Sunday, January 6, 2013
"සරස්වතී දේවි "
බොහොම ඉස්සර අපි ගමේ පන්සලේ වේදිකා නාට්ටිය කරනවා .අජාසත්ත ,වෙස්සන්තර .අංගුලිමාල ,වගේම තවත් අලුත් නාට්ටිය අපි රග දක්වනවා ..ඉද හිටෙක මමත් සමහර චරිත වලට වෙස් ගැන්වෙනවා ..උම්මග්ග ජාතකය ඇසුරින් කරපු නාට්‍යයේ පුර්නක යකා මම ..මනමේ කරද්දී වැදී රජු මම..ගොඩක් වෙලාවට මුදු සුමුදු චරිත මට ලැබුනේ නෑ,,දැවැන්ත වගේම රෞද්‍රර චරිත තමා මට ලැබුනේ ...ධර්ම ශාලාවේ තියෙන ඩෙස් එක ලග එක ලග තියල ගැටගහල පොඩියට ස්ටේජ් එක ගහනවා .ඉස්සරහින් ප්‍රධාන ලොකු තිරය.. තව දෙපැත්තෙන් කොටස් දෙකකට වෙන්න තිර රෙදි එල්ලනවා ඒවාට මුවා වෙලා තමයි සංගීතය සපයන උදවිය ඉන්නේ .ගොඩක් වෙලාවට විදුලි ඕගනය ..ඩොල්කිය සර්පිනාව සහ බට නලාව තමා වාදනය උනේ.. අපේ සංවිදායක මණ්ඩලේ උදවිය ඉතින් කල බලේ එහෙ මෙහෙ දුවනවා ..ගොඩක් වෙලාවට මාසයක් විතර නිතර පන්සලේ තමා ..නාට්ටිය අහවෙනතුරුම කාලය ..ගතවෙන්නේ ..උදේ වරුවේ සැරසිලි කරනවා ..ඇන්තුරියම් මල් වලින් සහ තවත් නොයෙකුත් මලින් වේදිකාව සරසනවා ..පාට පාට බල්බ වලින් ආලෝකය හැඩ කරනවා ..හැන්දෑවේ හතට අටට නාට්‍යය වේදිකා ගතවෙනවා ,,රාජ වස්ත්‍රාභරණ යෙන් සැරසුණු ඔටුනු පලන් රජවරු ..රජුට පක්ෂපාති ඇමතිවරු..ඔල මොළ ගති වලින් හෙබි යක්කු ..දේවින් වහන්සේලා .පරිවාර ස්ත්‍රියෝ .ඉතින් කල එලි බහිනවා ..පසුබිම් සංගීතයත් එක්කම.."පස්වාන් දහසකට බුදු වෙන්න රජතුමනි "..ඔය වගේ දෙබස් නිතර කිය වුනා මතකයි ..දෙබස් වෙලාවකට අමතක වෙනවා ..අමතක වෙන දෙබස් මතක් කරන්න තිර පිටපත අතේ තියන් හැංගිලා කෙනෙක් උදව්වට ඉන්නවා .කොටසක් ඉවර උනාම තිරේ වහන්න දෙපැත්තේ දෙන්නෙක් බොහොම ඕනෑ කමින් බලන් ඉන්නවා ,,තිරේ අදින චරිතේ බාරගන්නත් සමහරු පොර කනවා..සමහර අවස්තාවල තිරේ මැදින් ගැලවිලා වැටිලත් තියෙනවා .එතකොට වෙදිකාවේ අදුර මැද්දේ සළු පිලි මාරු කරන නළු නිලියෝ .ඉතින් මිනිස්සුන්ගේ හූ හඬ අහල ගම් හතකට ඇහෙන විදිහට .කොහොමත් නාට්‍යය ඉවර වුනාම ගමේ හැමෝම හරි සතුටින් ප්‍රීති ගෝෂා පවත්වනවා .සති ගානක් යනකම්ම හොද කියනවා . නාට්‍යය පටන් ගන්න පෙරාතුව . ...මුලින්ම සරස්වතී දේවි නැමදුම .සරස්වතී දේවියට ඒ දවස්වල හිටියේ යමුනා ..වේදිකාව රෝස සහ රක්ත වර්නෙන් සුලලිත ව බබලනවා ..සරස්වතී දේවිය විදුලි එළියෙන් සුදුම සුදු වස්ත්‍ර කින් සැරසිලා සිතාරයක් අතේ අරන් හුනස්සෙ බොහොම නිහඩව මද සිනාවක් එක්ක ..විරාජමානව .ආඩම්බර ලීලාවෙන් ඉදිරිය බලා ඉන්නවා ..පරිවාර නැටුම් රගන ලලනාවියෝ අත් වල ඉටි පන්දම් අරන් දෙපැත්තෙන් "සරසවි දේවි නමෝ " ගී තයට රැගුම් පානවා ..යමුනාගෙන් පස්සේ සිතරේ අතට අරන් සරස්වතී දේවියට පන පෙව්වේ යමුනාගේ නංගී ලක්ෂ්මි එයත් යමුනට නොදෙවෙනි තරම් ලීලාවකින් කමලාසනාරුඩ වෙලා චාරු දේහිනිය වේදිකාව ප්‍රභාමත් කලා .කාලය කුරුළු වේගයෙන් ඉගිලිලා ගියා .වසර කීපයක් මන් විදෙස් ගත වෙලා ඉඳල ලංකාවට ගියා.. උදේ වරුවේ ,,කුඹුරු යාය අතරින් ගමේ පන්සලට ඉහලින් අලුත් දවසක් හිරු නැගෙනහිරින් එබිකම් කරමින් තිබුණා ..මන් ටවුමට යන්න පිටත් උනා ..බස් එකක් එනතුරු නොඉවසිල්ලෙන් බල හිටියා ..එතන තියෙන ටෙලිෆෝන් කණුවේ ඉහලින් කපුටෙක් කෑ ගහගෙන ඇතට ඉගිලිලා ගියා ,,මගේ ඇස් ටෙලිෆෝන් කනුව දිගේ ඉහල සිට පහලට යොමු වුනා .."මලින්ද ප්‍රින්ටර්ස් " කියල යටින් ලියවුනු ටිකක් පරණ මරණ දැන්වීමක් ඇලවිලා තිබුනා ..නිවන් සැප ලැබේවා .ලොකුවට ලියවිලා ..යන්තමට පේන කළු සුදු සේයාරුව ක්.. උදැසන තුෂර බිඳු එහි වෙලිලා විසිරිලා තිබුණා ..මන් .නිකමට වගේ ලංවෙලා බැලුවා ලක්ෂ්මි ගේ මරණ දැන්වීම ..ටික කාලෙකට කලින් ලක්ෂ්මි ජිවිතෙන් සමු අරන් තිබුනා ..පිළිකාවක් හැදිලා අවුරුදු ගානක් දුක් විඳලා දිවි මගෙන් ඇ සමු අරන් ..එදා පන්සලේ වේදිකාව විචිත්‍රවත් කළ සරස්වතී දේවිය නිහඩවම යන්න ගිහින් .......
Tuesday, January 1, 2013
අද එකයි
සකල ලෝක වාසින් බලපොරොත්තු කදු ,
පැතුම් බැමි, සිතුම් රැලි අතරින් තවත් නව වසරකට සේන්දු වුහ ..ගිය වසර පුරාම ජීවිතය ගලවා ගැනීමේ ...
බේරා ගැනීමේ ප්‍රයත්න දරු අයද බොහෝ වුහ ..සමහරු දේවාල පන්සල් බෝධි වන්දනා මාන කරමින් දස අතේ යමින් වසර පුරාම පින්කම් කරන්නට වුහ .
අවසන මායාවරුන් ගේ දින දසුනේ අවසානය මායවක්ම වී ..2013 පෙර වසරක් සේම විකසිතව බැබලුණි ..පෙර සේම මෙවරද සමහරු මේ ලබන්න වූ වසරේ
ග්‍රහ චාරිකාවන් අනුව ලියවුනු වසර පුරා ඉරණම කියවති ..ධන ලාබ ආදායම් වියදම් රැකි රක්ෂා උසස් වීම් විභාග ජය විවහ අපල උපද්‍රව ආදී දේ කියවමින්ද ඒ ගැන සිතමින්ද දවස් ගෙවනු ඇත ..එහෙත් එක සත්‍යක් ඇත ..
එනම්
හෙටද හිරු සුන්දරව සිනාසෙනු ඇත
Tuesday, December 25, 2012
"සර් මේ අයි ගෝ ටු ද ..............."
බොහොම පුංචි සන්දියේ වෙච්ච සිදුවීමක් .ඒ දවස්වල ඉස්කෝලේ නිවාඩු මාසෙක .අපේ ගමේ පන්සලේ ඉංග්‍රීසි පන්තියක් පටන් ගෙන තිබුනා ...පොඩි ළමයින්ට ..ඉතින් මටත් ගෙදරින් ගොඩක්
පෙරැත්ත කරා පන්තියට සහභාගී වෙන්න කියලා ..ඉතින් මමත් බේරෙන්න බැරිම තැන පොතකුත් නවාගෙන හැන්දෑවේ පන්සලේ තිබුන පන්තියට ගියා ..
මන් යද්දීම වගේ පන්තියත් පටන් ගෙන තිබුනා ..පන්තිය කරේ ටිකක් මහා බයංකාර පෙණු මක් තිබුණු මුහුණ පුරාම රැවුලක් වවාගත්ත සර් කෙනෙක් ...
මගේ ජිවිතේ පළවෙනිම ටියුසන් ගුරුවරයාත් ඒ සර් ම තමයි ..පන්තියේ ළමයි විස්සක් විතර හිටියා ..සර් මගෙත් නම එහෙම අහලා එදාට නියමිත පාඩම කරගෙන ගියා ..මට මොනවත්ම තේරෙන්නේ නෑ ..නිකන් ග්‍රීක් වගේ .මන් ඉතින් පැන අතේ තියාගෙන පන්සලේ වහලේ උළු ගණන් කරා ,,,ටික වෙලාවක් යද්දී තමා හොදම වැඩේ උනේ ..මට උහුලන්න බැරි තරමේ මුත්‍රා බරක් හැදුනා නොවැ ..හදිසියට පන්තියට දුවන් ආවට ඒ වැඩ කටයුත්තක් අමතක උනා ..කොච්චර අමාරුද කියනවනම් ඉන්නේ කොහෙද බැලුවේවත් නෑ ..නැගිටලා "සර් චු බරයි ටොයිලට් ගිහින් එන්නද"කියල ඇහුවා ..සර් මගේ දිහා බලල කිව්වා ..ඒ දේ ඉංග්‍රීසියෙන් කියන්න කියලා ...මගේ ලග හිටිය යාළුවා පන්තියේ පරණ කෙනෙක් ..එයා කිව්වා "සර් මේ අයි ගෝ ටු ද ටොයිලට් " කියන්නකියල ..
මන් නැගිට්ට
සර් "යස් " කිව්වා ...මන් "මේ අයි ..." කියනවා ..සම්පුර්න වාක්කිය කියවෙන්නේ නෑ .සර් යක්ශාරුඩ මුහුණක් මවාගෙන කිව්වා හරියට කියනකම් ටොයිලට් යන්න දෙන්නේ නෑ කියල ..හතර පස් වතාවක් උත්සහා කරත් "මේ කියවෙනවා ගෝ කියවෙනවා ටු කියවෙනවා ටොයිලට් කියවෙනවා ..සම්පුර්ණ වැකියම කියවෙන්නේ නෑ ..අනිත් එක ඒ අමාරුව අස්සේ ඔය වාක්කිය කියන්නේ කොහොමද ..මන් මොකද කරන්නේ කියලා කල්පනා කරලා සර් කළු ලැල්ල දිහා බලනකම් ඉඳලා පොතත් අරන් හීයක වේගෙන් එලියට දුවන් ඇවිත් පන්සලේ තිබුණු ගන්ටාරෙත් එල්ලිලා දෙතුන් සැරයක් ගන්ටාරේ ගහල (අදටත් අවේලාවේ අපේ පන්සලේ ගන්ටාරේ ගැහුව කෙනා මන් කියලයි මන් හිතන්නේ.. එදා මන් ගන්ටාරේ එල්ලුනේ ඇයි කියලා මන් අදත් මගෙන් ප්‍රශ්න කරනවා ..)ඊට පස්සේ වලාකුළු බැම්මෙන් පල්ලෙහාට පැනල වෙල් යාය දිගේම දුවන් ආවා ..ගෙදරට යන පඩිපෙළ හරියේදී නැවතිලා පන්සල දිහා බැලුවා ..මන් දැක්ක ඉංග්‍රීසි සර් ළමයිත් එක්ක වාලාකුළු බැම්මට හේත්තුවෙලා මන් දිහා බලන් ඉන්නවා ..අයෙත් අඩියට දෙකට ගෙදරට දිව්වා ...අම්ම ඇහුව මොකද මේ හදිස්සියේ කියල ,,අම්මට මන් සින්හලෙන්වත් උත්තර දුන් නෑ ..කෙලින්ම ටොයිලට් ගියා ,,,අම්ම ඇහුව" ඇයි පන්ති නැද්ද කියල" ..මන් කිව්වා "ඒ සර් හරි සැරයි මට ආයේ ඒ පන්තියට යන්න බෑ" කිව්වා ..අම්ම මොනවත් කිව්වේ නෑ ..මන් හොරෙන්ම වගේ අපේ පල්ලෙහා වත්තට ගිහින් හැංගිලා හිටියා ..මන් හිතුවා සර් අපේ ගෙදර එයි කියල ..එත් ආවේ නෑ ..මන් ටිකක් රෑ වෙලා ගෙදර ආවා ..මොකුත් ප්‍රස්නයක් උනේ නෑ ..ඊට පස්සේ මන් දවස් ගානක් යනකම් පාරට ගියේ නෑ ...අවුරුදු ගානක් යනකම් ටියුසන් පන්ති ගියෙත් නෑ ..

හැබැයි අදටත් හොදටම මතකයි
"මේ අයි ගෝ ටු ද ටොයිලට්
"
Saturday, December 15, 2012
" තිස් හතරට පායපු සඳ "
තිස් හතරට හද පැව්වම පුදුම ලස්සනක් ....තිස් හතර අපේ ගෙවල් ඉස්සරහ පුංචි කදු ගැටයක් ...අක්කර කීපයකින් වටවුණු අපුරු කන්දක් ..තනිකරම තේ ගස් වලින් වට වුනු තිස් හතරේ තැන් තැන් වල ඉලුක් ගස් ඉල්පිලා තියෙනවා.පැගිරි මාන එක පැත්තක ..පොල් ගස් පහ හයකුත් තියෙනවා උනත් ...පොල් ගෙඩිනම් නැත්තේම නැති තරම් ....
කුරුම්බා අවදියේදීම අන්තරස්ද්හන් වෙනවා. තිස් හතර කන්දේ බැවුමේ එක පැත්තකින් පන්සල ..නිහඩ තිස් හතරට පන්සලේ ගන්ටා හඬ මිහිරක් ...
තිස් හතරේ
කදු මුදුනට වෙන්න වගේ පුංචි පැල් කොටයක් තියෙනවා..අපේ සහුර්දයෝ කාන්ඩේ ඉද හිටක ඔය
පැල් කොටේට එකතු වෙලා පරණ අතීත සිද්දි ආවර්ජනය කරන්නේ තිස් හතරත් සිනා ගස්සමින් ...
අන්තිමටම වගේ අපේ කට්ටිය එකතු උනේ සිංහල අවරුදු රාත්‍රියක ...එදා අපි සින්දු කිව්වා
රෑ දොළහත් පහු වෙනක් ..හද එක්ක තිස් හතරේ පැළ ඉස්සරහ අමරදේවයන්ගේ "ආරාධනා" සින්දුව
කිව්ව හැටි ...තිස් හතර කන්ද පුරාම "අතීතයේ තුන් මංසල "විසිරිලා ගියේ පුදුම තරම්
ලස්සනට. .... ...
තිස් හතරට පාලොස්වක හද ආවම පුදුම තරම් ලස්සනක් ..රන් තැටියක් වගේ හද තේ යායත් එක්ක කන්දේ ගැටුනම සිත්තරෙකුටවත් ඇද නිම කරන්න බැරි සිත්තමක් මවනවා ..නිස්කලංක රාත්‍රියක තිස් හතරට පැව්ව හද දිහා බලන් ඉද්දි හිත පුදුම තරම් සුවපත් වෙනවා..රාත්‍රියේ තරු රංචු මුකුළු කරද්දී හද වලාකුළු මතින් රන් වතුර මුදාහරිද්දී තිස් හතර නිසොල්මනේ බලන් ඉන්නවා ...

පුංචිම කාලේ ගෙදර මිදුලට
වෙලා අම්මා මාව ඔඩොක්කුවේ තියාගෙන ..තිස් හතරේ කන්දට පායපු හද පෙන්න පෙන්න ...'හද
මාමා කිරි පැණි අරන් එනවා කියා කියා ..මේ කටත් මේ කටත් කියමින් මගේ පුංචි හිතම තිස්
හතරේ කන්දේ හදට යොමු කරවමින් පුංචි බෙලෙක් පිගානේ බත් ඇටයක්වත් ඉතිරි නොවෙන්න මට
බත් කැව්ව හැටි මතක් වෙනවා
(මේක ලියද්දීනම් මටත් නොදැනී මගේ ඇස් මතින් කදුලක්
කම්මුල් සිප ගන්නවා )
අම්මා වියපත් උනත් ඉද හිටෙකවත් තිස් හතර දිහා බලනවා ඇති
..එත් ඔඩොක්කුවේ මන් නැතුව ..... අම්මව සිප ගන්න මන් ලග නැති උනත් අදත් පාලොස්වක හද
තිස් හතර සිපගන්නවා ඇති ..............
Tuesday, December 11, 2012
මා බාල කාලේ
කෝම් පිට්ටු
"අපේ
තාත්තට කොළඹ යන්න කෝම් පිට්ටු ඉදියෝ "...පුංචි කාලේ සෙල්ලම් බත් ඉව්වේ එහෙම කෑ
ගහමින් ...ගෙවල් වටේම හිටිය කොල්ලෝ කුරුට්ටෝ
කෙල්ලෝ කිරිට්ටියෝ උදේ පාන්දරින්ම එකතු පාදා වෙලා ...සෙල්ලම් බත් උයනවා ..එහෙමත් නැත්නම් කෝම් පිට්ටු හදනවා ..මිදුලේ තියෙන වැලි එකතු කරලා
පුංචි වැලි ගොඩක් ගොඩ ගහල ..වතුර ටිකක් එකතු කරනවා ..ඊට පස්සේ වත්ත පහල විසි කරපු පොල් කටු දෙකක් අරගෙන ඉන් එකකට අර තෙත් වැලි පුරවනවා
පොල් කට්ට පිරෙන්නම ..ඊට පස්සේ පොල් කට්ට වැලිත් එක්කම අනිත් පැත්ත හරවල ..බිම තද කරනවා ..අනිත් පොල් කට්ට අරන් වැලි තද කරපු පොල් කට්ටට වටේට
අතින් ගහනවා .අතින් ගහමින් කටින් කියනවා ..'අපේ තාත්තට කොළඹ යන්න කෝම් පිට්ටු ඉදීයෝ "කියල ..ටික වෙලාවකින් පොල් කට්ට අයින් කරාම ඒ හැඩේට තියෙන කෝම් පිට්ටුවක් ..එහෙමත් නැත්නම් සෙල්ලම් බතක් ..වෙලාවකට ඒ වගේ කෝම් පිට්ටු විස්සක් තිහක් හැදෙනවා ..අන්තිමට කට්ටිය වට වෙනවා ..කෝම් පිට්ටු එහෙමත් නැත්නම් සෙල්ලම් බත් කන්න ..සෙල්ලම් බත් වලට එළවලු විදිහට එකතු වෙන්නේ මල් ගස් වල පුංචි අතු කැබලි පොඩියට කඩල ..ක්‍රෝටන් කොලත් එක එලවලුවක් ..කරවල විදිහට එකතු වෙන්නේ කෙසෙල් මුව වේලිලා බිමට වැටුණු කෙසෙල් මුවේ කැබලි ..බත් කාල ඉවරවෙලා වතුර බොන්නේ ..හරිම අපුරු විදිහට ..අමු එහෙත් කර නොවුණු කොස් කොළ ගොට්ට හදල ඒකට වතුර දාලා ...ගොඩක් වෙලාවකට එක කුරුට්ටෙක් තාත්තෙක් වෙනවා ..කිරිට්ටියක් අම්මෙක් වෙනවා ..අනිත් කුරුට්ටෝ කිරිට්ටියෝ පුතාල සහ දුවල ...

තාත්තා
කුරුට්ටයි අම්ම කිරිට්ටියි තමා කෝම් පිට්ටු බෙදල දෙන්නේ ..අනිත් අයට ..
Saturday, December 8, 2012
"කොටුගොඩැල්ල වීදිය"
මහනුවර ....මගේ ප්‍රියතම වීදිය ,,නුවර ගිහින් කොටුගොඩෑල්ල වීදියේ පා නොතිබ්බොත් නුවර ගියේ නැ වගේ ..හේමමාලි බාලිකාවට ඉදිරියේ සිට කාර්ගිල්ස්bසුපර් මාර්කට් දක්වා විහිදුනු මාවත කොටුගොඩැල්ල වීදිය ලෙස හදුන් වනවා ,,හේමමාලි බාලිකාවන්ගේ කෙලින්ම නෙත ගැටෙන්නේ මේ වීදිය ..මුලින්ම වගේ පිහිටලා තියෙන්නේ ශාන්ත අන්තෝනි දේවස්ථානය ..මට මතකයි ඉස්සර දවසක අපි යාලුවෝ තුන් දෙනෙක් (අපි කතෝලික නොවුනත්)ඉරිදාවක දේවස්තානේ ඇතුලට ගියා ,,අපි කතෝලික අයත් එක්ක ඉරිදා දේව මෙහෙයට සහබාගි උනා ..ඒ අයත් එක්ක අපිත් ගීතිකා කිව්වා "රොනට වඩින බිගු ඔබයි -කැකුළු මල මමයි " ගීතිකාව ඇහුවේ එදා එතැනදී ...එද්දී ගීතිකා පොතකුත් අරන් ආවේ ...දේවස්ථානය ඉදිරියේ පැත්තකින් තියෙන පුංචි කඩෙන් පොඩි කුරුස ..තරු වගේ දේවල් මන් ගත්ත හැටිත් මතක් වෙනවා ....ඒ පැත්තෙන්ම ඉදිරියට යද්දී මුණගැහෙන මුල්ම හතර මන් හන්දියේ කොනේ තිබුනා රෙකොර්ඩ් බාර් එකක් "සත්සර රෙකොර්ඩ් බාර් කියල ..මන් ඉස්සර නිතර ගියා ..ගීත පටිගතකරගන්න .ඒකෙ හිටියේ ටිකක් මහත වැඩිපුර බඩ තිබුණු අය්යා කෙනෙක් ..එයාගේ සහයක මහේෂ් කියල කෙනෙක් මගේ මතකේ හැටියට ..පුංචි පහේ සත්සර රෙකොර්ඩ් බාර් එකේ වැඩිපුරම තිබුනේ අමරදේවයන්ගේ ..නන්දා මාලනියගේ ගීත ..මම මුලින්ම ගීත කැසට් එකක් පටිගත කරගත්තේ සත්සර එකෙන්..TDK 90 කැසට් පීස් එකකට ..ඒකෙ තිබුන ගීත අතර ..සිතුවිලි සිරවී ,නදීෂානි .කදුළු කතාවේ ,සුලන් කපොල්ලේ .කලෙක සිට මැවූ සිහින.,රුවන් තාරකා , වගේ ලස්සන ගීත ගොඩක් තිබුනා ..සත්සර එක 1996 දී වගේ වැහිලා ගියා ..තවත් ඉදිරියට යද්දී කොමර්සල් බැංකුව ..එතනට එහා පඩි පෙලෙන් උඩට නැග්ගම YMCA ..එහෙමත් නැත්නම් සෝයා එක ..සෝයා එකෙන් රස පිනන සෝයා අයිස් කන්න ..සෝයා ආහාරයක් රස විදින්න ඒ පඩි පෙළ නගින වාර අනන්තයි ..මගේ කියවීමට අත් පොත් තැබුණු ඩී .එස් . සේනානායක ළමා පුස්තකාලය.ඒ අසලම වගේ ..පුස්තකාලයේ සාමාජික වෙලා .මුලින්ම ගත්ත පොත් දෙක කුලසේන ෆොන්සේකාගේ කල්ලන්දුවේ මුතු කොල්ලය සහ දොන් පීටර් පියතුමාගේ ඩිංකි පොත .. ළමා පුස්තකාලයේ මතකයන් ගොඩයි .. ..ඒත් ඇතුලට නොයන්නේ දැන් මන් ළමා සාමාජිකයෙක් නොවෙන නිසයි ..එතනින් යද්දී මගේ බෙල්ල නිතැතින්ම ඒ පැත්තට හැරවෙනවා ..බෙල්ල කියද්දීම කොන්ඩෙත් මතක් වෙනවා ..එතැනින්ම ඉස්සරහ ටිකක් ඇතුලතින් වගේ තියෙන BRIDE සැලුන් එකේ කොන්ඩෙ කපන අපූරුව ..තවත් ටිකක් ඉස්සරහට යද්දී සමුපකාර ප්‍රාදේශිකය එක්කම මුස්ලිම් පල්ලිය ...එතන ඉස්සර ලෑලි කඩේ මුස්ලිම් සුවඳ විලවුන් ..ආගමට සම්බන්ද පත පොතත් තියෙනවා..වීදියේ අන්තිම හරියේදී
කතරගම දේවාලය ..දේවාලය ඇතුලේ පන්සල කුත් පිහිටලා තියෙනවා ...ඉද හිටෙක පන්සලට ගිහින් බුදුන් වැඳලා පිරිත් නුලක් එහෙමත් ගැටගහගෙන කතරගම දෙවියන්ගේ ආශීර්වාද අරන් එන වෙලාවලුත් තියෙනවා ..පරණ සිංහල පොතක් එහෙම ගන්න යන්නේ ඊට එහා තියෙන ආර්ය පොත් සාප්පුවට ..එතන ඇතුලට වෙන්න තියෙන කෙටි පාරේ ගල්ෆ් ටෙක්ස් එකේ හරි ජැන්ඩියට කලිසම් මහනවා ..කලිසමට හරියන කමිසය දනුෂ්ක එකෙන් ..දනුෂ්ක එකට අල්ලපු අත ලග තියෙන කැසමරා එකෙන් කෑම වේලක් අරන් ඉස්සරහ තියෙන පත්තර ලෑල්ලකින් ඉරිදා දිවයින පත්තරෙත් අරන් කොටුගොඩැල්ල වීදියට මුහුණට මුහුණලා තියෙන ෆූඩ් සිටි එකෙන් ගෙදරය යන ගමන් නම් මොනවහරි කළමනා ටිකකුත් අරන් යන්න පුළුවන්..
බොහොම කෙටි වීදියක එකම පැත්තක කතෝලික දේවස්ථානයක් ,මුස්ලිම් පල්ලියක් .කතරගම දේවාලයත් ..ඇතුලත බෞද්ද පන්සලත් පිහිටලා තියෙනවා ..ඒක හරි සුවිශේසයි ...ජාතින් හතරක පුද බිම් හතරක් එකම වීදියක් !..
Thursday, December 6, 2012
ශූ ............
ජගත් විජේනායක සර් ගේ ගණකාදිකරණය පන්තිය ..නුවර පේරාදෙණිය පාරේ IMS හෝල් එකේ ..සෙනසුරාදා උදේ 8-10..මානව මානවිකාවෝ පිරිලා ඉතිරිලා ..
කොහොමත් අපේ කට්ටිය හිටියේ නිතරම හිටියේ මැද පේළිවල ..ඉද හිට පිටිපස්සෙමත් ඉන්නවා ..පල්ලෙහා පාරේ යන වාහන දිහා බලන්න ..දොඩම්වල උඩ පාරේ යන පාට සරුංගල් වලට ශු කියන්න අපේ කට්ටිය හරිම දක්ෂයි ..පන්තිය පටන් ගන්න කලින් කවුරුහරි නිකමට හරි නැගිට්ටොත් ශූ සද්දේ ...නිතරම ඇහෙනවා ..ගොඩක් වෙලාවට ගැහැණු ළමයි නම් නැගිටින්නෙම නැති තරම් ..නැගිට්ටෝත් ඉතින් ඉවරයි ..
දවසක් ජගත් සර් උගන්වමින් ඉන්න වෙලාවක පල්ලෙහා ඔපිස් එකෙන් පණිවිඩයක් ගෙනත් දුන්න ..චිට් එකකුත් එක්කම ..ටික වෙලාවක් සර් චිට් එක දිහා බලන් ඉඳල ගැහැණු ළමයෙක්ගේ නමක් කිව්වා ..මට මතක හැටියට "ඉනෝකා " කියල නමක් සම්පුර්ණ නම මතක නෑ .අපිට පේලි දහයක් විතර ඉස්සරහින් වාඩි වෙලා හිටිය කොළ පාට ගවුමක් ඇදන් හිටිය ගැහැණු ළමයෙක් නැගිට්ට ..සර් කිව්වා "ඔය ළමයාගේ ගෙදර කවුදෝ ඇවිත් පණිවිඩයක් කියන්න ..පොඩ්ඩක් පල්ලෙහට ගිහින් බලන්න "..අපේ කට්ටිය පටන් ගත්ත ෂු ව
ඒ ගැහැණු ළමය ඉක්මනටම කඩිසර ගමනින් පහලට ගියා ...බිම බලාගෙන ..මුළු බිල්ඩිමම දෙදරුම් කන විදිහේ ශු සද්දයක් ....පිටිපස්සේ අය ශු එක හු වක් බවට පරිවර්තනය කරා ..සර් ළමයි ඔක්කොම දිහා බලන් හිටිය ..කෙමෙන් වැස්සක් පායලා ඉවර උනා වගේ ශු සද්දෙත් අහවර උනා ..ජගත් සර් කතා කරා ..
"දැන් ඉවරද ශු සද්දේ ..ඔය ළමයි දන්නවද ඒ ළමය එක්ක යන්න අවේ ඇයි කියල ..? ..ඒ ළමයාගේ තාත්තා නැති වෙලා .."
මුලු පන්තියම මීයට පිම්බා වගේ නිස්සබ්ද උනා ..තවත් විස්තර දැනගන්න මුළු පන්තියම බලා හිටියත් .."හරි දැන් පාඩමේ ඉතිරි ටික පටන් ගමු "කියල සර් පන්තිය පටන් ගත්ත ..ඒ කතාව එතනින් අහවර උනත් මගේ හිත ලොකු කම්පනයකට පත් උනා ..මමත් ඒ ෂුවට හවුල් උණු හින්දා ...ඒ ගැහැණු ළමයාගේ මුහුණුවර යාන්තමට වගේ මතකයි ..හීන්දෑරි උස සුදු ළමයෙක් ..පොත් දෙකත් ටියුට් ටිකත් අතේ අරන් ලෙදර් බැග් එකත් කරේ දා ගෙන බිම බලන් යද්දී ශු සද්දෙත් එක්ක හිතන්න නැතුව ඇති තාත්තා නැතිවෙලා කියල ..ඊට පස්සේ මන් විමසිලිමත්ව ඒ ළමය පන්තියේ ඉන්නවද බැලුවත් මට ඒ තරම් ඇහැ ගැහුනේ නෑ ...
එයින් පස්සේ කවදාවත් මන් ශු කිව්වේ නෑ .නිකම් හරි ශු සද්දයක් ඇහුනොත් මට එදා ඒ සිදුවීම මයි මතකෙට එන්නේ ..
Subscribe to:
Posts (Atom)