Sunday, March 10, 2013

"මාරි කාමරේ "


එක දවසක් මන් අනුරාධපුරේ කැබිතිගොල්ලෑව පැත්තේ යාලුවෙක් එක්ක මල ගෙදරක ගියා ..බොහොම දුප්පත් පහේ
අහිංසක මිනිසුන් ජිවත් වෙච්ච ගෙදරක් ඒ ..දවල් එකොළහට විතර අපි මල ගෙදරට ඇතුල් උනා ...අපිට ඉස්සරහින් තව වයසක එක්කෙනෙක් බිස්කට් පෙට්ටියකුත් අරන් ඇතුල් උනා ..ඇතුලට ගිහින් මෘත දේහය ලග හිටිය ගැහැණු කෙනාට වැදලා අවසන් ගවුරව දැක්කුවා ...ඊට පස්සේ බිස්කට් පැකට් එකත් අරන් ඒ ලගම තිබ්බ කාමරේක ට හැරුන ගමන් අර ගැහැණු කෙනා අඩන ගමන්ම "ඔය කාමරේ නෙවේ මාරි තියන්නේඒ ඒ ඒ ............ ඉස්සරහ කාමරේ මාරි තියන්නේඒ ඒ ඒ... ඒ ඒ "කියල කෑ ගහන්න පටන් ගත්ත "..ඊට පස්සේ අර මනුස්සයත් එයට ප්‍රති උත්තර ලෙස මාරි බිස්කට් පෙට්ටිය ඉස්සරහ කාමරේ තියල ...එළියේ මිදුලට ගිහින් වාඩි උනා ...මුලින් මුලින් අපිට ඒ අඩන ක්‍රමය අමුතු අමුතු ඇඩුම් ක්‍රමයක් උනත් පස්සේ ඒක සාමාන්‍යය දෙයක් උනා ...ඉතින් අපිත් එළියේ තිබුණු පුටු වල වාඩි වෙලා ශෝක බරිත මුහුණෙන් බලා හිටියා ...ගෙදර හැමෝම වගේ අඩනවා ...අඩමින් විස්තරත් කියනවා ...ටික වෙලාවකින් අර ඇතුලේ හිටිය ගැහැණු කෙනා
අපි ගාවට ඇවිල්ලා ..."අය්යෝඕ ඕ ඕ .. මේ කට්ටියගේ දිවත් එක්ක ගිලෙන්න වගේ නේද ...ඔය කුස්සිය පැත්තේ ඉන්න අය කොහෙද දැන් .................අය්යෝ මේ ළමයින්ට කෝඩියල් වත් දෙන්නේ නැද්ද ...මගේ බුදු අම්මේඒ ඒ ඒ ..."...ඔන්න ඒත් එක්කම කෝඩියල් අරන් පොඩි දැරිවියෝ ටිකක් අපි ගාවට ආවා ...අයෙත් අර ගැහැණු කෙනා ..."උඹලට මුල ඉඳන් කියන්න ඕනෙද අය්යෝ ඔඕ ....බිස්කට් නැද්ද දෙන්නේ මේ ළමයින්ට මගේ සත්තෝ ...." කියල කෑ ගැහුවා ..එත් එක්කම කෙනෙක් දුවන් ගිහින් බිස්කට් බන්දේසියක් අරන් ආවා ..ඔය සිදුවීම් අතරේ ටිකෙන් ටික මද්දහනත් පහු උනා ...දවල් කෑම වෙලාව ..අසල් වැසි ගෙදරකින් මරණ ගෙදරට දහවල් කෑම අරන් ආවා ...ඉතින් අපිටත් ආරාදනා ලැබුනා ..දවල් කෑමට ...හාල් මැස්සෝ හොදි ...ගෝවා මැල්ලුමක් එක්ක බත් කන්න ...මොහොතකින් කීප දෙනෙක් ඈ ත කඩුල්ලෙන් ඇතුල් උනා මල ගෙදරට ..එතන හිටිය ඒ ගෙදර පිරිමි කෙනෙක් බත් එක පැත්තකින් තියලා "මේ දුක නැති හින්ද නෙවේ බත් කන්නේඒ ඒ ඒ .. බඩ ගිනි හින්ද බත් කන්නේ ඩිංගිරි අය්යේ ඒ ඒ ඒ .............."කියල කෑ ගහන්න පටන් ගත්තා නොවැ ...ඉතින් සෙමින් සෙමින් මල හිරු ගිලෙන වෙලාවක මල ගෙදරට අපිත් සමු දුන්නා ..කඩුල්ලෙන් පිට වෙලා එන ගමන් ගේ ඇතුල් පැත්තෙන් අර ගැහැණු හඬ අයෙත් යාන්තමින් ඇහුනා .."මගේ ලොකු දුවේ ඒ ඒ .... උඹ ඔය මල් මල් ගවුම ඇදන් ඉන්නේ පෙරේදා ඉදන් නේද අ අ අ ...ඕක ගලවල දාල වෙන එකක් ඇද ගනින්කෝ බුදු සංතෝ .............."ඉතින් අමතක නොවෙන මරණ ඇඩුම් වැකි කීපයකුත් මතකේ තියන් අපි එන්න ආවා ..අදටත් මාරි බිස්කට් එකක් ඇහැ ගැහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ...එදා මල ගෙදර මාරි කාමරේ කතාව .

No comments:

Post a Comment