Sunday, January 19, 2014

"යක්කල රාත්‍රිය "

එක්තරා දවසක මන් කොලබ ඉදල නුවර එමින් හිටියේ මාතලේ කොලබ ඉන්ටර්සිටි බස් එකක ..විඩාබර ගතියත් මහන්සි ගතියත් නිසා බස් එක කැළණි පාලම පහුකරද්දිම වගේ මන් නින්දකට වැටුනා ..හදිස්සියේම ලොකු සද්දයක් එක්කම නින්ද කැඩුනා ..බස් එකේ අයත් කෑගහන්න පටන් ගත්ත ..බස් එක අනතුරකට ලක් වෙලා ..ඉදිරියෙන් ආව ත්‍රී විල් එකක් අනතුරකට ලක් වෙලා ..ඔක්කොම වගේ බස් එකෙන් බහිනවා ..මමත් ඔය අව් අස්සේ බස් එකෙන් බැහැ ගත්තා ..දොරින් බහිද්දිම වගේ දැක්ක ත්‍රී විල් එකේ ඩ්‍රයිවර් ලේ විලක් මැදින් කට්ටිය වාහනයක දාගෙන අරගෙන යනවා ..එතන හිටි අය කතා බහ කල හැටියට ත්‍රීවිල් රියදුරා මිය ගියපු තත්වයක් උදා වෙලා තිබුනේ ... ටික වෙලාවකින් ඒ හරිය සන් සුන් උනා ..පොලිසියේ අය ඇවිත් .."කෝ මේ බස් එකේ ඩ්‍රයිවරුයි ගෝලය යි" කියල බලද්දී ...දෙන්නම පැනල ගිහින් ..බස් එකේ ආව කට්ටිය දැන් ඉතුරු සල්ලි ගන්න විදිහක් නැතිව අදෝනා තියනවා ..මගෙත් රුපියල් දෙදාහක් ..
එක්කෙනෙක් ඉදන් කිව්වා "රාලහාමි අපේ ඉතුරු සල්ලි ගන්නේ කොහොමද "කියල
.."හෙට උදේ යක්කල පොලිසියට එන්න අපි උන් දෙන්නව කුදලන් එන්නම් "කියල පොලිසියේ අය කිව්වා .."සර් අපි මාතලේ ඉදන් යක්කලට ඇවිත් යන්න ඉතුරු සල්ලි වගේ දෙගුණයක් යනවනේ" කියල තව කෙනෙක් කිව්වා ..."එතකොට තමුන් කියන්නේ මට හෙට මාතලේට ඇවිත් සල්ලි දීල යන්න කියලද ..හා හා දැන් කට්ටිය එන බස් එකක නැගල ගෙවල් වලට යන්න" පොලිසියේ අයගේ ප්‍රති උත්තර එපමණයි ,, ඒ එක්කම වගේ නුවර බස් එකක් ආව කට්ටියම ඒ බස් එකට නැග්ග ..මට පාර මාරු වෙන්න බැරි උනා ..අතේ බරට බරේ ලොකු පොත් ගොඩකුත් උස්සගෙන අපහසුවෙන් හිටිය නිසා ..යාන්තමට වගේ තිබ්බ වැහි පොද ටිකක් තද වැස්සක් බවට පත් උනා ..වෙලාව රෑ 10 ත් පහුවෙලා.. ඒ හරිය අන්දකාරෙන් වැහිලා.. යක්කල ටවුන් එකත් පහුවෙලා ටික දුරක් ඇවිත් ..කිසිම කෙනෙක් හිටියේ නෑ පේන තෙක් මානෙක ..ලග තිබුන කඩවල් තුනත් වැහිලා තිබුනා ..ඈත යන බස් ආවත් ඒ එක බස් එකක් වත් නතර කරෙත් නෑ . 
මන් හිටියේ කඩයක් ඉස්සරහා ටකරමක් යටට වෙලා ..හොදටම වැස්ස ඇද හැලෙනවා .මුළු ඇගම තෙත බරියන් වෙලා ....පාරේ කිසිම වාහන සද්දයක් නැතිව තියන මොහොතක හදිසියේම මගේ ඉස්සරහින් රතු පාට ත්‍රී වීල් රථයක් මදක් දුරට ගිහින් නතර කරලා .."මහත්තය කෑගල්ල ට යන්න පුළුවන් " ..මමත් දුවන් ගියා.. ඒ වෙලාවේ හැටියට දෙය්යෝ කඩා පාත් උනා වගේ ..මන් ඇහුව කෑගල්ලට කීයද කියල.. 'දෙසීයක් දෙන්න" කිව්වා ..මන් නැගලා ඇහුව කෑගල්ලේ කොහෙද කියල,, "නුවර යන්නේ" කීව .. "නුවරටම කීයද කියල" අයෙත් මන් ඇහුවා "සියේ දෙකයි දෙසීයක් දෙන්න" කිව්වා ..ටික දුරක් එන ගමන් නුවර කටුගස්තොට එන ත්‍රී වීල් එකක් බව දැනගත්තා ....පිටිපස්සේ දෙපැත්තේ තිබුන බල්බ් දෙකක් පත්තු වෙනවා ,, ..ඉස්සරහ දේව රූප ගොඩක් එක්ක බුදුන් වහන්සේගේ රූපයක් ඊට යටින් බුදු සරණයි කියල ඉස්ටිකර් එකක් තිබුනා ..රතු පාට මල් මාලයක් දේව රුප මැදින් එල්ලිලා ..රියදුරු කලූ පාටට හුරු තොප්පියක් දාල හිටියේ ..ගමන දැන් එනවා ..විස්තර කතා කරාම ඔහු කිවේ කොලබ හයර් දුවන බවත් එක තැනක නොසිට හැම තැනම වීල් එක යන බවයි ..කටුගස්තොට ඉන්නේ කියල කිව්වත් මන් දන්නා උදවිය ගැන අහද්දී ඒ කිසිවෙකුත් නාදුනන බවත් කිව්වා ..අතර මග රඹුටන් වෙළෙන්දෝ පාර දිගට හිටිය ,, ..එක තැනකින් රඹුටන් අරන් ඉස්සරහ ඩ්‍රයිවර් ට බෑග් එක දික් කරා.. එකක් ගත්ත ගමන් තව ගන්න කිව්වත් ඊට වඩා ගත්තේ නෑ ඔහු .. ..ඔහොම නුවර පාරේ තවත් ඉස්සරහට එද්දී දන්සල් කට්ටියක් කෑම කන්න එන්න කියල වාහනේ නතර කරා මගෙන් "කනවද" ඇහුවා.. මන් කිව්වා "මොකද කියන්නේ කමුද" ඇහුවත් "නෑ වෙලා ගියානේ අපි යමු " කියල එතනින් පිටත් උනා ..කෑගල්ල පහුකරලා මීපිටිය පල්ලම ගාවදි පොලිසියෙන් නතර කරා ..ඔහු බැහැල ගිහින් විනාඩියෙන් අවා.. ..මාවනැල්ල පහුකරලා ගනේතැන්න හරියේදී වාහනේ නතර උනා.. ..වාහනේ තෙල් ඉවර වෙලා ..මන් බහින්න හැදුවත් මට බහින්න එපා ..කිව්වා ..මගෙන් ඇහුවා මහත්තයා ඊලග ෂෙඩ් එක කොහෙද කියල මන් කිව්වා "කඩුගන්නාව" කියල .."ලග මාවනැල්ලද කඩුගන්නවද" කියල .අයෙත් මගෙන් ඇහුවා .මාවනැල්ල ලග කිව්වම ආපහු මාවනැල්ල ටවුමට ගිහින් තෙල් ගැහුවා ,,මන් සල්ලි දෙන්න හැදුවත් එපා කියල ඔහු සල්ලිත් දුන්න ..කඩුගන්නාව කන්ද අතර මගදී ත්‍රී වීල් එකේ ඉස්සරහ හෙඩ් ලයිට් එක පත්තු උනේ නෑ ..වැස්ස තදේටම ..කලුවරේම දැන් එනවා නුවරට ..ඒ අල්ල පනල්ලේ එක දිගට මගේ ජංගම දුරකථනය නාද වෙනවා ..නමුත් මේ භාවතිසය මොහොතේ මට උත්තර දෙන්නත් බෑ .. කිසිම කතා බහක් නෑ ..මට දැන් හොදටම විස්වාසයි මේ පුද්ගලයා නුවර ගැන එච්චරම නොදන්නා කෙනෙක් වග ..කොහොමින් කොහොම හරි නුවර ටවුමට ආවා ..පාන්දර එකත් පහුවෙලා ..ඔරලෝසු කනුව ලග කිසිම බස් එකක් නෑ ..
"මහත්තය බස් නෑ නේද ..කමක් නෑ ..ගමටම යන්" කීවා ..
මාත් ඉතින් වෙලාවේ හැටියට කැමති උනා ..කොහොම හරි අපේ ගමටම ආවා ..ගෙවල් කොහෙද ඇහුව ..මන් අපේ ගෙදරට යන අතුරු පාර පෙන්නුවා ..ඒ පාර වැස්සට හොදටම මඩ වෙලා ..
ඒ පාරේ මගක් ගිහින් මන් කිව්වා "ඇති අපේ ගෙවල් අර ඉස්සරහ මන් මේ ටික පයින් යන්නම්" ..
"කමක් නැද්ද මහත්තය " 
"අපෝ කමක් නෑ ..ගාන කීයද " ..
 "දෙසීයක් දෙන්න" .. 
"මෙච්චර දුරක් ඇවිත් .." 
"එහෙනම් තුන් සීයක් දෙන්න" 
 "ඇතිද " "අපෝ හොදටම ඇති " .. .. 
මන් 400ක් දුන්න.. "දැන් කොහෙද යන්නේ කටුගස්තොටද" 
"නෑ දැන් මන් අපහු කොලබ යනවා.
එහෙනම් මහත්තය මන් යනවා "..කියල වාහනේ හරවගත්ත ..
මට ඕන උනා පිටිපස්සේ නම්බර් එක බලාගන්න ..,,පිටිපස්සේ කිසිම එළියක් නැති නිසා හරියට නම්බරේ පැහැදිලිව දැක්කේ නෑ ..
මන් අපේ ගෙදරට එන පඩි පෙලේ පැය බාගයක් විතර නතර වෙලා හිටියා ,, ..මේ සිදුවීම අදටත් ප්‍රස්නාර්ථයක් මට

No comments:

Post a Comment