Sunday, March 31, 2013
"පිරිසිදු චේතනා ගෙන දේ වාසනා "
මේ වැකිය ගොඩක් වෙලාවට ත්‍රී වීලර් වල ලියල තියෙනවා දකිද්දී මගේ මතකේ උසස් පෙළ කරපු කාලෙට නිතැතින්ම ඇදිල යනවා.ඒ දවස් වල අපේ කාන්ඩේ හතර දෙනෙක් එකතුවෙලා රහස් අට කම්මන්ත්‍රනයක යෙදුනා ..ඒ උසස් පෙළ ඉහලින්ම සමර්ථ වීමේ උපක්ක්‍රම මූලයන් යෝජනා සම්මත කරගැනීමට ..අපි එදා කතා කල දේවල් දන්නේ අපි හතර දෙනා ඇරුනු කොට අපි ට සෙවන දුන්න රත් මැයි මල් ගහ විතරයි ..ඉතින් මුලින්ම කතා කලේ අපි කාන්ඩේ උසස් පෙලට කලින් තිබුණු අන්තිම නිවාඩු වාරේ එක තැනකට එකතු වෙලා පාඩම් කරන්න .ගෙවල් වලින් පිට නිදහස් තැනක සාකච්චා කරමින් පාඩම් කරන්න .. තැනක් හොයාගන්න එක මුල්ම ප්‍රශ්නේ ..අපි එක්ක හිටපු එක යාලුවෙක් කිව්වා ,,,එක තැනක් තියෙන බව ..ඒකෙ විස්තරේ දන්නේ නුවර ප්‍රදාන ආපන ශාලාවක එක්කෙනෙක් බව ..ඉතින් අපි ඔර්ලෝසු කණුවට ටිකක් එහා තියෙන හොටෙල් එකට ගියා ..ඒ තැන ගැන විස්තරේ අහන්න ..ඔහු හමු උනාම කිව්වේ ...හෙට එන්න කියල ...ඊලග දවසේ යද්දී ..ඒ කෙනා වැඩ කරපු තැන එක්ක ප්‍රශ්නයක් දාගෙන උදෙන්ම පිටවෙලා ගිහින් තිබුනා ..ඊට පස්සේ අපි සිංහල හෝටලයෙන් තේ බිව්වේ බිඳුණු බලාපොරොත්තු එක්ක ..අපි හතර දෙනාගෙම ඒක මතික කැමැත්තෙන් හොඳ තැනක් තෝරගත්ත ..නුවර ටවුන් එකේ ඉඳන්ම පයින් යන දුර ..ඉතින් ඊට පස්සේ දවසේ අපි හතර දෙනා උදෙන්ම එතනට එකතු පාදා උනා ..හරිම නිස්කලංකයි ,,අපි හතර දෙනා ලොකු මාර ගහක් යට හෙවනක දැන් ඉතින් පැය දෙක තුනක් පාඩම් කරා ..අපේ තනියට තව ගොඩක් අය හිටියා වටේටම ..හැබැයි නිසලව ...උපත විපත ගහපු කොත් යට ...පැය කීපයකට පස්සේ ආරක්ෂක අංශයෙන් ඇවිත් කිව්වා එතන පාඩම් කරන්න ඉඩ දෙන්න බැරි බව ..ඉතින් මක් කරන්නද ...දුකෙන් උනත් මහයියාව පොදු සුසාන භූමියට සමු දුන්නා ..ඊලග සතියේ තැනක් අපිට ලැබුනා ..අපේ හිතවතෙකුගේ ගමේ තැනකට අපි එක හෙලා කැමති උනා ..ඒ ජම්බුගහපිටියේ අලුත්ගම අත් හැරල දාල තිබුණු පොඩි බේකරියක් ..ඉතින් අපි එතනට රැස් වුනා ...ඒ තැන අලුතෙන්ම පිරිසිදු කරලා ගත යුතුව තිබුනා ...ඉතින් දවස් දෙක තුනක්ම සුද්ද බුද්ද කරන්න උනා අපිට ..අවසානේ පිළිවෙලක් ලස්සනක් හැඩයක් තියෙන තැනක් බවට ඒ තැන පරිවර්තනය කරා ..පුංචි මේසයක් උඩට ඉටි රෙද්දක් එහෙම දාලා ලස්සන මල් පෝච්චියක් තිබ්බා ..ඇන්තූරියම් මලින් සරසලා .දැන් පාඩම් කරන්න සියල්ල සූදානම් ..අපේ යාලුවෙක් කිව්වා ..බිත්තියේ කොලයක හොඳ ආදර්ශ පාඪයක් ලියන්න ඕනේ කියල ..ඉතින් ඒ වැඩේ එයාටම බාර දුන්නා ..මොකද එයාලගේ ගෙවල් ඒ ගමේම නිසා.. එයා කිව්වා එදාම හවස ඇවිත් කොලේක ලියල ගහන්නම් කියල ..කාල වෙලාව උදේ 9 සිට හවස 4 වෙනකම්.. ඊට පස්සේ ඒ ඒ විෂයන් ගැන හොඳ පරිචයක් තියෙන එක එක්කෙනා ඒ යම් යම් පාඩම් ගැන දෙසුම් තියන්නත් අවසන් පැය යොදාගත්තා .. .හරිම නිහඩ වට පිටාවක් තිබුනේ ඒ අවට ..කිසිම හැල හොල්මනක් නෑ ...(හොල්මන් දකින්නත් තිබුනා මුලින් තැන පාඩම් කරානම් )..
ඉදිරියෙන්ම තිබුනේ කිරි වැදිච්ච වෙල් යායක් ..පැත්තකින් පුංචි කමතක් තිබුනා ..කොනක නිල් කැටේට
වතුර පිරිලා තිබුණු ළිදක් පිහිටලා තිබුනා ...අපි ඒ දවස් ටිකේම උදේ ඒ ලිඳෙන් නෑවා ..ඒ සීතල තවමත් දැනෙනවා වගේ ..ඒ වතුර ඒ තරමටම සීතලයි ..ඊලග සතියේ සදුදා උදෙන්ම උසස් පෙළ විජයග්ග්‍රහණයේ මූලික පාඩම් වැඩ කටයුතු ආරම්භ කරන අදිටනින් අපි වෙන්ව ගියා ...සදුදා එළබුනා ...ප්‍රවාහන සේවයේ මන්දගාමී බව නිසා මන් යද්දී උදේ දහය විතර උනා ..පරණ ටියුට්ස් පොත් උස්සන් හති දාගෙන යද්දී ..අපේ කවුරුත් එතන හිටියේ නෑ ..ළිද පැත්ත බැලුවත් ..ළිං බැම්මේ හිටියේ කුරුල්ලෙක් දෙන්නෙක් විතරයි ..මන් ඒ ගමේ අපේ සාමාජික යාළුවගේ ගෙදර ගියා ..එහෙ යද්දී විස්තරේ දැනගත්තා ,,අපි පාඩම් කරන්න හදා ගත්ත තැනේ අයිතිකරු ආපහු එතන වැඩ ආරම්භ කරන්න ඕනේ කියල ඒ තැන වහල භාන්ඩ වගයක් ඇතුලට දාල යන්න ගිහින් ..අන්තිමේ අපේ ඒ බලාපොරොත්තුවත් කඩ වෙලා ගියා ..මන් හිස් අතින්ම එන්න අවා ..ඒ එන අතර මගදී අපි පාඩම් කරන්න හිටපු තැන අයෙත් මගේ නෙත ගැටුනා ..ලොකු දුකක් දැනුනා ..ඉස්සරහ ජනේලේ වීදුරුවේ පැත්තක් ගැලවිලා තිබුනේ ..මන් එතනට ගිහින් නිකමට වගේ ඇතුල බැලුවා ..සිකුරාදා සකස් කරපු මේසේ උඩ මල් පෝච්චියේ ඇන්තුරියම් මල් ඒ විදිහටම තිබුනා ..එතනටම ඉහළින් ලොකු කොලයක ලියල තිබුනා "පිරිසිදු චේතනා ගෙන දේවි වාසනා " කියල ..මන් එන්න ආවා ..කාලයක් ගත උනා ..අපි හතර දෙනාටම සරසවි වරම් ලැබුනේ නෑ..අද වෙද්දී එක යාලුවෙක් මහා සයුරේ එහා මෙහා යන යාත්‍රිකයෙක් ..තව කෙනෙක් අපිට එළිය දෙන මණ්ඩලේ ක සේවය කරනවා ..ආදර්ශ පාඪය ලිව්ව කෙනා පිගන් සම්බන්ද දංකොටුවේ ආයතනයක...තර්ක ශාස්ත්‍රය ගැන දෙසුම් දෙන්න හිටපු කෙනා අහසින්.. ජපානේ කිට්ටුව රටකට ගිහින් ..
Sunday, March 17, 2013
"ආච්චිගේ ටැලිපෝන් "
කාලෙකට ඉස්සර මන් මුලින්ම කුවෛට් ඉඳල ලංකාවට ගිය අලුත මගේ අතේ පුංචි මොබයිල් එකක් තිබුනා ..nokia වර්ගයේ ..
ඒ දවස් වල ජංගම දුරකථන බහුලව නැති කාලේ ...තිබුනත් එකක් දෙකක් ..ඒ තිබුනෙත් ටිකක් විතර ලොකු ප්‍රමානෙ ජංගම දුරකථන..දවසක් උදේ වරුවක අපේ යාළුවො සෙට් එක ...පාරෙන් උඩ තිබුණු අපේ යාලුවෙක්ගෙ ගෙදරට වෙලා පුංචි පහේ කතා බහක යෙදීලා හිටියා ..ඔය කතාව යන අතරේ පාරේ අපි දන්නා කියන හිතවත් යාලුවෙක්ගේ ආච්චි කෙනෙක් උඩහ පැත්තට එනවා දැක්ක ..ඒ ආච්චි කොහොමත් අනිත් අයට හරියනවට කැමති නැ ..දියුණු වෙනවට කැමති නෑ ..ඉර්ශියාවෙන් කුහක කමින් පිරිච්ච තමන්ගේ ලොකු කම් නිතර නිතර අනිත් අය එක්ක කබල් ගාන කෙනෙක් ..ඒ දවස් වල ඒ ආච්චි ගේ පුතාටත් ජංගම දුරකතනයක් තිබුනා ..ඉතින් ඔය ආච්චි දැක්ක විතරයි අපේ යාළුවො කට්ටිය මොකද කරේ ..මගේ මොබයිල් එක අරන් පාරේ යන ආච්චිට පේන්න කනේ තියාගෙන කතා කරන්න පටන් ගත්තා ..දැන් ආච්චි ගමනත් නතර කරලා බලනවා මොකක්ද යකඩෝ මේ අරුම පුදුම පුංචි පහේ භාණ්ඩේ කියල ...කොහොම හරි තේරුම් අරන්ද කොහෙද යන්න ගියා ..ඒත් ආපහු හැරී හැරී බලන්නත් අමතක කරේ නෑ ..එදා උදේ ආච්චි ගෙදර ගිහින් කිව්ව දේ ඒ ගෙවල් ළඟ ඉන්න යාලුවෙක් අපි එක්ක කිව්වා .....
"හක් අන්න අර කොල්ලෝ සැට් එකේ උන් ටැලිෆෝන් එකක් තියාගෙන හිටියේ ..බලන්ට වැඩේ... ....ඒක මොන ටැලිපෝන් එකක්ද ..මන් හොදට දැක්කනේ මේන් මෙච්චර ඇති පෙත්ත වගේ ..ඒ වගේද අපේ පුතාගේ ටැලිෆෝන් එක ..කොච්චර ලොකුද ..? ..ගඩොල් බාගයක් වගේ ..ලයිටුත් පත්තුවෙනවා ...හෆ්ෆා ....එව්වනේ ටැලිෆෝන් කියන්නේ ..අතටවත් අහු වෙන් නැති ඔය පෙත්ත වගේ ටැලිෆෝන් එක ඔය කොහෙන් හරි පේමන්ට් එකකින්වත් ගන්න ඇති .."
Sunday, March 10, 2013
"මාරි කාමරේ "
එක දවසක් මන් අනුරාධපුරේ කැබිතිගොල්ලෑව පැත්තේ යාලුවෙක් එක්ක මල ගෙදරක ගියා ..බොහොම දුප්පත් පහේ
අහිංසක මිනිසුන් ජිවත් වෙච්ච ගෙදරක් ඒ ..දවල් එකොළහට විතර අපි මල ගෙදරට ඇතුල් උනා ...අපිට ඉස්සරහින් තව වයසක එක්කෙනෙක් බිස්කට් පෙට්ටියකුත් අරන් ඇතුල් උනා ..ඇතුලට ගිහින් මෘත දේහය ලග හිටිය ගැහැණු කෙනාට වැදලා අවසන් ගවුරව දැක්කුවා ...ඊට පස්සේ බිස්කට් පැකට් එකත් අරන් ඒ ලගම තිබ්බ කාමරේක ට හැරුන ගමන් අර ගැහැණු කෙනා අඩන ගමන්ම "ඔය කාමරේ නෙවේ මාරි තියන්නේඒ ඒ ඒ ............ ඉස්සරහ කාමරේ මාරි තියන්නේඒ ඒ ඒ... ඒ ඒ "කියල කෑ ගහන්න පටන් ගත්ත "..ඊට පස්සේ අර මනුස්සයත් එයට ප්‍රති උත්තර ලෙස මාරි බිස්කට් පෙට්ටිය ඉස්සරහ කාමරේ තියල ...එළියේ මිදුලට ගිහින් වාඩි උනා ...මුලින් මුලින් අපිට ඒ අඩන ක්‍රමය අමුතු අමුතු ඇඩුම් ක්‍රමයක් උනත් පස්සේ ඒක සාමාන්‍යය දෙයක් උනා ...ඉතින් අපිත් එළියේ තිබුණු පුටු වල වාඩි වෙලා ශෝක බරිත මුහුණෙන් බලා හිටියා ...ගෙදර හැමෝම වගේ අඩනවා ...අඩමින් විස්තරත් කියනවා ...ටික වෙලාවකින් අර ඇතුලේ හිටිය ගැහැණු කෙනා
අපි ගාවට ඇවිල්ලා ..."අය්යෝඕ ඕ ඕ .. මේ කට්ටියගේ දිවත් එක්ක ගිලෙන්න වගේ නේද ...ඔය කුස්සිය පැත්තේ ඉන්න අය කොහෙද දැන් .................අය්යෝ මේ ළමයින්ට කෝඩියල් වත් දෙන්නේ නැද්ද ...මගේ බුදු අම්මේඒ ඒ ඒ ..."...ඔන්න ඒත් එක්කම කෝඩියල් අරන් පොඩි දැරිවියෝ ටිකක් අපි ගාවට ආවා ...අයෙත් අර ගැහැණු කෙනා ..."උඹලට මුල ඉඳන් කියන්න ඕනෙද අය්යෝ ඔඕ ....බිස්කට් නැද්ද දෙන්නේ මේ ළමයින්ට මගේ සත්තෝ ...." කියල කෑ ගැහුවා ..එත් එක්කම කෙනෙක් දුවන් ගිහින් බිස්කට් බන්දේසියක් අරන් ආවා ..ඔය සිදුවීම් අතරේ ටිකෙන් ටික මද්දහනත් පහු උනා ...දවල් කෑම වෙලාව ..අසල් වැසි ගෙදරකින් මරණ ගෙදරට දහවල් කෑම අරන් ආවා ...ඉතින් අපිටත් ආරාදනා ලැබුනා ..දවල් කෑමට ...හාල් මැස්සෝ හොදි ...ගෝවා මැල්ලුමක් එක්ක බත් කන්න ...මොහොතකින් කීප දෙනෙක් ඈ ත කඩුල්ලෙන් ඇතුල් උනා මල ගෙදරට ..එතන හිටිය ඒ ගෙදර පිරිමි කෙනෙක් බත් එක පැත්තකින් තියලා "මේ දුක නැති හින්ද නෙවේ බත් කන්නේඒ ඒ ඒ .. බඩ ගිනි හින්ද බත් කන්නේ ඩිංගිරි අය්යේ ඒ ඒ ඒ .............."කියල කෑ ගහන්න පටන් ගත්තා නොවැ ...ඉතින් සෙමින් සෙමින් මල හිරු ගිලෙන වෙලාවක මල ගෙදරට අපිත් සමු දුන්නා ..කඩුල්ලෙන් පිට වෙලා එන ගමන් ගේ ඇතුල් පැත්තෙන් අර ගැහැණු හඬ අයෙත් යාන්තමින් ඇහුනා .."මගේ ලොකු දුවේ ඒ ඒ .... උඹ ඔය මල් මල් ගවුම ඇදන් ඉන්නේ පෙරේදා ඉදන් නේද අ අ අ ...ඕක ගලවල දාල වෙන එකක් ඇද ගනින්කෝ බුදු සංතෝ .............."ඉතින් අමතක නොවෙන මරණ ඇඩුම් වැකි කීපයකුත් මතකේ තියන් අපි එන්න ආවා ..අදටත් මාරි බිස්කට් එකක් ඇහැ ගැහෙන හැම වෙලාවකම මට මතක් වෙන්නේ ...එදා මල ගෙදර මාරි කාමරේ කතාව .
Sunday, March 3, 2013
"ඇටිපොළ සුදු කොඩිය "
ඉස්කෝලේ ඇරිලා හවස් වරුවේ එද්දී මමයි මගේ හොඳම යාළුවයි එන්නේ එකට .. අපේ ගෙවල් වලට යන පාරේ කුඹුක් ගස් දෙකක් තියෙනවා ..ඒ කුබුක් ගස් දෙක අතරින් ඇතම ඇත ලොකු කන්දක් පේනවා ...අලි හොඩක් වගේ තියෙන ඒ කන්දට කියන්නේ ඇටිපොල කන්ද කියල ..අපි හැමදාම එන්නේ ඔය කන්ද දිහා බලාගෙන ..දවසක් අපි කතා උනා ඒ කන්දට නැගල සුදු කොඩියක් ගහල එන්න ...ඊට පස්සේ හැමදාම කුඹුක් ගස් ගාවින් යද්දී ඒ දිහා බලාගෙන අපි ගැහුව කොඩිය නේද කියල ආඩම්බර වෙන්න .එතකොට අපි හිටියේ හත වසරේ .ඉතින් සතියකට විතර පස්සේ අපේ තව යාළුවො පස් දෙනෙකුත් මගේ හොඳම යාළුවගේ පියතුමත් තව අපි දන්නා සර් කෙනෙකුත් ...ඇතුළු අපි නව දෙනෙක් ඇටිපොල කන්ද තරණය සදහා ගමන පිටත් උනා ...ලොකු උස සුදු කොඩියක් ද..තව කෑම බීම එහෙමත් සකසා ගෙන උදේ පාන්දර පහට පිටත් උනා .ගමන පයින්ම අපේ නඩය ඉදිරියටම ගමන් කළා ..ලදු කැලැව ඔස්සේ හිමිදිරියේම ගමන ගොඩක් දුෂ්කර උනා ..අපිට අපිවවත් නොපෙනෙන තරමට මිදුම තදේටම තිබුණා ..රූස්ස ගස් මැදින් ටිකෙන් ටික කන්දේ මැද හරියට අපි ලගා උනා ..අපි අරන් ගිය කෝල්මන්ස් බීම වතුර එහෙමත් ටිකෙන් ටික අඩු වෙමින් පැවතුනා ...කන්ද මුදුන හරියට යද්දී ගමනෙ දුෂ්කරත්වයේ උපරිමයට ලං වෙලා තිබුනා ..ඉලුක් ගස් ...වලින් අපේ කකුල් අත් දැඩි ලෙස සීරීම් වලට ලක්වෙලා තිබුනා ...දැඩි දහිර්යෙන් ආත්ම ශක්තියෙන් අපි ගමන අහවර කරා ..බලාපොරොත්තුවේ ආලෝක රැස් දහරාවන් අපි හැමෝගෙම නෙත් වල ගලමින් තිබුනා ..කන්දේ මුදුනේ විශාල ලොකු කළු ගලක් තිබුනා ..එක පැත්තකින් මහා විශාලෙට සෙවන දෙන නුග ගසක් තිබුනා .ගමන අහවර වෙද්දී දහවල් 12.30..කන්දේ මුදුනට නැගල වට පිටාව දකිද්දී තමා තේරුනේ අපි කොඩිය ගහන්න සැලසුම් කරපු ඇටිපොළ කන්ද තවත් කදු පහක් ඇතින් බව ..හිත පුදුමාකාර විදිහට කඩා වැටුනා ..එත් කුමක් කරන්නද ,,,අයෙත් දවසක ඇටිපොල කන්ද තරණය කරමු යන බලාපොරොත්තුවෙන් හිත සනසවගත්තා .අපි නැගල තිබුනේ මුවගල කියන කන්දට ,,,ඇටිපොල කන්ද තරම් විශාල කන්දක් නොවුනත් මුවගල කන්දත් හරිම අපුරු වට පිටාවකින් යුතු කන්දක් ..අපි දවල් ආහාරය විදිහට ගත්තේ සීනි සම්බෝල මැදට කවලම් කරපු පාන් පෙති ..පැයක් විතර විවේක සුවයෙන් ඉඳල ආපහු එන්න පිටත් උනා ...මගදී වදුරෝ රැලක් ඇවිත් අපේ ගමන සුන්දර කරා ...කන්ද නැග්ග පැත්තේ තිබුණු රූස්ස ගස් වෙනුවට කන්ද බහින පැත්ත තිබුනේ පියකරු ලොකු කැලෑ මල් ...දම් පාට නම් නොදන්න මල් යායක් අතරමගදී අපේ නෙත් මත ගැටුනා ..කන්දේ පල්ලම ටිකක් ලිස්සන සුළුයි ...අපේ කන්දට එහා අනිත් උස කන්දේ පටු පාරක පුංචි ලොරි බාගයක් යනවා ...පෙරලෙන්න ඔන්න මෙන්න වගේ ...අපි ඒ දිහා බලාගෙන ...කුමකින් කුමක් වෙයිද කියල විමසිලිමත් උනා ?අපි එක්ක ගියපු මගේ හිතවත් මිත්‍රයා සමරේ සින්දුවක් කිව්වා .."පෙරලියන් බර කරත්තේ පෙරලියන් ...පෙරලියන් බර කරත්තේ " කියනවත් එක්කම ලොරිය නෙවේ මෙන්න සමරේ පෙරලිලා අඩි ගානක් පහලට ඇදිල ගියා ...හිනා වරුසා එක්ක සමරේ යාන්තම් තේ ගහක එල්ලිලා ගොඩ ආවා ...මුවගල කන්ද තරණය එතනින් අහවර උනා ,....ඊට පස්සේ මමයි මගේ යාළුවයි කුඹුක් ගස් ගාවින් යද්දී ඇටිපොළ කන්ද දිහා වැඩිය බැලුවේ නෑ ..බැලුවත් නොදැක්ක වගේ යනවා .. ..අදටත් කුඹුක් ගස් දෙකත් තියෙනවා ...ඇටිපොළ කන්දත් ඇතින් පේනවා ..ඒත් අද වෙන තුරුත් ඇටිපොල කන්දේ කොඩියක් ලෙල දුන්නේ නෑ ..
Wednesday, February 27, 2013
"සුදු දියමන්ති රාත්‍රිය "
එක දවසක් අපේ සහුර්ද කාන්ඩේ ගමේ මල ගෙදරක ගියා..ඉතින් ඒ දවස් වල මල ගෙවල්වල රෑ බෝ වෙනකම් ඉන්නවා ..නැත්නම් එලි වෙනතුරුම ඉන්නවා..කැරම් ගහනවා ..එක්කෝ කාර්ඩ් සෙල්ලම් කරනවා..නැත්නම් විහිළු රසාකර කතා බහේ යෙදෙනවා ..එදා මල ගෙදර තිබුනේ පාර අයිනෙම ගෙදරක ...පිට පළාත් වලින් වාහන වලින් ගොඩක් අය ඇවිත් හිටියා ..ඉතින් අපේ කොලු නඩේ හතර දෙනා පාරේ එහෙ මෙහෙ සැරි සැරුවා ...පාරේ ටිකක් උඩහ පැත්තට වෙන්න අදුරුම අදුරු තැනක අලුත් පහේ වෑන් එකක් නතර කරලා තිබුනා ..එක පැත්තක ජනේලයක් බාගෙට ඇරිලා තිබුනා ..අපි ටිකක් ඇහැ දාල බැලුවා ..අටවක හඳ රෑ අහසේ යන්තම් එළියක් විහිදුවනවා ...ඇතුලේ කවුරුත් නෑ ..ඒත් වයිට් ඩයමන්ඩ් බෝතලයක් තිබුණා ...බාගෙට ටිකක් වැඩියෙන් ඒ බෝතලේ තිබුනා ..අපිට ඉතින් ඕක මදෑ .....යාන්තම් හද එළියේ කලුවරේම අපේ හිතවතෙක් ක්ෂණයෙන්ම බෝතලේ ඩෑහැ ගත්තා ..ඒ කාලේ ඉතින් කොලු කාලේ නොවැ ..දැන් ඉතින් අපි හතර දෙනාම වයිට් ඩයමන්ඩ් වලින් සන්තර්පණය වෙන්නයි කල්පනාව ..ඉක්මනින්ම ගිහින් පාලු තැනක බෝතලේ හැංගුවා ...අමුවෙන් කිරි කන්න පුළුවන් උනත් අමුවෙන් කොහොමද වයිට් ඩයමන්ඩ් බොන්නේ ...දැන් අපේ කට්ටි රහස් සාකච්චා ...අවශ්‍ය අඩුම කුඩුම ගන්න ..සැන්ඩි වලට කොකා කෝලා ගන්න දාහක් දේ කරන්න ...ඉතින් මොකෝ කරන්නේ රෑ දහයත් පහුවෙලා ..ගමේ අපිට ටිකක් හිතවත් අය්යා කෙනෙක්ගේ කඩයක් තියෙනවා..මුලින්ම එයාලගේ ගෙදර ගිහින් ඒ අය්යවත් නින්දෙන් ඇ හැරවගෙන අපහු කඩේට ඇවිත් කොකා කෝලා ලිටරේ බෝතලයක් ගත්තා ...හපන්න තව රට කජු පැකට් එකක් ගත්තා ..ඒ පැකට් එක විතරමයි කඩේට තිබුණේ ...දැන් කෝලා ප්‍රස්නේ හරි .ඒත් බයිට් ප්‍රශ්ණයක් ..කඩෙන් බිත්තර වගයක් ගත්තා ..ඔම්ලට් හදන්න ..අපේ යාලුවෙක්ගෙ ගෙදරක ගියා බිත්තර ඔම්ලට් දාන්න ..අපි කඩේ අය්යටත් විස්තරේ කියලා ..වයිට් ඩයමන්ඩ් උගුරක් දෙකක් රස විඳින්න අපි එක්ක එකතුවෙන්න කිව්වා..ඒත් ගොඩක් රෑ වෙන හින්ද අපේ ඉල්ලීම හරිම දුකෙන් ප්‍රතික්ෂේප කරා ..කොහොමින් කොහොම හරි අපේ කට්ටිය බිත්තරත් ඔම්ලට් දාලා එකත් අරන් අනිත් අඩුම කුඩුමත් අරන් බෝතලේ හංගපු තැනට ගියා..දැන් රෑ දොළහත් පහු වෙලා ..කලුවරේම බෝතලෙත් අරන් අටවක සඳ යට කෙසෙල් පදුරක් ළග මද පවනේ සුදු දියමන්ති රස විදින්න ලක ලෑස්ති උනා ...කට්ටියම විදුරු වලට වයිට් ඩයමන්ඩ් එක්ක කොකා කෝලා මිශ්‍ර කරා ..මද පවනේ සුදු දියමන්ති අපිට මොනවා කරයිද කියල බයකුත් තිබුනා ..එක අතක බිත්තර ඔම්ලට් කෑල්ලක් අනිත් අතේ සුදු දියමන්ති..බොන්න කලින් අපේ යාලුවෙක් කිව්වා "මචන් අර කඩේ අය්යටත් අපි එක්ක එන්න තිබුනනේ නේද ..ඒත් උට කොහෙද අපිට වගේ වාසනාවක් නේද ..එහෙනම් ගත්තා මචන්... චියර්ස් .."..උගුරට දෙකට හලා ගත්තා ..අපි හතර දෙනාම මූණෙන් මූන බලාගත්තා ..."මචන් කඩෙ අය්යත් ආවනම් කොහොමද ???"කොකා කෝලා රස විතරක් ඇග පුරාම කැලතුනා
Saturday, February 23, 2013
"නමාමි සිරි දළඳා "
"ලෝකෙක නාථා වදනන්" ...
ශ්‍රී දළදා වහන්සේ නමදින ගාථාවේ මුල ..
නුවර ඉද්දි මගේ සිරිතක් දෙසතියකට සැරයක්වත් දළදා වහන්සේ වන්දනා මාන කරන එක ...බොහොමත්ම දවස් වල හිමිදිරි උදැසනම ..දළදා වහන්සේ වැද පුදා ගත්තම පුදුම තරම් ශාන්තියකින් හිත පිරෙනවා..දළදාව වදින්න යන දෙපස තණ පත්‍ර
සිහින් පිනි බින්දු වලින් පිරිලා..උදා ලා හිරු කිරණ මාලිගාව අවට රටාවකට අතුරලා ..කහ මලින් විකසිත උණු තුරු ලතා දෙක තුනකින් වට කහ මල් පියවිලි තැනින් තැන .. හීන් හිමිදිරි සිහින් මද නල හා මුසුව බෝගම්බර වැව් කොමළියේ රැළි තරංග වලා කුළු බැම්ම හා මුසුව දිය වියන් මව මවා හැපි හැපී බිඳෙනවා ..එහා පිහිටි පත්තිනි දෙවොලේ මිදුලේ ඇතෙක් දෙන්නෙක් කිතුල් කොට රස විදිමින් එහා මෙහා නැළවෙන්නේ අපුරු විදිහකට ...මාලිගාව පරිශ්‍රයට ඇතුල් වෙන වාහල් කඩ ලගම පහල තියෙන දිය අගලේ පුංචි පුංචි මාළු රෑන් බලා ඉන්නේ ඉහලින් විසිවෙන පොරි දියට වැටෙන තුරු වගේ ...වලාකුළු බැම්ම පසු කරලා පහත මහලයේ කිරි දානේ එහෙම අහවර වෙලා ..පවත්වන උදෑසන තේවා ව ...තේවා හඩ මාලිගාව සිසිරා විසිරෙද්දී දැනෙන ධාර්මික සංජානනය ...කෙතරම්ද ..තවත් පිය ගැට පේලි දෙකක් පසු කල විට උඩ මලුව ...පරම පුජනිය දළදා වහන්සේ වැඩ ඉන්න සුපින්බර උඩ මලුව ..උවැස උවැසියන් පේලි ගැසී දළදා නමස්කාරයට පේ වෙන අයුරු ..දළදා වහන්සේ වැඩ ඉන්න සුගන්දිත ස්වර්ණමය කුටියේ ..නිසලව වැඩ ඉන්න දළදා කරඩුව ...දන්ත දාතුන් වහන්සේ ...දුටු විටම ඇති වෙන බුද්ධාලම්බන ප්‍රීති ප්‍රමෝදය වචනයෙන් විස්තර කල නොහැකි තරම් ...උඩ මළුවේ මල් අසුන පිරෙන්නම සුවදවත් මලින් සැරසිලා ...සුදු නෙලුම් රතු නෙලුම් ..නිල් මහනෙල් සමන් පිච්ච ආදී නෙක මල් දළදා වහන්සේ සුවදවත් කරන්නේ තරගයකට වගේ ..මළුවේ බිම වාඩි වෙලා දළදා වහන්සේ වැඩ ඉන්න දිහා බලා ගෙන වන්දනා මාන කරලා ...ටික වෙලාවක් දෙනෙත් පියන් ඉද්දි දැනෙන නිරාමිස සතුට කෙතරම්ද ...වැටෙන හුස්ම පවා කෙතරම් පවිත්‍රද ...මැවෙන බැති බර සිතුවම් කෙතරම් ශික්ෂා කාමිද ...පහළ පිටතින් පිහිටි පහන් වැට අද්දර කපුරු හදුන් මිශ්‍රිත සුවඳත් එක්ක බලාපොරොත්තු අපේක්ෂා මුදුන් පත් කර ගැනීමේ නොතිත් ආසාවෙන් දැල්වූ පහන් ආලෝකයන්ද තැනින් තැන දිස් වෙනවා ..ඒ අසලම පිහිටි දළදා කරඩුව බොහොම ආඩම්බර ලීලාවෙන් ද උතුම් බහුමානයෙන්ද ඇසළ පෙරහැරේ වීදි පුරා වැඩම කර වූ රාජා ඇත් රජුගේ පිලි රුව පිහිටි කුටිය දිස් වෙනවා ...ඊට මදක් ඉහලින් විෂ්ණු දෙවොල ..පහල ඉදිරියෙන් නාථ ,සමන් ,පත්තිනි දෙවොල් දළදා වහන්සේට ලගින්ම පිහිටලා...
මෙලොව මා කෙතරම් වාසානවන්තද......
පින්සාර පුද බිමක බුදුන් වහන්සේගේ මහානුභාව සම්පන්න ..ජීවමාන දන්ත ධා තුන් වහන්සේ නෙත් මතින් දකින්නට ..
Tuesday, February 19, 2013
"කහ සාලුව"
බොහොම ඉස්සර දහම් පාසල් යන කාලේ බක් මාසේ මුල් සතියක අපේ කට්ටියම පොඩි වන්දනාවක එක්ක ගියා ..
අනුරාධපුරේ ..අපේ ළමයි කට්ටිය වගේම ප්‍රදානාචාර්ය තුමා ඇතුළු ගුරුවරු කීපදෙනෙකුත් ගමනට සහ භාගි උනා ..
දවල් කෑමට පෙර අපේ පිරිමි ළමයි පාර්ශවේ අයට වැවකින් නාන්න වුවමනා උනා ..කට්ටියගේ ඒකමතික කැමැත්ත අනුව ලගම තිබුණු " නුවර වැවට"අපේ වාහනේ කිට්ටු කරා ..අපේ කොලු රෑන වාහනේ නතර කරපු ගමන්ම කෙලින්ම දිව්වේ වැවට ...ගැහැණු ළමයි කවුරුත් ආවේ නැ ...අපේ නඩේ කාටවත් පිහිනන්න බෑ ....අපේ ප්‍රදානාචාර්ය තුමා ඇතුළු තව එක ගුරුවරයෙක් ආවා අපි එක්ක ..ඒත් දැන් වතුරට බහින්න පෙර ලොකු දේශනයක් දුන්නා ..වැඩිය ඇතට යන්න එපා කියලත්.. වැව අයිනෙන්ම නාන්න කියලත් .. ඉතින් ඒ දේවල් වලට අනුගතව අපේ කට්ටිය නාන්න ලක ලෑස්ති උනා ..අපේ ප්‍රදනාචාර්ය තුමා කහ පාට ටවල් එකක් (සාළුවක් ) ඇදගෙන නුවර වැවේ අපි එක්ක නාන්න එකතු උනා ..අපිට කිව්වා "ළමයි ඔයගොල්ලෝ මන් සාළුවක් ඇදගන නාන්න ආවට .. ඔය ළමයි එහෙම සාලු ඇදගෙන නාන්න එන්න එපා..කලිසම් ෂෝට් ඇදගෙන එන්න "කිව්වා..අපිත් ඉතින් ඒ විදානේ අනුව කලිසම් ඇදගෙන නුවර වැවේ වතුරේ සිහිල වින්දා .ටිකක් වතුරේ ඇතට ම වෙන්න හිටියේ ප්‍රදානාචාර්ය තුමා . .අපේ පොඩි හිත් සතුටෙන් ඉපිලෙමින් කෑ කෝ ගහමින් වතුරේ අසිරිය වින්දා ...පැයක් විතර නුවර වැවේ කිමිදී කිමිදී හිටිය අපිට එක පාරම ප්‍රදනචාර්ය තුමා නියෝග දුන්නා .."ළමයි දැන් ඇති ගොඩට යන්න ..වෙලා ගියා "කියල..අපි ඒ නියෝගේ පැහැර හැර විනාඩි කීපයක් හිටියත් අපිට තදින් අවවාද කරා "ළමයි ගොඩට යනවලා " කියල...අපේ කට්ටිය දුවගෙන එන්න අවා..මගට ඇවිත් නිකමට වගේ අයෙත් ලස්සන නුවර වැව දිහා බැලුවා..එතකොට යාන්තමට වගේ දැක්ක ...නුවර වැවේ දිය තරංගත් එක්ක ඈතම ඈත කහ පාට සාළුවක් පා වේවි යනවා..
Subscribe to:
Posts (Atom)