Monday, December 16, 2013

"කොලඔ කොහෙද"


මගෙ පුන්චිම පුන්චි සන්දියෙ අපෙ තාත්තා වැඩ කරේ කොලඔ.ගෙදර එන්නෙ මාසයකට සැරයක්..ඒ ආවාම මන් තාත්තගෙ පස්සෙන්මයි ඉන්නෙ..යන යන තැන අතේ එල්ලිලා යනවා..කොලඔ යන දවසට මගෙන් බේරුමක් නෑ..මන් කොලඔ එක්ක යන්න කියලා..ඒත් කවදාවත් මාව එක්ක යන්නේ නැ ..මට හොරෙන් යන්නෙ..තාත්තා යන වෙලාවට ගෙදර කවුරු හරි මාව බොරු කියල කොහෙ හරි එක්ක යනවා..ආපහු ගෙදර එද්දි තාත්තා නැති බව දැනගත්තම බිම පෙරලි පෙරලි කැ ගහනවා.මිදුලෙ වැලි මුලු අඇග පුරාම ගාගන්නවා..දවසක් අපෙ ගෙදරට ආව නෑ කෙනෙක් තාත්තා කොලඔ යනකම් බොරු කියල මාව වෙන ගෙදරකට එක්ක ගියා,,අයෙ එද්දි තාත්තා නෑ..මන් එදා ඒ කෙනාගෙ කමිසෙ ඉරුවා මතකයි..එක දවසක් මන් කා එක්කවත් යන් නැතුව තාත්තා ලගටම වෙලා හිටියා..කොලඔ යන්න..එදා තාත්තා කිව්වා මන් යන් නෑ..කියලා..කමිසෙ ගලවලා පුටුවෙ වාඩි වෙලාඅ හිටියා ...ඒත් මන් එතනම හිටියා..ඊට පස්සේ අක්කා එක්ක පල්ලෙහා ගෙදරට ගිහින් එන්න කිව්වා..,...මේ ඔර්ලොසුව බැද ගන්න කියලා තාත්තගෙ ඔර්ලොසුව මගෙ අතේ බැන්දා....මන් ඉතින් අක්කා එක්ක ගියා..අයේ ඇවිත් කො තාත්තා මට තාත්තා එක්ක කොලඔ යන්න ඔනෙ කියලා කාමර පුරාම හෙව්ව..ඒත් තාත්තා ගිහින් තිබුනා..මන් මොකද කරෙ ගේ ඉස්සරහ පුන්චි ගලක් තිබුනා..ඔර්ලොසුව ගලවල ගලේ ගහල කුඩු කරා..ඒක කොල පාට MONDIA ඔරලොසුවක්..එදා මන් පුලුවන් තරම් හය්යෙන් කැ ගැහුවා..එද අම්මා මට පොරොන්දු උනා හවස මාව කොලඔ පෙන්නන්න එක්ක යනව කියලා..ඉතින් එදා අම්ම මාව ලිදට එක්ක ගිහින් නාවලා එහෙම..මාව කොලම්බ පෙන්නන්න එක්ක ගියා..පුන්චි තෙ කදු වැටි අතරින්..තේ යායවල් මැදින් ගොඩක් දුර එක්ක ගියා..රබර් ගස් යායක් මැදින් යද්දි අම්මා මට රබර් ඇට අහුලලා දෙනවා..බමරු හදල දෙනවා..කන්දෙ මුදුනට ගිහින් අම්මා ඈතම ඈත කදු යායක් පෙන්නුව..අර තියෙන්නේ කොලඔ ඒ කදු යායෙ මැද හරියෙ රිදී පාට දිග හැඩෙකට හොටලයක් පිහිටල තිබුන ආන් අරකෙ තාත්තා වැඩ කරන්නෙ කියල කිව්ව..හොටලය ලගින් පුන්චියට වගේ දිය අඇල්ලක් කඩා හැලි හැලි තිබුනා..මාව තේ යායෙ වාඩි කරවල තාත්තා ඉන්න ඩිහා බලගෙන ඉන්න කියල අම්ම දර හොයනවා..මන් ඒ දිහා ගොඩක් හවස් වෙනකම් බලා ඉන්නව..අම්මා "දැන් රැ උනනෙ පුතා..අයේ හෙට එමු අපි " කියල මාවත් එක්කරන් එන්න එනව..ඊට පස්සෙත් මන් සමහරදාට උදෙට කියනව "අම්ම අදත් තාත්තා ඉන්න කොලඔ බලන්න යන්" කියල..අම්මා හවස් වරුවට ඒ කන්දට මාව එක්ක ගිහින් ඒ නිලෙන් පිරිච්ච කන්දෙ හුදකලවෙ පිහිටල තියෙන ඒ හොටලය මට පෙන්නනවා...ඔය විදිහට කාලයක් ඒ දිහා බලන් හිටියා..කාලෙකට පස්සෙ තාත්තට කොලබින් එන්න උනා..නොදන්න නොතේරුම් කාලෙන් බහ තොරන වයසට ආවා..කුරුලු වේගයෙන්...කාලයක් ගියාට පස්සෙ තමා දනගත්තෙ අම්ම මට පෙන්නුවෙ කොලඔ කියල HUNNAS FALLS හොටලය කියල..ඒත් මුලු ජිවිතෙ එක දවසක්වත් තාත්ත එක්ක කොලඔ යන්න බැරි උනා..අයෙ කවදාවත් යන්න හම්බ වෙන්නෙත් නෑ

Sunday, December 15, 2013

"රඹුටන් කොඩිය"


බොහෝ ඉස්සර පින්කම් ගෙවල් මල ගෙවල් වල රාත්‍රීන් ගත කරනවා. අපෙ යලුවො..දහය දොලහ වෙනකම් බිස්කට් තේ එහෙම බීලා...කලුවර අදුර ටිකක් වැඩි උනාම අපෙ අය ඉතින් අහල පහල තියෙන කුරුම්බා ..වගේ ගස් වල ගෙඩි වලට වග කියනවා ..එක දවසක් මල ගෙදරක ලගම තිබුනෙ රතුම රතු පාට රඹුටන්  ගහක්. ගෙඩි පිරිලා ඉතිරිලා තිබුනා ගහ පුරාම..එදා රැ අපේ අය රඹුටන්  පොකුරු පොකුරු කඩන් අඇවිත් රස කර කර කෑවා..මස් රබුටන් ..සීතලේ කද්දි අමුතු රසක් ..ඔය අතරේ එතනට රුවන් කියලා මල්ලි කෙනෙක් ආවා..ඒත් ඒ වෙද්දි රඹුටන්  ඉවර වෙලා තිබුනා,,
ඊලග දවසෙ මහ දවාලෙ අපේ ගෙදරට පල්ලෙහා වත්ත පැත්තෙන් කව්දො කෑ ගහන සද්දයක් අඇහුනා මගෙ නම කියල ..මන් පහලට ගියා ..ගම් මිරිස් ගහක් අස්සෙ රුවන් මල්ලි ..මාර වැඩෙ අය්යා..මන් අර ගහේ රඹුටන්  කඩන්න ගියා ,,ඒ ගෙදර අයිතිකාරයා ගහ ගාවට ලොකු පොල්ලකුත් අරන් කවුද රඹුටන්  කඩන්නෙ කියලා..ගහ ගාවට ආවා..මන් පන එපා කියල ගහෙන් පැනල දුවගන ආවා ..දිබියො තාම ඇගෙ කනවා ...මට හිනා ගියා ..මන් ඉතින් රුවන්ට අවශ්ය දේ සපයල විමසලා පිටත් කරල යැව්වා..වෙන පාරකින්.
දවස් දෙක තුනක් යනකම් ගහ අසල රඹුටන්  ගහේ අයිතිකාරයා ගැවසි ගැවසි හිටියා.."මේ සැරේ අල්ලගන්නම් මිනිහා ...ආවදෙන්කො මෙතෙන්ට කියමින් දෙස් දෙවොල් දෙමින් උන්නා...
ගහට පල්ලෙහා පටු පාරක් තියෙනවා...සති දෙක තුනක් යනකම් ඔය පාරේ යන මිනිස්සු හිනා වෙවි ඇගිල්ල දික් කරමින්  "ආන් රුවන්ගෙ රඹුටන්  කොඩිය " කිය කියා එතනින් යනව ..එන්න උනා ...සති දෙක තුනකට පස්සේ ලොකු වැස්සක් වැටුනා,,,,

රඹුටන්  ගහ මුල කොටු වැටිච්ච සරමක් වැටිලා තිබුනා .

Sunday, October 6, 2013

"ගොටු කොළ සහ ඒඩ්ස් "



ඉතින් බලයි ගොටුකොල සහ ඒඩ්ස් අතර මොකක්ද මේ සම්බන්දෙ කියල ..
අනුව දශකේ ඉස් ඉස්සෙල්ලම පටන් ගත්ත කාලේ ..මන් ලිව්ව මුල්ම පොතේ නම "ගොටුකොල සහ ඒඩ්ස් .ඒක හරි අපූරු පොතක් ..සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලිය වුනු පොතක් ..හැබැයි ඒ පොත කියෙව්වේ අතින් අත සැරිසැරුවේ අපේ යාලු කාන්ඩේ අතර පමණයි ..ඒ දවස් වල අපේ මිත්‍ර සමාගම ඉස්කෝලේ ඇරිලා එද්දී සැතපුමක් විතර පයින් එනවා .. එන අතර මග පුංචි බේකරියක් තියෙනවා ..ඉතින් අපේ කස්ටිය ඔය බේකරියෙන් හවසට උණු උණුවෙ එලියට එන පාන් කාලේ ඒවා අරන් තව මදි පාඩුවට කිරි ටොපි සහ රතු ලුණු අරන් මග දිගට කමින් එක එක කයි කතන්දර දොඩව දොඩවා එනවා ..දවසක් අපිත් එක්ක එන අපිට වඩා වයස අවුරුදු දෙක තුනක් බාල මල්ලි කෙනෙක්.. රෝස පාට ලියුම් කරදහියක් අරන් ඇවිත් තිබුනා ...ඒක love letter එකක් ..පාරේ වැටිලා තිබිලා අහුලන් ඇවිත් ..හොර රහස් ලිපියක් ..
ඒක දිග ඇරලා බැලුවම අපේ ඇස් අහසේ වැදුනා නොවැ ..ඒ ලියුමේ ලියල තිබුනා "හෙට හැන්දෑවේ 3ට මන් ගොටු කොළ කඩන්න එනවා ,,එතකොට
ඔය ඉල්ලුව කිස්ස් එක දෙන්නම් ...".කියල .අපි ඔක්කොම අන්දොස් ...ඉතින් එයින් පස්සේ අපි ඔක්කොම cid වගේ ඔය ලියුම දුන්න තැනැත්ති පස්සේ පැන්නුවා ...ඒ තැනැත්ති සෙනසුරාදා හැන්දෑවට ගොටුකොල කඩන්න යනවා ..නියර දිගේ ...අපේ අය එක එක දේවල් කියන්න පටන් ගත්තා .. ..
"ගොටුකොල කැඩුවට කමක් නෑ .ඒඩ්ස් හදාගන්න එපා කියල ..ඔය කාලේ තමා ඒඩ්ස් වසංගතය ලෝකේ පුරා හිස එසෙව්වේ..ඔය දේවල් ඇහුවම ඉර හැන්ඟෙන හැන්දෑවේ එයාගේ පිපිච්ච මුහුණ මැලවුණු
ගොටුකොල වගේ වෙනවා ..ඊට පස්සේ කාලයක් යනතුරුම අපි එයාව දැක්කේ නෑ ...හැන්දෑවේ ඉර ගල වැටෙන කනිසමේ
කුඹුරු යායට මෙහා පුංචි දොළ පාර අයිනේ ඔවු නොවුන් මුණ ගැහෙන්නට ඇති ..ආදරේ දොළ පාරත් එක්කම දෝරේ ගලන්න ඇති ...කාලයක් යන තුරු ඒ ලියුම අදාල ප්‍රේමවන්තයා කවුද කියන එක ප්‍රශ්නයක් උනා ...89 අග භාගයේ තමා දැන ගත්තෙ ඒ ලියුම දුන්න දවසෙම ඒ ප්‍රේමවන්තයා ගජබා කට්ටිය කුදලන් ගිහින් තිබුන වග ..හමුදාවෙන් එක්ක යද්දී සාක්කුවෙන් ලියුම වැටිලා ..ඒ ලියුම තමා අපි අතට පත් උනේ ..ඒඩ්ස් කෙසේ වෙතත් ගොටු කොළ නම් තාමත් අර දොළ පාර අයිනේ දිය එක්ක පෙම් කෙලිනවා ඇති .. ..

Thursday, September 19, 2013

"ඔරු ඩාන්ස් "


මීට අවුරුදු ගානකට කලින් අවුරුදු දවස් වල අපේ යාළුවො කට්ටිය අමුතු විදිහේ අවුරුදු පාර්ටි එකක් දාන්න කල්පනා කළා ..ඒ තමා පිටි අරන් ගිහින් හද පානේ කමතක් මැද ලිපක් එහෙම හදල රොටි හදන්න ...ඉතින් අපේ කාන්ඩේ අය ෂෝර්ට් එහෙම ගහගෙන රොටි හදන්න අවශ්‍ය බඩු භාණ්ඩත් අරන් හැන්දෑ කොරේ කමත පැත්තට ගියා ...

එදා යාන්තමට වගේ වැහි බීරුම ඉතින් කමත හරියට කිට්ටු වෙද්දීම වගේ පොද වැස්සක් කඩන් පාත් උනා ...ඉතින් අපේ කට්ටිය ඒ ලගම තිබුණු ගෙදරට ගොඩ වැදුනා ..ඒ ගෙදර හිටිය කට්ටිය අපේ අවශ්‍යතාව තේරුම් අරන් රොටි හදන වැඩේ ඒ ගෙදරම කරගන්න අවශ්‍ය කටයුතු සකස් කරලා දුන්නා ..ඉතින් අපේ අයත් දැන් පිටි ලොකු භාජනයකට දාලා කලවම් කරනවා ..ලුණු එකතු කරනවා ...වැඩ කෝටියයි ...කට්ට සම්බෝලයකුත් ඔය අත‍රේ හැදෙනවා ...ඉතින් ටික වෙලාවකට පස්සේ සාජ්ජේ පටන් ගත්තා ..
හෙමින් හෙමින් කිව්ව සින්දු ටිකක් වේගවත් උනා ..ඔය අතරේ එක පාරම ඒ ගෙදර මහා බලවතා කඩා පාත් උනා ...
"හා හා ළමයිනේ හෙමින් හෙමින් අර රාළහාමිලා දෙන්නෙක් ඇවිත් ඉන්නවා ඉස්සරහ ...සද්දේ අඩුවෙන් ...අනික ඔය සද්දෙට මන් වැඩිය කැමති නැ..එහෙනම් හෙමින් ඈ" කියල යන්න ගියා ..

ඊට පස්සේ අපි ටිකක් හෙමින් සින්දු කිව්වා ..ඒත් අයෙත් සද්දේ උච්ච වෙන්න ගත්තා .. එක පාරම මහා බලවතා යක්ශාරුඩ වෙලා අපි හිටපු තැනට ඇවිත් ..."මේ සිංහල තේරෙන් නැද්ද ...අර රාළහාමිලා දෙන්නෙක් ඇවිත් ඉන්නවා ඉස්සරහ ...ඔය මගුල නවත්තනවද ....නැද්ද ..."කියල ඉස්තෝප්පුව පැත්තට ගියා ...අපි ඔක්කොම තක්බීර් උනා ...අපි ආපහු එන්න හැදුවත් ගෙදර අය කීවා ..
"ඔය අපේ තාත්තගේ හැටි ඕවා ගණන් ගන්න එපා ..හදපු රොටි එහෙම කාල යන්න "කියල ...අපි කට්ටියම රොටි එහෙම කාල අහවර උනා විතරයි ...මෙන්න ආයෙත් අර ගෙදර පියා හෙවත් මහා බලවතා අපි ගාවට ආවා ..
'කෝ දැන් මේ කොල්ලෝ ...අය්යෝ බන් උඹල සින්දුවක් වත් කියන් නැද්ද..උඹලා කොල්ලෝ නේද ...මේ අවුරුදු කාලේ නේද ..මේ ඔය කැසට් එක දාන්න ...කෝ දැන් අපේ ගෙදර එකා ...අර ජෝතිගේ පීස් එක ගේන්න ..." දැන් කැසට් එක බෙරිහන් දෙන්න පටන් ගත්ත ...දැන් කට්ටියම හිටපු තැන් වලින් නැගිටලා කකුල් එහා මෙහා කරමින් නටන්න පටන් ගත්තා .සාජ්ජේ සුපිරියටම නැගල යනවා ..එක එක නැටුම් රාශියයි ...සමහරු වලවල් හාරන ඩාන්ස් ...සමහරු එක්සසයිස් ඩාන්ස් ...සමහරු පූස් කුරුමානම් ඩාන්ස් සමහරු කල්පනා ඩාන්ස් හිනා වේවි කට්ටිය නටනවා ...ඔය අතරේ තමා හොදම ඩාන්ස් එක පටන් ගත්තේ අර පියතුමා ..

එයා ඇදන් හිටියේ සුදු පාට බැනියමක් සහ සුදු පාට සරමක් ...
"ඔව්වද බන් උඹලගේ ඩාන්ස් ..මෙන්න බලපල්ලා මේවා තමා ඩාන්ස් කියන්නේ" කියල ..
               සරම දෙකට නවාගෙන ආරුක්කුවක් වගේ එක කොනක් දකුණු අතින් ඉස්සරහට ඇදගෙන අනිත් කොන වම අතින් පිටිපස්සට ඇදගෙන එක කකුලක් ඉස්සරහටත් අනිත් කකුල පිටිපස්සටත් තබාගෙන සින්දුවේ තාලයට එක තැන ඉඳගෙන වගේම ගමනේ යමින් නැටුමක් පටන් ගත්ත නොවැ..
"මෙව්වට තමයි බන් කියන්නේ ඔරු ඩාන්ස් කියල ..උඹලත් දාහල්ලා ඔරු ඩාන්ස් ..රාළහාමිලා දෙන්නෙක් නෙවේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ආවත් උඹල සින්දු කියල ඔරු පැදපල්ලා ..මේ ගෙදර අනිත් පැත්ත පෙරලලා පලයල්ලා "කියමින් සිංහ ගර්ජනා හඬ නැගුවා ... ටික වෙලාවකින් අපේ කට්ටියත් එකින් එකා ඔරු ඩාන්ස් දාන්න පටන් ගත්ත ...
දැන් ගෙදර ඉස්සරහ ඔක්කොම ඔරු පදිනවා ...පාරු පදිනවා ...අඩුවකට තිබ්බේ ගගක් මුහුදක් අඩු එක විතරයි ..

පාන්දර දෙකට විතර අවුරුදු සාජ්ජේ ඉවර වෙලා අපේ කට්ටිය එන්න ආවා ..දවස් දෙකකට විතර පස්සේ එස් එම එස් පණිවිඩයක් නෙවේ ...අසල්වැසි පණිවිඩයක් ඇවිත් තිබුනා අපේ කට්ටියටම අර මහ බලවතාගෙන් ....
"එදා අපේ ගෙදරට ඇවිත් රොටි එහෙම කාල ගෙදර තිබ්බ ඔක්කොම සරම් ටික උන් උස්සන් ගිහින් .. ගෙනත් දුන් නැත්නම් රාළහාමිලා දෙන්නට කියනවා " කියල ....

Saturday, May 11, 2013

"නිව් ස්ටාර්"


නිව් ස්ටාර් කියල ක්‍රිකට් ටීම් එකක් තිබුනා අපේ ගමේ ..

ඉතින් ඒ පිලේ ආරම්භක වේග පන්දු යවන්නා උනේ මේ ලියුම් කරු ..මට මතකයි මන් පන්දුව අතට ගත්තම මන් ගැන දන්නා ගොඩක් අයගේ කකුල් මැඩ්ලින්  ගහනවා ..ප්‍රතිවාදීන්ට ලොකු තර්ජනාන්ගුලියක් මගේ පන්දු යැවීම .කොහොමත් මුල් පන්දු ඕවර හය හත වෙද්දී ප්‍රතිවාදීන් සියල්ලම දැවී ගොස් අහවර වෙනවා ..හිතා ගැනීමට නොහැකි මටම ආවේනික යෝකර් පන්දුව වැටෙද්දී පිතිකරුවන්  අන්ද මන්ද වුනු හැටි තාම මතකයි ...ඉඳ හිටෙක පන්දුව දග කවන්නත් ශුරයෙක් ඒ දවස් වල ...මට හොඳට මතකයි එක තරගයකදී මුල් ඉනිමේ වේග පන්දු යවල කඩුලු 7ක් සහ දෙවැනි ඉනිමේ දග පන්දු යවල කඩුලු 6ක් දවාගත්ත අවස්තාව ..ඒ දවස් වල මට ක්‍රිකට් උණක් තිබුනා  ..

සිකුරාදාට  ක්‍රීඩා පත්තරේ අනිවාර්යෙන් ගන්නවා ..ක්‍රීඩා පත්තරේ ලිපි ලිව්ව ක්‍රිස්ටෝපර් රණසිංහ ..සදුන් ප්‍රේමතිලක වගේ අයත් මතකයි ..ඒ වගේම පත්තරේ ලකුණු සටහන් ..ක්‍රීඩකයන්ගේ වග තුග ..පින්තුර අලවපු ලොකු පොතක් තිබුනා මන් ගාව ..
මගේ ප්‍රියතම ක්‍රීඩකයා උනේ අරවින්ද ද සිල්වා ..
මට මතකයි මුල්ම සජීව තරගයක් බලන්න නුවර අස්ගිරි ග්‍රවුන්ඩ් එකට තාත්තගේ අතේ එල්ලිලා ගිය හැටි ..එදා තිබුනේ ශ්‍රී ලංකා පකිස්තාන් ටෙස්ට් තරගයක් ..අස්ගිරිය ක්‍රිකට් පිටිය පුරා සිදත් වෙත්තමුණි ..අමල් සිල්වා ..අරවින්ද ද සිල්වා..අර්ජුන රණතුංග .. දුලිප් මෙන්ඩිස් රෝයි ඩයස් ..අසන්තද මැල් ..රුමේෂ් රත්නායක ..රවී රත්නායක ආදී ක්‍රීඩකයන් විසිරිලා පන්දු රැකීමේ යෙදිලා හිටියා ..එදා දවස පුරාම  වගේ මට දකින්න පුළුවන් උනේ පකිස්තානය වෙනුවෙන් පන්දුවට පහර දුන් මුදාසර් නසාර් සහ සලීම් මලික් විතරයි ..
එදා තමා මන් මුලින්ම අයිස් චොක් එකක රස වින්දේ ...හවස එද්දී තාත්තා නුවර මාර්කට් එකෙන් පුංචි ටෙලෙස්කෝප්  එකක් අරන් දුන්නා ..
ඒ දවස් වල ටෙස්ට් තරග උනත් මන් රූපවාහිනියෙන් බලන්න  මට තිබුනේ  පුදුම ආසාවක් ..සාජා තරගයකදී පකිස්තානයේ ජාවෙඩ් මියාන්ඩා ඩ් ඉන්දියාවේ චේතාන් ශර්මාගේ අන්තිම ඔවරේ අන් තිම පන්දුවට හයේ පහරක් සමගින්  තරගය අවසන් කල අපුරුව.. ඒ තරගය අනුන්ගේ ගෙදරකින් බැලුවේ එළියේ ජනේලෙකින් එල්ලිලා පොඩි සිදුරකින් ..ගුවන් විදුලියේ හැමදාම හවස පහට විකාශනය උණු ක්‍රීඩා සංග්‍රහය නොවරදාවම ඇහුවා,, වැඩසටහන ඉදිරිපත් කලේ අශෝක කරුණානායක ..ඒ කාලේ දුටුව සුවිශේස ක්‍රීඩකයන් අතර බටහිර ඉන්දීය කොදෙව් දුපත් හි ..ගෝර්ඩන් ග්‍රිනිජ්කොදෙව් දුපත් හි ..ගෝර්ඩන් ග්‍රිනිජ් ,ඩෙස්මන් හේන්ස් ,රිචි රිචඩ්සන් ,,විවියන් රිචඩ්ස් ..ඔගස් ලොගි ..ජෙෆ් ඩුජෝන් කාල් හුපර් මැල්කම් මාර්ෂල් ,ජොඑල් ගානර් මයිකල්  හෝල්ඩින් .රොජර් හාපර් ..නවසිලන්තේ මාර්ටින් ක්‍රෝ ජෙෆ් ක්‍රෝ රිචඩ් හැඩ්ලි ඇන්ඩ්රු ජෝන්ස් ,ඉයන් ස්මිත් ඕස්ට්‍රේලියාවේ ඇලන් බෝර්ඩර් මාර්ක් වෝ ස්ටීව් වෝ ඩීන් ජෝන්ස් ක්‍රෙග් මැක්ඩ්ර්මට් ජෙෆ් මාර්ෂ් ඩේවිඩ් බුන් ..එංගලන්තේ ඩේවිඩ් ගවර් මයික් ගැටින් ඉයන් බොතම් පාකිස්තානේ වසීම් අක්රම් ඉම්රාන් ඛාන් ..ජාවෙඩ් මියන්ඩා ඩ් ..සලීම් මලික් රමිස් රාජා .ඉන්දියාවේ සුනිල් ගවස්කාර් ක්‍රිෂ්නමචාරී ශ්‍රී කාන්ත් දිලිප් වෙන්සාකර් කපිල් දේව් මොහොමඩ් අසරුදීන් මොහින්දර් අමරනාත් රවී ශාස්ත්‍රී ..දකුණු අප්‍රිකාවේ හැන්සි ක්‍රොන්යේ ..කෙප්ලර් වෙසල්ස් ඇලන් ඩොනල්ඩ් ,(ක්‍රිශ් ගේල් ..සහිඩ් අෆ්රිඩි වැනි කස කරුවන් ගැන පසුව ලියමි )දුටු සුන්රතම දසුන් අතර වෙස්ට් ඉන්ඩිස් වල කර්ට්ලි ඇම්බ්‍රෝස් කඩුල්ලක් දවාගත්තම ඔහුටම අවේනිකව  යෙදෙන නර්තනය ..මොරටුවේ තරගයකදී ජාවෙඩ් මියන්දඩ් ලකුණු නොලබා දැවී ගිය විට ප්‍රේක්ෂකයෙක් හූ  කියද්දී ඔහු පසුපස බැට් එකත් රැගෙන පහර දීමට පැන්නී ම ..1996 ලෝක කුසලාන ජයග්‍රහණයත් ..සර් විවියන් රිචඩ්ස් කවදාවත් හිස් ආවරණ පැළදුවේ නැති කෙනෙක් ,,, ස්ටීව් වෝ ට ඕස්ට්‍රේලියාවේ ලේබර් පක්ෂෙන් වගේඅම ලිබරල් පක්සෙන් චන්දෙට එන්න කිව්වත් කාරුණිකව එය ප්‍රතිෂේප කිරීම ..දකුණු අප්‍රිකාවේ පාවෙන පුළුන් රොද ජොන්ටි රෝඩ්ස් ගේ ගුවනේ පන්දු රැකීම..ලොව විශිෂ්ටතම පිතිකරුවා දොන් බ්‍රඩ්මන් සාමාන්‍ය 99.94.තව එක ලකුණක් ගත්තනම් සාමාන්‍ය 100ක් ..අන්තිම තරගයේ අවසන් පන්දුවේ ලකුණක් රැස් කිරීමට නොහැකි වූවේ  හිතේ දුකත් එක්කම ඇස් වල කදුලක් නිසා පන්දුව හරියට නොපෙනීම නිසා බව ඔහු ප්‍රකාශ කර තිබුනා ..

මා දුටු ලොව දක්ෂතම පිතිකරු වමත් බ්‍රයන් ලාරා ..දකුණත් සචින් තෙන්ඩුල්කාර් ..වේග පන්දු යවන්නන් වසීම් අක්රම් කර්ට්නි වොල්ෂ් ,,ග්ලෙන් මැ ක්ග්රත් ..දග පන්දු යවන්නන් මුත්තය්යා මුරලිධරන් ..ෂේන් වෝන් ...ලස්සනම පිතිකරුවන් සිදත් වෙත්තමුණි රාහුල්  ඩ්‍රාවිඩ්  ..කඩුලු අතර වේගවත්ම දිව යන්නා සනත් ජයසූරිය ..පන්දු රකින්නන් ජොන්ටි රෝඩ්ස් උපුල් චන්දන ප්‍රියතම විනිසුරුවන් ඩිකී බර්ඩ් බිලි බොර්ඩන් ,,සිංහල විස්තර විචාරය නම් ප්‍රේමසර ඈපාසිංහ පාලිත පෙරේරා  ඉංග්‍රීසි විචාරය නම් ටෝනි ග්‍රෙග් රමිෂ් රාජා රවී ශාස්ත්‍රී .
..හොඳම ක්‍රීඩාංගන ලෝර්ඩ්ස් සහ සිඩ්නි ...ලස්සනම ක්‍රීඩා පිටි දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නිව් ලෑන්ඩ් ..ඉන්දියාවේ ධර්ම ශාලා ..නවසීලන්තයේ ක්වීන්ස් ටවුන්  එංගන්තයේ ඩර්හැම් රිවර් සයිඩ් බටහිර ඉන්දීය කොදෙව් හි සෙන්ට් වින්සන්ට්  ,,,

Sunday, April 14, 2013

"අවුරුදු කුමාරි "



බක්මහ උදාවත් එක්ක බොහොමයක් ගම්  දනව් පුරා අවුරුදු උත්සව දහස් ගණන් සංවිදානය වෙනවා ..
අපිත් සංවිදායක මණ්ඩලයක් විදිහට එකතු පාදා වෙලා ජයටම අවුරුදු උත්සවයක් ලක ලෑස්ති කරා ..මූල්‍යමය
කටයුතු සිද්ද උනේ අපේ ගමේ උදවියගෙන්ම එකතු කරලා ..අලුත් අවුරුද්ද උදාවෙලා බක්මහේ දහසය වැනිදාවක අපේ
අවුරුදු උත්සවය පැවැත් උනා ..මැරතන් තරග ..කොට්ට පොර ...කඹ ඇඳීම ..කනා මුට්ටිය බිඳීම ..යෝඝට් කැවීම ..බැලුම් ජෝඩු තරග..රබන් ගැසීම ..පොල් ගෑමේ වගේම පොල් අතු විවීමේ තරගත් හරි අපුරු විදිහට පැ වත් උනා ..මන් ඉතින් පුරුදු විදිහටම යකඩ කටට පන පෙවීමේ කර්තවයේ යෙදිලා උන්නා ..හැන්දෑව වෙද්දී උණුසුම් තරග රාශියක් පැවතෙමින් තිබුනා ..සංගීත් පුටු තරගයෙන් පස්සේ සිඟිති අවුරුදු කුමාරිය තේරීමේ තරගය ...වයස අවුරුදු 11 න් පහල ගමේ පුංචි දියණිවරුන් ඒ වෙනුවෙන් ඉදිරිපත් වෙලා අවුරුදු උත්සවය තව තවත් කල එලි කළා ..ටික වෙලාවකට පස්සේ මන් නැවත යකඩ කට දෙදරුම් කවමින් "මී ලඟට පැවැත්වෙන්නේ අවරුදු කුමාරිය තේරීමේ තරගය ..ඒ සඳහා වයස අවුරුදු 14න් ඉහල ඕනෑම කෙනෙකුට සහබාගි විය හැකිය ..සහබාගි වීමට කැමති සියලුම දෙනා තම තමන්ගේ නම් සංවිදායක මණ්ඩලේ ප්‍රදාන කුටියට පැමිණ බාරදෙන්න .."ඒ එක්කම මෙන්න ගමේ කෙනෙක් කඩන් පාත් උනේ   නැද්ද අපේ  කුටියට.. මහා සිංහ ගර්ජානාවෙන් "එහෙම කොහොමද ඒක අසාදරනයි මගේ කෙල්ලට අවුරුදු 13 යි ..මගේ කෙල්ලටත් මොනවා හරි කුමාරියකට දාන්න  ඕනේ කිව්වා ...මාත් අවුරුදු උත්සවේට සල්ලි දුන්නා "..දැන් ඉතින් එකම ගාල ගෝට්ටියයි ..අපේ අය  ඊට පස්සේ කතා බස් කරලා 11න්  ඉහල ඕනෑම කෙනෙකුට අවුරුදු කුමාරිය තරගයට සහබාගි විය හැකි වෙන විදිහට තරගයේ වයස් කාණ්ඩය වෙනස් කරා ..දැන් ඉතින් අවුරුදු කුමාරියෝ පෝලිමේ ඇවිත් නම් බාර දෙනවා .. ගර්ජනා කරපු ඇත්තත් එයාගේ දුවගේ නම් දුන්නා ..දැන් ඉතින් ලස්සන ගැනු ළමයි බුරුතු පිටින් රොද බැඳිලා ...පංච කල්යාණියෝ අවුරුදු උත්සවේ හැඩ වැඩ  කිරීමට සුදානමින් උන්නා ..ආයෙත් අර සිංහයා සිංහ සෙ ය්යාවෙන් අපේ කුටියට ඇවිත්  .."මේ හැබැයි මගේ කෙල්ලට මොකක් හරි පෙලේස් එකක් නැති උනොත් ඒකත් බලාගන්න පුළුවන් ..මන් රුපියල් පන්සියකුත් දුන්නා .."කියල තර්ජන ගර්ජන කරමින් කෑ මොර දෙන්න පටන් ගත්තා.. ඉතින් අපේ අයගෙත් වැසිලා තිබුණු සිංහ හම් වලට පන ඇවිත් "අය්යා මේ ඔයාගේ රුපියල් පන්සීය දෙන්නම් ..අපේ වැඩේ කරගන්න දීල මෙතනින් යනවද යන්න "
කියල කිව්වා ..ඊට පස්සේ මනුස්සයා ගේ සිංහ සලකුණු කෙමෙන් වියැකිලා .."මල්ලි කෙල්ලට පොඩි සැනසිලි තෑග්ගකවත් ...."..එත් අපි සැනසිලි තෑගි සකස් කරලා තිබුනේ නැති නිසා .."අය්යා  අපි සැනසිලි තෑගි සකස් කරලා නෑ ..තුන් දෙනෙකුට විතරයි තෑගි තියෙන්නේ " කිව්වා .."මනුස්සයට තද වෙච්ච පාර"සැනසිලි තෑග්ගක්වත් නැත්නම් මොන මගුලකටද " කියල  අර ළමයත් ඇදන් යන්න යද්දී ගමේ කීප දෙනෙක් එකතු වෙලා කට්ටිය සාම සාකච්චා පවත් වලා ප්‍රශ්නය සමතයකට පත් කරා ..අවසානයේ අවුරුදු  උත්සවේ අවුරුදු කුමාරියන් හැමෝටම සැනසිලි තෑගි දෙන්න සුදානම් කරා ..හොඳ වෙලාවට අවුරුදු 13 එක ළමය යි  හිටියේ ..දහයක් විතර හිටියනම් සිංහයෝ දහ  දෙනෙක් ඇවිත් අවුරුදු උත්සවේ උඩු යටි කුරු කරන්න තිබුනා .
 
 

Sunday, March 31, 2013

"පිරිසිදු චේතනා ගෙන දේ වාසනා "


මේ වැකිය ගොඩක් වෙලාවට ත්‍රී වීලර් වල ලියල තියෙනවා දකිද්දී මගේ මතකේ උසස් පෙළ කරපු කාලෙට නිතැතින්ම ඇදිල යනවා.ඒ දවස් වල අපේ කාන්ඩේ හතර දෙනෙක් එකතුවෙලා රහස් අට කම්මන්ත්‍රනයක යෙදුනා ..ඒ උසස් පෙළ ඉහලින්ම සමර්ථ වීමේ උපක්ක්‍රම මූලයන් යෝජනා සම්මත කරගැනීමට ..අපි එදා කතා කල දේවල් දන්නේ අපි හතර දෙනා ඇරුනු කොට අපි ට සෙවන දුන්න රත් මැයි මල් ගහ විතරයි ..ඉතින් මුලින්ම කතා කලේ අපි කාන්ඩේ උසස් පෙලට කලින් තිබුණු අන්තිම නිවාඩු වාරේ එක තැනකට එකතු වෙලා පාඩම් කරන්න .ගෙවල් වලින් පිට නිදහස් තැනක සාකච්චා කරමින් පාඩම් කරන්න .. තැනක් හොයාගන්න එක මුල්ම ප්‍රශ්නේ ..අපි එක්ක හිටපු එක යාලුවෙක් කිව්වා ,,,එක තැනක් තියෙන බව ..ඒකෙ විස්තරේ දන්නේ නුවර ප්‍රදාන ආපන ශාලාවක එක්කෙනෙක් බව ..ඉතින් අපි ඔර්ලෝසු කණුවට ටිකක් එහා තියෙන හොටෙල් එකට ගියා ..ඒ තැන ගැන විස්තරේ අහන්න ..ඔහු හමු උනාම කිව්වේ ...හෙට එන්න කියල ...ඊලග දවසේ යද්දී ..ඒ කෙනා වැඩ කරපු තැන එක්ක ප්‍රශ්නයක් දාගෙන උදෙන්ම පිටවෙලා ගිහින් තිබුනා ..ඊට පස්සේ අපි සිංහල හෝටලයෙන් තේ බිව්වේ බිඳුණු බලාපොරොත්තු එක්ක ..අපි හතර දෙනාගෙම ඒක මතික කැමැත්තෙන් හොඳ තැනක් තෝරගත්ත ..නුවර ටවුන් එකේ ඉඳන්ම පයින් යන දුර ..ඉතින් ඊට පස්සේ දවසේ අපි හතර දෙනා උදෙන්ම එතනට එකතු පාදා උනා ..හරිම නිස්කලංකයි ,,අපි හතර දෙනා ලොකු මාර ගහක් යට හෙවනක දැන් ඉතින් පැය දෙක තුනක් පාඩම් කරා ..අපේ තනියට තව ගොඩක් අය හිටියා වටේටම ..හැබැයි නිසලව ...උපත විපත ගහපු කොත් යට ...පැය කීපයකට පස්සේ ආරක්ෂක අංශයෙන් ඇවිත් කිව්වා එතන පාඩම් කරන්න ඉඩ දෙන්න බැරි බව ..ඉතින් මක් කරන්නද ...දුකෙන් උනත් මහයියාව පොදු සුසාන භූමියට සමු දුන්නා ..ඊලග සතියේ තැනක් අපිට ලැබුනා ..අපේ හිතවතෙකුගේ ගමේ තැනකට අපි එක හෙලා කැමති උනා ..ඒ ජම්බුගහපිටියේ අලුත්ගම අත් හැරල දාල තිබුණු පොඩි බේකරියක් ..ඉතින් අපි එතනට රැස් වුනා ...ඒ තැන අලුතෙන්ම පිරිසිදු කරලා ගත යුතුව තිබුනා ...ඉතින් දවස් දෙක තුනක්ම සුද්ද බුද්ද කරන්න උනා අපිට ..අවසානේ පිළිවෙලක් ලස්සනක් හැඩයක් තියෙන තැනක් බවට ඒ තැන පරිවර්තනය කරා ..පුංචි මේසයක් උඩට ඉටි රෙද්දක් එහෙම දාලා ලස්සන මල් පෝච්චියක් තිබ්බා ..ඇන්තූරියම් මලින් සරසලා .දැන් පාඩම් කරන්න සියල්ල සූදානම් ..අපේ යාලුවෙක් කිව්වා ..බිත්තියේ කොලයක හොඳ ආදර්ශ පාඪයක් ලියන්න ඕනේ කියල ..ඉතින් ඒ වැඩේ එයාටම බාර දුන්නා ..මොකද එයාලගේ ගෙවල් ඒ ගමේම නිසා.. එයා කිව්වා එදාම හවස ඇවිත් කොලේක ලියල ගහන්නම් කියල ..කාල වෙලාව උදේ 9 සිට හවස 4 වෙනකම්.. ඊට පස්සේ ඒ ඒ විෂයන් ගැන හොඳ පරිචයක් තියෙන එක එක්කෙනා ඒ යම් යම් පාඩම් ගැන දෙසුම් තියන්නත් අවසන් පැය යොදාගත්තා .. .හරිම නිහඩ වට පිටාවක් තිබුනේ ඒ අවට ..කිසිම හැල හොල්මනක් නෑ ...(හොල්මන් දකින්නත් තිබුනා මුලින් තැන පාඩම් කරානම් )..
ඉදිරියෙන්ම තිබුනේ කිරි වැදිච්ච වෙල් යායක් ..පැත්තකින් පුංචි කමතක් තිබුනා ..කොනක නිල් කැටේට
වතුර පිරිලා තිබුණු ළිදක් පිහිටලා තිබුනා ...අපි ඒ දවස් ටිකේම උදේ ඒ ලිඳෙන් නෑවා ..ඒ සීතල තවමත් දැනෙනවා වගේ ..ඒ වතුර ඒ තරමටම සීතලයි ..ඊලග සතියේ සදුදා උදෙන්ම උසස් පෙළ විජයග්ග්‍රහණයේ මූලික පාඩම් වැඩ කටයුතු ආරම්භ කරන අදිටනින් අපි වෙන්ව ගියා ...සදුදා එළබුනා ...ප්‍රවාහන සේවයේ මන්දගාමී බව නිසා මන් යද්දී උදේ දහය විතර උනා ..පරණ ටියුට්ස් පොත් උස්සන් හති දාගෙන යද්දී ..අපේ කවුරුත් එතන හිටියේ නෑ ..ළිද පැත්ත බැලුවත් ..ළිං බැම්මේ හිටියේ කුරුල්ලෙක් දෙන්නෙක් විතරයි ..මන් ඒ ගමේ අපේ සාමාජික යාළුවගේ ගෙදර ගියා ..එහෙ යද්දී විස්තරේ දැනගත්තා ,,අපි පාඩම් කරන්න හදා ගත්ත තැනේ අයිතිකරු ආපහු එතන වැඩ ආරම්භ කරන්න ඕනේ කියල ඒ තැන වහල භාන්ඩ වගයක් ඇතුලට දාල යන්න ගිහින් ..අන්තිමේ අපේ ඒ බලාපොරොත්තුවත් කඩ වෙලා ගියා ..මන් හිස් අතින්ම එන්න අවා ..ඒ එන අතර මගදී අපි පාඩම් කරන්න හිටපු තැන අයෙත් මගේ නෙත ගැටුනා ..ලොකු දුකක් දැනුනා ..ඉස්සරහ ජනේලේ වීදුරුවේ පැත්තක් ගැලවිලා තිබුනේ ..මන් එතනට ගිහින් නිකමට වගේ ඇතුල බැලුවා ..සිකුරාදා සකස් කරපු මේසේ උඩ මල් පෝච්චියේ ඇන්තුරියම් මල් ඒ විදිහටම තිබුනා ..එතනටම ඉහළින් ලොකු කොලයක ලියල තිබුනා "පිරිසිදු චේතනා ගෙන දේවි වාසනා " කියල ..මන් එන්න ආවා ..කාලයක් ගත උනා ..අපි හතර දෙනාටම සරසවි වරම් ලැබුනේ නෑ..අද වෙද්දී එක යාලුවෙක් මහා සයුරේ එහා මෙහා යන යාත්‍රිකයෙක් ..තව කෙනෙක් අපිට එළිය දෙන මණ්ඩලේ ක සේවය කරනවා ..ආදර්ශ පාඪය ලිව්ව කෙනා පිගන් සම්බන්ද දංකොටුවේ ආයතනයක...තර්ක ශාස්ත්‍රය ගැන දෙසුම් දෙන්න හිටපු කෙනා අහසින්.. ජපානේ කිට්ටුව රටකට ගිහින් ..

Sunday, March 17, 2013

"ආච්චිගේ ටැලිපෝන් "


කාලෙකට ඉස්සර මන් මුලින්ම කුවෛට් ඉඳල ලංකාවට ගිය අලුත මගේ අතේ පුංචි මොබයිල් එකක් තිබුනා ..nokia වර්ගයේ ..
ඒ දවස් වල ජංගම දුරකථන බහුලව නැති කාලේ ...තිබුනත් එකක් දෙකක් ..ඒ තිබුනෙත් ටිකක් විතර ලොකු ප්‍රමානෙ ජංගම දුරකථන..දවසක් උදේ වරුවක අපේ යාළුවො සෙට් එක ...පාරෙන් උඩ තිබුණු අපේ යාලුවෙක්ගෙ ගෙදරට වෙලා පුංචි පහේ කතා බහක යෙදීලා හිටියා ..ඔය කතාව යන අතරේ පාරේ අපි දන්නා කියන හිතවත් යාලුවෙක්ගේ ආච්චි කෙනෙක් උඩහ පැත්තට එනවා දැක්ක ..ඒ ආච්චි කොහොමත් අනිත් අයට හරියනවට කැමති නැ ..දියුණු වෙනවට කැමති නෑ ..ඉර්ශියාවෙන් කුහක කමින් පිරිච්ච තමන්ගේ ලොකු කම් නිතර නිතර අනිත් අය එක්ක කබල් ගාන කෙනෙක් ..ඒ දවස් වල ඒ ආච්චි ගේ පුතාටත් ජංගම දුරකතනයක් තිබුනා ..ඉතින් ඔය ආච්චි දැක්ක විතරයි අපේ යාළුවො කට්ටිය මොකද කරේ ..මගේ මොබයිල් එක අරන් පාරේ යන ආච්චිට පේන්න කනේ තියාගෙන කතා කරන්න පටන් ගත්තා ..දැන් ආච්චි ගමනත් නතර කරලා බලනවා මොකක්ද යකඩෝ මේ අරුම පුදුම පුංචි පහේ භාණ්ඩේ කියල ...කොහොම හරි තේරුම් අරන්ද කොහෙද යන්න ගියා ..ඒත් ආපහු හැරී හැරී බලන්නත් අමතක කරේ නෑ ..එදා උදේ ආච්චි ගෙදර ගිහින් කිව්ව දේ ඒ ගෙවල් ළඟ ඉන්න යාලුවෙක් අපි එක්ක කිව්වා .....

"හක් අන්න අර කොල්ලෝ සැට් එකේ උන් ටැලිෆෝන් එකක් තියාගෙන හිටියේ ..බලන්ට වැඩේ... ....ඒක මොන ටැලිපෝන් එකක්ද ..මන් හොදට දැක්කනේ මේන් මෙච්චර ඇති පෙත්ත වගේ ..ඒ වගේද අපේ පුතාගේ ටැලිෆෝන් එක ..කොච්චර ලොකුද ..? ..ගඩොල් බාගයක් වගේ ..ලයිටුත් පත්තුවෙනවා ...හෆ්ෆා ....එව්වනේ ටැලිෆෝන් කියන්නේ ..අතටවත් අහු වෙන් නැති ඔය පෙත්ත වගේ ටැලිෆෝන් එක ඔය කොහෙන් හරි පේමන්ට් එකකින්වත් ගන්න ඇති .."

Sunday, March 10, 2013

"මාරි කාමරේ "


එක දවසක් මන් අනුරාධපුරේ කැබිතිගොල්ලෑව පැත්තේ යාලුවෙක් එක්ක මල ගෙදරක ගියා ..බොහොම දුප්පත් පහේ
අහිංසක මිනිසුන් ජිවත් වෙච්ච ගෙදරක් ඒ ..දවල් එකොළහට විතර අපි මල ගෙදරට ඇතුල් උනා ...අපිට ඉස්සරහින් තව වයසක එක්කෙනෙක් බිස්කට් පෙට්ටියකුත් අරන් ඇතුල් උනා ..ඇතුලට ගිහින් මෘත දේහය ලග හිටිය ගැහැණු කෙනාට වැදලා අවසන් ගවුරව දැක්කුවා ...ඊට පස්සේ බිස්කට් පැකට් එකත් අරන් ඒ ලගම තිබ්බ කාමරේක ට හැරුන ගමන් අර ගැහැණු කෙනා අඩන ගමන්ම "ඔය කාමරේ නෙවේ මාරි තියන්නේඒ ඒ ඒ ............ ඉස්සරහ කාමරේ මාරි තියන්නේඒ ඒ ඒ... ඒ ඒ "කියල කෑ ගහන්න පටන් ගත්ත "..ඊට පස්සේ අර මනුස්සයත් එයට ප්‍රති උත්තර ලෙස මාරි බිස්කට් පෙට්ටිය ඉස්සරහ කාමරේ තියල ...එළියේ මිදුලට ගිහින් වාඩි උනා ...මුලින් මුලින් අපිට ඒ අඩන ක්‍රමය අමුතු අමුතු ඇඩුම් ක්‍රමයක් උනත් පස්සේ ඒක සාමාන්‍යය දෙයක් උනා ...ඉතින් අපිත් එළියේ තිබුණු පුටු වල වාඩි වෙලා ශෝක බරිත මුහුණෙන් බලා හිටියා ...ගෙදර හැමෝම වගේ අඩනවා ...අඩමින් විස්තරත් කියනවා ...ටික වෙලාවකින් අර ඇතුලේ හිටිය ගැහැණු කෙනා
අපි ගාවට ඇවිල්ලා ..."අය්යෝඕ ඕ ඕ .. මේ කට්ටියගේ දිවත් එක්ක ගිලෙන්න වගේ නේද ...ඔය කුස්සිය පැත්තේ ඉන්න අය කොහෙද දැන් .................අය්යෝ මේ ළමයින්ට කෝඩියල් වත් දෙන්නේ නැද්ද ...මගේ බුදු අම්මේඒ ඒ ඒ ..."...ඔන්න ඒත් එක්කම කෝඩියල් අරන් පොඩි දැරිවියෝ ටිකක් අපි ගාවට ආවා ...අයෙත් අර ගැහැණු කෙනා ..."උඹලට මුල ඉඳන් කියන්න ඕනෙද අය්යෝ ඔඕ ....බිස්කට් නැද්ද දෙන්නේ මේ ළමයින්ට මගේ සත්තෝ ...." කියල කෑ ගැහුවා ..එත් එක්කම කෙනෙක් දුවන් ගිහින් බිස්කට් බන්දේසියක් අරන් ආවා ..ඔය සිදුවීම් අතරේ ටිකෙන් ටික මද්දහනත් පහු උනා ...දවල් කෑම වෙලාව ..අසල් වැසි ගෙදරකින් මරණ ගෙදරට දහවල් කෑම අරන් ආවා ...ඉතින් අපිටත් ආරාදනා ලැබුනා ..දවල් කෑමට ...හාල් මැස්සෝ හොදි ...ගෝවා මැල්ලුමක් එක්ක බත් කන්න ...මොහොතකින් කීප දෙනෙක් ඈ ත කඩුල්ලෙන් ඇතුල් උනා මල ගෙදරට ..එතන හිටිය ඒ ගෙදර පිරිමි කෙනෙක් බත් එක පැත්තකින් තියලා "මේ දුක නැති හින්ද නෙවේ බත් කන්නේඒ ඒ ඒ .. බඩ ගිනි හින්ද බත් කන්නේ ඩිංගිරි අය්යේ ඒ ඒ ඒ .............."කියල කෑ ගහන්න පටන් ගත්තා නොවැ ...ඉතින් සෙමින් සෙමින් මල හිරු ගිලෙන වෙලාවක මල ගෙදරට අපිත් සමු දුන්නා ..කඩුල්ලෙන් පිට වෙලා එන ගමන් ගේ ඇතුල් පැත්තෙන් අර ගැහැණු හඬ අයෙත් යාන්තමින් ඇහුනා .."මගේ ලොකු දුවේ ඒ ඒ .... උඹ ඔය මල් මල් ගවුම ඇදන් ඉන්නේ පෙරේදා ඉදන් නේද අ අ අ ...ඕක ගලවල දාල වෙන එකක් ඇද ගනින්කෝ බුදු සංතෝ .............."ඉතින් අමතක නොවෙන මරණ ඇඩුම් වැකි කීපයකුත් මතකේ තියන් අපි එන්න ආවා ..අදටත් මාරි බිස්කට් එකක් ඇහැ ගැහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ...එදා මල ගෙදර මාරි කාමරේ කතාව .

Sunday, March 3, 2013

"ඇටිපොළ සුදු කොඩිය "


ඉස්කෝලේ ඇරිලා හවස් වරුවේ එද්දී මමයි මගේ හොඳම යාළුවයි එන්නේ එකට .. අපේ ගෙවල් වලට යන පාරේ කුඹුක් ගස් දෙකක් තියෙනවා ..ඒ කුබුක් ගස් දෙක අතරින් ඇතම ඇත ලොකු කන්දක් පේනවා ...අලි හොඩක් වගේ තියෙන ඒ කන්දට කියන්නේ ඇටිපොල කන්ද කියල ..අපි හැමදාම එන්නේ ඔය කන්ද දිහා බලාගෙන ..දවසක් අපි කතා උනා ඒ කන්දට නැගල සුදු කොඩියක් ගහල එන්න ...ඊට පස්සේ හැමදාම කුඹුක් ගස් ගාවින් යද්දී ඒ දිහා බලාගෙන අපි ගැහුව කොඩිය නේද කියල ආඩම්බර වෙන්න .එතකොට අපි හිටියේ හත වසරේ .ඉතින් සතියකට විතර පස්සේ අපේ තව යාළුවො පස් දෙනෙකුත් මගේ හොඳම යාළුවගේ පියතුමත් තව අපි දන්නා සර් කෙනෙකුත් ...ඇතුළු අපි නව දෙනෙක් ඇටිපොල කන්ද තරණය සදහා ගමන පිටත් උනා ...ලොකු උස සුදු කොඩියක් ද..තව කෑම බීම එහෙමත් සකසා ගෙන උදේ පාන්දර පහට පිටත් උනා .ගමන පයින්ම අපේ නඩය ඉදිරියටම ගමන් කළා ..ලදු කැලැව ඔස්සේ හිමිදිරියේම ගමන ගොඩක් දුෂ්කර උනා ..අපිට අපිවවත් නොපෙනෙන තරමට මිදුම තදේටම තිබුණා ..රූස්ස ගස් මැදින් ටිකෙන් ටික කන්දේ මැද හරියට අපි ලගා උනා ..අපි අරන් ගිය කෝල්මන්ස් බීම වතුර එහෙමත් ටිකෙන් ටික අඩු වෙමින් පැවතුනා ...කන්ද මුදුන හරියට යද්දී ගමනෙ දුෂ්කරත්වයේ උපරිමයට ලං වෙලා තිබුනා ..ඉලුක් ගස් ...වලින් අපේ කකුල් අත් දැඩි ලෙස සීරීම් වලට ලක්වෙලා තිබුනා ...දැඩි දහිර්යෙන් ආත්ම ශක්තියෙන් අපි ගමන අහවර කරා ..බලාපොරොත්තුවේ ආලෝක රැස් දහරාවන් අපි හැමෝගෙම නෙත් වල ගලමින් තිබුනා ..කන්දේ මුදුනේ විශාල ලොකු කළු ගලක් තිබුනා ..එක පැත්තකින් මහා විශාලෙට සෙවන දෙන නුග ගසක් තිබුනා .ගමන අහවර වෙද්දී දහවල් 12.30..කන්දේ මුදුනට නැගල වට පිටාව දකිද්දී තමා තේරුනේ අපි කොඩිය ගහන්න සැලසුම් කරපු ඇටිපොළ කන්ද තවත් කදු පහක් ඇතින් බව ..හිත පුදුමාකාර විදිහට කඩා වැටුනා ..එත් කුමක් කරන්නද ,,,අයෙත් දවසක ඇටිපොල කන්ද තරණය කරමු යන බලාපොරොත්තුවෙන් හිත සනසවගත්තා .අපි නැගල තිබුනේ මුවගල කියන කන්දට ,,,ඇටිපොල කන්ද තරම් විශාල කන්දක් නොවුනත් මුවගල කන්දත් හරිම අපුරු වට පිටාවකින් යුතු කන්දක් ..අපි දවල් ආහාරය විදිහට ගත්තේ සීනි සම්බෝල මැදට කවලම් කරපු පාන් පෙති ..පැයක් විතර විවේක සුවයෙන් ඉඳල ආපහු එන්න පිටත් උනා ...මගදී වදුරෝ රැලක් ඇවිත් අපේ ගමන සුන්දර කරා ...කන්ද නැග්ග පැත්තේ තිබුණු රූස්ස ගස් වෙනුවට කන්ද බහින පැත්ත තිබුනේ පියකරු ලොකු කැලෑ මල් ...දම් පාට නම් නොදන්න මල් යායක් අතරමගදී අපේ නෙත් මත ගැටුනා ..කන්දේ පල්ලම ටිකක් ලිස්සන සුළුයි ...අපේ කන්දට එහා අනිත් උස කන්දේ පටු පාරක පුංචි ලොරි බාගයක් යනවා ...පෙරලෙන්න ඔන්න මෙන්න වගේ ...අපි ඒ දිහා බලාගෙන ...කුමකින් කුමක් වෙයිද කියල විමසිලිමත් උනා ?අපි එක්ක ගියපු මගේ හිතවත් මිත්‍රයා සමරේ සින්දුවක් කිව්වා .."පෙරලියන් බර කරත්තේ පෙරලියන් ...පෙරලියන් බර කරත්තේ " කියනවත් එක්කම ලොරිය නෙවේ මෙන්න සමරේ පෙරලිලා අඩි ගානක් පහලට ඇදිල ගියා ...හිනා වරුසා එක්ක සමරේ යාන්තම් තේ ගහක එල්ලිලා ගොඩ ආවා ...මුවගල කන්ද තරණය එතනින් අහවර උනා ,....ඊට පස්සේ මමයි මගේ යාළුවයි කුඹුක් ගස් ගාවින් යද්දී ඇටිපොළ කන්ද දිහා වැඩිය බැලුවේ නෑ ..බැලුවත් නොදැක්ක වගේ යනවා .. ..අදටත් කුඹුක් ගස් දෙකත් තියෙනවා ...ඇටිපොළ කන්දත් ඇතින් පේනවා ..ඒත් අද වෙන තුරුත් ඇටිපොල කන්දේ කොඩියක් ලෙල දුන්නේ නෑ ..

Wednesday, February 27, 2013

"සුදු දියමන්ති රාත්‍රිය "


එක දවසක් අපේ සහුර්ද කාන්ඩේ ගමේ මල ගෙදරක ගියා..ඉතින් ඒ දවස් වල මල ගෙවල්වල රෑ බෝ වෙනකම් ඉන්නවා ..නැත්නම් එලි වෙනතුරුම ඉන්නවා..කැරම් ගහනවා ..එක්කෝ කාර්ඩ් සෙල්ලම් කරනවා..නැත්නම් විහිළු රසාකර කතා බහේ යෙදෙනවා ..එදා මල ගෙදර තිබුනේ පාර අයිනෙම ගෙදරක ...පිට පළාත් වලින් වාහන වලින් ගොඩක් අය ඇවිත් හිටියා ..ඉතින් අපේ කොලු නඩේ හතර දෙනා පාරේ එහෙ මෙහෙ සැරි සැරුවා ...පාරේ ටිකක් උඩහ පැත්තට වෙන්න අදුරුම අදුරු තැනක අලුත් පහේ වෑන් එකක් නතර කරලා තිබුනා ..එක පැත්තක ජනේලයක් බාගෙට ඇරිලා තිබුනා ..අපි ටිකක් ඇහැ දාල බැලුවා ..අටවක හඳ රෑ අහසේ යන්තම් එළියක් විහිදුවනවා ...ඇතුලේ කවුරුත් නෑ ..ඒත් වයිට් ඩයමන්ඩ් බෝතලයක් තිබුණා ...බාගෙට ටිකක් වැඩියෙන් ඒ බෝතලේ තිබුනා ..අපිට ඉතින් ඕක මදෑ .....යාන්තම් හද එළියේ කලුවරේම අපේ හිතවතෙක් ක්ෂණයෙන්ම බෝතලේ ඩෑහැ ගත්තා ..ඒ කාලේ ඉතින් කොලු කාලේ නොවැ ..දැන් ඉතින් අපි හතර දෙනාම වයිට් ඩයමන්ඩ් වලින් සන්තර්පණය වෙන්නයි කල්පනාව ..ඉක්මනින්ම ගිහින් පාලු තැනක බෝතලේ හැංගුවා ...අමුවෙන් කිරි කන්න පුළුවන් උනත් අමුවෙන් කොහොමද වයිට් ඩයමන්ඩ් බොන්නේ ...දැන් අපේ කට්ටි රහස් සාකච්චා ...අවශ්‍ය අඩුම කුඩුම ගන්න ..සැන්ඩි වලට කොකා කෝලා ගන්න දාහක් දේ කරන්න ...ඉතින් මොකෝ කරන්නේ රෑ දහයත් පහුවෙලා ..ගමේ අපිට ටිකක් හිතවත් අය්යා කෙනෙක්ගේ කඩයක් තියෙනවා..මුලින්ම එයාලගේ ගෙදර ගිහින් ඒ අය්යවත් නින්දෙන් ඇ හැරවගෙන අපහු කඩේට ඇවිත් කොකා කෝලා ලිටරේ බෝතලයක් ගත්තා ...හපන්න තව රට කජු පැකට් එකක් ගත්තා ..ඒ පැකට් එක විතරමයි කඩේට තිබුණේ ...දැන් කෝලා ප්‍රස්නේ හරි .ඒත් බයිට් ප්‍රශ්ණයක් ..කඩෙන් බිත්තර වගයක් ගත්තා ..ඔම්ලට් හදන්න ..අපේ යාලුවෙක්ගෙ ගෙදරක ගියා බිත්තර ඔම්ලට් දාන්න ..අපි කඩේ අය්යටත් විස්තරේ කියලා ..වයිට් ඩයමන්ඩ් උගුරක් දෙකක් රස විඳින්න අපි එක්ක එකතුවෙන්න කිව්වා..ඒත් ගොඩක් රෑ වෙන හින්ද අපේ ඉල්ලීම හරිම දුකෙන් ප්‍රතික්ෂේප කරා ..කොහොමින් කොහොම හරි අපේ කට්ටිය බිත්තරත් ඔම්ලට් දාලා එකත් අරන් අනිත් අඩුම කුඩුමත් අරන් බෝතලේ හංගපු තැනට ගියා..දැන් රෑ දොළහත් පහු වෙලා ..කලුවරේම බෝතලෙත් අරන් අටවක සඳ යට කෙසෙල් පදුරක් ළග මද පවනේ සුදු දියමන්ති රස විදින්න ලක ලෑස්ති උනා ...කට්ටියම විදුරු වලට වයිට් ඩයමන්ඩ් එක්ක කොකා කෝලා මිශ්‍ර කරා ..මද පවනේ සුදු දියමන්ති අපිට මොනවා කරයිද කියල බයකුත් තිබුනා ..එක අතක බිත්තර ඔම්ලට් කෑල්ලක් අනිත් අතේ සුදු දියමන්ති..බොන්න කලින් අපේ යාලුවෙක් කිව්වා "මචන් අර කඩේ අය්යටත් අපි එක්ක එන්න තිබුනනේ නේද ..ඒත් උට කොහෙද අපිට වගේ වාසනාවක් නේද ..එහෙනම් ගත්තා මචන්... චියර්ස් .."..උගුරට දෙකට හලා ගත්තා ..අපි හතර දෙනාම මූණෙන් මූන බලාගත්තා ..."මචන් කඩෙ අය්යත් ආවනම් කොහොමද ???"කොකා කෝලා රස විතරක් ඇග පුරාම කැලතුනා

Saturday, February 23, 2013

"නමාමි සිරි දළඳා "


"ලෝකෙක නාථා වදනන්"
...

ශ්‍රී දළදා වහන්සේ නමදින ගාථාවේ මුල ..
නුවර ඉද්දි මගේ සිරිතක් දෙසතියකට සැරයක්වත් දළදා වහන්සේ වන්දනා මාන කරන එක ...බොහොමත්ම දවස් වල හිමිදිරි උදැසනම ..දළදා වහන්සේ වැද පුදා ගත්තම පුදුම තරම් ශාන්තියකින් හිත පිරෙනවා..දළදාව වදින්න යන දෙපස තණ පත්‍ර
සිහින් පිනි බින්දු වලින් පිරිලා..උදා ලා හිරු කිරණ මාලිගාව අවට රටාවකට අතුරලා ..කහ මලින් විකසිත උණු තුරු ලතා දෙක තුනකින් වට කහ මල් පියවිලි තැනින් තැන .. හීන් හිමිදිරි සිහින් මද නල හා මුසුව බෝගම්බර වැව් කොමළියේ රැළි තරංග වලා කුළු බැම්ම හා මුසුව දිය වියන් මව මවා හැපි හැපී බිඳෙනවා ..එහා පිහිටි පත්තිනි දෙවොලේ මිදුලේ ඇතෙක් දෙන්නෙක් කිතුල් කොට රස විදිමින් එහා මෙහා නැළවෙන්නේ අපුරු විදිහකට ...මාලිගාව පරිශ්‍රයට ඇතුල් වෙන වාහල් කඩ ලගම පහල තියෙන දිය අගලේ පුංචි පුංචි මාළු රෑන් බලා ඉන්නේ ඉහලින් විසිවෙන පොරි දියට වැටෙන තුරු වගේ ...වලාකුළු බැම්ම පසු කරලා පහත මහලයේ කිරි දානේ එහෙම අහවර වෙලා ..පවත්වන උදෑසන තේවා ව ...තේවා හඩ මාලිගාව සිසිරා විසිරෙද්දී දැනෙන ධාර්මික සංජානනය ...කෙතරම්ද ..තවත් පිය ගැට පේලි දෙකක් පසු කල විට උඩ මලුව ...පරම පුජනිය දළදා වහන්සේ වැඩ ඉන්න සුපින්බර උඩ මලුව ..උවැස උවැසියන් පේලි ගැසී දළදා නමස්කාරයට පේ වෙන අයුරු ..දළදා වහන්සේ වැඩ ඉන්න සුගන්දිත ස්වර්ණමය කුටියේ ..නිසලව වැඩ ඉන්න දළදා කරඩුව ...දන්ත දාතුන් වහන්සේ ...දුටු විටම ඇති වෙන බුද්ධාලම්බන ප්‍රීති ප්‍රමෝදය වචනයෙන් විස්තර කල නොහැකි තරම් ...උඩ මළුවේ මල් අසුන පිරෙන්නම සුවදවත් මලින් සැරසිලා ...සුදු නෙලුම් රතු නෙලුම් ..නිල් මහනෙල් සමන් පිච්ච ආදී නෙක මල් දළදා වහන්සේ සුවදවත් කරන්නේ තරගයකට වගේ ..මළුවේ බිම වාඩි වෙලා දළදා වහන්සේ වැඩ ඉන්න දිහා බලා ගෙන වන්දනා මාන කරලා ...ටික වෙලාවක් දෙනෙත් පියන් ඉද්දි දැනෙන නිරාමිස සතුට කෙතරම්ද ...වැටෙන හුස්ම පවා කෙතරම් පවිත්‍රද ...මැවෙන බැති බර සිතුවම් කෙතරම් ශික්ෂා කාමිද ...පහළ පිටතින් පිහිටි පහන් වැට අද්දර කපුරු හදුන් මිශ්‍රිත සුවඳත් එක්ක බලාපොරොත්තු අපේක්ෂා මුදුන් පත් කර ගැනීමේ නොතිත් ආසාවෙන් දැල්වූ පහන් ආලෝකයන්ද තැනින් තැන දිස් වෙනවා ..ඒ අසලම පිහිටි දළදා කරඩුව බොහොම ආඩම්බර ලීලාවෙන් ද උතුම් බහුමානයෙන්ද ඇසළ පෙරහැරේ වීදි පුරා වැඩම කර වූ රාජා ඇත් රජුගේ පිලි රුව පිහිටි කුටිය දිස් වෙනවා ...ඊට මදක් ඉහලින් විෂ්ණු දෙවොල ..පහල ඉදිරියෙන් නාථ ,සමන් ,පත්තිනි දෙවොල් දළදා වහන්සේට ලගින්ම පිහිටලා...
මෙලොව මා කෙතරම් වාසානවන්තද......
පින්සාර පුද බිමක බුදුන් වහන්සේගේ මහානුභාව සම්පන්න ..ජීවමාන දන්ත ධා තුන් වහන්සේ නෙත් මතින් දකින්නට ..

Tuesday, February 19, 2013

"කහ සාලුව"


බොහොම ඉස්සර දහම් පාසල් යන කාලේ බක් මාසේ මුල් සතියක අපේ කට්ටියම පොඩි වන්දනාවක එක්ක ගියා ..
අනුරාධපුරේ ..අපේ ළමයි කට්ටිය වගේම ප්‍රදානාචාර්ය තුමා ඇතුළු ගුරුවරු කීපදෙනෙකුත් ගමනට සහ භාගි උනා ..
දවල් කෑමට පෙර අපේ පිරිමි ළමයි පාර්ශවේ අයට වැවකින් නාන්න වුවමනා උනා ..කට්ටියගේ ඒකමතික කැමැත්ත අනුව ලගම තිබුණු " නුවර වැවට"අපේ වාහනේ කිට්ටු කරා ..අපේ කොලු රෑන වාහනේ නතර කරපු ගමන්ම කෙලින්ම දිව්වේ වැවට ...ගැහැණු ළමයි කවුරුත් ආවේ නැ ...අපේ නඩේ කාටවත් පිහිනන්න බෑ ....අපේ ප්‍රදානාචාර්ය තුමා ඇතුළු තව එක ගුරුවරයෙක් ආවා අපි එක්ක ..ඒත් දැන් වතුරට බහින්න පෙර ලොකු දේශනයක් දුන්නා ..වැඩිය ඇතට යන්න එපා කියලත්.. වැව අයිනෙන්ම නාන්න කියලත් .. ඉතින් ඒ දේවල් වලට අනුගතව අපේ කට්ටිය නාන්න ලක ලෑස්ති උනා ..අපේ ප්‍රදනාචාර්ය තුමා කහ පාට ටවල් එකක් (සාළුවක් ) ඇදගෙන නුවර වැවේ අපි එක්ක නාන්න එකතු උනා ..අපිට කිව්වා "ළමයි ඔයගොල්ලෝ මන් සාළුවක් ඇදගන නාන්න ආවට .. ඔය ළමයි එහෙම සාලු ඇදගෙන නාන්න එන්න එපා..කලිසම් ෂෝට් ඇදගෙන එන්න "කිව්වා..අපිත් ඉතින් ඒ විදානේ අනුව කලිසම් ඇදගෙන නුවර වැවේ වතුරේ සිහිල වින්දා .ටිකක් වතුරේ ඇතට ම වෙන්න හිටියේ ප්‍රදානාචාර්ය තුමා . .අපේ පොඩි හිත් සතුටෙන් ඉපිලෙමින් කෑ කෝ ගහමින් වතුරේ අසිරිය වින්දා ...පැයක් විතර නුවර වැවේ කිමිදී කිමිදී හිටිය අපිට එක පාරම ප්‍රදනචාර්ය තුමා නියෝග දුන්නා .."ළමයි දැන් ඇති ගොඩට යන්න ..වෙලා ගියා "කියල..අපි ඒ නියෝගේ පැහැර හැර විනාඩි කීපයක් හිටියත් අපිට තදින් අවවාද කරා "ළමයි ගොඩට යනවලා " කියල...අපේ කට්ටිය දුවගෙන එන්න අවා..මගට ඇවිත් නිකමට වගේ අයෙත් ලස්සන නුවර වැව දිහා බැලුවා..එතකොට යාන්තමට වගේ දැක්ක ...නුවර වැවේ දිය තරංගත් එක්ක ඈතම ඈත කහ පාට සාළුවක් පා වේවි යනවා..

Saturday, February 16, 2013

"නෙලුම් වැව අසබඩ "


දවසක් අපේ යාලුවෝ කට්ටියක් අනුරපුරේ ට්‍රිප් එකක් ගියා ..එදා රාත්‍රී නවාතැන මිහින්තලේ මගේ හිතවත් මිත්‍රයෙකුගේ
ගෙදරක් ..එදා රෑ වෙලා අපි මිහින්තලාව වන්දනා මාන කරන්න ගියා ..ඒ ගිහින් ඇවිත් රාත්‍රී ආහාර වේල එහෙම සප්පායම් වෙලා නිදාගන්න බැලුවා ..අපේ කාන්ඩේ ඔක්කොම තීරණය කරා .අපේ යාලුවගේ ගෙදර එළියේ මිදුලේ නිදාගන්න ..කොට්ට මෙට්ට එළියේ එළලා සකස් කරලා අපේ දහ දෙනාම නිදා ගත්තා ..ඒ මිදුල සුදු වැලි සහිත මිදුලක්...හරිම පිළිවෙලට අතු පතු ගාල තිබුණු ...ඊට ඉහල තියෙනවා පුංචි ගල් තලාවක් ...ඒ ගල් තලාවේ දඩු මොණරු නිතර එහෙ මෙහෙ සැරි සරනවා ..ගල් තලාවත් එක්කම පුංචි වැවක් තියෙනවා ,,නෙලුම් වැව කියල ...සුදු නෙලුම් අහුරු පිටින් පිපෙන වා ඒ නෙලුම් වැවේ ..නැගෙනහිර දිසාවේ ...මීටර් දෙසීයක් විතර ඈ තින් මහා කනදරාව වැව ...අපේ යාලු මිත්‍ර සමාගම ටික වෙලාවක් යන තුරු නින්ද එනතුරු ආගිය පරණ මිහිරි මතකයන් කතා කරමින් හිටියා ...එහෙම ඉද්දිම එකා දෙන්නට නොදැ නිම නෙතු පියන් යට නින්ද තුරුළු උනා..මිදුලේ එක පැත්තක දිවුල් ගස් දෙක තුනක් ...ඊට එහායින් ලොකු සියඹලා ගහක් තියෙනවා ..සියඹලා ගහේ අතු දෙක තුනක් අපි නිදන් හිටිය තැනට ඉහලින් රාත්‍රී සෙවන සැලසුවා ..මිදුලේ කවාකාරව සකසල තිබුණු මල් පාත්තියේ ...දහස් පෙතියා මල් ...කැලෑ රෝස මල් ආදී නොයෙක් වර්ගයේ මල් හිටවලා තිබුනා ..නිදන් හිටිය දෙනෙත් මායිමේ ඈතින් මිහින්තලා පුද භුමියේ ආලෝක රැස් දහරාව ශාන්තිමත් හුස්මකින් හදවත පුරවනවා..අහස් ගඟ නිසොල්මනේ ...පුන් පුරා සඳ මිහින්තලා මුදුනතත් එක්ක පෝය සංවාදයේ
යෙදිලා උන්නා වගේ කියලයි මට හිතුනේ..අහස සිසාරා තරු පොකුරු රංචු අත් පටලන් සුරගන ලොවක මනරම් සිරි මවන්නට ලොකු උත්සාහයක ...එදා රෑ අහසේ දඩයක්කාරයාගේ තරු මණ්ඩලේ අහස අරක් ගෙන තිබුනා ...සුදු නෙලුම් වැව ඉස්මත්තෙන් ගලා ආ සීත සුවැති මදනළ ගත කුල්මත් කරමින් මිහින්තලා අඹ සෙවණ දිසාවට හමා ගියා ..වට පිටාවේ කිසිම හැල හොල්මනක් නෑ ..සෞම්‍ය චමත්කාරජනක රාත්‍රිය කෙමෙන් පහන් වෙන අයුරක් ..සමන් පිච්ච මල් සුවදක් මද නලත් එක්ක ආදරණීය ව නාස් පුඩු වට කරා ..උදා හිරු කිරණ මිහින්තලා රුක් මත හැපෙමින් අලුත් දවසක උදාව සනිටුහන් කරා ...උදේ දහයේ කණිසමට ජිවිතේ නිදාගත්ත සුන්දරතම නින්දට සමු දුන්නා ..

Tuesday, February 12, 2013

"සිරිපාදේ සමනල තරු දිලිහේ "


"සකල සතම බොදු බැතියෙන්" .. මොහිදින් බෙග් කියන ඒ ගීතය එක කාලෙක හවස් වරුවන් පුරා එක දිගට ප්‍රචාරය උනා ..එක එක කාලෙට එක එක ගම්වල එක එක අනුරුවවල් හදනවා .පොසොන් කාලෙට මිහින්තලා අනුරුව ..තව අපායවල් ...ඔය ආදී නොයෙක් දේවල් ..අපේ ගමේ එක සැරයක් හැදුවා ...සිරිපාද අනුරුව ...එහෙමත් නැත්නම් සමනොළ කන්දේ අනුරුව ...එක යායට දික්ගැහිලා තියෙන වෙල් යාය මැද තිබුණා ලොකු ගහක්.. ඒ ගහට තව තව ලි ..එකතු කරලා පඩි පෙළවල් හදල...කළු ඉටි රෙදි වලින් වට කරලා සමනල් කන්දේ අනුරුව නිර්මාණය කරලා තිබුනා ..වෙල් යායට එහා පුංචි දොළ පාරක් ගලනවා ..ඒ තමා සීත ගගුල ,,,සමනල කන්දට ඇතුල් වෙන තැන ප්‍රවේශ පත්‍ර කවුළුවක් තිබුනා..මුලින්ම කන්ද තරණය කරලා ටිකක් උඩට යද්දී රාක්ෂ බවනක් තිබුනා ,..එතන අපේ යාලුවෙක් ..යකෙක් විදිහට වෙස් වලාගෙන ...හිටියා ..තව මැද හරියේ.. ඉදි කටු පාන ..මගින් මගට ප්‍රවේශ පත්‍ර පරික්ෂා කරන කොල්ලෝ කුරුට්ටු කීප දෙනෙකුත් හිටියා ..ගහේ මුදුන ...එහෙමත් නැත්නම් සිරිපාදේ අනුරුවේ ඉහලම ..උඩ මලුව ..සිරි පතුලකුත් හදල තිබුනා ..ලොකු ඝන්ටාරෙකුත් සවි කරලා තිබුනා ..එක පැත්තක ..ඒ වගේම උඩ මළුවේ ..අපේ ගමේ වැඩිහිටි කෙනෙක් සුදු කමිසයක් සහ සුදු සරමක් එහෙම ඇදගෙන කපු මහත්තයෙක් විදිහට හිටියා ..එයා .සිරිපාදේ කරුණා කරලා උඩ මළුවට එන හැමෝගෙම නළල පඩුල්ලනවා ...බල්බ් එහෙම දාල තිබුන නිසා හරිම චිත්තකර්ශනියව ඇතට බැබළුණා ..දින පහක් පුරා සිරි පාදේ කරුණ කිරීමේ හැකියාව තිබුනා ..අපි සංවිදායක මණ්ඩලේ අය අහල ගම් රාශියකට ගිහින් නිවේදන කටයුතු කරා..දැවැන්ත පෝස්ටර් වලින් සිරිපාදේ ගැන විස්තර දැනුම් දුන්නා .. රාත්‍රී අටේ සිට පසුදා පහන් වන තුරු සිරි පදේ කරුණා කරන්න පුළුවන් ..අපි නොසිතු විදිහට සෙනග එක් රොක් උනා ..මට භාර වෙලා තිබුනේ නිවේදන කටයුතු ..ප්‍රදාන නිවේදක මම ..නිවෙදනකුටිය තුල හිටියේ ප්‍රදාන සංවිදායක මණ්ඩලේ උදවිය ..කුසුම් බදුන් වෙන්දෙසියකුත් ඒ අසලම තිබුනා ..විරිදු සුරල් වයන්න කෙනෙකුත් ඇවිත් හිටියා.. සිරි පාදේ බොහොම ඉහලින් කට්ටිය අගය කරා ..සමහරු දෙපාරක් තුන් පාරක් ඉහලට නගිනවා ..නිවේදන කටයුතු කරද්දී ශ්‍රී පාද අනුරුව හදපු ප්‍රදාන නිර්මාණ ශිල්පියා ..(මගේ හිතවත් යාලුවෙක් ගේ තාත්ත කෙනෙක්)..එතුමත් බොහොම උජාරුවෙන් මන් නිවේදන කටයුතු කරපු තැනට වෙලා අසුන්ගෙන හිටියා..අවසන් දින දෙකේ ..නරඹන්නන් ගොඩක් වැඩි උනා ..මගෙත් නිවේදන කටුතු බොහොම ප්‍රවේගවත් උනා.."යන්නම් මදාය නදියා" කියන සිරි පාද නමදින ගාථාවෙන් පස්සේ ..මන් යකඩ කටින් "ඉහල නගින මේ නඩේට "..කියද්දී ..සමනල කන්ද තරණය කරන සියලු දෙනා.."බුද්ධං සරණේ සරණයි "..කියල කියනවා ..මන් .."පහල නගින මේ නඩේට" කියද්දී ..ඇතින් සමනල මුදුනේ කටහඩවල් වලින් ඇහෙනවා .."දම්මන් සරණේ සරණයි" කියල ..හරිම අපුරුයි ...කවිත් කියවෙනවා ...."බුද්දන් සර..............ණේ ............"කියද්දී නගින හැමෝම .."සිරස දරා...............ගෙන .."කියල කියනවා...තව "ඉහල නගින කිරි කෝඩුට" කියලා මන් නිහඩ උන ගමන් උඩ මලුව පැත්තෙන් ඇහෙනවා ..."බුද්දන් සරණේ සරණයි" කියල. තනිකරම එතන සිරි පාද සිරියක් ගත්ත..ප්‍රදාන සංවිදායක තුමා මට නිතර කියනවා .."පුතා..කියන්න පන්සියක් නෙවේ පන්දාහක් උනත් ඔරොත්තු දෙනවා මේ සිරි පදේ ..බයවෙන්න එපා "කියන්න ..ඔය ආදී නොයෙක් දේවල්..මමත් ඉතින් ඔය කතාව නිතර කිවා..."පන්සියක් නෙවේ පන්දාහක් උනත් ආරක්ෂිතයි ඔරො ත්තුයි.." කියල.. ... ...සිරි පාදේ අන්තිම දවසේ සෙනග රැස් කමින් සිරි පාදේ කරුණා කරන්න .පාන්දර එක විතර වෙද්දී උඩ මලුව පිරෙන්න සෙනග ..මගේ හඩ රැව් දෙනවා "වෙල් යාය සිසාරා..සිරි පාද සිසාරා ....මෙන්න එක පාරම උඩ මලුව කඩා ගෙන වැටුනේ නැද්ද ..කට්ටිය ඔක්කොම කෑ ගහන්න පටන් ගත්තා ,.."අපි ඉතින් සන්සුන් වෙන්න-- කලබල වෙන්න එපා" කියල කිව්වා ..කීප දෙනෙක්ට තුවාල උනා ..ලොකු අනතුරක් උනේ නෑ.. එතනින් සිරි පාදේ කටයුතුත් අහවර උනා.. බරපතලම තුවාල වෙලා තිබුනේ අපේ උඩ මළුවේ හිටිය කපු මහත්තයට ...අන්තිමට එයා කිව්වා ..අයෙනම් දේවාලෙකවත් පඩුල්ලන්න යන්නේ නෑ" කියලා ,,අපේ යාළුවගේ තාත්තා කිව්වේ "සිරි පාදෙට තරහ කාරයන්ගෙන් වස් වැදුනා" කියලයි ..අන්තිමට හොඳම දේ උනේ මට ...මොකද මම නෙ යකඩ කටින් කෑ ගහමින් උදාරම් බස් තෙපලුවේ ..ගමේ ඔක්කොම මන් දැක්කම //"පන්සියක් නෙවේ පන්දාහකට උනත් ඔරොත්තුද මල්ලි // කියල මගෙන් අහන්න පටන් ගත්ත නොවැ ...අන්තිමට සිරි පාදේ සමනල තරු දවලුත් මට පෙනුනා ..

Sunday, February 10, 2013

"මද්දුම බණ්ඩාර" .....


පන්සලේ එක එක කාල වල එක එක නාට්ටිය පෙන්වනවා ..එදා පෙන්නුවේ වීර මද්දුම බණ්ඩාර කතාව ..හැන්දෑ කොරේ ඉර ගල වැටුනට පස්සේ ඉතින් නාට්ටිය රග දැක්වීම පටන් ගත්ත ,,නාට්ටියේ අවසන් හරිය ..වෙදිකාවේ ලොකු බණ්ඩාර ..මද්දුම බණ්ඩාර ,,වගේම වධකයත් පැත්තකට වෙලා ඉන්නවා .. ..නාට්ටියේ උද්වේගකර අවසථාව..බලන් ඉන්න අයගේ නෙතගට කදුළු උනන අවස්ථාව ..මද්දුම බණ්ඩාරගේ වීරත්වය පෙන්වන අවස්ථාව ...වධකයා කඩුවත් අරන් ලොකු බණ්ඩාරගේ ගෙල සිඳින්න උත්සහ කරන අවස්ථාව ...ලොකු බණ්ඩාර බියෙන් හැකිලෙද්දී කුඩා මද්දුම බණ්ඩාර ...ඉදිරියට ඇවිත් අර වීර ප්‍රකාශය කරනවා .."අය්යන්ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වමි" කියල ...සුළු මොහොතකින් වධකයා මද්දුම බණ්ඩාරගේ ගෙල සිදිනවා නට්ටියානු කාර ආකාරයෙන් ..බලන් ඉන්න අය මීයට පිම්භාක් වගේ ඇහි පිය නොගහ බලන් ඉද්දි එක පාරම ප්‍රේ ක්ෂකාගාරයේ මැ ද හරියෙන් පොඩි කොලුවෙක් කෑ ගහන්න පටන් ගත්ත නොවැ ..
"ආන් අරු අපේ පොඩි අය්යාගේ බෙල්ල කැපුවෝ" ,,කියල..කට්ටිය දැන් කලබලවෙලා .. හිනා ගෝට්ටියයි .. පොඩි එකා මර ලතෝනි දෙනවා....දැන් ඉතින් නා ට්ටියත් අතර මග නතර කරා..පස්සේ ඒ පොඩි ළමයාගේ අම්මයි බලන් ඉන්න අ යයි කිව්වා.."ඒ ක මේ බොරුවට කරන්නේ ...ඇත්තට නෙවේ" කියල...කොහොම හරි පොඩි ළමයාගේ ඇඩියාව නතර උනා ..නාට්ටිය අපහු කරගෙන ගියා ..මද්දුම බණ්ඩාරගේ මරණින් පස්සේ ලොකු බණ්ඩාරගේ ගෙල සිදින වා ,,,අයෙමත් අර පොඩි එකා කෑ ගැහුවේ නැද්ද .."අන්න අරු ඒ පාර අපේ ලොකු අයියටත් බෙල්ලට කෙටුවෝ " කියල ...ඉතින් වේදිකාව තිරේ වැහිලා මද්දුම බණ්ඩාර එතැනින්ම අහවර උනා ..මද්දුම බන්ඩා රටයි..ලොකු බණ්ඩාරටයි හිටියේ එකම පවුලේ අය්යා මලෝ දෙන්නෙක් .. .අන්තිමට වීර මද්දුම බණ්ඩාර හිනා බණ්ඩාර උනා ...

"ඉස්පන්චි පුංචි "


මේ ඉස්පැනිෂ් සින්දුවක් නම් නෙවේ ....
දවසක් අපේ නෑ දෑ වෙන කට්ටියකගේ හදිසි මල ගෙදරක් වෙලා තිබුන..අපේ නෑදෑ වෙන අය්යා කෙනෙක් පිට රටකදී හදිසියේ ජිවිතෙන් සමු අරන් තිබුනා ..ඉතින් අපි කට්ටියම මෘත දේහය ගේන්න කටුනායක ගියා ...අපි පිරිමි පාර්ශවයේ හය හත් දෙනෙක් ගමනට සහභාගී උනා ..අපි එපා කියද්දීම වගේ නැති උණු අය්යගේ අම්මත් මේ ගමනට සහභාගී උනා..මොනවා කරන්නද ඉතින් ....
අපිත් එක්ක ඒ පුන්චිත් ගමට සහභාගී උනා ..දවල් 12 විතර වෙද්දී අපි කටුනායකට ගිහින් ගුවන් තොටුපලේ ඇවසි දේවල් කර ගෙන මෘත දේහය බාරගත්ත ...
ඉතින් අපේ කට්ටිය දැන් අපහු නුවර බලා එනවා ...හවස 3 විතර උනා ...කට්ටිය ඔක්කොටොම වගේ හරියට බඩගිනියි ..රියදුරු තැනට කියල වරකපොලදී පාරේ අයිනේ හෝටලයක් ගාව නතර උනා ..බඩ පුරවා ගන්න ..අපේ පුංචි ඉතින් අපිට විරුද්දව හඩ නගනවා ,,,මේ වගේ ;වෙලාවක මොන කැමක්ද කියල ...කොහොමින් කොහොමහරි බලෙන් වගේ එයාවත් වත්තන් කරගෙන හෝටලේ ඇතුලට ගියා ..අපි ඔක්කොම ලොකු මේසයක් වටේ වාඩි උනා...සියල්ලන්ගේම කැමැත්ත පරිදි ඉදි ආප්ප
මේසෙට පැමිණියේ කිරි හොදි මාළු ..පරිප්පු හොදිද සමගින් ...අර පුංචි කන්න බෑ කියල උපවාසයේ ..ඉතින් අපි මොකුත් කියන්න ගියේවත් බල කරන ගියේවත් නෑ ..අපේ කට්ටිය බඩ කට පිරෙන්න කනවා ..."මේ අය්යා තව මාළු හොඳි ගේන්න "කියමින් හෝටලේ වෙටර්ටත් කරදර කරනවා..අපේ පුංචි දැන් කට්ටිය දිහාම මුණ ලේන්සුවෙන් වහගෙන රවාගෙන හොරෙන් බලනවා ..අපිත් වැඩිය බැලුවේ නෑ .බයටම වගේ ..එක පාරම ඒ පුංචි "උඹල මට ඉස්පන්චියක්වත් කන්න කියන නැද්ද යකුනි " කියල ඇහුවේ නැද්ද ...අපි එක්ක හිටිය වැඩිහිටි කෙනෙක් ..."ආ ඉන්න ඉන්න" කියල .."මේ වේටර් මල්ලි ඔය ඉස්පන්චි ගෙන්න" කියල පණිවිඩේ යැව්වා ..වේටර් ඉතින් ඉක්මනින්ම ඉස්පන්චි මේසෙට ගෙනත් තිබ්බ ..අපි ඔක්කොම කිව්වා .."කන්න කන්න" කියල ..ඊට පස්සේ කදුළු එහෙම ලේන්සුවෙන් පිහ දාල ඉස්පන්චියක් ටිකක් අතින් ඔබල ...මේ "ඉස්පන්චි කන්න පුලුවන්ද යකුනි ඉදි ආප්ප ඉවරද?" ...කියල ඉදි ආප්ප කන්නම් කියල ඉදි ආප්ප කැවා ..ඉතින් අපිටත් ගොඩක් සතුටුයි පුන්චිත් බඩගින්නේ ඉන්නේ නැතිව අපිත් එක්ක දවල් කැමට සහභාගී වීම ගැන ...මල ගෙදර වැඩ කටයුතු එහෙම අහවර වෙලා ...ටික කාලෙකට පස්සේ..අදටත් " ඉස්පන්චි පුංචි" කියද්දී ඉතින් පුංචි ගෙන් හොඳ හොඳ වචනත් අහගන්න පුළුවන්

Sunday, January 6, 2013

"සරස්වතී දේවි "


බොහොම ඉස්සර අපි ගමේ පන්සලේ වේදිකා නාට්ටිය කරනවා .අජාසත්ත ,වෙස්සන්තර .අංගුලිමාල ,වගේම තවත් අලුත් නාට්ටිය අපි රග දක්වනවා ..ඉද හිටෙක මමත් සමහර චරිත වලට වෙස් ගැන්වෙනවා ..උම්මග්ග ජාතකය ඇසුරින් කරපු නාට්‍යයේ පුර්නක යකා මම ..මනමේ කරද්දී වැදී රජු මම..ගොඩක් වෙලාවට මුදු සුමුදු චරිත මට ලැබුනේ නෑ,,දැවැන්ත වගේම රෞද්‍රර චරිත තමා මට ලැබුනේ ...ධර්ම ශාලාවේ තියෙන ඩෙස් එක ලග එක ලග තියල ගැටගහල පොඩියට ස්ටේජ් එක ගහනවා .ඉස්සරහින් ප්‍රධාන ලොකු තිරය.. තව දෙපැත්තෙන් කොටස් දෙකකට වෙන්න තිර රෙදි එල්ලනවා ඒවාට මුවා වෙලා තමයි සංගීතය සපයන උදවිය ඉන්නේ .ගොඩක් වෙලාවට විදුලි ඕගනය ..ඩොල්කිය සර්පිනාව සහ බට නලාව තමා වාදනය උනේ.. අපේ සංවිදායක මණ්ඩලේ උදවිය ඉතින් කල බලේ එහෙ මෙහෙ දුවනවා ..ගොඩක් වෙලාවට මාසයක් විතර නිතර පන්සලේ තමා ..නාට්ටිය අහවෙනතුරුම කාලය ..ගතවෙන්නේ ..උදේ වරුවේ සැරසිලි කරනවා ..ඇන්තුරියම් මල් වලින් සහ තවත් නොයෙකුත් මලින් වේදිකාව සරසනවා ..පාට පාට බල්බ වලින් ආලෝකය හැඩ කරනවා ..හැන්දෑවේ හතට අටට නාට්‍යය වේදිකා ගතවෙනවා ,,රාජ වස්ත්‍රාභරණ යෙන් සැරසුණු ඔටුනු පලන් රජවරු ..රජුට පක්ෂපාති ඇමතිවරු..ඔල මොළ ගති වලින් හෙබි යක්කු ..දේවින් වහන්සේලා .පරිවාර ස්ත්‍රියෝ .ඉතින් කල එලි බහිනවා ..පසුබිම් සංගීතයත් එක්කම.."පස්වාන් දහසකට බුදු වෙන්න රජතුමනි "..ඔය වගේ දෙබස් නිතර කිය වුනා මතකයි ..දෙබස් වෙලාවකට අමතක වෙනවා ..අමතක වෙන දෙබස් මතක් කරන්න තිර පිටපත අතේ තියන් හැංගිලා කෙනෙක් උදව්වට ඉන්නවා .කොටසක් ඉවර උනාම තිරේ වහන්න දෙපැත්තේ දෙන්නෙක් බොහොම ඕනෑ කමින් බලන් ඉන්නවා ,,තිරේ අදින චරිතේ බාරගන්නත් සමහරු පොර කනවා..සමහර අවස්තාවල තිරේ මැදින් ගැලවිලා වැටිලත් තියෙනවා .එතකොට වෙදිකාවේ අදුර මැද්දේ සළු පිලි මාරු කරන නළු නිලියෝ .ඉතින් මිනිස්සුන්ගේ හූ හඬ අහල ගම් හතකට ඇහෙන විදිහට .කොහොමත් නාට්‍යය ඉවර වුනාම ගමේ හැමෝම හරි සතුටින් ප්‍රීති ගෝෂා පවත්වනවා .සති ගානක් යනකම්ම හොද කියනවා . නාට්‍යය පටන් ගන්න පෙරාතුව . ...මුලින්ම සරස්වතී දේවි නැමදුම .සරස්වතී දේවියට ඒ දවස්වල හිටියේ යමුනා ..වේදිකාව රෝස සහ රක්ත වර්නෙන් සුලලිත ව බබලනවා ..සරස්වතී දේවිය විදුලි එළියෙන් සුදුම සුදු වස්ත්‍ර කින් සැරසිලා සිතාරයක් අතේ අරන් හුනස්සෙ බොහොම නිහඩව මද සිනාවක් එක්ක ..විරාජමානව .ආඩම්බර ලීලාවෙන් ඉදිරිය බලා ඉන්නවා ..පරිවාර නැටුම් රගන ලලනාවියෝ අත් වල ඉටි පන්දම් අරන් දෙපැත්තෙන් "සරසවි දේවි නමෝ " ගී තයට රැගුම් පානවා ..යමුනාගෙන් පස්සේ සිතරේ අතට අරන් සරස්වතී දේවියට පන පෙව්වේ යමුනාගේ නංගී ලක්ෂ්මි එයත් යමුනට නොදෙවෙනි තරම් ලීලාවකින් කමලාසනාරුඩ වෙලා චාරු දේහිනිය වේදිකාව ප්‍රභාමත් කලා .කාලය කුරුළු වේගයෙන් ඉගිලිලා ගියා .වසර කීපයක් මන් විදෙස් ගත වෙලා ඉඳල ලංකාවට ගියා.. උදේ වරුවේ ,,කුඹුරු යාය අතරින් ගමේ පන්සලට ඉහලින් අලුත් දවසක් හිරු නැගෙනහිරින් එබිකම් කරමින් තිබුණා ..මන් ටවුමට යන්න පිටත් උනා ..බස් එකක් එනතුරු නොඉවසිල්ලෙන් බල හිටියා ..එතන තියෙන ටෙලිෆෝන් කණුවේ ඉහලින් කපුටෙක් කෑ ගහගෙන ඇතට ඉගිලිලා ගියා ,,මගේ ඇස් ටෙලිෆෝන් කනුව දිගේ ඉහල සිට පහලට යොමු වුනා .."මලින්ද ප්‍රින්ටර්ස් " කියල යටින් ලියවුනු ටිකක් පරණ මරණ දැන්වීමක් ඇලවිලා තිබුනා ..නිවන් සැප ලැබේවා .ලොකුවට ලියවිලා ..යන්තමට පේන කළු සුදු සේයාරුව ක්‍.. උදැසන තුෂර බිඳු එහි වෙලිලා විසිරිලා තිබුණා ..මන් .නිකමට වගේ ලංවෙලා බැලුවා ලක්ෂ්මි ගේ මරණ දැන්වීම ..ටික කාලෙකට කලින් ලක්ෂ්මි ජිවිතෙන් සමු අරන් තිබුනා ..පිළිකාවක් හැදිලා අවුරුදු ගානක් දුක් විඳලා දිවි මගෙන් ඇ සමු අරන් ..එදා පන්සලේ වේදිකාව විචිත්‍රවත් කළ සරස්වතී දේවිය නිහඩවම යන්න ගිහින් .......

Tuesday, January 1, 2013

අද එකයි


සකල ලෝක වාසින් බලපොරොත්තු කදු ,

පැතුම් බැමි, සිතුම් රැලි අතරින් තවත් නව වසරකට සේන්දු වුහ ..ගිය වසර පුරාම ජීවිතය ගලවා ගැනීමේ ...
බේරා ගැනීමේ ප්‍රයත්න දරු අයද බොහෝ වුහ ..සමහරු දේවාල පන්සල් බෝධි වන්දනා මාන කරමින් දස අතේ යමින් වසර පුරාම පින්කම් කරන්නට වුහ .
අවසන මායාවරුන් ගේ දින දසුනේ අවසානය මායවක්ම වී ..2013 පෙර වසරක් සේම විකසිතව බැබලුණි ..පෙර සේම මෙවරද සමහරු මේ ලබන්න වූ වසරේ
ග්‍රහ චාරිකාවන් අනුව ලියවුනු වසර පුරා ඉරණම කියවති ..ධන ලාබ ආදායම් වියදම් රැකි රක්ෂා උසස් වීම් විභාග ජය විවහ අපල උපද්‍රව ආදී දේ කියවමින්ද ඒ ගැන සිතමින්ද දවස් ගෙවනු ඇත ..එහෙත් එක සත්‍යක් ඇත ..
එනම්
හෙටද හිරු සුන්දරව සිනාසෙනු ඇත