Sunday, January 6, 2013

"සරස්වතී දේවි "


බොහොම ඉස්සර අපි ගමේ පන්සලේ වේදිකා නාට්ටිය කරනවා .අජාසත්ත ,වෙස්සන්තර .අංගුලිමාල ,වගේම තවත් අලුත් නාට්ටිය අපි රග දක්වනවා ..ඉද හිටෙක මමත් සමහර චරිත වලට වෙස් ගැන්වෙනවා ..උම්මග්ග ජාතකය ඇසුරින් කරපු නාට්‍යයේ පුර්නක යකා මම ..මනමේ කරද්දී වැදී රජු මම..ගොඩක් වෙලාවට මුදු සුමුදු චරිත මට ලැබුනේ නෑ,,දැවැන්ත වගේම රෞද්‍රර චරිත තමා මට ලැබුනේ ...ධර්ම ශාලාවේ තියෙන ඩෙස් එක ලග එක ලග තියල ගැටගහල පොඩියට ස්ටේජ් එක ගහනවා .ඉස්සරහින් ප්‍රධාන ලොකු තිරය.. තව දෙපැත්තෙන් කොටස් දෙකකට වෙන්න තිර රෙදි එල්ලනවා ඒවාට මුවා වෙලා තමයි සංගීතය සපයන උදවිය ඉන්නේ .ගොඩක් වෙලාවට විදුලි ඕගනය ..ඩොල්කිය සර්පිනාව සහ බට නලාව තමා වාදනය උනේ.. අපේ සංවිදායක මණ්ඩලේ උදවිය ඉතින් කල බලේ එහෙ මෙහෙ දුවනවා ..ගොඩක් වෙලාවට මාසයක් විතර නිතර පන්සලේ තමා ..නාට්ටිය අහවෙනතුරුම කාලය ..ගතවෙන්නේ ..උදේ වරුවේ සැරසිලි කරනවා ..ඇන්තුරියම් මල් වලින් සහ තවත් නොයෙකුත් මලින් වේදිකාව සරසනවා ..පාට පාට බල්බ වලින් ආලෝකය හැඩ කරනවා ..හැන්දෑවේ හතට අටට නාට්‍යය වේදිකා ගතවෙනවා ,,රාජ වස්ත්‍රාභරණ යෙන් සැරසුණු ඔටුනු පලන් රජවරු ..රජුට පක්ෂපාති ඇමතිවරු..ඔල මොළ ගති වලින් හෙබි යක්කු ..දේවින් වහන්සේලා .පරිවාර ස්ත්‍රියෝ .ඉතින් කල එලි බහිනවා ..පසුබිම් සංගීතයත් එක්කම.."පස්වාන් දහසකට බුදු වෙන්න රජතුමනි "..ඔය වගේ දෙබස් නිතර කිය වුනා මතකයි ..දෙබස් වෙලාවකට අමතක වෙනවා ..අමතක වෙන දෙබස් මතක් කරන්න තිර පිටපත අතේ තියන් හැංගිලා කෙනෙක් උදව්වට ඉන්නවා .කොටසක් ඉවර උනාම තිරේ වහන්න දෙපැත්තේ දෙන්නෙක් බොහොම ඕනෑ කමින් බලන් ඉන්නවා ,,තිරේ අදින චරිතේ බාරගන්නත් සමහරු පොර කනවා..සමහර අවස්තාවල තිරේ මැදින් ගැලවිලා වැටිලත් තියෙනවා .එතකොට වෙදිකාවේ අදුර මැද්දේ සළු පිලි මාරු කරන නළු නිලියෝ .ඉතින් මිනිස්සුන්ගේ හූ හඬ අහල ගම් හතකට ඇහෙන විදිහට .කොහොමත් නාට්‍යය ඉවර වුනාම ගමේ හැමෝම හරි සතුටින් ප්‍රීති ගෝෂා පවත්වනවා .සති ගානක් යනකම්ම හොද කියනවා . නාට්‍යය පටන් ගන්න පෙරාතුව . ...මුලින්ම සරස්වතී දේවි නැමදුම .සරස්වතී දේවියට ඒ දවස්වල හිටියේ යමුනා ..වේදිකාව රෝස සහ රක්ත වර්නෙන් සුලලිත ව බබලනවා ..සරස්වතී දේවිය විදුලි එළියෙන් සුදුම සුදු වස්ත්‍ර කින් සැරසිලා සිතාරයක් අතේ අරන් හුනස්සෙ බොහොම නිහඩව මද සිනාවක් එක්ක ..විරාජමානව .ආඩම්බර ලීලාවෙන් ඉදිරිය බලා ඉන්නවා ..පරිවාර නැටුම් රගන ලලනාවියෝ අත් වල ඉටි පන්දම් අරන් දෙපැත්තෙන් "සරසවි දේවි නමෝ " ගී තයට රැගුම් පානවා ..යමුනාගෙන් පස්සේ සිතරේ අතට අරන් සරස්වතී දේවියට පන පෙව්වේ යමුනාගේ නංගී ලක්ෂ්මි එයත් යමුනට නොදෙවෙනි තරම් ලීලාවකින් කමලාසනාරුඩ වෙලා චාරු දේහිනිය වේදිකාව ප්‍රභාමත් කලා .කාලය කුරුළු වේගයෙන් ඉගිලිලා ගියා .වසර කීපයක් මන් විදෙස් ගත වෙලා ඉඳල ලංකාවට ගියා.. උදේ වරුවේ ,,කුඹුරු යාය අතරින් ගමේ පන්සලට ඉහලින් අලුත් දවසක් හිරු නැගෙනහිරින් එබිකම් කරමින් තිබුණා ..මන් ටවුමට යන්න පිටත් උනා ..බස් එකක් එනතුරු නොඉවසිල්ලෙන් බල හිටියා ..එතන තියෙන ටෙලිෆෝන් කණුවේ ඉහලින් කපුටෙක් කෑ ගහගෙන ඇතට ඉගිලිලා ගියා ,,මගේ ඇස් ටෙලිෆෝන් කනුව දිගේ ඉහල සිට පහලට යොමු වුනා .."මලින්ද ප්‍රින්ටර්ස් " කියල යටින් ලියවුනු ටිකක් පරණ මරණ දැන්වීමක් ඇලවිලා තිබුනා ..නිවන් සැප ලැබේවා .ලොකුවට ලියවිලා ..යන්තමට පේන කළු සුදු සේයාරුව ක්‍.. උදැසන තුෂර බිඳු එහි වෙලිලා විසිරිලා තිබුණා ..මන් .නිකමට වගේ ලංවෙලා බැලුවා ලක්ෂ්මි ගේ මරණ දැන්වීම ..ටික කාලෙකට කලින් ලක්ෂ්මි ජිවිතෙන් සමු අරන් තිබුනා ..පිළිකාවක් හැදිලා අවුරුදු ගානක් දුක් විඳලා දිවි මගෙන් ඇ සමු අරන් ..එදා පන්සලේ වේදිකාව විචිත්‍රවත් කළ සරස්වතී දේවිය නිහඩවම යන්න ගිහින් .......

No comments:

Post a Comment