Saturday, November 24, 2012

"හොන්සිස් ප්‍රෑල්මන් "





මේ කතාව මුලින්ම කියද්දී මගේ යාලුවෙක් ඇහුවා මේ වෙස්ට් ඉන්ඩිස් ක්‍රීඩක යෙක් ගැන කතාවක්ද කියල ...මමත් කිව්වා ඉතින් ..ටෝනි ග්‍රෙග් විස්තර විචාරේ ගෙන එනවා වගේ...
"yes ...හොන්සිස් ප්‍රෑල්මන් ඊස් අවුට් " කියලා ...
අපේ ගමට ටිකක් උඩහා තියෙනවා හොදටම වක් වෙච්ච ලොකු වංගුවක් ..මේ වංගුවට කියන්නේ 
"කොට හපුවගේ " 
වංගුව කියල ...ඉස්සර මිනිස්සු රෑ පානේ ගමන් යද්දී ඔය වංගුවේදී බයවෙනවලු ..හොල්මන් අවතාර දැකල ..මීට අවුරුදු පහළොවකට විතර කලින් අයෙත් කීපදෙනෙක්ම හොල්මනක් දැකල ..ඒ වංගුවට උඩින් ලොකු සියඹලා ගහක් තියෙනවා ..ඒ ගහ යට තනි සුදු ඇදගත්ත කෙනෙක් දැකල ...රෑ 11 විතර ...එක්කෙනෙක්ට නුල් බදින්නත් සිද්ද උනා.එක දිගට වගේ මේ සුදු ඇදගත්ත හොල්මන සියබලා ගහ යට වාඩි වෙලා බිම බලන් ඉන්නවලු ...ගමේ කීපදෙනෙක් මේ අවතාරේ ගැන හොයන්න ගිහින් තියෙනවා ...පුරුදු විදිහටම සියඹලා ගහ යටට සුදු ඇදගත්ත හොල්මන ඇවිත් වාඩි වෙලා අත් දෙක ලගට කරන බිම බලගත්තට පස්සේ කට්ටියම එතනට කිට්ටු වෙලා ..අතේ තිබුණු කැලි හයේ ටෝච් එලිය මුනට අල්ලලා ...හොල්මන එක පාරම එලිය දිහා බලල
"කවුද " 
කියල අහල ..පස්සේ කට්ටිය අදුරගන ..ඒ වංගුවට ටිකක් උඩින් ගෙයක් තියෙනවා ..ඒ ගෙදර ටිකක් විතර වයසට ගිය කෙනෙක් ඉන්නවා ..ඒ කෙනා පෝය දවසේ සිල් අරන් භාවනාව ප්‍රගුණ කරන්න හිතලා ..රෑ රේඩියෝ එකේ මහා පිරිත එහෙම අහලා සියඹලා ගහ යටට ඇවිත් භාවනා කරන්න ..පාරේ ගිය කට්ටිය හිතුවා හොල්මනක් කියලා ...පස්සේ කට්ටියම විස්තර කතා කරලා ..ප්‍රස්නේ නිරාකරණය කර ගත්තා ..අන්තිමට එයාගේ භාවනා වත් එතැනින්ම අහවර උනා ...ඒත් නමක් ඉතිරි උනා ...ඒ කෙනාගේ නම
'ප්‍රැන්සිස් "...කට්ටිය බය උනේ ප්‍රැන්සිස් හොල්මනක් කියල ...
ප්‍රැන්සිස් හොල්මන් 
අපි ඉතින් අනිත් පැත්ත පෙරලුව ...

'' සියත් "


මට ගොඩක්ම කුළුපග හිතවතෙක් විතරක් නෙවේ බොහොම ලෙන්ගතු මිතුරෙක්
ඇගට නොදනී කියන විහිළු කතා රස ගුලාවක්  ..දවසක් පන්සලේ මල් වට්ටි සල්පිලේ

නිවේදන කටයුතු කරද්දී මගෙත් එක්ක එකතු වෙලා හිටිවන කවි කිව්වා හැටිත් මතක් වෙනවා ..

මිහින්තලේ ගිහින් රාත්‍රියක් පුරාවටම "ගොළු චරිතයක් " රග පාලා පිටින් ආව නෑදෑයෝ පුදුමයට පත් කරලා ;

පාන්දර ඇස් රතු වෙනකම් විහිළු කරපු හැටි ! ..දඩු මොනර කතාව

ේදී අපි එක්ක වැල්" වල එල්ලිලා ගිය හැටි ...

මන් රට ඉඳල ලංකාවට ආව බව ආරංචි උණු ගමන්..ඉර එන්නටත් කලින් හිමිදිරියේම මාව බලන්න ආව හැටි ..

තව කොඉතරම් දේවලද ................කාලයත් එක්ක අපි නිතර මුණ නොගැහුනත් ... මුණ ගැහුණු හැම මොහොතකම පෙර

සුහදත්වය ඒ විදිහටම තිබුනා ...

අන්තිමට මට මුණගැහුනේ ...සියත් පුංචි දුව පෙර පාසල් එක්ක යන අතර මගදී ..එදා කිව්වේ "අවුරුද්දටවත
අපේ ගෙදරින් කෑමක් කාල යන්න " එන්න කියලයි ..ඒත් අද උදේ "සියත්" අයෙත් නොඑන්නම ගිහින් ...........
අන්තිම මොහොතේ මට සමුදෙන්න එන්න බැරි උනත් ..............

හිතේ නැගෙන සුසුම් දල රළ පෙළ සමග ...පරණ සොදුරු මතකයන් හිත තුල සදා පුරවාගෙන නුඹට සමු දෙමි !

මිතුරන් අතර ආනන්දයක්ම වූ
 "සියත්" ..............."සුභ රාත්‍රියක් !"

Sunday, November 18, 2012

"දඩුබැදිරුප්ප"

දවසක් හැන්දෑවක මගේ හිත මිත්‍රයෙක් එක්ක එයා දන්නා සමාජවාදී යාලුවෙක්ගෙ ගෙදරක යන්න පිටත් උනා ...දඹුල්ලට ගිහින් එතනින් නැග්ගේ පොඩි ලොරි බාගෙකට
දුෂ්කර ගමනක් ..ලොරි බාගේ පුංචි හිස් තැනක් වත් නැති තරමට මිනිස්සු පිරිලා හිටියා ..දුෂ්කර පාරක නොදන්නා ගම්මානයකට අපි සේන්දු උ නා ..

               ගම දඩුබැදීරුප්ප
 
හරිම ලස්සන ගමක් ..හැන්දෑවේ මද අදුරත් එක්ක හීන් වැහි පොදක් වැටුනා ....ගෙවල් ගොඩාක් ඇතින් ඇතට පිහිටලා තිබුනෙ. ..දෙවටවල් අයිනේ සුදු අන්දර වැටවල් ...ලොකු කැලැ රෝස මල් යායවල් ...ගම පිහිටලා තිබුනේසඩාශ්රාකාර තැනිතලා බුමියක ..හවස 6ට විතර අපේ නවාතැන් ගන්න නිවසට ගියා ..එහෙ යද්දී ...අපේ හිතවතා හිටියේ නෑ .
ඒ ගෙදර හිටියේ වයසක ආදරණීය පියාණන් කෙනෙක් සහ ආදරණීය මවක් ..අපි ගියාට පස්සේ අපි නොහදුනන අය උනත් අපිව බොහොම ආදරයෙන් පිළිගත්තා ..

අපි එහෙට යද්දී හොඳටම තෙමිලා වගේ ගියේ ..ගිය ගමන් අපිට නාන්න අවශ්‍ය දේවල් ලක ලෑස්ති කරලා දීල තෙමුන එක ගැන බොහොම දුකෙන් කතා කරා ..අපිට ඇදගන්න යාළුවගේ ඇදුම් දුන්නා ..ඊට පස්සේ කඩිමුඩියේම ඒ අම්ම රාත්‍රී ආහාර පිළියෙළ කරා ..අපි දෙන්නත් ඒ තාත්ත ත් ඉස්සරහ කොරිඩෝවට වෙලා අල්ලාප සල්ලාපයේ යෙදුනා ..සමාජවාදී අදහස් තියෙන සෞම්‍ය තත්තා කෙනෙක් ..
ගොවි තැන ..
කුඹුරු ..
71 කැරැල්ල ..
වගේම වාමවාදී අදහස් ගොඩාක්
රාත්‍රී ආහාර වේල උණු උණුවෙම අපිට පිලි ගැන්නුවා ..
'බැදපු කට්ට කරවල ..කිරි කොස් මාළුව ..තෙල් දාපු මෑ කරල් මාළුවත් එක්ක ගලේ අබරපු රතු පාට සම්බෝලේ ..'
විනාඩි කීපයකින් හිස් වෙන්න උනා ..අන්තිමේ බඩ කොන්ක්‍රීට් දාල වගේ  ..රසවත්ම කෑම වේලක් ..
ඒ දෙමව්පියෝ හරිම දයාවන්ත ආදරණීය දෙන්නෙක් ..කරුණාබරිත දෙනෙත් වලින් සෙනෙහස උතුරනවා ..එදා රාත්‍රියේ අපි නින්දට වැටුනේ නුහුරු ගමක නුහුරු ගෙදරක උනත් සෙනෙහස පිරුණු වටපිටාවක ..ගමන් මහන්සිය නිසාම ඇස් පිය උණු ගමන් වගේ නින්ද ගියා ..
උදේ පහට වගේ මගේ ඇස නින්දෙන් මුදා හැරුනේ ගෙතුලින් ඇහුනු පිරිත් සවන් වැකුණු නිසා ..ගෙදර තිබුනේ පුංචි ගුවන් විදුලි යන්ත්‍රයක් ..ස්වදේශිය සේවයේ වැඩසටහන් එකින් එක ඇහුනා ..මන් නින්දෙන් අවදි වෙලා කාමරේ ජනේලේ විවර කරා ..
මදනලත් එක්ක හමා ආව සුදු සමන් පිච්ච සුවද නාස් පුඩු පුරා විහිද ගියා ..ටික වෙලාවකින් මන් එලියට ගියා ..අලුත් හිරු එළියත් එක්ක මුළු පරිසරයම අලුත් වේවි තිබුනා ..ඇතම ඇත කුඹුරු යාය ..කිරි වැදුණු ගොයම ..කුඹුරු යායට එහා පිහිටි කුඩා පන්සල මනස්කාන්ත දර්ශනයක් උනා ..උදේ ගන්ටා සද්දෙත් ඇහෙන්න උනා ..රෑ වැටුණු වැහි පොද අහවර වෙලා නැවුම් සුවදක් හාත්පස පුරාම ...ඒ නිවස පැරණි නිවසක් ...සිවිලින් වෙනුවට උඩට ඉටිරෙදි ගහල තිබුනේ ..බිම සිමෙන්තිය පාට කරලා තිබුනා ..එලිය වට පිටාවේ සුදු සමන් පිච්ච වැලක් තිබුනා ..තද රතුපාට අන්තුරියම ..තැනින් තැන ..විසිරිලා පැතිරිලා තිබුනා ..කුස්සියේ අවිහිංසක මව්පියෝ අපිට උදැසනින්ම ඇහිරිලා කෑම වේල සකස් කරන ..සද්දේ ඇහුනා ..උදේ අපි ටික වෙලාවක් ඉඳල දහයට විතර එන්න අවා ..හැබැයි ඒ දෙමව්පියෝ ගේ හිත රිද්දල ..වෙන මොනවටවත් නෙවේ ..අපි දවල් කෑමට නොඉන්න තීරණය කල නිසා ..දවල් කැමත් කාල යන්න කියල හරියට වද කරා ..අපි ප්‍රමාද වෙන නිසා ආවා ..අපි ඒ දෙන්නට වැදල එහෙම පිටත් වෙද්දී ඒ දෙන්නම කිව්වේ "පුතාල දෙන්නටම රත්නත්තරේ පිහිටයි ..අයෙත් දවසක මේ පැත්තේ ඇවිත් යන්න එන්න "කියල යි ...

සෙනෙහස උතුරන දෙමව්පියන්ටත් ..ගැමි සුවද සපිරුණු ගමකටත් සමු දීල අපි එන්න ආවා ...
දඩුබැදිරුප්ප ගමන හරිම අසිරිමත් අත්දැකීමක් !

Saturday, November 17, 2012

"උක්කුන් මහත්ති "



පුංචිම පුංචි කලේ ගමේ මගේ හොදම යාළුවා උනේ උක්කුන් මහත්ති ...නම පියලත් උනත් ගෙදර අය ගමේ අය ඔක්කොම කිව්වේ උක්කුන් මහත්ති කියල ..
මන් පුංචි කාලේ නිතරම එහෙට ගියා ..සෙල්ලම් කරන්න ...මට හොදට මතකයි මට සෙල්ලම් කරන්න ඕනෙම දේවල් ලගට දීල උක්කුන් මහත්ති ගෙදර දොරේ වැඩ කරනවා ..මට වඩා වසර දෙකකින් විතර වැඩි උනත් වත්තේ පිටියේ හැමදේම වගේ කරේ උක්කුන් මහත්ති ..එහෙ එල හරක් හිටියා ..එල හරක් ගාල නිතරම සුද්ද පවිත්‍ර කරේ උක්කුන් මහත්ති ..එල හරක්ට කැමට වල් කපන්න යන්නේ සරම කැහපට ගහගෙන දෑ කැත්ත අතේ තියාගෙන හරිම උජාරුවෙන් ..උක්කුන් මහත්ති හරිම කඩිසරයි
ගමන හරිම වේගවත් ..මමත් ඉතින් නිතර උක්කුන් ම්හත්තිගේ පස්සෙන් යනවා ..ඒ කරන හැමදේම දිහා බලන් ඉන්නවා ..එහෙ ගෙදරට පහල පුංචි තල් ගහක් තිබුනා ..එතන නිතරම සෙල්ලම් ගෙයක් හැදෙනවා ..කඩයක් හැදෙනවා ..එක එක කොළ ජාති කඩේ පුරවනවා ..එළවලු විදිහට ..සෙල්ලම් බත් හැදෙනවා ..කෝම් පිට්ටු විදිහට
විනාඩි කීපයකින් උක්කුන් මහත්තිට කතාකරනවා ..එක්කෝ වල් කපන්න ..නැත්නම් හරක් ලිහන්න නෑත්නම් හරක් බදින්න .."මන් ටක් ගාල එන්නම් කියල" යනවා .. ගිහින් ඇවිත් ආයේ ටික වෙලාවක් ඉන්නවා ..තල් ගහට මෙහායින් ලොකු ජම්බු ගහක් තිබුනා ..අපිට ගහට නගින්න බැහැ.ජම්බු වැටුනම අහුරු පිටින් සාක්කු පුරවා ගන්නවා ..දවසක් මට මතකයි උක්කුන් මහත්තිගේ අම්ම කිව්වා "අන්න අරහේ ඉස්ටෝරුවට ගිනි තියල දෙන්නම ගිහින් බලල එන්න "කියලා කිවා .'..එදා තමයි මමයි උක්කුන් මහත්තියි ගෙදරින් පිට ගියපු පලවෙනි දවස ..ඉතින් අපි දිව්වා ගමේ තියෙන තේ ගස් වලින් ගහන කන්දට ..කන්දේ ඉඳන් අපි දෙන්න ඇතම ඇත ඉස්ටෝරුව ගිනි ගෙන අහසට දුම් වලා පිට කරන හැටි බලන් හිටියා ..අපිට ඒ හැටි තේරුමක් තිබුනේ නෑ ..ඒ කළු ජූලිය .. සිංහල අය කෝප වෙලා ඒ තේ දළු ඉස්ටෝරුවට ගිනි තියල ..අපි දෙන්නම බියෙන් ත්රස්ත වෙලා අයෙත් දුවගෙන ගෙදර ආවා ..මන් දවසට දෙපාරක් විතර උක්කුන් මහත්තිලගේ ගෙදර ගියත් උක්කුන් මහත්ති අපේ ගෙදර ..ආවෙම නැති තරම් ..
ඔහොම කාලය ගෙවිලා ගියා ..මන් ගමේ ඉස්කෝලෙන් අර්ද නාගරික ප්‍රාථමික විදුහලකට ගියා ..ඊට පස්සේ ටිකෙන් ටික උක්කුන් මහත්තිලගේ ගෙදරය යන එකත් අඩු උනා ..ඊට ටික කාලයකට පස්සේ මන් අපේ මාමලාගේ ගෙදර සතියක් විතර නැවතිලා හිටියා ..ඒ දවස්වල එහෙ කුඹුරු වල වැඩ පටන් ගෙන ..ගොයම් නෙලන කාලේ ...මට අවුරුදු 9ක් දහයක් විතර ඇති මගේ හිතේ ..අම්මල එහෙම කට්ටිය ත් මාමලාගේ ගෙදර හිටියේ.. 
මට හොඳට මතකයි දවසක් කුඹුරු යාය මැද්දෙදි ගිනි කාෂ්ටක අව්ව වෙලාවක අම්ම කිව්වා ..
"අරෙහෙ උක්කුන් මහත්තියා පාචනේ හැදිලා ඉස්පිරිතාලේ අරන් ගිහින් ඕන් අද උදේ නැතිවෙලාලු..පව් .. ..අපේ පුතාගේ යාලුවා" කියල 

 ..මන් මොනවත් කිව්වේ නැ ..අහන් හිටියා විතරයි ..මන් කුඹුරු යාය මැද නියර උඩ වාඩිවෙලා ඉස්සරහ බලන් හිටියා ....කිසිම හැගීමක් නැතිව ඔහේ .. 
සතියකින් විතර තමා අපි ගමට ආවේ ...ඊට පස්සේ මන් කවදාවත් උක්කුන් මහත්ති දැක්කේ නෑ ..කාලයක් යනකම් මන් ඒ ගෙවල් පැත්තේ ගියෙත් නෑ ..
දැනුත් සිංහල අව්රුද්ද්ට එහෙම මන් එහෙට යනවා ,,ගිහින් ඉස්තෝප්පුවේ වාඩි වෙලා ඉස්සරෝම බලන්නේ පුංචියට රාමු කරලා තියෙන සුදු මල් මාලයක් එල්ලලා තියෙන මතකයක් පමණක් ඉතුරු උණු උක්කුන් මහත්තිගේ දිහා.................

Saturday, November 10, 2012

"සුන්දර ටෝන් එක"


මැලේසියාවේ ඉන්න කාලේ දවසක් ලස්සන හවස් වරුවක මගේ ජංගම දුරකතනයට කවදාවත් අහල නොතිබුනු ගීතයක රිගින් ටෝන් එකක්
ආවා ..එක සැරයක් ඇහුව ගමන් මන් වහ වැටුනා .එදා හවස සිය දහස් වතාවක් මන් ඒ ටෝන් එක රස වින්දා ..දවස් ගානක් මන් පුදුම විදිහට ඒ ටෝන් එක ඇහුව ..මන් ඒ රිගින් ටෝන් එකට අදාල ගීතය ගැන විස්තර හෙව්වා ..එස් .පි.බාලසුබ්‍රමනියම් ගේ මනින් ඉන්ද කාදලාන් ගීතය ...තත්පර තිස් ගානක් හුස්ම නොගෙන අන්තරා කොටස නොනවත්වා කියන මනරම් ගීතය ...මන් මැලේසියාවේ හිටිය කාලේ පුරාම මගේ දුරකතනයේ තිබුනේ ඒ ටෝන් එක .
ලංකාවට ගියාට පස්සේ දුරකථන වෙනසක් නිසා ඒ ටෝන් එකත් නැති උනා ,,එත් මන් ඒ රිගින් ටෝන් එක හොයාගන්න සැහෙන උත්සහයක් දරුවත් වැඩේ හරි ගියේ නෑ ,,මට මතකයි නුවර ද්‍රවිඩ රෙකොර්ඩ් බාර් කීපයකම මන් හෙව්ව හැටි ...ඒත් මට ඒක හොයා ගන්න බැරි උනා ..
දවසක් හදිසියේ ත්‍රිකුණාමලේ සහ නිලාවැලි ප්‍රදේශයේ සංචාරයක යෙදුනා ..ගිනි කාෂ්ටක අව්වේ උණු වතුර ලින් බලන්න ගිහින් එන ගමන් ප්‍රවේස පත්‍ර ගන්න කුටිය හරියෙන් මන් ගොඩක් අස කරපු ඒ රිගින් ටෝන් එක අයෙත් ඇහෙන්න පටන් ගත්ත ..මන් විමසිල්ලෙන් බැලුවා ..සුදු සරමක් සහ සුදු කමිසයක් ඇදන් හිටිය
ද්‍රවිඩ ජාතිකයෙක් ගේ අතේ ජංගම දුරකතනයේ ඒ ටෝන් එක ..මන් එතන මොහොතකට නැවතිලා ඔහුට කිව්වා මට දැන්ම ඒ ටෝන් එක මගේ ජංගම දුරකතනයට එවන්න කියලා ..ඔහු විකමින් සිටි බුලත් විට එහෙම කටෙන් එලියට දාල මගෙත් එක්ක බොහොම අවිහිංසක විදිහට හිනා උනා ..විනාඩි ගානක් උත්සහ කරා ඒ ටෝන් එක එවන්න. ඒත් තාක්ෂණික දෝෂයක් නිසා ඒ වැඩේ හරි ගියේ නෑ ..අපේ ගමන ගිය අයත් බලන් ඉන්නවා මන් එනකම් ..ඔහුට තේරුනා ..මගේ ආසාව වගේම මගේ ප්‍රමාදයත් ..."මහත්තය දැන් යන්න.. මන් ගෙදර ගිහින් පුතාට කියල මේ ටෝන් එක එවන්නම් ..මහත්තයගේ නොම්බරේ දෙන්න " කියල..මගේ දුරකථන අංකය ලියාගත්තා ..ඉතින් මන් ගෙදර අවා ..දවසකට පස්සේ එක හැන්දෑවක මගේ දුරකතනයට කෙටි පණිවිඩයක් විදිහට ඒ රිගින් ටෝන් එක ආවා ..මන් විසි තිස් වතාවක් ඇහුව ..රස වින්දා ඒ තරම් මන් ඒ ටෝන් එකට ලොබ බැන්දා ..ටික වෙලාවකට පස්සේ මන් ඒ දුරකථන අංකයට ස්තුතිය පුද කරන්න කතා කරා ..ඒත් වැඩ කරේ නෑ ..කෙටි පණිවිඩයක් යැව්වත් ඒකත් මගේ දුරකතනයේම රැදිලා තිබුන ..සතියකට මාසෙකට පස්සෙත් කතාකරන්න උත්සහා කරත් ඒ අංකය වැඩ කරේ නෑ ..
ප්‍රස්නයක් උනත් 
ඒ සුන්දර රිගින් ටෝන් එක මට හැමදාම හරිම සුන්දරයි .......!

Sunday, October 28, 2012

"පින්නවල අලි"


හදිසියේ දවසක් හවසක මගේ යාලුවෙක් ඇහුවා .."හෙට උදේ පොඩි ට්‍රිප් එකක් යනවා .පින්නවල අලි බලන්න ...එනවද කියල". .
ඒ දවස්වල මමත් උසස් පෙළ ඉවරවෙලා ගෙදරට වෙලා උන්නු කාලේ ..සල්ලි සත පහක්වත් එපා කිව්වා .පැමිණීම විතරයි කියලත් කිව්වා ..හය දෙනෙක් යන බවත්
හෙට උදෙන්ම එන්න කියල ත් කිව්වා ...මමත් ඉතින් කැමති වෙලා ඊලග දවසේ උදෙන්ම නා කියා ගෙන ලස්සන CK ඩෙනිමක් ඇදල..ඩෙක් ශුස් දාල එහෙම
උදේ 7 ට ටවුමට ගියා ..මගේ යාලුවත් අවා ..කළු කලිසමක් සුදු කමිසයක් එහෙම ඇදලා ..අපි දෙන්න නුවරට ගියා ..මන් ඇහුවා "කෝ දැන් කට්ටිය කියල ..
එතකොට කිව්වා .."ට්‍රිප් එකේ කට්ටියම රඹුක්කනින් සෙට් වෙන්නේ ..අපි එහෙ ට යමු කියල යාළුවා කිව්වා ..අපි දෙන්න පොඩි මැණිකේ ට්‍රෙන් එකේ රඹුක්කනට ගියේ
සින්දු කිය කියා ..විහිලුවට වගේ සින්දු කවි කරමින් ..මට තාම මතකයි අපි ඉස්සරහ හිටිය මුස්ලිම් ජාතිකයා අපේ සින්දු ඇහෙද්දී කන් දෙකේ කහබිලියා ගැවෙනවා වගේ අපි දෙන්න දිහා බලා හිටිය හැටි ..රඹුක්කනට ගියා ..මන් ඇහුවා "කෝ කට්ටිය කියල .. ...ඊට පස්සේ මගේ යාලුවකිව්ව ,,,"මොනවහරි අප්සෙට් එකක් වෙලා තියෙනවා මචන් ...අපි මොනවා හරි කාල ඉමු කියල ...අද කොහොමත් පින්නවල අලි බලන්නම් ඕනේ අපි ට්‍රිප් එක සංවිදානේ කරපු කෙනාගේ ගෙදරට ම යන්" කියල ..එහෙ යන්න පිටත් උනා ..මට මතක හැටියට හේවා දිවෙල කියල පැත්තක් ..පොල් පැටෙව්වා වගේ මිනිස්සු පිරිච්ච වැන් එකක නැගල හිටගන කොන්දත් නමාගෙන දැන් ගමන යනවා ...පුදුම දුරක් ...පැය එක හමාරක් දෙකක් ...අන්තිමේට ගමන අහවර උනා .ගමනාන්තේටම ගියා .ඉතුරු උනේ මමයි මගේ යාළුවයි වාහනේ රියදුරු සහ ගෝලයා විතරයි ..මන් ඇහුවා "කෝ දැන් කට්ටිය කියලා"..යන් මචන් ගෙදරට තව ටිකක් දුර යන්න ඕනේ කියල මගේ යාලුවා කිව්වා .. අපි පයින්ම ගමන යන්න පිටත් උනා ..කදු හෙල් තැනිතලා වතුර වලවල් ..කුඹුරු ලියදි නියරවල් මැදින් දැන් අපි යනවා ..උදේ ඇදන් ආව ඩෙනිම ඩෙක් සුස් මඩ වෙලා...ඇග පුරා සුවඳ විලවුන් සුවද මැකිලා දාඩිය දාලා ..මැදන් ආව කමිසේ පොඩි වෙලා තිබුනා ..හැතැම්ම 3ක් විතර පයින් ගියා ..ඊට පස්සේ පොඩි ගමකට ඇතුල් උනා .."මන් ඇහුව මෙහේද පින්නවල සංවිදායක ඉන්නේ කියලා "...
"ඔව් මචන් තව ටිකක් ඉස්සරහ ගෙවල් කියල"යාලුවා කිව්වා ..ටික ටික ගම මැද්දට යද්දී සුදු පාට කොඩි එල්ලිලා වටේටම වගේ ..මල ගෙදරක් ..මන් ඇහුවා "මල ගෙදරක් නේද කියලා"..යාලුවා උත්තර දුන්න ..."ඔව් මචන් මෙහෙ තමා අර ගෙදර" කිවා ..මන් උඩ බිම බැලුවා..."මචන් අපේ පප්පගේ (අපේ යාලුවා තාත්තට කියන්නේ පප්පා කියල )යාලුවෙක් මැරිලා මචන් ..මේ ඒ මල ගෙදර.. සමාවෙයන් මචන් මට බොරු කිව්වට" කියල යාළුවා වදින්න පටන් ගත්තා .. ..මට යකා නැග්ග ..මන් කිව්වා "මන් දැන් යනවා කියලා "එන්න අවා . දැන් .මගේ යාලුවා මගේ කමිසෙන් අදිනවා ..අපි දෙන්නගේ මේ රගපෑම මල ගෙදර අය ඇත ඉඳන් බලාගෙන ..අන්තිමේදී තරහින් උනත් මන් මල ගෙදරට ඇතුල් උනා ...මිනිය ලගට ගියා ...වදිද්දී මන් දැක්කේ ...අවුරුදු 103 සියා කෙනෙක් ..මන් ඇහුවා "මේ මනුස්සයා බලන්නද යකෝ මෙච්චර දුරක් ආවේ කියලා" ..මගේ යාලුවා කියනවා" මචන් බනින්න එපා මචන් අපේ පප්පගේ යාලුවෙක් මචන් කියලා.".ආයේ මන් කනට කරලා කිව්වා "මේ පින්නවල අලි ට්‍රිප් එකේ සන්විදායකද" කියලා ..
"පප්පගේ යාලුවා උනත් මට හිනා යනවා මචන් මාව හිනස්සන්න එපා" කියල යාලුවා කියනවා ..ටිකකින් අපි එලියට ගියා ,,පුටු දෙකක වාඩි උනා ,,කවුරුත් අපි දිහා පුදුමෙන් වගේ බලනවා ,,නාදුන්නන අය දිහා බලන විදිහට ..ටික වෙලාවකින් සුදු ඇදගත්ත මැදි වියේ කෙනෙක් ඇවිත් ඇහුවා "කව්ද මේ ඉලන්දාරි දෙන්න කියලා" ,,,යාලුවා උත්තර දුන්න "අර නුවර ,,අර අරහේ ජයසේන ලගේ අර විජේසිංහ එයාලගේ බාප්පා ගේ ......"වැඩිය කියන්න නොදීම අර මැදි වියේ කෙනා කිවා .."කමක් නෑ කමක් නෑ කවුරු උනත් මේ ..එහෙනම් ඔහොම වාඩි වෙලා ඉන්නකෝ" කියල යන්න ගියා ..අපි ටිකක් වෙලා ඉඳලා එන්න අවා ..නුවරට එද්දී හවස පහත් පහු වෙලා ..එදා අපේ ගමේ පින්කම් ගෙදරක් තිබුනා මන් එහෙ යද්දී අපේ යාලුවෝ කියන්ට පටන් ගත්තනේ කොහොමද මචන් පින්නවල අලි ශෝක්ද කියලා ...මගේ ජිවිතේ කාපු ලොකුම ලනුව
 "103 යි ...පින්නවල අලි යි .."

" තම රියා දෙවොල "


සුන්දර මැලේසියාවේ තමරියා ප්‍රදේශයේ හිටිය කාලේ ඒ ලගම ඇති කෝවිලක් ගැන විස්තරයක් දැනගන්න ලැබුනා ....සෙනසුරාදා දවසක
අපේ කට්ටිය ඒ කෝවිල හොයන් ගියා ..විසල් පඩි පෙළක් තරණය කරමින් කෝවිලට ලං උනා ...කන්දක් උඩ රමණීය භූමියක අලුතින්ම
ඉදි කරලා තිබුණු දෙවොල හරිම මනස්කාන්තයි ..හැම සෙනසුරාදාම වගේ පුජාවක් පැවැත් උනා ..හින්දු බැතිමතුන් ගොඩාක්මත් නෑ.දෙවොල් බිමේ
හිස් අවකාසයකුත් තිබුනා ..කලබලයක් තිබුනෙම නැති තරම් ..මන් ගොඩක් ප්‍රිය කළා ඒ වට අවට පරිසරයට ..කෝවිලේ ඇතුලතින් යාන්තමට
වගේ දේව ගීතිකා ඇහෙනවා ,,අපිත් කෝවිලේ ඇතුලට ඇතුල් වෙලා බොහොම භක්තිමත්ව දෙවියන් වැදලා...පහන් දැලි මුනට අල්ලලා ..සින්දුර්
නළලේ ගාගෙන දෙවියන්ට පේ වෙනවා ..
මොහොතකින් පුරට්ටු නාග සලන් සද්දෙත් එක්කම දෙවියන් වැඩමවනවා ...පුංචි දෝලාවක තියලා බොහොම බැතියෙන් ..අපිත් ඒ දෝලාවට හරෝ හරා
කියමින් කර ගහනවා ..දෙවොල් බිම වටේ තුන් වටයක් ගමන් කරලා නැවත දේව කුටියේ දෙවියන් තැන්පත් කරනවා,,අනේකවිද සුවදවත් මල් ඉසිමින් ..
දේව පුජාවෙන් පස්සේ පුජාවට සහභාගී උණු අය‍ට රාත්‍රී ආහාරය ....කෙසෙල් කොලේ බත් එක්ක ලොකු පපඩම් වට්ටක්ක මාළුව වැරදුනේම නෑ .රාත්‍රී කෑමෙන්
පස්සේ හින්දු බැතිමතුන් කෝවිල කිට්ටුවම පිහිටි ඒ ඒ නවාතැන් වලට පිට වෙනවා .හරිම නිස්කලංක දිව්‍ය භුමිය දිහා ශනිදා සදු ඇතම ඇත කදු මිටියාවතෙන් එහා
ඉඳන් බලන් ඉන්නවා ..අපිත් එන්න එනවා ,,,මොකක්දෝ ලොකු තනිකමකුත් කර පින්නගෙන..
ඒ එන අතරමග හතර මන් හන්දියේ කහම කහ පාට මැලේ රඹුටන් පිරිච්ච ගෙඩි බිමටම බර වෙච්ච ගහක් තිබුනා ..අපි දේවාලෙට යද්දී කහ රඹුටන් අපේ දිහා
බලන් ඉන්නවා ..දෙවාලෙන් යද්දී කහ රඹුටන් අපේ සාක්කු වලට වැටිලා පිරිලා තෙරපිලා අපි එක්කම එන්න එනවා ..