලී සුවඳ විලවුන් බෝතලයක් ..ඔය සෙන්ට් එකත් අපි ඇග පුරා හලා ගන්නවා ..අයෙක් කමිසේ කලර් එකට යටින් ..තව කෙනෙක් අත් දෙකට ..සමහරු බෙල්ලට හලාගද්දී.. තවත් අය පපුවට හලා ගන්නවා ..චාලී අංක එක.එක දවසක් පන්ති බාර මැඩම්ට
අහු උනා .මැඩම් අහක බලා ගනිද්දී හොරෙන් සෙන්ට් එක ප්‍රෙස් කරනවා ..ශුස් ගාන සද්දෙට මැඩම් ඇහුව ළමයි මොනවද ඒ සද්දේ කියල ..කව්රුත් කතා නෑ..ආයෙත් ශුස් ශුස් ගැව ..මැඩම් නැගිට්ට. මොනවද ළමයි ඒ සද්දේ කිය කියා ටිකක් එහෙ මෙහෙ සැරි සැරුව ..එක පාරම "අප්පේ මල් සුවද ..කාගේද සෙන්ට් එක කියල බැග් චෙක් කරන්න පටන් ගත්ත ..අපේ කට්ටිය අපේ චාලී මල්ලිව අතින් අත යවල කොහොම හරි බේර ගත්ත ..නමුත් වෙන යාලුවෙක් ගාව තිබුණු වූඩු සෙන්ට් එකක් අතටම අහු උනා..මැඩම් මල් සුවඳ නැති වෙන්නම බැනල සෙන්ට් එක අරගත්තා .අයේ ඒක ලැබුනේ නෑ.පස්සේ දවසක ආරංචියක් ආවා.. අපේ යාලුවෙක්ගෙ නංගී කෙනෙක් මැඩම් ගේ දුව එක්ක එක පන්තියේ හිටියේ .ලගදි ඉඳල මැඩම් ගේ දුව ගාව වූඩු සුවඳ එනවා කියල ඒ නංගී අපේ යාලුවට කියල තිබුන ..
කොහොමින් කොහොම හරි අන්තිම පීරියඩ් එක ඉවරවෙලා චාලි සුවඳත් එක්කම දුවනවා ..කට්ටියම බස් එකට ..මහමායාවියෝ /ස්වර්නමාලියෝ /හේමමාලියෝ/පුෂ්පදානියෝ
/විහාර මහා දේවියෝ /උසස් බාලිකාවියෝ /යහපත් එඩේරියෝ /ගෝතමියෝ වගේම හිල්වු ඩිස් ලා අතරත් ගැවසුනා අපේ ලගන්න සුළු චාලි සුවඳ
ඒ කොහොම වෙතත් බස් එකේ තෙරපිලා හිරවෙලා ..දොරේ එල්ලිලා .හවස හතරට පහට ගෙදර එද්දී චාලි සුවද ලෑලි සුවදක් බවටත් පත් උනා සමහර දාට
කොහොම උනත්
චාලි අපි ට සැහෙන කාලයක් සුවඳ සැලුවා ..!
ඒ චාලි සුවඳ තාමත් ආදරණීය සුවඳ මතකයක් ............!

Tuesday, September 4, 2012

"කමින් ස්වීට්"

කඩවුණු පොරොන්දුවෙන් ඇරඹි සිංහල සිනමා වංශ කතාවේ ..මේ තාක් දුර සිනහවෙන් සපිරුණු උපහාසාත්මක චිත්‍රපට දෙකයි මට අනුව තියෙන්නේ .
ඉන් එකක් අල්ලපු ගෙදර ..අනිත් චිත්‍රපටය

                      කමින් ස්වීට් හෙවත් කොළඹ සන්නිය ..  
  


ජෝ අබේවික්‍රම .;දෙනවක හාමිනේ;ගීතා කුමාරසිංහ ;දොන් සිරිසේන ;එඩි ජයමාන්න ආදී නළු නිලියන් රැසක් චරිත නිරුපනය කරන කොලබ සන්නිය ගිනිගත් සිතක් සිනහවෙන් සුවපත් කරන විශිෂ්ට ගනයේ විකට චිත්‍රපටයක් ..මේ චිත්‍රපටයේ කතා ප්‍රබන්ධයේ ප්‍රදාන චරිතය "අන්දරේ "ඔහු ග්‍රාමීය වටපිටාවේ හැදී වැඩුණු මෝඩ පහේ පුද්ගලයෙක් ...කතාව ගලාගෙන යන්නේ ..අන්දරේට හදිසියේ මැණිකක් ලැබී ඔහු සිය පවුලම කොලබ පදිංචියට රැගෙන යාමත් ..එහිදී ඔවුන් මුහුණ දෙන ..නුහුරු නාගරික වට පිටාව සහ බටහිර සිරිත් විරිත් වලට මුහුණ දීමේදී ඇතිවෙන අසීරුතා ඉතා කදිමට උතප්‍රාසත්මකව සිනමාවට ගොඩ නගා ඇත .එහිදී මගේ සිත ගත්ත සිනහ ඔඩු දුවන තැන් කීපයක් තිබේ ..මුලින්ම අන්දරේ ඇතුළු සියලු දෙනා  කොළඹ යන අතර තුර වාහනය වතුර නැති වීමෙන් නැවතී .අවසානයේ වතුර වෙනුවට වෙන ඉන්දනයක් යොදා හරි අපුරු විදිහට ගමන් කරයි ..නිවසේ දුරකථනය පවා නාද වීමේදී ඔවුන් බිය වී සැගවීමට තැන් සොයන්නේ හරිම උපහාසයක් ගෙන දෙමින් ..අන්දරේ රෙදි සේදීම සදහා යොදා ගන්නේ හරි අපුරු උපකරණයක් ...ඒ මොකක්ද කියල බලන්න නම් කොලබ සන්නිය බලන්නම ඕනේ ..ඒ වගේම අසල්වැසි විදේශීය කාන්තාවකට වට්ටක්ක ගෙඩියක් තෑගි කර යවන්නට යොදාගන්නේ කොළ වෙනුවට අමුතුම දෙයක් ...පවුලේ සියලුම දෙනා එක් වී ළිදක් කපා..උල්පත මතු වූ විට සතුටු වෙන ආකාරය සිනා සාගරයක් මවන්නක් .....කමින් ස්වීට් වචනය අසා අන්දරේ සහ ජාකෝලිස් නටන නැටුම ඉහලින්ම සිනා ගන්වන්නක් ..තව සිදුවීම් රාශියකි ..
මෙහි අන්දරේ ලෙස ප්‍රදාන චරිතයට පන පොවන ජෝ අබේවික්‍රමයන්ගේ අද්වීතිය රංග ප්‍රතිභාව මට කිසි ලෙසකින්වත් අමතක නොවෙන්නක්..ඔහු රග පෑ විශිෂ්ට සිනමා කෘති වුනු සිරි බෝ අයියා, තුන්මන් හන්දිය ,අල්ලපු ගෙදර ,පුර සද කළුවර ආදී චිත්‍රපටත් මට මේ වෙලාවේ මතක් වෙනවා ..මේ චිත්‍රපටයේ ජෝ වගේම අනෙකුත් නළු නිලි කැලද ඉතා විශිෂ්ඨ ආකාරයෙන් චරිත නිරුපනය කරනවා ..මන් මේ චිත්‍රපටය දහ දොළොස් වතාවක්ම බැලුවා ..ඒත් එපා වීමක් නෑ..
හිනා යන එකේ අඩුවකුත් නෑ ..ක් ලැරන්ස්ගේ නිතර නො ඇසෙන ගීතයකුත් අඩංගුයි .."නෙලුම් පොකුරු වාගේ දෙතොල රතු වෙලා "..හරිම ලස්සන ගීතයක්.
ඉතින්  කොළඹ සන්නිය සිනා ගගුලක්
අන්දරේගේ ගෙදර ඉංග්‍රීසි උගන්වන්න එන කෙනාගේ නම ...නිර්වස්තර මහත්තයා.
නිර්වස්තර මහත්තයාගේ නම එහෙම උනාට ඔහු ඉතාමත් හොදට බටහිර විදිහට හැද පැලද සිටින කෙනෙක්

Sunday, September 2, 2012

"ඉංග්‍රීසි පුසා "


මේ අමුතු පුසෙක්ද ...නෑ මේත් පුසෙක් ,,,,හැබැයි ඉංග්‍රීසි පුසෙක් ..ඒ දවස් වල සුන්දරම පාසල් කාලේ..ඉංග්‍රීසි පීරියඩ් එක අපි හැමෝටම තිත්ත බෙහෙත් වගේ ..
හැමදාම කව්රු හරි කෙනෙක් මැඩම් එක්ක ජල්ලියක් අල්ලනවා ..දවසක් ඉංග්‍රීසි පීරියඩ් එක තිබුනේ උදේ දෙවැනි පීරියඩ් එක විදිහට ..පලවෙනි පීරියඩ් එක අපේ පන්ති භාර මැඩම් සමාජ අධ්‍යනය ..කලින් දවසෙම කිව්වා මැඩම් එන්නේ නෑ කියල ..උදේ අපේ යාලුවෙක් ගෙදරින් තවත් යාලුවෙක් එක්ක ඇවිත් තිබුනා ..
ගෙදර හිටිය පුසා බැග් එකේ දාගෙන ඇවිත් ...ඉංග්‍රීසි මැඩම් ව අවුස්සන්න ...පුස් සද්දේ දාලා ..ඉතින් අපිත් දෙවැනි පීරියඩ් එක එනතුරු පුසව බොහොම ආදරෙන්
ඔලුව අත ගාමින් කන්න බොන්න දෙමින් තියා ගත්ත ...පුසත් බොහොම අපුරුවට හිටියා.හැබැයි
දැගලුවේ නැතුවමත් නෙවේ ..කොහොමින් කොහොම හරි
ඉංග්‍රීසි පීරියඩ් එක පටන් ගත්ත ..මැඩම් සුපුරුදු විදිහට අවා ..පාඩමකුත් පටන් ගත්ත ...දැන් මෙහෙයුමට සියල්ල සුදානම් ...පුසා බැග් එකේ ...මුණ යන්තමට එළියේ ..
දැන් හෙමින් පුසව කොනිත්තන්නයි සුදානම ..එක පාරක් දෙපාරක් කරත් පුස්ස චාව්" ගාන්නේ
හෙමින් ..මැඩම් ට එච්චර ගානක් නෑ.හොර රහසේම පුස් බැග් එක වෙන යාලුවෙක්ගෙ අතකට හුව මාරු උනා ..ඒ හොදට පුසව කොනිත්තල ලොකු සද්දයක් ගන්න ..අර යාළුවා අරන් බැග් එක ඇතුලට අත දාල මුළු වෙර යොදා පුසගේ නැට්ටෙන්ම ඇල්ලුවා ..පුසා චාව් සද්දේ දාලා එලියට පැනල ඩෙස් උඩින් මැඩම් ගේ මේසෙ උඩට පැන්නා ...මැඩම් කෑ ගැහුව සද්දේ මට තවත් දෝංකාර දෙනවා වගේ ..පුසා උඩ පැනල කෑ ගහල ..එලියටම දිව්වා ...මැඩම් ඇහුව කාගේද පුසා කියල ..ඔක්කොම නිහඩයි ..එදා අපි ඔක්කොම පුස් වේවැල් කසාය හොදටම ලැබුවා ..අපි දවල් වෙලා පුසව හෙව්වා ..එත් පුසා හොයාගන්න බැරි උනා ..ඒ පුසා අර එවරෙඩි බැටරි පුසා වගේ කළුම කලුයි ...මැඩම් වැඩි පුරාම කෑ ගැහුවෙත් ඒකයි...එයින් පස්සේ අපිට කවදාවත් ඉංග්‍රීසි පුසා දකින්න ලැබුනේ නෑ ..

" ජේ .බි. බණ්ඩාර යා "





 

දැන් හැමෝම බලයි කවුද මේ ජේ .බි බණ්ඩාර යා කියල ..මහාචාර්ය ජේ.බි .දිසානායක නම් දන්නවා උනත් මේ ජේ.බි බණ්ඩාර යා කවුද ? ..මන් ටික කාලයකට කලින් මැලේසියාවේ සේවය කරා..හරිම ලස්සන රටක් ..ජාතිකත්ව තුනක් නියෝජනය වෙන රටක් ..මැලේ ජාතිකයින්
වගේම ..ඉන්දියන් සහ චීන ජතිකයිනුත් වැඩි දෙනෙක් ඉන්නවා ..බොහොම සාමකාමී සහජීවන රටක් ...මහා මාර්ග ලෝකයේ හොදම තත්වයේ
තියෙන රටක් ..මන් හිටියේ ක්ලුඅන්ග් ප්‍රදේශයේ ...බොහොම සාරවත් ප්‍රදේශයක් ..මැලේසියාවේ දකුණු කොටස...මන් හිටිය පැත්තේ ප්‍රදාන නගරය
උනේ ජේ.බි ..ජේ.බි ..එහෙමත් නැත්නම් ජොහොර් බහරු ..



එහෙ ගොඩක් අය ජොහොර් බහරු යද්දී කියන්නේ ජේ.බි යනවා කියලයි ..අගනුවර
ක්වාලාලම්පුර් යද්දී කියන්නේ කේ .එල් .යනවා කියලයි ..
ජොහොර් බහරු එහෙමත් නැත්නම් ජේ.බි ..නගරය මැලේසියාවේ ලොකුම දෙවන නගරය ..කර්මාන්ත වෙළද සහ ජනාකීර්ණ නගරයක් උනත් හරිම දැකුම්කළුයි..සිත් අලවන සුළුයි .. ස්වභාවිකත්වය අතින් ඉහලයි...
ලෝකයේ ඉහලම පන්නයේ නවීනතම හෝටල් සංකීර්ණ වගේම ආපන ශාලා විශාල වශයෙන් පිහිටලා තියෙනවා .සංචාරකයන් වැඩි වශයෙන් ගැවසෙන නගරයක් ...ඩෙන්ග බේ කියන්නේ ජේ.බි වල පිහිටි සුපිරිතම විනෝද උද්‍යානයක් ..මැලේසියාවේ වසන්ත සමයට ඩෙන්ග බේ මිනිස් හිස් ගොඩවල් වලින්
පිරිලා ඉතිරිලා යනවා ..

ඩෙන්ග බේ වසන්ත සැණකෙළිය ආස්වාදනීය මනරම් සැණකෙළියක් ..මැලේසියාවේ සුපිරිම ගී තරු බැබලෙන දිවා රාත්‍රී සංගීත
සංදර්ශන ...ඉදිකටුවේ සිට සුපිරිම භාණ්ඩ ඉතාමත් අඩු මිලට මිලදී ගන්න පුළුවන් ..විවිද ප්‍රදර්ශන කුටි ..විනෝද අංගන වලින් ගහන මනෝ රම්‍ය සැණකෙළියක් .


ඩෙන්ග බේ

ජේ.බි මැලේසියාවේ දකුණු කොටසේ අවසන් නගරය ..ඉන් එහා පැත්තේ සිංගප්පුරුව පිහිටලා තියෙන්නේ .. සිංගප්පුරුවේ අය මැලේසියාවටත් මැලේසියාවේ අය සිංගප්පුරුවටත් යන්නේ ඩෙන්ග බේ හරහා පිහිටි පුංචි පාලමකින් ...ගමන සදහා වැය වෙන කාලය විනාඩි 10 යි .රටවල් දෙක
වෙන්වෙන්නේ මුහුදේම පුංචි පටු දිය පාරකින් ..මීටර 500ක් වත් නෑ දුර .. ඩෙන්ග බේ මුහුදු වැලි තීරුවේ ඉඳල සිංගප්පුරුව අත පොවන මායිමේ ..දර්ශනය වෙනවා.හරිම සුන්දර දර්ශනයක් ..වසන්තයේ හැන්දෑවක හිරු කිනිති ඇස පියන සොදුරු මොහොතක ජේ.බි ඩෙන්ග බේ පටු සයුරු මායිමේ ඉඳන් සින්ගප්පුර්ව දිහා බලන් හිටිය හැටි තාමත් මතකයි ...........
දැන් ප්‍රස්නයක් ජේ.බි ..හරි ...එතකොට ජේ.බි .බණ්ඩාර යා ඒ කවුද.? කියල ..
මැලේ බාෂාවෙන් බණ්ඩාර යා කියන්නේ නගරයට ...

Sunday, August 26, 2012

"දොළහට ගෝෂා කරවූ "


ඒ දවස්වල අපිට විප්ලවීය උද්ගෝෂණ ...ඒවායේ සටන් පාට එහෙමත් හරි ලොකු දේවල් ..කලබල කාලේ
අහවර උණු මුල් වකවානුව ..ඒ දවස් වල ඉංග්‍රීසි පීරියඩ් එක කියන්නේ එපාම කරපු පීරියඩ් එක ..අපිට හිටිය
මැඩම් ඊට එහා ..අපි එක්ක හරිම තරහයි ..ගොඩක් වෙලාවට 11.45 -12.15 අතර තමා ඉංග්‍රීසි පීරියඩ් එක ..
එක දවසක් ඔන්න පුරුදු විදිහට තුන් දෙනෙක් නැගිටලා පාඩම කියවනවා ..රවී -ඇ න් -සහ පද්මිණි විදිහට
ඔය අතරේ පුංචි චිට් එකක් ඉස්සරහ පැත්තට හෙමින් හෙමින් එනවා ..මගේ අතටත් ආවා..මාත් දිග ඇරලා
බැලුවා . ..
"දොළහට ගෝෂා කරවූ "
මාත් බලල ..ඉස්සරහට යැව්වා ..ඉස්සරහ පේලියේදී මැඩම්ට ඔය කොලේ අහු වුනා ..මැඩම් කන්නාඩි දෙක
එහෙම දාලා..තුන් සැරයක් විතර කියවල ..යක්ශාරු ඩ .උනේ නැද්ද .."කවුද මේක ලිව්වේ කියල" ...ප්‍රශ්න ගොඩයි ..
ඒත් ලියපු කෙනෙක් නෑ..අන්තිමට වේවැලත් අරන් ..අන්තිමට චිට් එක අතේ තිබුන කෙනාගේ ඉදන්
හොයන්න ගත්ත ..මන් ලගටත් ආවා ..මන් පෙන්නුවා මට එහා පැත්තේ කෙනා.එයාගෙන් ඊට එහා පැත්තේ
කෙනා ..ඔහොම ගිහින් ගිහින් අන්තිම පේලියට ..අන්තිම පේලියේ අන්තිමට හිටියේ මැඩම් එක්ක නයි වයිරක්කාරයෙක්
මැඩම් එතනට ලංවුනා ..වේවැලත් අරන් ..අපි කට්ටියම ඒ දිහා බලන් ..දැන් අන්තිමට හිටිය කෙනාට පෙන්නන්න කෙනෙක් නෑ ..එහා පැත්තේ
බිත්තිය ..මැඩම් ඇහුව "කොහෙන්ද තමුසෙට මේ චිට් එක ..තමුසේ නේද මේක ලිව්වේ ..'"..යාලුවා කිව්වා "මැඩම් මන් ලිව්වේ නෑ "
කියල..........
මැඩම් අපහු ඇහුවා .."එහෙනම් කොහෙන්ද මේක කියනවා කියනවා" කියල තවත් සැර දැම්ම ..
යාළුවා උත්තර දුන්නා...............
"මැඩම් මේක උඩින් වැටුන " කියල ...
එපමණයි............!
වේවැල් සද්දේ අහල පන්ති කාමර කීපයකටම ඇහිලා තිබුන ..
ඒ සද්දේ එතරම් ම ඇහැන්නේ නැතිවෙන්න තිබුනා ...
අපි එදා හිටිය පන්ති කාමරය
තට්ටු දෙකේ ගොඩනැගිල්ලක යටම තට්ටුවේ නොතිබුනානම් ..............

Friday, August 24, 2012

"වටලප්පම් පොලිස් සහතිකය "


හදිසියේම මට විදේශ ගතවෙන්න අවස්ථාවක් උදාවුනා.දකුණු කොරියාවට ...ප්‍රමුඛ උනා පොලිස් සහතිකයක් ..ඉතින් මන් ගියා ප්‍රදේශයේ
පොලිස් ස්ථානයට ..මගේ උවමනාව කිව්වා එතන හිටි පොලිස් කාන්තාවට ...මොහොතකින් මාව යොමුකරා එක්තරා පොලිස් නිලධාරියෙකුට ..
ඉතින් ඔහු එක්ක ටිකක් කතා බහ කරා..මට පොලිස් සහතිකය මට හදිසි බවත් මන් කිව්වා ..ඔහු කිව්වා ..එහෙම හදිසියේ බැරි බවත් විස්තර හොයල
ඉවර කරලා සහතිකය දෙන්න දවස් ගණනක් යන බවත් මට කිව්වා...මන් කිව්වා ටිකක් ඉක්මනින් කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් කියල ..ඔහු
ටිකක් කල්පනා කරා ..අහස දිහා බැලුව .."අද වහිය්ද මල්ලි "කියලත් ඇහුවා."හරි මන් කරන්නම් ..මට මල්ලිගේ නම්බරේ දෙන්න" කියල .. කිව්වා .
"මන් හෙට උසාවි යනවා ,,,..මන් ඔයාට කෝල් එකක් දෙන්නම්' කියලත් කිව්වා..එතනින් එදා කතා බහ ඉවර උනා ..ඊලග දවසේ හවස මට කතා කරා .."හෙට
සහතිකේ දෙන්නම් ..හෙට හවස ඇවිත් හම්බවෙන්න" කියල කිව්වා ..කොහොමින් කොහොමහරි ඊලග දවසේ හවස මගේ අතට පොලිස් සහතිකේ ලැබුනා
මන් ගොඩක් ස්තුති කරා ..අනිතිමේදී ඔහු කිව්වා "මට ටිකක් බඩගිනි මල්ලි මොනවා හරි කමුද හෝටලේකට ගිහින්" ..මන් කැමති උනා ..ඉතින් හොදට බඩ
කට පිරෙන්න එහෙම කාල වටලප්පම් එහෙමත් අතුරු පස විදිහට අරන් .."මට කාලා ඉවරවෙලා මල්ලි කිරි එකකුයි ගෝල්ඩ් ලිෆ් එකකුයි නැති උනොත් කාපු එක
හරි යන්නේ නෑ " කියල ඒ දේවලුත් සපුරගත්තා ,..මුහුණට මුහුණ කතා කරා ගෝල්ඩ් ලිෆ් දුම එහෙ මෙහෙ යවමින් ..මට කිව්වා .".මල්ලි ඔය සහතිකේ ඔහොම හදිසියේ ගන්න නම් ටිකක් සල්ලි යනවා ..මට මල්ලි ගෙන් තියෙනවනම් විතරක්ක් රුපියල් දාහක් දෙන්න" කිව ..මන් කැමති වෙලා සල්ලි ගත්තා ..බයවෙලා වගේ කිව්වා .."අපෝ ඔහොම දෙන්න එපා ..මේසේ යටින් ගුලි කරලා දෙන්න" කිව්වා ..ඒ වැඩේ අහවර වෙලා එයාගෙම ත්‍රිවිල් එකේ නැවත එන ගමන් තෙල් ගහන්න ෂෙඩ් එකට ගියා ..තෙල් ගහල ඉවර වෙලා ..මට කිව්වා මල්ලි රුපියල් පන්සියක් මාරු තියේනම් අන්න අර තෙල් ගහපු කෙනාට දීල දාන්න" කිව ..මන් ටිකක්
ඉස්සරහට ඇවිත් බැස්ස ..අයෙත් මන් ස්තුතියි කිව්වා .."ඕවා මොනවද මල්ලි ..අයෙත් උදව්වක් මොනේ උනොත් කියන්නකෝ" කියල යන්න ගිහින් ...මන් ලගට ඇවිත් කිව .."මල්ලි මට මේ පොලිස් රස්සාව එපා වෙලා තියෙන්නේ ..ඕයා ගිහින් මටත් ඒ රටේ හොද ජොබ් එකක් තිබුනොත් සෙට් කරලා දෙන්න කියල තට්ටුවකුත් දාලා යන්න ගියා ..
ඉතින් මන් තාම එයාට ගැලපෙන හොද ජොබ් එකක් හොයනවා ..තාම ලැබුනේ නෑ..

Wednesday, August 22, 2012

"ලංකාවේ සකුරා "


මේ තියෙන්නේ කොරියාවේ "සකුරා මලක්.




ජපානේ "සකුරා උපන් රට
ඒ උනත් කොරියවෙත් සකුරා තියෙනවා
මන් මේක ලංකාවේ මගේ යාලුවෙක්ට කිව්වා.
කොරියවෙත් සකුරා තියෙනවා කියල ..
යාලුවා මට කිව්වා
ලංකාවෙත් දැන් "සකුරා "තියෙනවා කියලා

මන් ඇහුවා ඒ කොහෙද කියලා
යාළුවා උත්තර දුන්න
ඇ යි .............."සිදුවේ සකුරා .."



Tuesday, August 21, 2012

"උපකල්පන "


පාසල් අවදිය ...තර්ක ශාස්ත්‍රය විෂයට අදාල වචනයක් .."උපකල්පන" ...උපකල්පනය කිරීම් ..
දවසක් අපි හය දෙනෙක් ..ගණකාධිකරණය විෂය තිබුණු කාල පරිච්චේදය මග හැරියා ..
එදා අපි හිතුවේ සර් නෑ කියල ..අපි හය දෙනා ඉතින් ටිකක් එහෙ මෙහෙ ඇවිදලා ...අයෙත් පන්තියට
අවා ..බැලින්නම් ..සර් ගිහින් ප්‍රින්සිපල් සර් ට අපේ නම් ලැයිස්තුව දෙන්න ..අපිට පණිවිඩයක් අවා ..
විදුහල්පති තුමා ගේ කාර්යාලයට වාර්තා කරන්න ..අපි හය දෙනා ..තිත්ත බෙහෙත් බිව්ව ගොළුවෝ
වගේ හෙමින් හෙමින් ඇතුලට ගියා.සර් මොකුත් කියන්නේ නැතුව ...අපි හය දෙනාට කොළ හයක් දුන්නා
දීල කිව්වා ..."තම තමන් කොළ හයේ කොහෙද ගියේ කියල ලියන්න කියල ...ඉතින් අපි වෙන් වෙනම
ඉඳන් ලිව්වා ..අපි ඔක්කොම වගේ ලියල තිබුනේ කැන්ටිමට ගියා කියලයි ..ඒත් සර් එක කොලයක් දිහා
බොහොම බැරෑරුම් බැල්මක් හෙලලා ....ඇස් උඩ යවල ...".කවුද මේ සාස්තර කාරය බොල" කියල ඇහුවා
සර් කොලේ කියවන්න පටන් ගත්තා ...එකේ තිබුනේ මෙහෙමයි .."අද දින ගණකාධිකරණය උගන්වන
ගුරුවරයා "නොපැමිනේය යන උපකල්පනය මත" තවත් සිසුවන් පස් දෙනෙක් හා කැටුව ආපන ශාලාවට
ගියෙමි ..නැවත ඔහු පැමිණ "උගන්වනවා ඇති යන උපකල්පනය මත" පන්තියට ආවෙමි ..එවිට ගුරුවරයා
උගන්වනවා දුටිමි ..නැවත ඔහු අපිට "ගහාවී යන උපකල්පනය මත" අයෙත් ආපන ශාලාවට ගියෙමි..විස්තරය
එපමණි "................සර් කොලේ කියවල ඉවර වෙලා ..සලකපු සැලකිල්ලට "උපකල්පන" වචනේ ජිවිතේ කවදාවත් අමතක නොවේනම
වචනයක් බවට පත් වුනා ....

Sunday, August 19, 2012

" සුන්දර සල්මියා "


දැන් කට්ටියම බලයි කවුද මේ සල්මියා කියල ..මන් කාලෙකට ඉහත දී කුවේට් රටේ වසර තුනක් විතර හිටියා ..දැන් බලයි එහෙනම් කුවේට් වල
ලස්සන ගැණු ළමයෙක් තමා මේ සල්මියා කියන්නේ කියල ..කුවේට් වල ප්‍රදානම නගර කීපයක් තියෙනවා ,ඒ අතර කුවේට් අග නුවර වගේම
ජබ්රියා ..අබ්දුල්ල සලීම් ...හවාලි ..ෆෙහා ..සල්මියා .යන නගර අතරිනුත් සල්මියා ගොඩක් ප්‍රදනයි ..සල්මියා නගරයට මායිම්ව ,.....තියෙන සල්මියා
මුහුදු වෙරල හරිම සුන්දරයි ...වගේම ගොඩක්ම මනරම්.. සල්මියා වෙරළට මායිම්ව එක දිගටම තියෙන රට ඉදි ගස් පෙළ වගේම එක පෙලට පිහිටි නිවාඩු නිකේතන
අහස සිඹින තරම් උස ගොඩනැගිලි ......මට තාමත් මතකයි ....
...නීල වර්ණිත සල්මියා මුහුද අද්දර නිස්කලංක හැන්දෑව කොයිතරම් චිත්තාකර්ශනීයද
..සැ දෑ හිරු අවර වැළදගන්න දම් පාට හැන්දෑව සල්මියා මුහුදු වෙරල එක්ක එක් උනාම පුදුම තරම් හැඩකාරයි ..සල්මියා මුහුදු කොන ඇතම ඇත බටහිර
අහස් කුස මත මැවෙන සිතිජ ඉම ....මගේ නෙත් කොඉතරම් වශී කළාද....ඒ වගේ හවසක ...සල්මියා වෙරළේ ඉඳල එන ගමන් ඇහුන ලස්සන සින්දුවක්.
එදා තමා මන් මුලින්ම ඒ සින්දුව ඇහුවේ ..ජිවිතේ පළවෙනිම වතාවට සන්නස්ගල ලියපු ..රූකාන්ත ගේ හඬ "බැස ගියා හිරු බැස ගියා ...පැල දිග අහසේ
සංසාර ආරන්නයේ "..එදා ඒ වෙලාවේ ඇහෙද්දී හරිම අමුත්තක් දැනුනා ...රුකන්තගේ හඬ ....ලයාන්විත තනුව..පැදිපෙළ ...හිරු ගිලුණු අවර ගිර ...දම්පාට හැන්දෑව
වගේම සල්මියා මුහුදු වෙරළත් අමතක නොවෙන මතකයන්..තාමත්

 සුන්දර සල්මියා

Saturday, August 18, 2012

" ශුරින් "


සිංහල සාහිතයේ එන මාර්ටින් වික්‍රමසිංහ ශුරින් ...මුනිදාස කුමාරතුංග ශුරින් ..ආදීන් ගොඩක් ප්‍රධානයි ..සාහිත්‍ය ශුරින් ..විද්‍යා චක්‍රවර්ති ආදී වචන
අපිට ටිකක් ලොකු වචන ඒ කාලේ ..ඉතින් ඒ දවස් වල සිංහල ගුරුතුමා අපිට කියල තිබුන සාහිත්‍යට අදාල චරිත ගැන විස්තර සදහන් කරලා ලිපි ගොනුවක්
හදන්න කියල ..එක් එක් චරිත ගැන වෙන වෙනම ලිපි සකස් කරලා ලිපියේ අවසානයේ අපේ නම ලියන්න ඕනේ ..ඔය ලිපි ගැන සිංහල සර් මුළු
පන්තියියටම ඇහෙන්න අගය කිරීම් විවේචනය කිරීම් කරනවා ..දවසක් සර් හදිසියේ දුවන් අවා අපෙ ලිපි ගොනුත් උස්සගන ..
සර් නැගිට්ට .."මේ පන්තියේ සාහිත්‍ය ශුරින් නැගිටිනවා" කියල කිව්වා ..අපි ඔක්කොම උඩ බිම බැලුව ..ඔක්කොම එක එක්කෙනාගේ මුනවල් දිහා
බලාගෙන තක්බීර් වෙලා ..සර් දැන් එක ලිපි ගොනුවක් ගත්ත...ඒක පෙරලුව ..එක ලිපියක් ඇදල ගත්ත .."මේ තියෙන්නේ ...මේ තියෙන්නේ..
මූ ලිපිය ඉවර කරලා තියෙන්නේ ,,..මේ ලිපිය කපා කොටා ඔබට ඉදිරිපත් කලේ පි .බි .හේරත් ශුරින්ය කියල "..සර් කෑගහන්න පටන් ගත්ත ..."අම්මප
මේ මටවත් බැරි උනා ඒ තත්වෙට එන්න ...මට කලින් පි.බි.හේරත් ශුරින් වෙලා" ...මුළු පන්තියටම හිනා ..එදා ශුරීන්ගේ දවස උනා ..එදායින් පස්සේ පි.බි .
හේරත් ශුරින් බවට පත් උනා..අපෙ යාළුවො අදටත් විස්තර කතා කරද්දී අහන්නේ ශුරින් එහෙම හම්බ උනේ නැද්ද කියලයි ...පි.බි. එහෙමත් නැත්නම් ශුරින් හිටියේ
මාවනැල්ලේ ..මන් අදටත් මාවනැල්ල හරහා එද්දී වට පිටාව දිහා ගොඩාක් විමසිලිමත් ..අපෙ මිත්‍ර පි.බි.හේරත් ශුරින් කොහේ හරි ඉන්නවද කියල බලනවා ..
ලිපියේ හොඳම දේ මේකයි
ලිපියේ ආරම්භය ...මුනිදාස කුමාරතුංග මහතා ..
ලිපියේ අවසානය ..මුනිදාස කුමාරතුංග මහතා ගැන විස්තර සොයා කපා කොටා ඔබට ඉදිරිපත් කලේ පි.බි.හේරත් සුරින්ය ...

Wednesday, August 15, 2012

"ගාමා ගාමිණී සුබසිංහ සහ වයලා ගල්කිස්ස "


ඉස්සර ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් කියල ගී වැඩසටහනක් තිබුනා ..ඒ වැඩසටහනේ නිතර තැපැල් පත් වලින් ගී ඉල්ලීම් කරපු දෙන්නෙක් තමා ගාමා ගාමිණි සුබසිංහ සහ වයලා ගල්කිස්ස කියන්නේ ...තව හිටියා ..හිල්ඩා වික්‍රමබාහු ,මගුලාගම මල්ලිකා දිසානායක,සරස්වතී මානවඩු ,සකුරා දිල්හාරා
ඔය වගේ කීප දෙනෙක්ම ...ඒ වැඩසටහන ඉදිරිපත් කරේ ..කුසුම් පිරිස් ,තිලකා රණසිංහ එහෙමත් නැත්නම් දයා ද අල්විස් මට තාමත් ඒ කටහඩවල් වල ඒ අයටම අවේනික ලයාන්විත හඩ මතකයි ...ඒ කලේ ගුවන් විදුලි වැඩසටහන් කොයිතරම් සුන්දරද ...


උදෙන්ම "අරුණ කිරණ "...ඊට පස්සේ උදා ගී තීරය ...නිතරම ඇහුන ගීතයක් තමයි ..ස්වර්ණලතා කවීශ්වරගේ "පිනි බිදු මුතු මල් සැණකෙළියේ "...උදැසන හයට ...."වේලාව උදැසන හයයි ...මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ...මෙන්න ප්‍රවුර්ති ..ප්‍රකාශය රම්‍යා වනිගසේකර "...ඒ කටහඬ ...පැහැදිලි උච්චාරණය ...ගැඹුරු බව ,,,,ඇත ඉන්න මිනිස්සු පවා කරන වැඩේ අමතක කරලා ඒ ප්‍රවුර්තියට හිත යොමුකරවනවා ..දවල් 11 සිට 12 දක්වා මඩු රසාංග ගී තිරය ..හරිම ලස්සන ගීත ඇහෙනවා ඒ වෙලාවට ..බිදුණු පෙමක විරහ විරාමේ ,සහ ,මුදු ලවනේ දිගු නයනේ කියන ගීත දෙක නිතර ඇහුනා මට මතකයි ....මන් තාමත් ඒ ගීත දෙකට හරිම ආසයි ..දවල් 12 ට පොලිසියෙන් පුවත් "මද්‍යහ්න දොළහයි පොලිසියෙන් පුවත් ..මරදාන ....කොණ්ඩය කොටට පීරා ...සුදු අත් දිග කමිසයක් ඇද සිටි වයස අවුරුදු විසිදෙකක පමණ තරුණයෙකු ආගිය අතක් නැත " ...දවල් දෙකට කාන්තා පියස හෝ පසන් නිවස..මට හරියටම නම මතක නෑ.චිත්‍රා කුමාරි කළුබෝවිල තමා ඒ වැඩසටහන කරේ ..මන් ඉස්කෝලේ ගිහින් එද්දී ඇහෙන්නේ ලස්සන හින්දි ගීත ..හවස තුනේ සිට හතර වෙනතුරු හින්දි ගී තීරය..දිල් අප්නා ඔර ප්‍රීති පරායි..ගීතය නිතර ඇහුන වගේම ඒ ගීතයේ සංගීත අනුවාදනය තමා පසුබිම් සංගීතය උනෙත් ...රන්ජිත් එදිරිසිංහ කියන නම නොලිව්වොත් ඒක අඩුවක් ..ඔහුගේ ගැඹුරු කටහඬ ,,,හින්දි බාෂාව පිලිබඳ ව්‍යක්ත දැනුම ඒ වැඩසටහන ආලෝකවත් කරා ..රාත්‍රී නවයට තිබුණු අරාධනා ස්වර දැහැන අමතක වෙන්නෙත් නෑ ...අමරදේව මාස්ටර් ගේ අරාධනා ගීතය තමා පසුබිමෙන් ඇහුනේ ...සදුදා රාත්‍රී අටට මුවන් පැලැස්ස ...කදිරා ගේ වීර ක්‍රියා ,කෝරලේ මහත්තයාගේ රැල් බුරුල් හරින හඬ කොඉ තරම් හිත ඇද බැද ගත්තද ..තවත් වැඩසටහන් කීපයක්ම මට මතකයි ..හඳ මාමා,මධු මාදවී කවි ,අම්බිගා ගීතයෙන් ගීතය .සි .පි පි විනෝද චාරිකා ...ගුරුගේ මැණික් වාසනා ..වගේම ඉරිදා උදේ තිබුණු ලතාගේ කතාව ට කොයිතරම හිනා වුනාද ...
ඒ දවස්වල ඇහුනු වෙළද දැන්වීම් කීපයකුත් මෙතන නොලිව්වොත් ඒක අඩුවක් ..
මල් නම් මල් ..ජයරත්න නම් මල් ..මල් ලොව ජයරත්න
සව්සිරියෙන් පිරි සව්සිරි ..හාහ් හාහ් හාහ් හාආආආ......සව්සිරි වෙළද මහල් නුගේගොඩ
වෙළද පොලේ රවුමක් යන්න ..මිල ගණන් දැනගන්න ..මංගල ට්‍රේඩ් සෙන්ටර් වෙත යන්න මිල ගණන් සසදන්න ....
ඒ වගේම වෝග් ජුවලර්ස් ආයතනයේ වෙළද දැන්වීම .....
"මංගල මුදු මාල වළලු -රන් අභරණ ලබාගන්න
විස්වාසයි කල් පවතියි වග කීමට බැඳී සිටියි
නෙත පිනවන රූ වඩවන අලංකාර මෝස්තරයි
ඔබත් යන්න මනාලියනි ඔබේ මංගල මුදුව ගන්න
වෝග් ජුවලර්ස් ..!වෝග් ජුවලර්ස් .!වෝග් ජුවලර්ස් ..!!
අවසාන වශයෙන් තාමත් කට පාඩම් ලංකා බැංකුවේ වෙළද දැන්වීම ..
ලංකා බැංකුවයි මේ ඔබේ
වාසනා නිධානයයි ජාතියේ
ලක් දනන්ගේ පින් බෙලෙන් පහල වූ
කප්රුකකයි සිත්මිනයි සුරභිධේනුවයි
ජාතියේ මහා දායාදයයි ....
(මේ වෙළඳ දැන්වීමේ රචනය අරිසෙන් අහුබුදු මහතා බවත් සංගීතය සහ තනුව අමරදේව මාස්ටර් ගේ බවත් ගොඩක් අය දන්නේ නෑ ..)
ඉතින් ඒ සොදුරු බවින් සපිරුණු ගුවන් විදුලි වැඩසටහන් කොයිතරම් ප්‍රියශීලි උනාද ...කොයිතරම් සවන් සැනසුවද....පැල් බැදගෙන අහන්න හිතෙන තරම් විචිත්‍ර උනාද ..මනරම් උනාද
අද ඇසෙන අවාසනාවට ඇත්ත කතාවක් ..සාගරය සේ ආදරෙයි ...හින්දි චාර්ට් ෂෝ වගේ වැඩසටහන් කොයිතරම් හිස්ද ...බොල්ද...ප්‍රාතමිකද.මේවා ඉස්සර ගුවන් විදුලි වැඩසටහන් ලගින්වත් තියන්න බැ..

Tuesday, August 14, 2012

කට්ටේ රස



මන් බාලදක්ෂ කරපු කාලේ ..හරිම සුන්දර අත්දැකීමක් ..එක දවසක් අපිට තිබුනා පා ගමනක් යන්න ..කණ්ඩායම් 4 ක් .හතර දෙනා බැගින් ..යන්න කලින් අපිට කිව්වා යා යුතු විදිහ ,,,ගිහින් යන තැන සිටිය යුතු ආකාරය .උදව් කල යුතු විදිහ ආදී ගොඩක් දේවල් ..ඉතින් අපේ කාන්ඩේ 4 දෙනා පිටත් උනා ..පලවෙනි ලියුමේ විස්තරේ අනුව ..හේමමාලිය ලගින් මීරා මක්කම පල්ලිය හරහා අස්ගිරිය උඩ පාර ..එතනින් මාපනාවතුර පාරේ කටුගස්තොට නගරය දෙවැනි ලියුම අනුව..එතනින් වත්තේගම පාරේ පොල්ගොල්ලට ..තුන් වෙනි ලියුම අනුව එතනින් සිරිමල් වත්තේ පුංචි පාරකට ..ගමනේ අවසානේ දවල් 2..ට ..ගෙදරකට ...කොහෙවත් නෙවේ
අපි දන්නා අපේම යාලුවෙකුගේ ගෙදරකට ..ගිය ගමන් ..අපේ යාළුවගේ අම්ම දවල් කැමට කතා කරා .."පුතාල ඔක්කොටොම කලින් බත් කාල ඉන්න ..අන්න ඔයාලට කලින් අව අනිත් හතර දෙනා කෑම මෙසේ කනවා "කියල කිව්වා ..බැලින්නම් අනිත් කාන්ඩේ හතර දෙනා හොඳට කනවා ..අපිත් වාඩි උනා ..(බාලදක්ෂයනට එහෙම කන්න බෑ....හරිනම් අපිම උයල ගෙදර අයටත් අපි දෙන්න ඕනේ )ඉතින් ඔය සංකල්පේ හින්ද හිතේ පොඩි චකිතෙකුත් තිබුනා ..ඒ දේ යාළුවගේ අම්ම තේරුම් අරන්ද
කොහේදෝ කිව්වා .."පුතාල හොඳට කන්න ..මන් කියන්නම් ඔයාල ඉව්ව කියල ....උයල මටත් දුන්න කියල" ..ඉතින් තවත් බය වෙන්න ඕනේ නැනේ ..අපි පටන් ගත්ත දවල් කෑම කන්න . ..මේසේ පිරෙන්න මාළු පිනි ..අතුරු පස ..මට මතකයි කිරි පැණිත් තිබ්බ ..බඩ කට පිරෙන්න කෑවා .හවස් වෙලා අපේ යාළුවගේ ගෙදරට එහා පැත්තේ තියෙනවා ලස්සන ඔයක් ..ඔයට ගිහින් නැවා පැය ගානක් ..රැ වෙලා ආව ..අපි කට්ටිය මුළු තැන් ගෙට ගියා ..උදව් කරන්න කියලා ..කොහෙද අපේ යාළුවගේ අම්ම ඒකත් එපා කිව්වා ..පුතාලා මොකුත් කරන්න එපා ..මන් කියන්නම් ඔයාල උදව් කරා කියල ..
රාත්‍රී කෑම වේලත් පංකාදු පහයි ..ඊට පස්සේ රාත්‍රී නින්ද ..(ඇදෙ නිදාගන්නත් බෑ අපිට මොකද බලදක්ෂයෝ නේ) ..බිම නිදාගන්න ගියා ..අපේ යාළුවගේ අම්ම කොහෙද ඒවාට ඉඩ දෙන්නේ .."පුතාල ඔක්කොටම අපේ පුතාගේ කාමරේ නිදාගන්න හදල තියෙන්නේ ..ලොකු ඇදන් දෙකකුත් දාල තියෙන්නේ .."එකේ නිදා ගන්න කියල කියද්දී කොහොම බිම නිදාගන්නද ..ඉතින් අපි අට දෙනා .කාමරේ හොඳට ඇදවල් උඩට වැටුන ..නිදාගන්න ..ටික වෙලාවකින් අපේ යාලුවගෙන් ආරාධනයක් ..
වීඩියෝ ප්ලේයර් එකෙන් හින්දි ෆිල්ම් එකක් බලන්න ,,අපිත් ඉතින් මොකෝ අකමැති වෙන්නේ ..ෆිල්ම් එක .."ඩිස්කෝ ඩා න්සර්" ..පාන්දර වෙනකම් ඒක බැලුව ..රජවරු වගේ ..අපේ යාලුවෙක් කිව්වා .."බේඩන් පවල් සාමි " එහෙම මේවා දන්නවනම් .....මොනවා කරයිද කියල ..බය වෙන්න දෙයක් නැ..දැන් එයා නැනේ ..කියල තව කෙනෙක් කිව්වා..ඊලග දවසට ඉර ඇහැරුනා ...උදෙන්ම ඔයට ගිහින් නැවා...උදේ කෑමත් සුපිරිම විදිහට ..ගෙදරින් පිටත් වෙන්න කලින් ගෘහ මුලිකයා ..අපිට ලියුම් ලියල දෙන්න ඕනේ ..අපේ යාළුවගේ අම්ම ඒ ලියුම හොඳටම ලියල දුන්න ..අපි ගෙදර ඉව්ව විදිහ ..සුවච කීකරු විදිහට හිටිය බව ..ඔයක් තිබ්බත් ඔය පැත්ත දිහා නිකමටවත් බැලුවේ නැති බව ..වීඩියෝ ප්ලයෙර් තිබුනත් ටීවී ඒක දිහා ඇහැක් ඇරලා බැලුවේ නැති බව ..ඇදවල් තිබුනත් එළියේ බිම නිදාගත්ත බව..ඔය ඔක්කොම..එද්දී අපේ අය ඒ අම්මට දෙපාර දෙපාර වැන්දා..අපි හැමෝගෙම ඇස් වල කදුළු පිරිලා ..අපිට වඩා ඒ අම්මගේ ..කදුළු බර වැඩ්යි..ඉතින් දුකෙන් එන්න ආවා ..හවස 4 වෙද්දී ගමනේ අවසානය ..අපහු පාසල් බිමට ..අපේ කණ්ඩායම් 4 ම එකතු උනා ..අපි කණ්ඩායම් දෙක එක තැනක හිටියා වගේ අනිත් කණ්ඩායම් දෙකත් එක තැනක ඉඳල තියෙන්නේ ,,ඉතින් අපි ඒ විස්තරේ ඇහුවා .එයාල ගේ නවාතැන පන්සලක් ..වයසක ස්වාමින් වහන්සේ දෙනමක් වැඩ ඉඳපු ..එක ස්වාමින් වහන්සේ නමක් කිව්වලු ..එහෙනම් ඔය දරුවෝ උයල පිහල අපි දෙනමටත් දානේ පිලිගන්වන්නකෝ කියලා..ඉතින් පිළිගන්වලා ..රාත්‍රී නින්ද ..බන මඩුවෙලු..
නිදාගන්න පැදුරු හොයල ..අපේ කට්ටිය ,,,ස්වාමින් වහන්සේ නමක් කිව්වලු ..තිබුණු පැදුරු ටික ඔක්කොම දානේ ගෙදරකට අරන් ගියා,,ඔය කාර්ඩ් බෝර්ඩ් කැලි ටිකක් හොයාගන නිදාගන්න ..ඔයාල ඉතින් බාලදක්ෂ ළමයිනේ ..කියල සැතපෙන්න ගියාලු ..නිදි වර්ජිත රාත්‍රියක් වුනාලු අපේ අය‍ට...
අපේ යාළුවො කිව්වා අපි මාර කට්ටක් කැවේ..ඔයාලත් ඉතින් ඒ වගේම ලොකු කට්ටක් කන්න ඇති නේද කියල අපෙන් ඇහුවා ..
ඉතින් අපි මොනවද කියන්නේ ..
ඔව් ඔව් අපිත් ලොකුම කට්ටක් කැවා..කියල කිව්වා ..
කාලයක් යනතුරු අපි කාපු කට්ට ගැන දන්නේ අපි අට දෙනාත් අපි නවාතැන් ගත්ත ගෙදර යාලුවත් එයාගේ අම්ම සහ තාත්ත විතරමයි ..
ඒ කට්ට රහසක් උනා ...ඒ කට්ට රස රහසක් උනා ..

Monday, August 13, 2012

අතුලත්මුදලි " ලලිත් "


 

දිවංගත කෘතහස්ත ඇමතිවරයෙකු වූ ලලිත් ඇතුලත්මුදලි මහතා මහා මැතිවරණවලදී නාම යෝජනා බාර දෙන්නේ ඒ විදිහට ..සිංහල අකාරාදී පිළිවෙල අනුව ගොඩක් වෙලාවට ඒ මහතාගේ මනාප අංකය 01.අංකය එක වගේම මනාප ප්‍රතිපල අනුවත් කොළඹ දිස්ත්‍රික්කයේ අංක 01 වෙන්නෙත් ලලිත් ඇතුලත්මුදලි මහතා ..මන් ගොඩක් ගරු කරන පුද්ගලයෙක් ..උගත් කම අතින් ඉහලින්ම සිටි කෙනෙක් ..ඔක්ස්පර්ඩ් වගේම කේ ම් බ්‍රි ජ් විශ්ව විද්‍යාලවල උපාධි ධරයෙක් ..බැරිස්ටර් වරයෙක් ..දේශපාලනයට ආවට පස්සේ කොළඹ රත්මලාන එජාප ප්‍රදාන සංවිධායක උනෙත් ලලිත් ඇතුලත්මුදලි මහතා ..මට හොඳට මතකයි
1992 වසරේ අග භාගයේ හිටපු ජනාධිපති රණසිංහ ප්‍රේමදාස මහතාට විරුද්දව කැරලි කණ්ඩායමක් විදිහට ලලිත්ලා එජාපයෙන් අයින් වෙලා අලුත් පක්ෂයක් පිහිටෙව්වා ...ලොකු බල කණු ගොඩක් ඒ වටා එක් රොක් උනා..ගාමිණී දිසානායක , ජි .එම්.ප්‍රේමචන්ද්‍ර ,සමරවීර වීරවන්නි .සරත් අමුණුගම ,රවී කරුණානායක ,මොන්ටි ගොපල්ලව ,කෙහෙළිය රඹුක්වැල්ල .ඒ අතර ප්‍රදාන උනා ..අලුත් පක්ෂයේ නම උනේ ප්‍රජාතන්ත්‍රවාදී එක්සත් ජාතික පෙරමුණ ...(DUNF ) ලකුණ රාජාලියා..ඒ කාලේ ලොකු රැල්ලක් තිබුන ලලිත්ලගේ පක්ෂෙට ..රාජාලියා කියල පත්තරේකුත් නිකුත් උනා ..1993 පළාත් සභා ජන්දේ ..කිට්ටු උණා..රාජාලිය පක්ෂෙත් නාම යෝජනා බර දුන්නා..ලලිත් කොළඹට පුරුදු විදිහටම අංක එකෙන් ..අප්‍රේල් අග සතියේ එරබදු මල් මිලින වෙන කාලේ හදිසියේම රැස්වීමක් අමතමින් ඉන්න මොහොතක සහසිකයෙකුගේ වෙඩි උණ්ඩයකින් ලලිත් ජිවිතක්ෂයට පත් උනා .. ඔහු ආයේ නොඑන්නම යන්න ගියා .ලලිත්ගේ දේහයට ඉහලින් ලියල තිබුණු වැකියක් මට තාම මතකයි .."මෙහි නිදන්නේ මිනිසුන්ට දැඩිව ආදරේ කල මිනිසෙකි "..
ලලිත්ලා පක්ෂය ආරම්භ කල මුල් දවස්වල ලාංකීය මුළු සමාජ දේහයම ඒ ගැන ලොකු උනන්දුවකින් බලා හිටිය ..ගොඩක් මිනිස්සු ඒ වටා රොද බැඳිලයි හිටියේ ..ඒ දිනවල එක හවසක මන් මාලිගාව හරහා වැව රවුම දිගේ එද්දී මිනිස්සු වටකරගෙන එක මනුස්සයෙක් හිටිය ..ජෝතිර්වේදියෙක් ...අනාවැකි කියන්නෙක් ..හෙට ගැන අනාගතේ ගැන ගොඩක් දේවල් කියනවා ..මමත් ටිකක් නැවතිලා ..අහන් හිටියා මොනවද කියන්නේ කියල ..එක පාරටම ඒ මනුස්සය කියන්න ගත්ත රටේ ඉදිරි අනාගතය ගැන ..ලලිත්ලගේ පක්ෂය ගැනත් කිව්වා .."ඔය අලුතෙන් පටන් ගත්ත රාජාලිය පක්ෂයේ ප්‍රදාන නායකයෝ දෙන්නම වෙඩි වැදීමකින් සහ බෝම්බ පිපිමකින් ජිවිතක්ෂට පත් වෙනවා...ඉතිරි අයත් එක එක තැන වල රැදෙනවා ..පක්ෂය ඉක්මනින්ම නැත්තටම නැතිවෙලා ..පක්ෂයේ නමත් අතීතයට එකතුවෙනවා "කියල කිව්වා ..ඒ කිවව මොහොතේ මට හිනා ගියා ..බොරු කාරයෙක් කියල මන් එන්න අවා ..එත් ඊට පස්සේ වුනු සිදුවීම් වලින් පස්සේ මන් අදටත් වැව රවුම හරහා එද්දී කොහේ හරි ඒ මනුස්සය ඉන්නවද කියල බලනවා ..එත් මන් එදා යින් පස්සේ කවමදාවත් ඒ මනුස්සය දැක්කේ නෑ.එත් මන් හෙටත් බලනවා ...

Saturday, August 11, 2012

"ශ්‍රී ගනේශානන්ද බ්‍රහක්මන"



සුන්දර මහනුවර නගරයේ පේරාදෙණිය පාරේ වෙම්බ්ලි සිනමා ශාලාවට මෙහා ..කෝවිල ලග පිහිටි ආපන ශාලාව
ශ්‍රී ගනේශානන්ද බ්‍රහ්ක්මන හෝටලය ..
මගේ හිත ගත්ත තැනක් ..දවල් ආහාර වේලකට කියාපු තැන ..ඇතිතරමට
බත් ..මස් මාළු වලින් තොර ...එළවලු වලින් විතරක් සැදී ප්‍රනීත රස බොජුන කොඉ තරම් මිහිරිද ..කෙසෙල් කොලේ
බත් ...වියන්ජන හතර පහක් ..එයටම සරිලන පිරුණු ලොකු පපඩම්...බැදපු මිරිස් කරල් දෙක තුනක් ..වඩේ..ලුණු දෙහිත්
එක්ක එකතු උනාම රසේ උපරිමයි ...ඒ කෑම වේලට උම්බලකඩ කෑල්ලක්වත් එකතු වෙන්නේ නෑ..දවල් කොඉ තරම්
මිනිස්සු පිරිලා හිටියත් දෙවියන්ට දෙන පුජාව අහවර උනාමයි කෑම සැපයීම කරන්නේ ..පිටින් ගෙනත් කෑම කන්න පුළුවන්
එත් ඒ කෑම වල උම්බලකඩ කෑල්ලක්වත් තියෙන්න බෑ...සම්පුර්ණයෙන් තහනම් ..ආපන ශාලාව අපුරුයි ..බිත්ති පුරාම
දේව රුප ...හතර වටේටම දේව රුප ..මුදලාලි දැඩි දේව භක්තිකයෙක්..නළල පුරා සින්දුර්.. දිනපතාම අදින්නේ සුදු සරමයි ..සුදු අත්‍ කොට කමිසෙයි .
.මන් හිතන්නේ මහනුවර දිගම නමක් තියෙන අමුතුම නමක් තියෙන දෙවියන් සහ බ්‍රහ්ක්මන් එකතුව හැදුනු නමක් තියෙන එකම ආපන ශාලාවත් මේකම තමා.ආපන ශාලාව ඇතුලෙදි මට මතක් වෙන්නේ වෙන මොකුත් නෙවේ නාරයන්ගේ "මල් ගුඩි දවස "..මල්ගුඩියේ ආපන ශාලාවක් ඇතුලේ ඉන්නවා වගෙඉ මට දැනෙන්නේ

Thursday, August 9, 2012

දෙව්ලොවින් ආ කුමරු හැරෙන තැපෑලෙන් දෙව්ලොවට

හිමිදිරියෙන්ම කුමරු ගොඩ බැස්ස දිවයිනකට ..ආස හිතුනා නැව් බලන්න ..අලුත හදපු වරායක් ලගට ගියා ..එත් නැව් අවේ නෑ..නැගෙනහිර පැත්තෙන් අපහු එද්දී දැක්ක කට්ටියක් ඔස්ට්‍රේලිය යන්න හොරෙන් බෝට්ටුවකට නගිනවා .කුමාරයට හිතුන පන්සලකට යන්න ..ගියා පන්සලකට ඒක පන්සලක් නෙවේ මාලිගාවක් ..
එන ගමන් ඉස්කෝලෙකට ගියා ..එතන ළමයි කට්ටියක් z අකුර ගහපු බෝර්ඩ් වගයක් උස්සන් ඉන්නවා කුමාරය දැක්ක .පැරණි රාජධානිය හරහා එද්දී දැක්ක ගොවියෝ කට්ටියක් වතුර ඉල්ලලා කෑ මොර දෙනවා ..උසාවියක් බලන්නත් කුමාරයට ඕනේ උනා..උසාවිය බලන්න යද්දී කට්ටියක් උසාවිය ඇතුලට ගල් ගහල ..කුමාරය මගදී දැක්ක පුංචි පුංචි සභා වල කට්ටිය පුංචි පුංචි මල් කැකුළු විනාස කරලා තියෙනවා ..
කුමාරය දන්න විශ්ව විද්‍යාල ආචාර්යවරු වගයක් මුණ ගැහෙන්න විශ්ව විද්‍යාල ඇතුලට ගියත් ආචාර්යවරු ඔක්කොම පාරට වෙලා ඉන්නවා කුමාරය දැක්ක .කුමාරය මැණික් බලන්න කහවත්තකට ගියා ..එතන කාන්තාවන්ගේ කනත්තක් ..කුමාරය බයේ අපහු එන්න අව ..එක පුරයකට යන පාරක නිලියෝ ටිකක් ජාතිය අමතන්න හිනා තල තල යනවා කුමාරය දැක්ක ..කුමාරය අපහු දෙව් ලොවට යන්න තීරණය කරා..ගුවන් තොටුපලට එද්දී තරුණයෝ කණ්ඩායම් දෙකක් පෝලිමේ ඉන්නවා කොරියාවට යන්න.ඊට එහා කාන්තාවෝ මහා ගොඩක් සහරා කතරේ මැද පෙරදිගට යන්න පෝලිමේ ..කුමාරය අහසට ඇදුනා..යන්තමට දැක්ක ..පැමිණීමේ පර්යන්තයේ අහිංසක අම්මෙක් ඇතුළු පවුලේ කට්ටියක් ඇස් වල කදුළු පුරවන් බලන් ඉන්නවා කොරියා ගිහින් හදිසි අනතුරකින් මිය ගිය පුතාගේ මෘත දේහය බාරගන්න ..ඊට එහා පුංචි පුතෙක්ගේ අතින් අල්ලගත්ත මැදි වියේ පිරිමියෙක් දෑස අහසට යොමාගෙන හිටිය සෞදියේදී තට්ටු පහකින් පැනල මිය ගිය බිරිදගේ මෘත දේහය බාරගන්න ..
කුමාරය ටිකක්වත් පරක්කු උනේ නෑ ...දෙව් ලොවටම ගියා.........

නිකිණි සරුංගල්


අගෝස්තු එහෙමත් නැත්නම් නිකිණි මහ... .සරුංගල් මාසේ ..කිව්වත් හරි ..බොහොම ඉස්සර අපි අගෝස්තු නිවාඩුව එනකම් ඉන්නේ සරුංගල් යවන්න ..
ඉරටු කෝටු..බට පතුරු ..තල කෝටු කපල ..එක එක හැඩයෙන් සරුංගල් හදනවා ..සමනලය ආරෙට ..නයාගේ ආරෙට..එක එක විදිහට ..කඩෙන් ගෙනාව එක එක පාට සව් කොළ
කපල අලවල සරුංගලේ වැඩ නිමකරනවා ..ඉහල මැදින් නුල .ගැටගහල ..වෙල් ඉපනැල්ලේ සරුංගලේ සුලන් පොදට එක් කාසු කරනවා,..
අපේ ගම දෙපැත්තෙන්ම ආරුක්කු හැඩේට කදු වලින් වට වෙලයි තිබුනේ.එත් වෙල් යායට ඉහලින් නිල්ම නිල් අහස් කුස ..ඉර ගල වැටෙන හැන්දෑවේ වෙල් යාය
අද්දර කුඹුක් ගස් හෙවනේ ඇල කණ්ඩියේ වාඩි වෙලා නුල් දී දී සරුංගලේ ඉහලටම යවනවා . .ඇස් තියෙන්නේ සරුංගලේ ලගමයි..විටෙක .සුදු වලා අතරින් පුංචිම පුංචි තිතක් වෙලා .."සුලන් රල දරන්න බැරිව සරුංගලේ
නො එන්නම යන්න යනවා" ..එතකොට" දුක දරන්න බැරිව හිස් අතින් අපහු ගෙදර යනවා" ...නිකිණි සරුංගල් යැව්ව කාලේ කොඉ තරම් සුන්දරද .
සරුංගලේ කියල ඉස්සර චිත්‍රපටයකුත් තිබුන ..මතකේ හැටියට මහාචාර්ය සුනිල් ආරියරත්නයන් තමා අද්‍යක්ෂනය..ගාමිණී ෆොන්සේකා ප්‍රදාන චරිතේ ..
සරුංගලේ ගැන කියද්දී (kite runner ) "සරුංගල් ලුහුබදින්නා" පොතත් මතක් වෙනවා ..
සරුංගලේ ගැන කියවෙන ගීත කීපයකුත් මතක් වෙනවා. නන්දා මාලනිය ගයන ."සරුංගලේ වරල් සැලේ" ගීතය ..සිසිර සේනාරත්න ගයන ."අහසේ ඇතට යන ගීත ප්‍රදනයි ..ඒ අතරිනුත් මන් ගොඩක්ම ආසා මැණික් ජයසේකර ගයන .."සරුංගලේ මා" ගීතයට ...මගේ මතක හැටියට මේ ගීතයේ සංගීතය කේමදාස මාස්ටර් ගේ .