Thursday, September 19, 2013

"ඔරු ඩාන්ස් "


මීට අවුරුදු ගානකට කලින් අවුරුදු දවස් වල අපේ යාළුවො කට්ටිය අමුතු විදිහේ අවුරුදු පාර්ටි එකක් දාන්න කල්පනා කළා ..ඒ තමා පිටි අරන් ගිහින් හද පානේ කමතක් මැද ලිපක් එහෙම හදල රොටි හදන්න ...ඉතින් අපේ කාන්ඩේ අය ෂෝර්ට් එහෙම ගහගෙන රොටි හදන්න අවශ්‍ය බඩු භාණ්ඩත් අරන් හැන්දෑ කොරේ කමත පැත්තට ගියා ...

එදා යාන්තමට වගේ වැහි බීරුම ඉතින් කමත හරියට කිට්ටු වෙද්දීම වගේ පොද වැස්සක් කඩන් පාත් උනා ...ඉතින් අපේ කට්ටිය ඒ ලගම තිබුණු ගෙදරට ගොඩ වැදුනා ..ඒ ගෙදර හිටිය කට්ටිය අපේ අවශ්‍යතාව තේරුම් අරන් රොටි හදන වැඩේ ඒ ගෙදරම කරගන්න අවශ්‍ය කටයුතු සකස් කරලා දුන්නා ..ඉතින් අපේ අයත් දැන් පිටි ලොකු භාජනයකට දාලා කලවම් කරනවා ..ලුණු එකතු කරනවා ...වැඩ කෝටියයි ...කට්ට සම්බෝලයකුත් ඔය අත‍රේ හැදෙනවා ...ඉතින් ටික වෙලාවකට පස්සේ සාජ්ජේ පටන් ගත්තා ..
හෙමින් හෙමින් කිව්ව සින්දු ටිකක් වේගවත් උනා ..ඔය අතරේ එක පාරම ඒ ගෙදර මහා බලවතා කඩා පාත් උනා ...
"හා හා ළමයිනේ හෙමින් හෙමින් අර රාළහාමිලා දෙන්නෙක් ඇවිත් ඉන්නවා ඉස්සරහ ...සද්දේ අඩුවෙන් ...අනික ඔය සද්දෙට මන් වැඩිය කැමති නැ..එහෙනම් හෙමින් ඈ" කියල යන්න ගියා ..

ඊට පස්සේ අපි ටිකක් හෙමින් සින්දු කිව්වා ..ඒත් අයෙත් සද්දේ උච්ච වෙන්න ගත්තා .. එක පාරම මහා බලවතා යක්ශාරුඩ වෙලා අපි හිටපු තැනට ඇවිත් ..."මේ සිංහල තේරෙන් නැද්ද ...අර රාළහාමිලා දෙන්නෙක් ඇවිත් ඉන්නවා ඉස්සරහ ...ඔය මගුල නවත්තනවද ....නැද්ද ..."කියල ඉස්තෝප්පුව පැත්තට ගියා ...අපි ඔක්කොම තක්බීර් උනා ...අපි ආපහු එන්න හැදුවත් ගෙදර අය කීවා ..
"ඔය අපේ තාත්තගේ හැටි ඕවා ගණන් ගන්න එපා ..හදපු රොටි එහෙම කාල යන්න "කියල ...අපි කට්ටියම රොටි එහෙම කාල අහවර උනා විතරයි ...මෙන්න ආයෙත් අර ගෙදර පියා හෙවත් මහා බලවතා අපි ගාවට ආවා ..
'කෝ දැන් මේ කොල්ලෝ ...අය්යෝ බන් උඹල සින්දුවක් වත් කියන් නැද්ද..උඹලා කොල්ලෝ නේද ...මේ අවුරුදු කාලේ නේද ..මේ ඔය කැසට් එක දාන්න ...කෝ දැන් අපේ ගෙදර එකා ...අර ජෝතිගේ පීස් එක ගේන්න ..." දැන් කැසට් එක බෙරිහන් දෙන්න පටන් ගත්ත ...දැන් කට්ටියම හිටපු තැන් වලින් නැගිටලා කකුල් එහා මෙහා කරමින් නටන්න පටන් ගත්තා .සාජ්ජේ සුපිරියටම නැගල යනවා ..එක එක නැටුම් රාශියයි ...සමහරු වලවල් හාරන ඩාන්ස් ...සමහරු එක්සසයිස් ඩාන්ස් ...සමහරු පූස් කුරුමානම් ඩාන්ස් සමහරු කල්පනා ඩාන්ස් හිනා වේවි කට්ටිය නටනවා ...ඔය අතරේ තමා හොදම ඩාන්ස් එක පටන් ගත්තේ අර පියතුමා ..

එයා ඇදන් හිටියේ සුදු පාට බැනියමක් සහ සුදු පාට සරමක් ...
"ඔව්වද බන් උඹලගේ ඩාන්ස් ..මෙන්න බලපල්ලා මේවා තමා ඩාන්ස් කියන්නේ" කියල ..
               සරම දෙකට නවාගෙන ආරුක්කුවක් වගේ එක කොනක් දකුණු අතින් ඉස්සරහට ඇදගෙන අනිත් කොන වම අතින් පිටිපස්සට ඇදගෙන එක කකුලක් ඉස්සරහටත් අනිත් කකුල පිටිපස්සටත් තබාගෙන සින්දුවේ තාලයට එක තැන ඉඳගෙන වගේම ගමනේ යමින් නැටුමක් පටන් ගත්ත නොවැ..
"මෙව්වට තමයි බන් කියන්නේ ඔරු ඩාන්ස් කියල ..උඹලත් දාහල්ලා ඔරු ඩාන්ස් ..රාළහාමිලා දෙන්නෙක් නෙවේ ලංකාවේ පොලිස් දෙපාර්තමේන්තුව ආවත් උඹල සින්දු කියල ඔරු පැදපල්ලා ..මේ ගෙදර අනිත් පැත්ත පෙරලලා පලයල්ලා "කියමින් සිංහ ගර්ජනා හඬ නැගුවා ... ටික වෙලාවකින් අපේ කට්ටියත් එකින් එකා ඔරු ඩාන්ස් දාන්න පටන් ගත්ත ...
දැන් ගෙදර ඉස්සරහ ඔක්කොම ඔරු පදිනවා ...පාරු පදිනවා ...අඩුවකට තිබ්බේ ගගක් මුහුදක් අඩු එක විතරයි ..

පාන්දර දෙකට විතර අවුරුදු සාජ්ජේ ඉවර වෙලා අපේ කට්ටිය එන්න ආවා ..දවස් දෙකකට විතර පස්සේ එස් එම එස් පණිවිඩයක් නෙවේ ...අසල්වැසි පණිවිඩයක් ඇවිත් තිබුනා අපේ කට්ටියටම අර මහ බලවතාගෙන් ....
"එදා අපේ ගෙදරට ඇවිත් රොටි එහෙම කාල ගෙදර තිබ්බ ඔක්කොම සරම් ටික උන් උස්සන් ගිහින් .. ගෙනත් දුන් නැත්නම් රාළහාමිලා දෙන්නට කියනවා " කියල ....

No comments:

Post a Comment