Sunday, August 26, 2012

"දොළහට ගෝෂා කරවූ "


ඒ දවස්වල අපිට විප්ලවීය උද්ගෝෂණ ...ඒවායේ සටන් පාට එහෙමත් හරි ලොකු දේවල් ..කලබල කාලේ
අහවර උණු මුල් වකවානුව ..ඒ දවස් වල ඉංග්‍රීසි පීරියඩ් එක කියන්නේ එපාම කරපු පීරියඩ් එක ..අපිට හිටිය
මැඩම් ඊට එහා ..අපි එක්ක හරිම තරහයි ..ගොඩක් වෙලාවට 11.45 -12.15 අතර තමා ඉංග්‍රීසි පීරියඩ් එක ..
එක දවසක් ඔන්න පුරුදු විදිහට තුන් දෙනෙක් නැගිටලා පාඩම කියවනවා ..රවී -ඇ න් -සහ පද්මිණි විදිහට
ඔය අතරේ පුංචි චිට් එකක් ඉස්සරහ පැත්තට හෙමින් හෙමින් එනවා ..මගේ අතටත් ආවා..මාත් දිග ඇරලා
බැලුවා . ..
"දොළහට ගෝෂා කරවූ "
මාත් බලල ..ඉස්සරහට යැව්වා ..ඉස්සරහ පේලියේදී මැඩම්ට ඔය කොලේ අහු වුනා ..මැඩම් කන්නාඩි දෙක
එහෙම දාලා..තුන් සැරයක් විතර කියවල ..යක්ශාරු ඩ .උනේ නැද්ද .."කවුද මේක ලිව්වේ කියල" ...ප්‍රශ්න ගොඩයි ..
ඒත් ලියපු කෙනෙක් නෑ..අන්තිමට වේවැලත් අරන් ..අන්තිමට චිට් එක අතේ තිබුන කෙනාගේ ඉදන්
හොයන්න ගත්ත ..මන් ලගටත් ආවා ..මන් පෙන්නුවා මට එහා පැත්තේ කෙනා.එයාගෙන් ඊට එහා පැත්තේ
කෙනා ..ඔහොම ගිහින් ගිහින් අන්තිම පේලියට ..අන්තිම පේලියේ අන්තිමට හිටියේ මැඩම් එක්ක නයි වයිරක්කාරයෙක්
මැඩම් එතනට ලංවුනා ..වේවැලත් අරන් ..අපි කට්ටියම ඒ දිහා බලන් ..දැන් අන්තිමට හිටිය කෙනාට පෙන්නන්න කෙනෙක් නෑ ..එහා පැත්තේ
බිත්තිය ..මැඩම් ඇහුව "කොහෙන්ද තමුසෙට මේ චිට් එක ..තමුසේ නේද මේක ලිව්වේ ..'"..යාලුවා කිව්වා "මැඩම් මන් ලිව්වේ නෑ "
කියල..........
මැඩම් අපහු ඇහුවා .."එහෙනම් කොහෙන්ද මේක කියනවා කියනවා" කියල තවත් සැර දැම්ම ..
යාළුවා උත්තර දුන්නා...............
"මැඩම් මේක උඩින් වැටුන " කියල ...
එපමණයි............!
වේවැල් සද්දේ අහල පන්ති කාමර කීපයකටම ඇහිලා තිබුන ..
ඒ සද්දේ එතරම් ම ඇහැන්නේ නැතිවෙන්න තිබුනා ...
අපි එදා හිටිය පන්ති කාමරය
තට්ටු දෙකේ ගොඩනැගිල්ලක යටම තට්ටුවේ නොතිබුනානම් ..............

Friday, August 24, 2012

"වටලප්පම් පොලිස් සහතිකය "


හදිසියේම මට විදේශ ගතවෙන්න අවස්ථාවක් උදාවුනා.දකුණු කොරියාවට ...ප්‍රමුඛ උනා පොලිස් සහතිකයක් ..ඉතින් මන් ගියා ප්‍රදේශයේ
පොලිස් ස්ථානයට ..මගේ උවමනාව කිව්වා එතන හිටි පොලිස් කාන්තාවට ...මොහොතකින් මාව යොමුකරා එක්තරා පොලිස් නිලධාරියෙකුට ..
ඉතින් ඔහු එක්ක ටිකක් කතා බහ කරා..මට පොලිස් සහතිකය මට හදිසි බවත් මන් කිව්වා ..ඔහු කිව්වා ..එහෙම හදිසියේ බැරි බවත් විස්තර හොයල
ඉවර කරලා සහතිකය දෙන්න දවස් ගණනක් යන බවත් මට කිව්වා...මන් කිව්වා ටිකක් ඉක්මනින් කරලා දෙන්න පුලුවන්නම් ලොකු උදව්වක් කියල ..ඔහු
ටිකක් කල්පනා කරා ..අහස දිහා බැලුව .."අද වහිය්ද මල්ලි "කියලත් ඇහුවා."හරි මන් කරන්නම් ..මට මල්ලිගේ නම්බරේ දෙන්න" කියල .. කිව්වා .
"මන් හෙට උසාවි යනවා ,,,..මන් ඔයාට කෝල් එකක් දෙන්නම්' කියලත් කිව්වා..එතනින් එදා කතා බහ ඉවර උනා ..ඊලග දවසේ හවස මට කතා කරා .."හෙට
සහතිකේ දෙන්නම් ..හෙට හවස ඇවිත් හම්බවෙන්න" කියල කිව්වා ..කොහොමින් කොහොමහරි ඊලග දවසේ හවස මගේ අතට පොලිස් සහතිකේ ලැබුනා
මන් ගොඩක් ස්තුති කරා ..අනිතිමේදී ඔහු කිව්වා "මට ටිකක් බඩගිනි මල්ලි මොනවා හරි කමුද හෝටලේකට ගිහින්" ..මන් කැමති උනා ..ඉතින් හොදට බඩ
කට පිරෙන්න එහෙම කාල වටලප්පම් එහෙමත් අතුරු පස විදිහට අරන් .."මට කාලා ඉවරවෙලා මල්ලි කිරි එකකුයි ගෝල්ඩ් ලිෆ් එකකුයි නැති උනොත් කාපු එක
හරි යන්නේ නෑ " කියල ඒ දේවලුත් සපුරගත්තා ,..මුහුණට මුහුණ කතා කරා ගෝල්ඩ් ලිෆ් දුම එහෙ මෙහෙ යවමින් ..මට කිව්වා .".මල්ලි ඔය සහතිකේ ඔහොම හදිසියේ ගන්න නම් ටිකක් සල්ලි යනවා ..මට මල්ලි ගෙන් තියෙනවනම් විතරක්ක් රුපියල් දාහක් දෙන්න" කිව ..මන් කැමති වෙලා සල්ලි ගත්තා ..බයවෙලා වගේ කිව්වා .."අපෝ ඔහොම දෙන්න එපා ..මේසේ යටින් ගුලි කරලා දෙන්න" කිව්වා ..ඒ වැඩේ අහවර වෙලා එයාගෙම ත්‍රිවිල් එකේ නැවත එන ගමන් තෙල් ගහන්න ෂෙඩ් එකට ගියා ..තෙල් ගහල ඉවර වෙලා ..මට කිව්වා මල්ලි රුපියල් පන්සියක් මාරු තියේනම් අන්න අර තෙල් ගහපු කෙනාට දීල දාන්න" කිව ..මන් ටිකක්
ඉස්සරහට ඇවිත් බැස්ස ..අයෙත් මන් ස්තුතියි කිව්වා .."ඕවා මොනවද මල්ලි ..අයෙත් උදව්වක් මොනේ උනොත් කියන්නකෝ" කියල යන්න ගිහින් ...මන් ලගට ඇවිත් කිව .."මල්ලි මට මේ පොලිස් රස්සාව එපා වෙලා තියෙන්නේ ..ඕයා ගිහින් මටත් ඒ රටේ හොද ජොබ් එකක් තිබුනොත් සෙට් කරලා දෙන්න කියල තට්ටුවකුත් දාලා යන්න ගියා ..
ඉතින් මන් තාම එයාට ගැලපෙන හොද ජොබ් එකක් හොයනවා ..තාම ලැබුනේ නෑ..

Wednesday, August 22, 2012

"ලංකාවේ සකුරා "


මේ තියෙන්නේ කොරියාවේ "සකුරා මලක්.




ජපානේ "සකුරා උපන් රට
ඒ උනත් කොරියවෙත් සකුරා තියෙනවා
මන් මේක ලංකාවේ මගේ යාලුවෙක්ට කිව්වා.
කොරියවෙත් සකුරා තියෙනවා කියල ..
යාලුවා මට කිව්වා
ලංකාවෙත් දැන් "සකුරා "තියෙනවා කියලා

මන් ඇහුවා ඒ කොහෙද කියලා
යාළුවා උත්තර දුන්න
ඇ යි .............."සිදුවේ සකුරා .."



Tuesday, August 21, 2012

"උපකල්පන "


පාසල් අවදිය ...තර්ක ශාස්ත්‍රය විෂයට අදාල වචනයක් .."උපකල්පන" ...උපකල්පනය කිරීම් ..
දවසක් අපි හය දෙනෙක් ..ගණකාධිකරණය විෂය තිබුණු කාල පරිච්චේදය මග හැරියා ..
එදා අපි හිතුවේ සර් නෑ කියල ..අපි හය දෙනා ඉතින් ටිකක් එහෙ මෙහෙ ඇවිදලා ...අයෙත් පන්තියට
අවා ..බැලින්නම් ..සර් ගිහින් ප්‍රින්සිපල් සර් ට අපේ නම් ලැයිස්තුව දෙන්න ..අපිට පණිවිඩයක් අවා ..
විදුහල්පති තුමා ගේ කාර්යාලයට වාර්තා කරන්න ..අපි හය දෙනා ..තිත්ත බෙහෙත් බිව්ව ගොළුවෝ
වගේ හෙමින් හෙමින් ඇතුලට ගියා.සර් මොකුත් කියන්නේ නැතුව ...අපි හය දෙනාට කොළ හයක් දුන්නා
දීල කිව්වා ..."තම තමන් කොළ හයේ කොහෙද ගියේ කියල ලියන්න කියල ...ඉතින් අපි වෙන් වෙනම
ඉඳන් ලිව්වා ..අපි ඔක්කොම වගේ ලියල තිබුනේ කැන්ටිමට ගියා කියලයි ..ඒත් සර් එක කොලයක් දිහා
බොහොම බැරෑරුම් බැල්මක් හෙලලා ....ඇස් උඩ යවල ...".කවුද මේ සාස්තර කාරය බොල" කියල ඇහුවා
සර් කොලේ කියවන්න පටන් ගත්තා ...එකේ තිබුනේ මෙහෙමයි .."අද දින ගණකාධිකරණය උගන්වන
ගුරුවරයා "නොපැමිනේය යන උපකල්පනය මත" තවත් සිසුවන් පස් දෙනෙක් හා කැටුව ආපන ශාලාවට
ගියෙමි ..නැවත ඔහු පැමිණ "උගන්වනවා ඇති යන උපකල්පනය මත" පන්තියට ආවෙමි ..එවිට ගුරුවරයා
උගන්වනවා දුටිමි ..නැවත ඔහු අපිට "ගහාවී යන උපකල්පනය මත" අයෙත් ආපන ශාලාවට ගියෙමි..විස්තරය
එපමණි "................සර් කොලේ කියවල ඉවර වෙලා ..සලකපු සැලකිල්ලට "උපකල්පන" වචනේ ජිවිතේ කවදාවත් අමතක නොවේනම
වචනයක් බවට පත් වුනා ....

Sunday, August 19, 2012

" සුන්දර සල්මියා "


දැන් කට්ටියම බලයි කවුද මේ සල්මියා කියල ..මන් කාලෙකට ඉහත දී කුවේට් රටේ වසර තුනක් විතර හිටියා ..දැන් බලයි එහෙනම් කුවේට් වල
ලස්සන ගැණු ළමයෙක් තමා මේ සල්මියා කියන්නේ කියල ..කුවේට් වල ප්‍රදානම නගර කීපයක් තියෙනවා ,ඒ අතර කුවේට් අග නුවර වගේම
ජබ්රියා ..අබ්දුල්ල සලීම් ...හවාලි ..ෆෙහා ..සල්මියා .යන නගර අතරිනුත් සල්මියා ගොඩක් ප්‍රදනයි ..සල්මියා නගරයට මායිම්ව ,.....තියෙන සල්මියා
මුහුදු වෙරල හරිම සුන්දරයි ...වගේම ගොඩක්ම මනරම්.. සල්මියා වෙරළට මායිම්ව එක දිගටම තියෙන රට ඉදි ගස් පෙළ වගේම එක පෙලට පිහිටි නිවාඩු නිකේතන
අහස සිඹින තරම් උස ගොඩනැගිලි ......මට තාමත් මතකයි ....
...නීල වර්ණිත සල්මියා මුහුද අද්දර නිස්කලංක හැන්දෑව කොයිතරම් චිත්තාකර්ශනීයද
..සැ දෑ හිරු අවර වැළදගන්න දම් පාට හැන්දෑව සල්මියා මුහුදු වෙරල එක්ක එක් උනාම පුදුම තරම් හැඩකාරයි ..සල්මියා මුහුදු කොන ඇතම ඇත බටහිර
අහස් කුස මත මැවෙන සිතිජ ඉම ....මගේ නෙත් කොඉතරම් වශී කළාද....ඒ වගේ හවසක ...සල්මියා වෙරළේ ඉඳල එන ගමන් ඇහුන ලස්සන සින්දුවක්.
එදා තමා මන් මුලින්ම ඒ සින්දුව ඇහුවේ ..ජිවිතේ පළවෙනිම වතාවට සන්නස්ගල ලියපු ..රූකාන්ත ගේ හඬ "බැස ගියා හිරු බැස ගියා ...පැල දිග අහසේ
සංසාර ආරන්නයේ "..එදා ඒ වෙලාවේ ඇහෙද්දී හරිම අමුත්තක් දැනුනා ...රුකන්තගේ හඬ ....ලයාන්විත තනුව..පැදිපෙළ ...හිරු ගිලුණු අවර ගිර ...දම්පාට හැන්දෑව
වගේම සල්මියා මුහුදු වෙරළත් අමතක නොවෙන මතකයන්..තාමත්

 සුන්දර සල්මියා

Saturday, August 18, 2012

" ශුරින් "


සිංහල සාහිතයේ එන මාර්ටින් වික්‍රමසිංහ ශුරින් ...මුනිදාස කුමාරතුංග ශුරින් ..ආදීන් ගොඩක් ප්‍රධානයි ..සාහිත්‍ය ශුරින් ..විද්‍යා චක්‍රවර්ති ආදී වචන
අපිට ටිකක් ලොකු වචන ඒ කාලේ ..ඉතින් ඒ දවස් වල සිංහල ගුරුතුමා අපිට කියල තිබුන සාහිත්‍යට අදාල චරිත ගැන විස්තර සදහන් කරලා ලිපි ගොනුවක්
හදන්න කියල ..එක් එක් චරිත ගැන වෙන වෙනම ලිපි සකස් කරලා ලිපියේ අවසානයේ අපේ නම ලියන්න ඕනේ ..ඔය ලිපි ගැන සිංහල සර් මුළු
පන්තියියටම ඇහෙන්න අගය කිරීම් විවේචනය කිරීම් කරනවා ..දවසක් සර් හදිසියේ දුවන් අවා අපෙ ලිපි ගොනුත් උස්සගන ..
සර් නැගිට්ට .."මේ පන්තියේ සාහිත්‍ය ශුරින් නැගිටිනවා" කියල කිව්වා ..අපි ඔක්කොම උඩ බිම බැලුව ..ඔක්කොම එක එක්කෙනාගේ මුනවල් දිහා
බලාගෙන තක්බීර් වෙලා ..සර් දැන් එක ලිපි ගොනුවක් ගත්ත...ඒක පෙරලුව ..එක ලිපියක් ඇදල ගත්ත .."මේ තියෙන්නේ ...මේ තියෙන්නේ..
මූ ලිපිය ඉවර කරලා තියෙන්නේ ,,..මේ ලිපිය කපා කොටා ඔබට ඉදිරිපත් කලේ පි .බි .හේරත් ශුරින්ය කියල "..සර් කෑගහන්න පටන් ගත්ත ..."අම්මප
මේ මටවත් බැරි උනා ඒ තත්වෙට එන්න ...මට කලින් පි.බි.හේරත් ශුරින් වෙලා" ...මුළු පන්තියටම හිනා ..එදා ශුරීන්ගේ දවස උනා ..එදායින් පස්සේ පි.බි .
හේරත් ශුරින් බවට පත් උනා..අපෙ යාළුවො අදටත් විස්තර කතා කරද්දී අහන්නේ ශුරින් එහෙම හම්බ උනේ නැද්ද කියලයි ...පි.බි. එහෙමත් නැත්නම් ශුරින් හිටියේ
මාවනැල්ලේ ..මන් අදටත් මාවනැල්ල හරහා එද්දී වට පිටාව දිහා ගොඩාක් විමසිලිමත් ..අපෙ මිත්‍ර පි.බි.හේරත් ශුරින් කොහේ හරි ඉන්නවද කියල බලනවා ..
ලිපියේ හොඳම දේ මේකයි
ලිපියේ ආරම්භය ...මුනිදාස කුමාරතුංග මහතා ..
ලිපියේ අවසානය ..මුනිදාස කුමාරතුංග මහතා ගැන විස්තර සොයා කපා කොටා ඔබට ඉදිරිපත් කලේ පි.බි.හේරත් සුරින්ය ...

Wednesday, August 15, 2012

"ගාමා ගාමිණී සුබසිංහ සහ වයලා ගල්කිස්ස "


ඉස්සර ගුවන් විදුලියේ අසන්නන්ගේ ඉල්ලීම් කියල ගී වැඩසටහනක් තිබුනා ..ඒ වැඩසටහනේ නිතර තැපැල් පත් වලින් ගී ඉල්ලීම් කරපු දෙන්නෙක් තමා ගාමා ගාමිණි සුබසිංහ සහ වයලා ගල්කිස්ස කියන්නේ ...තව හිටියා ..හිල්ඩා වික්‍රමබාහු ,මගුලාගම මල්ලිකා දිසානායක,සරස්වතී මානවඩු ,සකුරා දිල්හාරා
ඔය වගේ කීප දෙනෙක්ම ...ඒ වැඩසටහන ඉදිරිපත් කරේ ..කුසුම් පිරිස් ,තිලකා රණසිංහ එහෙමත් නැත්නම් දයා ද අල්විස් මට තාමත් ඒ කටහඩවල් වල ඒ අයටම අවේනික ලයාන්විත හඩ මතකයි ...ඒ කලේ ගුවන් විදුලි වැඩසටහන් කොයිතරම් සුන්දරද ...


උදෙන්ම "අරුණ කිරණ "...ඊට පස්සේ උදා ගී තීරය ...නිතරම ඇහුන ගීතයක් තමයි ..ස්වර්ණලතා කවීශ්වරගේ "පිනි බිදු මුතු මල් සැණකෙළියේ "...උදැසන හයට ...."වේලාව උදැසන හයයි ...මේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවයි ...මෙන්න ප්‍රවුර්ති ..ප්‍රකාශය රම්‍යා වනිගසේකර "...ඒ කටහඬ ...පැහැදිලි උච්චාරණය ...ගැඹුරු බව ,,,,ඇත ඉන්න මිනිස්සු පවා කරන වැඩේ අමතක කරලා ඒ ප්‍රවුර්තියට හිත යොමුකරවනවා ..දවල් 11 සිට 12 දක්වා මඩු රසාංග ගී තිරය ..හරිම ලස්සන ගීත ඇහෙනවා ඒ වෙලාවට ..බිදුණු පෙමක විරහ විරාමේ ,සහ ,මුදු ලවනේ දිගු නයනේ කියන ගීත දෙක නිතර ඇහුනා මට මතකයි ....මන් තාමත් ඒ ගීත දෙකට හරිම ආසයි ..දවල් 12 ට පොලිසියෙන් පුවත් "මද්‍යහ්න දොළහයි පොලිසියෙන් පුවත් ..මරදාන ....කොණ්ඩය කොටට පීරා ...සුදු අත් දිග කමිසයක් ඇද සිටි වයස අවුරුදු විසිදෙකක පමණ තරුණයෙකු ආගිය අතක් නැත " ...දවල් දෙකට කාන්තා පියස හෝ පසන් නිවස..මට හරියටම නම මතක නෑ.චිත්‍රා කුමාරි කළුබෝවිල තමා ඒ වැඩසටහන කරේ ..මන් ඉස්කෝලේ ගිහින් එද්දී ඇහෙන්නේ ලස්සන හින්දි ගීත ..හවස තුනේ සිට හතර වෙනතුරු හින්දි ගී තීරය..දිල් අප්නා ඔර ප්‍රීති පරායි..ගීතය නිතර ඇහුන වගේම ඒ ගීතයේ සංගීත අනුවාදනය තමා පසුබිම් සංගීතය උනෙත් ...රන්ජිත් එදිරිසිංහ කියන නම නොලිව්වොත් ඒක අඩුවක් ..ඔහුගේ ගැඹුරු කටහඬ ,,,හින්දි බාෂාව පිලිබඳ ව්‍යක්ත දැනුම ඒ වැඩසටහන ආලෝකවත් කරා ..රාත්‍රී නවයට තිබුණු අරාධනා ස්වර දැහැන අමතක වෙන්නෙත් නෑ ...අමරදේව මාස්ටර් ගේ අරාධනා ගීතය තමා පසුබිමෙන් ඇහුනේ ...සදුදා රාත්‍රී අටට මුවන් පැලැස්ස ...කදිරා ගේ වීර ක්‍රියා ,කෝරලේ මහත්තයාගේ රැල් බුරුල් හරින හඬ කොඉ තරම් හිත ඇද බැද ගත්තද ..තවත් වැඩසටහන් කීපයක්ම මට මතකයි ..හඳ මාමා,මධු මාදවී කවි ,අම්බිගා ගීතයෙන් ගීතය .සි .පි පි විනෝද චාරිකා ...ගුරුගේ මැණික් වාසනා ..වගේම ඉරිදා උදේ තිබුණු ලතාගේ කතාව ට කොයිතරම හිනා වුනාද ...
ඒ දවස්වල ඇහුනු වෙළද දැන්වීම් කීපයකුත් මෙතන නොලිව්වොත් ඒක අඩුවක් ..
මල් නම් මල් ..ජයරත්න නම් මල් ..මල් ලොව ජයරත්න
සව්සිරියෙන් පිරි සව්සිරි ..හාහ් හාහ් හාහ් හාආආආ......සව්සිරි වෙළද මහල් නුගේගොඩ
වෙළද පොලේ රවුමක් යන්න ..මිල ගණන් දැනගන්න ..මංගල ට්‍රේඩ් සෙන්ටර් වෙත යන්න මිල ගණන් සසදන්න ....
ඒ වගේම වෝග් ජුවලර්ස් ආයතනයේ වෙළද දැන්වීම .....
"මංගල මුදු මාල වළලු -රන් අභරණ ලබාගන්න
විස්වාසයි කල් පවතියි වග කීමට බැඳී සිටියි
නෙත පිනවන රූ වඩවන අලංකාර මෝස්තරයි
ඔබත් යන්න මනාලියනි ඔබේ මංගල මුදුව ගන්න
වෝග් ජුවලර්ස් ..!වෝග් ජුවලර්ස් .!වෝග් ජුවලර්ස් ..!!
අවසාන වශයෙන් තාමත් කට පාඩම් ලංකා බැංකුවේ වෙළද දැන්වීම ..
ලංකා බැංකුවයි මේ ඔබේ
වාසනා නිධානයයි ජාතියේ
ලක් දනන්ගේ පින් බෙලෙන් පහල වූ
කප්රුකකයි සිත්මිනයි සුරභිධේනුවයි
ජාතියේ මහා දායාදයයි ....
(මේ වෙළඳ දැන්වීමේ රචනය අරිසෙන් අහුබුදු මහතා බවත් සංගීතය සහ තනුව අමරදේව මාස්ටර් ගේ බවත් ගොඩක් අය දන්නේ නෑ ..)
ඉතින් ඒ සොදුරු බවින් සපිරුණු ගුවන් විදුලි වැඩසටහන් කොයිතරම් ප්‍රියශීලි උනාද ...කොයිතරම් සවන් සැනසුවද....පැල් බැදගෙන අහන්න හිතෙන තරම් විචිත්‍ර උනාද ..මනරම් උනාද
අද ඇසෙන අවාසනාවට ඇත්ත කතාවක් ..සාගරය සේ ආදරෙයි ...හින්දි චාර්ට් ෂෝ වගේ වැඩසටහන් කොයිතරම් හිස්ද ...බොල්ද...ප්‍රාතමිකද.මේවා ඉස්සර ගුවන් විදුලි වැඩසටහන් ලගින්වත් තියන්න බැ..