Sunday, March 17, 2013

"ආච්චිගේ ටැලිපෝන් "


කාලෙකට ඉස්සර මන් මුලින්ම කුවෛට් ඉඳල ලංකාවට ගිය අලුත මගේ අතේ පුංචි මොබයිල් එකක් තිබුනා ..nokia වර්ගයේ ..
ඒ දවස් වල ජංගම දුරකථන බහුලව නැති කාලේ ...තිබුනත් එකක් දෙකක් ..ඒ තිබුනෙත් ටිකක් විතර ලොකු ප්‍රමානෙ ජංගම දුරකථන..දවසක් උදේ වරුවක අපේ යාළුවො සෙට් එක ...පාරෙන් උඩ තිබුණු අපේ යාලුවෙක්ගෙ ගෙදරට වෙලා පුංචි පහේ කතා බහක යෙදීලා හිටියා ..ඔය කතාව යන අතරේ පාරේ අපි දන්නා කියන හිතවත් යාලුවෙක්ගේ ආච්චි කෙනෙක් උඩහ පැත්තට එනවා දැක්ක ..ඒ ආච්චි කොහොමත් අනිත් අයට හරියනවට කැමති නැ ..දියුණු වෙනවට කැමති නෑ ..ඉර්ශියාවෙන් කුහක කමින් පිරිච්ච තමන්ගේ ලොකු කම් නිතර නිතර අනිත් අය එක්ක කබල් ගාන කෙනෙක් ..ඒ දවස් වල ඒ ආච්චි ගේ පුතාටත් ජංගම දුරකතනයක් තිබුනා ..ඉතින් ඔය ආච්චි දැක්ක විතරයි අපේ යාළුවො කට්ටිය මොකද කරේ ..මගේ මොබයිල් එක අරන් පාරේ යන ආච්චිට පේන්න කනේ තියාගෙන කතා කරන්න පටන් ගත්තා ..දැන් ආච්චි ගමනත් නතර කරලා බලනවා මොකක්ද යකඩෝ මේ අරුම පුදුම පුංචි පහේ භාණ්ඩේ කියල ...කොහොම හරි තේරුම් අරන්ද කොහෙද යන්න ගියා ..ඒත් ආපහු හැරී හැරී බලන්නත් අමතක කරේ නෑ ..එදා උදේ ආච්චි ගෙදර ගිහින් කිව්ව දේ ඒ ගෙවල් ළඟ ඉන්න යාලුවෙක් අපි එක්ක කිව්වා .....

"හක් අන්න අර කොල්ලෝ සැට් එකේ උන් ටැලිෆෝන් එකක් තියාගෙන හිටියේ ..බලන්ට වැඩේ... ....ඒක මොන ටැලිපෝන් එකක්ද ..මන් හොදට දැක්කනේ මේන් මෙච්චර ඇති පෙත්ත වගේ ..ඒ වගේද අපේ පුතාගේ ටැලිෆෝන් එක ..කොච්චර ලොකුද ..? ..ගඩොල් බාගයක් වගේ ..ලයිටුත් පත්තුවෙනවා ...හෆ්ෆා ....එව්වනේ ටැලිෆෝන් කියන්නේ ..අතටවත් අහු වෙන් නැති ඔය පෙත්ත වගේ ටැලිෆෝන් එක ඔය කොහෙන් හරි පේමන්ට් එකකින්වත් ගන්න ඇති .."

No comments:

Post a Comment