Saturday, May 11, 2013

"නිව් ස්ටාර්"


නිව් ස්ටාර් කියල ක්‍රිකට් ටීම් එකක් තිබුනා අපේ ගමේ ..

ඉතින් ඒ පිලේ ආරම්භක වේග පන්දු යවන්නා උනේ මේ ලියුම් කරු ..මට මතකයි මන් පන්දුව අතට ගත්තම මන් ගැන දන්නා ගොඩක් අයගේ කකුල් මැඩ්ලින්  ගහනවා ..ප්‍රතිවාදීන්ට ලොකු තර්ජනාන්ගුලියක් මගේ පන්දු යැවීම .කොහොමත් මුල් පන්දු ඕවර හය හත වෙද්දී ප්‍රතිවාදීන් සියල්ලම දැවී ගොස් අහවර වෙනවා ..හිතා ගැනීමට නොහැකි මටම ආවේනික යෝකර් පන්දුව වැටෙද්දී පිතිකරුවන්  අන්ද මන්ද වුනු හැටි තාම මතකයි ...ඉඳ හිටෙක පන්දුව දග කවන්නත් ශුරයෙක් ඒ දවස් වල ...මට හොඳට මතකයි එක තරගයකදී මුල් ඉනිමේ වේග පන්දු යවල කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේ දග පන්දු යවල කඩුලු 6ක් දවාගත්ත අවස්තාව ..ඒ දවස් වල මට ක්‍රිකට් උණක් තිබුනා  ..

සිකුරාදාට  ක්‍රීඩා පත්තරේ අනිවාර්යෙන් ගන්නවා ..ක්‍රීඩා පත්තරේ ලිපි ලිව්ව ක්‍රිස්ටෝපර් රණසිංහ ..සදුන් ප්‍රේමතිලක වගේ අයත් මතකයි ..ඒ වගේම පත්තරේ ලකුණු සටහන් ..ක්‍රීඩකයන්ගේ වග තුග ..පින්තුර අලවපු ලොකු පොතක් තිබුනා මන් ගාව ..
මගේ ප්‍රියතම ක්‍රීඩකයා උනේ අරවින්ද ද සිල්වා ..
මට මතකයි මුල්ම සජීව තරගයක් බලන්න නුවර අස්ගිරි ග්‍රවුන්ඩ් එකට තාත්තගේ අතේ එල්ලිලා ගිය හැටි ..එදා තිබුනේ ශ්‍රී ලංකා පකිස්තාන් ටෙස්ට් තරගයක් ..අස්ගිරිය ක්‍රිකට් පිටිය පුරා සිදත් වෙත්තමුණි ..අමල් සිල්වා ..අරවින්ද ද සිල්වා..අර්ජුන රණතුංග .. දුලිප් මෙන්ඩිස් රෝයි ඩයස් ..අසන්තද මැල් ..රුමේෂ් රත්නායක ..රවී රත්නායක ආදී ක්‍රීඩකයන් විසිරිලා පන්දු රැකීමේ යෙදිලා හිටියා ..එදා දවස පුරාම  වගේ මට දකින්න පුළුවන් උනේ පකිස්තානය වෙනුවෙන් පන්දුවට පහර දුන් මුදාසර් නසාර් සහ සලීම් මලික් විතරයි ..
එදා තමා මන් මුලින්ම අයිස් චොක් එකක රස වින්දේ ...හවස එද්දී තාත්තා නුවර මාර්කට් එකෙන් පුංචි ටෙලෙස්කෝප්  එකක් අරන් දුන්නා ..
ඒ දවස් වල ටෙස්ට් තරග උනත් මන් රූපවාහිනියෙන් බලන්න  මට තිබුනේ  පුදුම ආසාවක් ..සාජා තරගයකදී පකිස්තානයේ ජාවෙඩ් මියාන්ඩා ඩ් ඉන්දියාවේ චේතාන් ශර්මාගේ අන්තිම ඔවරේ අන් තිම පන්දුවට හයේ පහරක් සමගින්  තරගය අවසන් කල අපුරුව.. ඒ තරගය අනුන්ගේ ගෙදරකින් බැලුවේ එළියේ ජනේලෙකින් එල්ලිලා පොඩි සිදුරකින් ..ගුවන් විදුලියේ හැමදාම හවස පහට විකාශනය උණු ක්‍රීඩා සංග්‍රහය නොවරදාවම ඇහුවා,, වැඩසටහන ඉදිරිපත් කලේ අශෝක කරුණානායක ..ඒ කාලේ දුටුව සුවිශේස ක්‍රීඩකයන් අතර බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි ..ගෝර්ඩන් ග්‍රිනිජ්කොදෙව් දුපත් හි ..ගෝර්ඩන් ග්‍රිනිජ් ,ඩෙස්මන් හේන්ස් ,රිචි රිචඩ්සන් ,,විවියන් රිචඩ්ස් ..ඔගස් ලොගි ..ජෙෆ් ඩුජෝන් කාල් හුපර් මැල්කම් මාර්ෂල් ,ජොඑල් ගානර් මයිකල්  හෝල්ඩින් .රොජර් හාපර් ..නවසිලන්තේ මාර්ටින් ක්‍රෝ ජෙෆ් ක්‍රෝ රිචඩ් හැඩ්ලි ඇන්ඩ්රු ජෝන්ස් ,ඉයන් ස්මිත් ඕස්ට්‍රේලියාවේ ඇලන් බෝර්ඩර් මාර්ක් වෝ ස්ටීව් වෝ ඩීන් ජෝන්ස් ක්‍රෙග් මැක්ඩ්ර්මට් ජෙෆ් මාර්ෂ් ඩේවිඩ් බුන් ..එංගලන්තේ ඩේවිඩ් ගවර් මයික් ගැටින් ඉයන් බොතම් පාකිස්තානේ වසීම් අක්රම් ඉම්රාන් ඛාන් ..ජාවෙඩ් මියන්ඩා ඩ් ..සලීම් මලික් රමිස් රාජා .ඉන්දියාවේ සුනිල් ගවස්කාර් ක්‍රිෂ්නමචාරී ශ්‍රී කාන්ත් දිලිප් වෙන්සාකර් කපිල් දේව් මොහොමඩ් අසරුදීන් මොහින්දර් අමරනාත් රවී ශාස්ත්‍රී ..දකුණු අප්‍රිකාවේ හැන්සි ක්‍රොන්යේ ..කෙප්ලර් වෙසල්ස් ඇලන් ඩොනල්ඩ් ,(ක්‍රිශ් ගේල් ..සහිඩ් අෆ්රිඩි වැනි කස කරුවන් ගැන පසුව ලියමි )දුටු සුන්රතම දසුන් අතර වෙස්ට් ඉන්ඩිස් වල කර්ට්ලි ඇම්බ්‍රෝස් කඩුල්ලක් දවාගත්තම ඔහුටම අවේනිකව  යෙදෙන නර්තනය ..මොරටුවේ තරගයකදී ජාවෙඩ් මියන්දඩ් ලකුණු නොලබා දැවී ගිය විට ප්‍රේක්ෂකයෙක් හූ  කියද්දී ඔහු පසුපස බැට් එකත් රැගෙන පහර දීමට පැන්නී ම ..1996 ලෝක කුසලාන ජයග්‍රහණයත් ..සර් විවියන් රිචඩ්ස් කවදාවත් හිස් ආවරණ පැළදුවේ නැති කෙනෙක් ,,, ස්ටීව් වෝ ට ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂෙන් වගේඅම ලිබරල් පක්සෙන් චන්දෙට එන්න කිව්වත් කාරුණිකව එය ප්‍රතිෂේප කිරීම ..දකුණු අප්‍රිකාවේ පාවෙන පුළුන් රොද ජොන්ටි රෝඩ්ස් ගේ ගුවනේ පන්දු රැකීම..ලොව විශිෂ්ටතම පිතිකරුවා දොන් බ්‍රඩ්මන් සාමාන්‍ය 99.94.තව එක ලකුණක් ගත්තනම් සාමාන්‍ය 100ක් ..අන්තිම තරගයේ අවසන් පන්දුවේ ලකුණක් රැස් කිරීමට නොහැකි වූවේ  හිතේ දුකත් එක්කම ඇස් වල කදුලක් නිසා පන්දුව හරියට නොපෙනීම නිසා බව ඔහු ප්‍රකාශ කර තිබුනා ..

මා දුටු ලොව දක්ෂතම පිතිකරු වමත් බ්‍රයන් ලාරා ..දකුණත් සචින් තෙන්ඩුල්කාර් ..වේග පන්දු යවන්නන් වසීම් අක්රම් කර්ට්නි වොල්ෂ් ,,ග්ලෙන් මැ ක්ග්රත් ..දග පන්දු යවන්නන් මුත්තය්යා මුරලිධරන් ..ෂේන් වෝන් ...ලස්සනම පිතිකරුවන් සිදත් වෙත්තමුණි රාහුල්  ඩ්‍රාවිඩ්  ..කඩුලු අතර වේගවත්ම දිව යන්නා සනත් ජයසූරිය ..පන්දු රකින්නන් ජොන්ටි රෝඩ්ස් උපුල් චන්දන ප්‍රියතම විනිසුරුවන් ඩිකී බර්ඩ් බිලි බොර්ඩන් ,,සිංහල විස්තර විචාරය නම් ප්‍රේමසර ඈපාසිංහ පාලිත පෙරේරා  ඉංග්‍රීසි විචාරය නම් ටෝනි ග්‍රෙග් රමිෂ් රාජා රවී ශාස්ත්‍රී .
..හොඳම ක්‍රීඩාංගන ලෝර්ඩ්ස් සහ සිඩ්නි ...ලස්සනම ක්‍රීඩා පිටි දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නිව් ලෑන්ඩ් ..ඉන්දියාවේ ධර්ම ශාලා ..නවසීලන්තයේ ක්වීන්ස් ටවුන්  එංගන්තයේ ඩර්හැම් රිවර් සයිඩ් බටහිර ඉන්දීය කොදෙව් හි සෙන්ට් වින්සන්ට්  ,,,