Sunday, October 6, 2013

"ගොටු කොළ සහ ඒඩ්ස් "



ඉතින් බලයි ගොටුකොල සහ ඒඩ්ස් අතර මොකක්ද මේ සම්බන්දෙ කියල ..
අනුව දශකේ ඉස් ඉස්සෙල්ලම පටන් ගත්ත කාලේ ..මන් ලිව්ව මුල්ම පොතේ නම "ගොටුකොල සහ ඒඩ්ස් .ඒක හරි අපූරු පොතක් ..සත්‍ය සිදුවීමක් පාදක කරගෙන ලිය වුනු පොතක් ..හැබැයි ඒ පොත කියෙව්වේ අතින් අත සැරිසැරුවේ අපේ යාලු කාන්ඩේ අතර පමණයි ..ඒ දවස් වල අපේ මිත්‍ර සමාගම ඉස්කෝලේ ඇරිලා එද්දී සැතපුමක් විතර පයින් එනවා .. එන අතර මග පුංචි බේකරියක් තියෙනවා ..ඉතින් අපේ කස්ටිය ඔය බේකරියෙන් හවසට උණු උණුවෙ එලියට එන පාන් කාලේ ඒවා අරන් තව මදි පාඩුවට කිරි ටොපි සහ රතු ලුණු අරන් මග දිගට කමින් එක එක කයි කතන්දර දොඩව දොඩවා එනවා ..දවසක් අපිත් එක්ක එන අපිට වඩා වයස අවුරුදු දෙක තුනක් බාල මල්ලි කෙනෙක්.. රෝස පාට ලියුම් කරදහියක් අරන් ඇවිත් තිබුනා ...ඒක love letter එකක් ..පාරේ වැටිලා තිබිලා අහුලන් ඇවිත් ..හොර රහස් ලිපියක් ..
ඒක දිග ඇරලා බැලුවම අපේ ඇස් අහසේ වැදුනා නොවැ ..ඒ ලියුමේ ලියල තිබුනා "හෙට හැන්දෑවේ 3ට මන් ගොටු කොළ කඩන්න එනවා ,,එතකොට
ඔය ඉල්ලුව කිස්ස් එක දෙන්නම් ...".කියල .අපි ඔක්කොම අන්දොස් ...ඉතින් එයින් පස්සේ අපි ඔක්කොම cid වගේ ඔය ලියුම දුන්න තැනැත්ති පස්සේ පැන්නුවා ...ඒ තැනැත්ති සෙනසුරාදා හැන්දෑවට ගොටුකොල කඩන්න යනවා ..නියර දිගේ ...අපේ අය එක එක දේවල් කියන්න පටන් ගත්තා .. ..
"ගොටුකොල කැඩුවට කමක් නෑ .ඒඩ්ස් හදාගන්න එපා කියල ..ඔය කාලේ තමා ඒඩ්ස් වසංගතය ලෝකේ පුරා හිස එසෙව්වේ..ඔය දේවල් ඇහුවම ඉර හැන්ඟෙන හැන්දෑවේ එයාගේ පිපිච්ච මුහුණ මැලවුණු
ගොටුකොල වගේ වෙනවා ..ඊට පස්සේ කාලයක් යනතුරුම අපි එයාව දැක්කේ නෑ ...හැන්දෑවේ ඉර ගල වැටෙන කනිසමේ
කුඹුරු යායට මෙහා පුංචි දොළ පාර අයිනේ ඔවු නොවුන් මුණ ගැහෙන්නට ඇති ..ආදරේ දොළ පාරත් එක්කම දෝරේ ගලන්න ඇති ...කාලයක් යන තුරු ඒ ලියුම අදාල ප්‍රේමවන්තයා කවුද කියන එක ප්‍රශ්නයක් උනා ...89 අග භාගයේ තමා දැන ගත්තෙ ඒ ලියුම දුන්න දවසෙම ඒ ප්‍රේමවන්තයා ගජබා කට්ටිය කුදලන් ගිහින් තිබුන වග ..හමුදාවෙන් එක්ක යද්දී සාක්කුවෙන් ලියුම වැටිලා ..ඒ ලියුම තමා අපි අතට පත් උනේ ..ඒඩ්ස් කෙසේ වෙතත් ගොටු කොළ නම් තාමත් අර දොළ පාර අයිනේ දිය එක්ක පෙම් කෙලිනවා ඇති .. ..

No comments:

Post a Comment