Sunday, March 3, 2013

"ඇටිපොළ සුදු කොඩිය "


ඉස්කෝලේ ඇරිලා හවස් වරුවේ එද්දී මමයි මගේ හොඳම යාළුවයි එන්නේ එකට .. අපේ ගෙවල් වලට යන පාරේ කුඹුක් ගස් දෙකක් තියෙනවා ..ඒ කුබුක් ගස් දෙක අතරින් ඇතම ඇත ලොකු කන්දක් පේනවා ...අලි හොඩක් වගේ තියෙන ඒ කන්දට කියන්නේ ඇටිපොල කන්ද කියල ..අපි හැමදාම එන්නේ ඔය කන්ද දිහා බලාගෙන ..දවසක් අපි කතා උනා ඒ කන්දට නැගල සුදු කොඩියක් ගහල එන්න ...ඊට පස්සේ හැමදාම කුඹුක් ගස් ගාවින් යද්දී ඒ දිහා බලාගෙන අපි ගැහුව කොඩිය නේද කියල ආඩම්බර වෙන්න .එතකොට අපි හිටියේ හත වසරේ .ඉතින් සතියකට විතර පස්සේ අපේ තව යාළුවො පස් දෙනෙකුත් මගේ හොඳම යාළුවගේ පියතුමත් තව අපි දන්නා සර් කෙනෙකුත් ...ඇතුළු අපි නව දෙනෙක් ඇටිපොල කන්ද තරණය සදහා ගමන පිටත් උනා ...ලොකු උස සුදු කොඩියක් ද..තව කෑම බීම එහෙමත් සකසා ගෙන උදේ පාන්දර පහට පිටත් උනා .ගමන පයින්ම අපේ නඩය ඉදිරියටම ගමන් කළා ..ලදු කැලැව ඔස්සේ හිමිදිරියේම ගමන ගොඩක් දුෂ්කර උනා ..අපිට අපිවවත් නොපෙනෙන තරමට මිදුම තදේටම තිබුණා ..රූස්ස ගස් මැදින් ටිකෙන් ටික කන්දේ මැද හරියට අපි ලගා උනා ..අපි අරන් ගිය කෝල්මන්ස් බීම වතුර එහෙමත් ටිකෙන් ටික අඩු වෙමින් පැවතුනා ...කන්ද මුදුන හරියට යද්දී ගමනෙ දුෂ්කරත්වයේ උපරිමයට ලං වෙලා තිබුනා ..ඉලුක් ගස් ...වලින් අපේ කකුල් අත් දැඩි ලෙස සීරීම් වලට ලක්වෙලා තිබුනා ...දැඩි දහිර්යෙන් ආත්ම ශක්තියෙන් අපි ගමන අහවර කරා ..බලාපොරොත්තුවේ ආලෝක රැස් දහරාවන් අපි හැමෝගෙම නෙත් වල ගලමින් තිබුනා ..කන්දේ මුදුනේ විශාල ලොකු කළු ගලක් තිබුනා ..එක පැත්තකින් මහා විශාලෙට සෙවන දෙන නුග ගසක් තිබුනා .ගමන අහවර වෙද්දී දහවල් 12.30..කන්දේ මුදුනට නැගල වට පිටාව දකිද්දී තමා තේරුනේ අපි කොඩිය ගහන්න සැලසුම් කරපු ඇටිපොළ කන්ද තවත් කදු පහක් ඇතින් බව ..හිත පුදුමාකාර විදිහට කඩා වැටුනා ..එත් කුමක් කරන්නද ,,,අයෙත් දවසක ඇටිපොල කන්ද තරණය කරමු යන බලාපොරොත්තුවෙන් හිත සනසවගත්තා .අපි නැගල තිබුනේ මුවගල කියන කන්දට ,,,ඇටිපොල කන්ද තරම් විශාල කන්දක් නොවුනත් මුවගල කන්දත් හරිම අපුරු වට පිටාවකින් යුතු කන්දක් ..අපි දවල් ආහාරය විදිහට ගත්තේ සීනි සම්බෝල මැදට කවලම් කරපු පාන් පෙති ..පැයක් විතර විවේක සුවයෙන් ඉඳල ආපහු එන්න පිටත් උනා ...මගදී වදුරෝ රැලක් ඇවිත් අපේ ගමන සුන්දර කරා ...කන්ද නැග්ග පැත්තේ තිබුණු රූස්ස ගස් වෙනුවට කන්ද බහින පැත්ත තිබුනේ පියකරු ලොකු කැලෑ මල් ...දම් පාට නම් නොදන්න මල් යායක් අතරමගදී අපේ නෙත් මත ගැටුනා ..කන්දේ පල්ලම ටිකක් ලිස්සන සුළුයි ...අපේ කන්දට එහා අනිත් උස කන්දේ පටු පාරක පුංචි ලොරි බාගයක් යනවා ...පෙරලෙන්න ඔන්න මෙන්න වගේ ...අපි ඒ දිහා බලාගෙන ...කුමකින් කුමක් වෙයිද කියල විමසිලිමත් උනා ?අපි එක්ක ගියපු මගේ හිතවත් මිත්‍රයා සමරේ සින්දුවක් කිව්වා .."පෙරලියන් බර කරත්තේ පෙරලියන් ...පෙරලියන් බර කරත්තේ " කියනවත් එක්කම ලොරිය නෙවේ මෙන්න සමරේ පෙරලිලා අඩි ගානක් පහලට ඇදිල ගියා ...හිනා වරුසා එක්ක සමරේ යාන්තම් තේ ගහක එල්ලිලා ගොඩ ආවා ...මුවගල කන්ද තරණය එතනින් අහවර උනා ,....ඊට පස්සේ මමයි මගේ යාළුවයි කුඹුක් ගස් ගාවින් යද්දී ඇටිපොළ කන්ද දිහා වැඩිය බැලුවේ නෑ ..බැලුවත් නොදැක්ක වගේ යනවා .. ..අදටත් කුඹුක් ගස් දෙකත් තියෙනවා ...ඇටිපොළ කන්දත් ඇතින් පේනවා ..ඒත් අද වෙන තුරුත් ඇටිපොල කන්දේ කොඩියක් ලෙල දුන්නේ නෑ ..

2 comments:

  1. හරිම අපූරු සටහනක් සහෝ!
    ව්‍යංගාර්ථයකුත් හැඟෙනවා
    ජය!

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ...තිස්ස

      Delete