Tuesday, February 19, 2013

"කහ සාලුව"


බොහොම ඉස්සර දහම් පාසල් යන කාලේ බක් මාසේ මුල් සතියක අපේ කට්ටියම පොඩි වන්දනාවක එක්ක ගියා ..
අනුරාධපුරේ ..අපේ ළමයි කට්ටිය වගේම ප්‍රදානාචාර්ය තුමා ඇතුළු ගුරුවරු කීපදෙනෙකුත් ගමනට සහ භාගි උනා ..
දවල් කෑමට පෙර අපේ පිරිමි ළමයි පාර්ශවේ අයට වැවකින් නාන්න වුවමනා උනා ..කට්ටියගේ ඒකමතික කැමැත්ත අනුව ලගම තිබුණු " නුවර වැවට"අපේ වාහනේ කිට්ටු කරා ..අපේ කොලු රෑන වාහනේ නතර කරපු ගමන්ම කෙලින්ම දිව්වේ වැවට ...ගැහැණු ළමයි කවුරුත් ආවේ නැ ...අපේ නඩේ කාටවත් පිහිනන්න බෑ ....අපේ ප්‍රදානාචාර්ය තුමා ඇතුළු තව එක ගුරුවරයෙක් ආවා අපි එක්ක ..ඒත් දැන් වතුරට බහින්න පෙර ලොකු දේශනයක් දුන්නා ..වැඩිය ඇතට යන්න එපා කියලත්.. වැව අයිනෙන්ම නාන්න කියලත් .. ඉතින් ඒ දේවල් වලට අනුගතව අපේ කට්ටිය නාන්න ලක ලෑස්ති උනා ..අපේ ප්‍රදනාචාර්ය තුමා කහ පාට ටවල් එකක් (සාළුවක් ) ඇදගෙන නුවර වැවේ අපි එක්ක නාන්න එකතු උනා ..අපිට කිව්වා "ළමයි ඔයගොල්ලෝ මන් සාළුවක් ඇදගන නාන්න ආවට .. ඔය ළමයි එහෙම සාලු ඇදගෙන නාන්න එන්න එපා..කලිසම් ෂෝට් ඇදගෙන එන්න "කිව්වා..අපිත් ඉතින් ඒ විදානේ අනුව කලිසම් ඇදගෙන නුවර වැවේ වතුරේ සිහිල වින්දා .ටිකක් වතුරේ ඇතට ම වෙන්න හිටියේ ප්‍රදානාචාර්ය තුමා . .අපේ පොඩි හිත් සතුටෙන් ඉපිලෙමින් කෑ කෝ ගහමින් වතුරේ අසිරිය වින්දා ...පැයක් විතර නුවර වැවේ කිමිදී කිමිදී හිටිය අපිට එක පාරම ප්‍රදනචාර්ය තුමා නියෝග දුන්නා .."ළමයි දැන් ඇති ගොඩට යන්න ..වෙලා ගියා "කියල..අපි ඒ නියෝගේ පැහැර හැර විනාඩි කීපයක් හිටියත් අපිට තදින් අවවාද කරා "ළමයි ගොඩට යනවලා " කියල...අපේ කට්ටිය දුවගෙන එන්න අවා..මගට ඇවිත් නිකමට වගේ අයෙත් ලස්සන නුවර වැව දිහා බැලුවා..එතකොට යාන්තමට වගේ දැක්ක ...නුවර වැවේ දිය තරංගත් එක්ක ඈතම ඈත කහ පාට සාළුවක් පා වේවි යනවා..

Saturday, February 16, 2013

"නෙලුම් වැව අසබඩ "


දවසක් අපේ යාලුවෝ කට්ටියක් අනුරපුරේ ට්‍රිප් එකක් ගියා ..එදා රාත්‍රී නවාතැන මිහින්තලේ මගේ හිතවත් මිත්‍රයෙකුගේ
ගෙදරක් ..එදා රෑ වෙලා අපි මිහින්තලාව වන්දනා මාන කරන්න ගියා ..ඒ ගිහින් ඇවිත් රාත්‍රී ආහාර වේල එහෙම සප්පායම් වෙලා නිදාගන්න බැලුවා ..අපේ කාන්ඩේ ඔක්කොම තීරණය කරා .අපේ යාලුවගේ ගෙදර එළියේ මිදුලේ නිදාගන්න ..කොට්ට මෙට්ට එළියේ එළලා සකස් කරලා අපේ දහ දෙනාම නිදා ගත්තා ..ඒ මිදුල සුදු වැලි සහිත මිදුලක්...හරිම පිළිවෙලට අතු පතු ගාල තිබුණු ...ඊට ඉහල තියෙනවා පුංචි ගල් තලාවක් ...ඒ ගල් තලාවේ දඩු මොණරු නිතර එහෙ මෙහෙ සැරි සරනවා ..ගල් තලාවත් එක්කම පුංචි වැවක් තියෙනවා ,,නෙලුම් වැව කියල ...සුදු නෙලුම් අහුරු පිටින් පිපෙන වා ඒ නෙලුම් වැවේ ..නැගෙනහිර දිසාවේ ...මීටර් දෙසීයක් විතර ඈ තින් මහා කනදරාව වැව ...අපේ යාලු මිත්‍ර සමාගම ටික වෙලාවක් යන තුරු නින්ද එනතුරු ආගිය පරණ මිහිරි මතකයන් කතා කරමින් හිටියා ...එහෙම ඉද්දිම එකා දෙන්නට නොදැ නිම නෙතු පියන් යට නින්ද තුරුළු උනා..මිදුලේ එක පැත්තක දිවුල් ගස් දෙක තුනක් ...ඊට එහායින් ලොකු සියඹලා ගහක් තියෙනවා ..සියඹලා ගහේ අතු දෙක තුනක් අපි නිදන් හිටිය තැනට ඉහලින් රාත්‍රී සෙවන සැලසුවා ..මිදුලේ කවාකාරව සකසල තිබුණු මල් පාත්තියේ ...දහස් පෙතියා මල් ...කැලෑ රෝස මල් ආදී නොයෙක් වර්ගයේ මල් හිටවලා තිබුනා ..නිදන් හිටිය දෙනෙත් මායිමේ ඈතින් මිහින්තලා පුද භුමියේ ආලෝක රැස් දහරාව ශාන්තිමත් හුස්මකින් හදවත පුරවනවා..අහස් ගඟ නිසොල්මනේ ...පුන් පුරා සඳ මිහින්තලා මුදුනතත් එක්ක පෝය සංවාදයේ
යෙදිලා උන්නා වගේ කියලයි මට හිතුනේ..අහස සිසාරා තරු පොකුරු රංචු අත් පටලන් සුරගන ලොවක මනරම් සිරි මවන්නට ලොකු උත්සාහයක ...එදා රෑ අහසේ දඩයක්කාරයාගේ තරු මණ්ඩලේ අහස අරක් ගෙන තිබුනා ...සුදු නෙලුම් වැව ඉස්මත්තෙන් ගලා ආ සීත සුවැති මදනළ ගත කුල්මත් කරමින් මිහින්තලා අඹ සෙවණ දිසාවට හමා ගියා ..වට පිටාවේ කිසිම හැල හොල්මනක් නෑ ..සෞම්‍ය චමත්කාරජනක රාත්‍රිය කෙමෙන් පහන් වෙන අයුරක් ..සමන් පිච්ච මල් සුවදක් මද නලත් එක්ක ආදරණීය ව නාස් පුඩු වට කරා ..උදා හිරු කිරණ මිහින්තලා රුක් මත හැපෙමින් අලුත් දවසක උදාව සනිටුහන් කරා ...උදේ දහයේ කණිසමට ජිවිතේ නිදාගත්ත සුන්දරතම නින්දට සමු දුන්නා ..

Tuesday, February 12, 2013

"සිරිපාදේ සමනල තරු දිලිහේ "


"සකල සතම බොදු බැතියෙන්" .. මොහිදින් බෙග් කියන ඒ ගීතය එක කාලෙක හවස් වරුවන් පුරා එක දිගට ප්‍රචාරය උනා ..එක එක කාලෙට එක එක ගම්වල එක එක අනුරුවවල් හදනවා .පොසොන් කාලෙට මිහින්තලා අනුරුව ..තව අපායවල් ...ඔය ආදී නොයෙක් දේවල් ..අපේ ගමේ එක සැරයක් හැදුවා ...සිරිපාද අනුරුව ...එහෙමත් නැත්නම් සමනොළ කන්දේ අනුරුව ...එක යායට දික්ගැහිලා තියෙන වෙල් යාය මැද තිබුණා ලොකු ගහක්.. ඒ ගහට තව තව ලි ..එකතු කරලා පඩි පෙළවල් හදල...කළු ඉටි රෙදි වලින් වට කරලා සමනල් කන්දේ අනුරුව නිර්මාණය කරලා තිබුනා ..වෙල් යායට එහා පුංචි දොළ පාරක් ගලනවා ..ඒ තමා සීත ගගුල ,,,සමනල කන්දට ඇතුල් වෙන තැන ප්‍රවේශ පත්‍ර කවුළුවක් තිබුනා..මුලින්ම කන්ද තරණය කරලා ටිකක් උඩට යද්දී රාක්ෂ බවනක් තිබුනා ,..එතන අපේ යාලුවෙක් ..යකෙක් විදිහට වෙස් වලාගෙන ...හිටියා ..තව මැද හරියේ.. ඉදි කටු පාන ..මගින් මගට ප්‍රවේශ පත්‍ර පරික්ෂා කරන කොල්ලෝ කුරුට්ටු කීප දෙනෙකුත් හිටියා ..ගහේ මුදුන ...එහෙමත් නැත්නම් සිරිපාදේ අනුරුවේ ඉහලම ..උඩ මලුව ..සිරි පතුලකුත් හදල තිබුනා ..ලොකු ඝන්ටාරෙකුත් සවි කරලා තිබුනා ..එක පැත්තක ..ඒ වගේම උඩ මළුවේ ..අපේ ගමේ වැඩිහිටි කෙනෙක් සුදු කමිසයක් සහ සුදු සරමක් එහෙම ඇදගෙන කපු මහත්තයෙක් විදිහට හිටියා ..එයා .සිරිපාදේ කරුණා කරලා උඩ මළුවට එන හැමෝගෙම නළල පඩුල්ලනවා ...බල්බ් එහෙම දාල තිබුන නිසා හරිම චිත්තකර්ශනියව ඇතට බැබළුණා ..දින පහක් පුරා සිරි පාදේ කරුණ කිරීමේ හැකියාව තිබුනා ..අපි සංවිදායක මණ්ඩලේ අය අහල ගම් රාශියකට ගිහින් නිවේදන කටයුතු කරා..දැවැන්ත පෝස්ටර් වලින් සිරිපාදේ ගැන විස්තර දැනුම් දුන්නා .. රාත්‍රී අටේ සිට පසුදා පහන් වන තුරු සිරි පදේ කරුණා කරන්න පුළුවන් ..අපි නොසිතු විදිහට සෙනග එක් රොක් උනා ..මට භාර වෙලා තිබුනේ නිවේදන කටයුතු ..ප්‍රදාන නිවේදක මම ..නිවෙදනකුටිය තුල හිටියේ ප්‍රදාන සංවිදායක මණ්ඩලේ උදවිය ..කුසුම් බදුන් වෙන්දෙසියකුත් ඒ අසලම තිබුනා ..විරිදු සුරල් වයන්න කෙනෙකුත් ඇවිත් හිටියා.. සිරි පාදේ බොහොම ඉහලින් කට්ටිය අගය කරා ..සමහරු දෙපාරක් තුන් පාරක් ඉහලට නගිනවා ..නිවේදන කටයුතු කරද්දී ශ්‍රී පාද අනුරුව හදපු ප්‍රදාන නිර්මාණ ශිල්පියා ..(මගේ හිතවත් යාලුවෙක් ගේ තාත්ත කෙනෙක්)..එතුමත් බොහොම උජාරුවෙන් මන් නිවේදන කටයුතු කරපු තැනට වෙලා අසුන්ගෙන හිටියා..අවසන් දින දෙකේ ..නරඹන්නන් ගොඩක් වැඩි උනා ..මගෙත් නිවේදන කටුතු බොහොම ප්‍රවේගවත් උනා.."යන්නම් මදාය නදියා" කියන සිරි පාද නමදින ගාථාවෙන් පස්සේ ..මන් යකඩ කටින් "ඉහල නගින මේ නඩේට "..කියද්දී ..සමනල කන්ද තරණය කරන සියලු දෙනා.."බුද්ධං සරණේ සරණයි "..කියල කියනවා ..මන් .."පහල නගින මේ නඩේට" කියද්දී ..ඇතින් සමනල මුදුනේ කටහඩවල් වලින් ඇහෙනවා .."දම්මන් සරණේ සරණයි" කියල ..හරිම අපුරුයි ...කවිත් කියවෙනවා ...."බුද්දන් සර..............ණේ ............"කියද්දී නගින හැමෝම .."සිරස දරා...............ගෙන .."කියල කියනවා...තව "ඉහල නගින කිරි කෝඩුට" කියලා මන් නිහඩ උන ගමන් උඩ මලුව පැත්තෙන් ඇහෙනවා ..."බුද්දන් සරණේ සරණයි" කියල. තනිකරම එතන සිරි පාද සිරියක් ගත්ත..ප්‍රදාන සංවිදායක තුමා මට නිතර කියනවා .."පුතා..කියන්න පන්සියක් නෙවේ පන්දාහක් උනත් ඔරොත්තු දෙනවා මේ සිරි පදේ ..බයවෙන්න එපා "කියන්න ..ඔය ආදී නොයෙක් දේවල්..මමත් ඉතින් ඔය කතාව නිතර කිවා..."පන්සියක් නෙවේ පන්දාහක් උනත් ආරක්ෂිතයි ඔරො ත්තුයි.." කියල.. ... ...සිරි පාදේ අන්තිම දවසේ සෙනග රැස් කමින් සිරි පාදේ කරුණා කරන්න .පාන්දර එක විතර වෙද්දී උඩ මලුව පිරෙන්න සෙනග ..මගේ හඩ රැව් දෙනවා "වෙල් යාය සිසාරා..සිරි පාද සිසාරා ....මෙන්න එක පාරම උඩ මලුව කඩා ගෙන වැටුනේ නැද්ද ..කට්ටිය ඔක්කොම කෑ ගහන්න පටන් ගත්තා ,.."අපි ඉතින් සන්සුන් වෙන්න-- කලබල වෙන්න එපා" කියල කිව්වා ..කීප දෙනෙක්ට තුවාල උනා ..ලොකු අනතුරක් උනේ නෑ.. එතනින් සිරි පාදේ කටයුතුත් අහවර උනා.. බරපතලම තුවාල වෙලා තිබුනේ අපේ උඩ මළුවේ හිටිය කපු මහත්තයට ...අන්තිමට එයා කිව්වා ..අයෙනම් දේවාලෙකවත් පඩුල්ලන්න යන්නේ නෑ" කියලා ,,අපේ යාළුවගේ තාත්තා කිව්වේ "සිරි පාදෙට තරහ කාරයන්ගෙන් වස් වැදුනා" කියලයි ..අන්තිමට හොඳම දේ උනේ මට ...මොකද මම නෙ යකඩ කටින් කෑ ගහමින් උදාරම් බස් තෙපලුවේ ..ගමේ ඔක්කොම මන් දැක්කම //"පන්සියක් නෙවේ පන්දාහකට උනත් ඔරොත්තුද මල්ලි // කියල මගෙන් අහන්න පටන් ගත්ත නොවැ ...අන්තිමට සිරි පාදේ සමනල තරු දවලුත් මට පෙනුනා ..

Sunday, February 10, 2013

"මද්දුම බණ්ඩාර" .....


පන්සලේ එක එක කාල වල එක එක නාට්ටිය පෙන්වනවා ..එදා පෙන්නුවේ වීර මද්දුම බණ්ඩාර කතාව ..හැන්දෑ කොරේ ඉර ගල වැටුනට පස්සේ ඉතින් නාට්ටිය රග දැක්වීම පටන් ගත්ත ,,නාට්ටියේ අවසන් හරිය ..වෙදිකාවේ ලොකු බණ්ඩාර ..මද්දුම බණ්ඩාර ,,වගේම වධකයත් පැත්තකට වෙලා ඉන්නවා .. ..නාට්ටියේ උද්වේගකර අවසථාව..බලන් ඉන්න අයගේ නෙතගට කදුළු උනන අවස්ථාව ..මද්දුම බණ්ඩාරගේ වීරත්වය පෙන්වන අවස්ථාව ...වධකයා කඩුවත් අරන් ලොකු බණ්ඩාරගේ ගෙල සිඳින්න උත්සහ කරන අවස්ථාව ...ලොකු බණ්ඩාර බියෙන් හැකිලෙද්දී කුඩා මද්දුම බණ්ඩාර ...ඉදිරියට ඇවිත් අර වීර ප්‍රකාශය කරනවා .."අය්යන්ඩිය බිය නොවන්න මැරෙන හැටි මම පෙන්වමි" කියල ...සුළු මොහොතකින් වධකයා මද්දුම බණ්ඩාරගේ ගෙල සිදිනවා නට්ටියානු කාර ආකාරයෙන් ..බලන් ඉන්න අය මීයට පිම්භාක් වගේ ඇහි පිය නොගහ බලන් ඉද්දි එක පාරම ප්‍රේ ක්ෂකාගාරයේ මැ ද හරියෙන් පොඩි කොලුවෙක් කෑ ගහන්න පටන් ගත්ත නොවැ ..
"ආන් අරු අපේ පොඩි අය්යාගේ බෙල්ල කැපුවෝ" ,,කියල..කට්ටිය දැන් කලබලවෙලා .. හිනා ගෝට්ටියයි .. පොඩි එකා මර ලතෝනි දෙනවා....දැන් ඉතින් නා ට්ටියත් අතර මග නතර කරා..පස්සේ ඒ පොඩි ළමයාගේ අම්මයි බලන් ඉන්න අ යයි කිව්වා.."ඒ ක මේ බොරුවට කරන්නේ ...ඇත්තට නෙවේ" කියල...කොහොම හරි පොඩි ළමයාගේ ඇඩියාව නතර උනා ..නාට්ටිය අපහු කරගෙන ගියා ..මද්දුම බණ්ඩාරගේ මරණින් පස්සේ ලොකු බණ්ඩාරගේ ගෙල සිදින වා ,,,අයෙමත් අර පොඩි එකා කෑ ගැහුවේ නැද්ද .."අන්න අරු ඒ පාර අපේ ලොකු අයියටත් බෙල්ලට කෙටුවෝ " කියල ...ඉතින් වේදිකාව තිරේ වැහිලා මද්දුම බණ්ඩාර එතැනින්ම අහවර උනා ..මද්දුම බන්ඩා රටයි..ලොකු බණ්ඩාරටයි හිටියේ එකම පවුලේ අය්යා මලෝ දෙන්නෙක් .. .අන්තිමට වීර මද්දුම බණ්ඩාර හිනා බණ්ඩාර උනා ...

"ඉස්පන්චි පුංචි "


මේ ඉස්පැනිෂ් සින්දුවක් නම් නෙවේ ....
දවසක් අපේ නෑ දෑ වෙන කට්ටියකගේ හදිසි මල ගෙදරක් වෙලා තිබුන..අපේ නෑදෑ වෙන අය්යා කෙනෙක් පිට රටකදී හදිසියේ ජිවිතෙන් සමු අරන් තිබුනා ..ඉතින් අපි කට්ටියම මෘත දේහය ගේන්න කටුනායක ගියා ...අපි පිරිමි පාර්ශවයේ හය හත් දෙනෙක් ගමනට සහභාගී උනා ..අපි එපා කියද්දීම වගේ නැති උණු අය්යගේ අම්මත් මේ ගමනට සහභාගී උනා..මොනවා කරන්නද ඉතින් ....
අපිත් එක්ක ඒ පුන්චිත් ගමට සහභාගී උනා ..දවල් 12 විතර වෙද්දී අපි කටුනායකට ගිහින් ගුවන් තොටුපලේ ඇවසි දේවල් කර ගෙන මෘත දේහය බාරගත්ත ...
ඉතින් අපේ කට්ටිය දැන් අපහු නුවර බලා එනවා ...හවස 3 විතර උනා ...කට්ටිය ඔක්කොටොම වගේ හරියට බඩගිනියි ..රියදුරු තැනට කියල වරකපොලදී පාරේ අයිනේ හෝටලයක් ගාව නතර උනා ..බඩ පුරවා ගන්න ..අපේ පුංචි ඉතින් අපිට විරුද්දව හඩ නගනවා ,,,මේ වගේ ;වෙලාවක මොන කැමක්ද කියල ...කොහොමින් කොහොමහරි බලෙන් වගේ එයාවත් වත්තන් කරගෙන හෝටලේ ඇතුලට ගියා ..අපි ඔක්කොම ලොකු මේසයක් වටේ වාඩි උනා...සියල්ලන්ගේම කැමැත්ත පරිදි ඉදි ආප්ප
මේසෙට පැමිණියේ කිරි හොදි මාළු ..පරිප්පු හොදිද සමගින් ...අර පුංචි කන්න බෑ කියල උපවාසයේ ..ඉතින් අපි මොකුත් කියන්න ගියේවත් බල කරන ගියේවත් නෑ ..අපේ කට්ටිය බඩ කට පිරෙන්න කනවා ..."මේ අය්යා තව මාළු හොඳි ගේන්න "කියමින් හෝටලේ වෙටර්ටත් කරදර කරනවා..අපේ පුංචි දැන් කට්ටිය දිහාම මුණ ලේන්සුවෙන් වහගෙන රවාගෙන හොරෙන් බලනවා ..අපිත් වැඩිය බැලුවේ නෑ .බයටම වගේ ..එක පාරම ඒ පුංචි "උඹල මට ඉස්පන්චියක්වත් කන්න කියන නැද්ද යකුනි " කියල ඇහුවේ නැද්ද ...අපි එක්ක හිටිය වැඩිහිටි කෙනෙක් ..."ආ ඉන්න ඉන්න" කියල .."මේ වේටර් මල්ලි ඔය ඉස්පන්චි ගෙන්න" කියල පණිවිඩේ යැව්වා ..වේටර් ඉතින් ඉක්මනින්ම ඉස්පන්චි මේසෙට ගෙනත් තිබ්බ ..අපි ඔක්කොම කිව්වා .."කන්න කන්න" කියල ..ඊට පස්සේ කදුළු එහෙම ලේන්සුවෙන් පිහ දාල ඉස්පන්චියක් ටිකක් අතින් ඔබල ...මේ "ඉස්පන්චි කන්න පුලුවන්ද යකුනි ඉදි ආප්ප ඉවරද?" ...කියල ඉදි ආප්ප කන්නම් කියල ඉදි ආප්ප කැවා ..ඉතින් අපිටත් ගොඩක් සතුටුයි පුන්චිත් බඩගින්නේ ඉන්නේ නැතිව අපිත් එක්ක දවල් කැමට සහභාගී වීම ගැන ...මල ගෙදර වැඩ කටයුතු එහෙම අහවර වෙලා ...ටික කාලෙකට පස්සේ..අදටත් " ඉස්පන්චි පුංචි" කියද්දී ඉතින් පුංචි ගෙන් හොඳ හොඳ වචනත් අහගන්න පුළුවන්

Sunday, January 6, 2013

"සරස්වතී දේවි "


බොහොම ඉස්සර අපි ගමේ පන්සලේ වේදිකා නාට්ටිය කරනවා .අජාසත්ත ,වෙස්සන්තර .අංගුලිමාල ,වගේම තවත් අලුත් නාට්ටිය අපි රග දක්වනවා ..ඉද හිටෙක මමත් සමහර චරිත වලට වෙස් ගැන්වෙනවා ..උම්මග්ග ජාතකය ඇසුරින් කරපු නාට්‍යයේ පුර්නක යකා මම ..මනමේ කරද්දී වැදී රජු මම..ගොඩක් වෙලාවට මුදු සුමුදු චරිත මට ලැබුනේ නෑ,,දැවැන්ත වගේම රෞද්‍රර චරිත තමා මට ලැබුනේ ...ධර්ම ශාලාවේ තියෙන ඩෙස් එක ලග එක ලග තියල ගැටගහල පොඩියට ස්ටේජ් එක ගහනවා .ඉස්සරහින් ප්‍රධාන ලොකු තිරය.. තව දෙපැත්තෙන් කොටස් දෙකකට වෙන්න තිර රෙදි එල්ලනවා ඒවාට මුවා වෙලා තමයි සංගීතය සපයන උදවිය ඉන්නේ .ගොඩක් වෙලාවට විදුලි ඕගනය ..ඩොල්කිය සර්පිනාව සහ බට නලාව තමා වාදනය උනේ.. අපේ සංවිදායක මණ්ඩලේ උදවිය ඉතින් කල බලේ එහෙ මෙහෙ දුවනවා ..ගොඩක් වෙලාවට මාසයක් විතර නිතර පන්සලේ තමා ..නාට්ටිය අහවෙනතුරුම කාලය ..ගතවෙන්නේ ..උදේ වරුවේ සැරසිලි කරනවා ..ඇන්තුරියම් මල් වලින් සහ තවත් නොයෙකුත් මලින් වේදිකාව සරසනවා ..පාට පාට බල්බ වලින් ආලෝකය හැඩ කරනවා ..හැන්දෑවේ හතට අටට නාට්‍යය වේදිකා ගතවෙනවා ,,රාජ වස්ත්‍රාභරණ යෙන් සැරසුණු ඔටුනු පලන් රජවරු ..රජුට පක්ෂපාති ඇමතිවරු..ඔල මොළ ගති වලින් හෙබි යක්කු ..දේවින් වහන්සේලා .පරිවාර ස්ත්‍රියෝ .ඉතින් කල එලි බහිනවා ..පසුබිම් සංගීතයත් එක්කම.."පස්වාන් දහසකට බුදු වෙන්න රජතුමනි "..ඔය වගේ දෙබස් නිතර කිය වුනා මතකයි ..දෙබස් වෙලාවකට අමතක වෙනවා ..අමතක වෙන දෙබස් මතක් කරන්න තිර පිටපත අතේ තියන් හැංගිලා කෙනෙක් උදව්වට ඉන්නවා .කොටසක් ඉවර උනාම තිරේ වහන්න දෙපැත්තේ දෙන්නෙක් බොහොම ඕනෑ කමින් බලන් ඉන්නවා ,,තිරේ අදින චරිතේ බාරගන්නත් සමහරු පොර කනවා..සමහර අවස්තාවල තිරේ මැදින් ගැලවිලා වැටිලත් තියෙනවා .එතකොට වෙදිකාවේ අදුර මැද්දේ සළු පිලි මාරු කරන නළු නිලියෝ .ඉතින් මිනිස්සුන්ගේ හූ හඬ අහල ගම් හතකට ඇහෙන විදිහට .කොහොමත් නාට්‍යය ඉවර වුනාම ගමේ හැමෝම හරි සතුටින් ප්‍රීති ගෝෂා පවත්වනවා .සති ගානක් යනකම්ම හොද කියනවා . නාට්‍යය පටන් ගන්න පෙරාතුව . ...මුලින්ම සරස්වතී දේවි නැමදුම .සරස්වතී දේවියට ඒ දවස්වල හිටියේ යමුනා ..වේදිකාව රෝස සහ රක්ත වර්නෙන් සුලලිත ව බබලනවා ..සරස්වතී දේවිය විදුලි එළියෙන් සුදුම සුදු වස්ත්‍ර කින් සැරසිලා සිතාරයක් අතේ අරන් හුනස්සෙ බොහොම නිහඩව මද සිනාවක් එක්ක ..විරාජමානව .ආඩම්බර ලීලාවෙන් ඉදිරිය බලා ඉන්නවා ..පරිවාර නැටුම් රගන ලලනාවියෝ අත් වල ඉටි පන්දම් අරන් දෙපැත්තෙන් "සරසවි දේවි නමෝ " ගී තයට රැගුම් පානවා ..යමුනාගෙන් පස්සේ සිතරේ අතට අරන් සරස්වතී දේවියට පන පෙව්වේ යමුනාගේ නංගී ලක්ෂ්මි එයත් යමුනට නොදෙවෙනි තරම් ලීලාවකින් කමලාසනාරුඩ වෙලා චාරු දේහිනිය වේදිකාව ප්‍රභාමත් කලා .කාලය කුරුළු වේගයෙන් ඉගිලිලා ගියා .වසර කීපයක් මන් විදෙස් ගත වෙලා ඉඳල ලංකාවට ගියා.. උදේ වරුවේ ,,කුඹුරු යාය අතරින් ගමේ පන්සලට ඉහලින් අලුත් දවසක් හිරු නැගෙනහිරින් එබිකම් කරමින් තිබුණා ..මන් ටවුමට යන්න පිටත් උනා ..බස් එකක් එනතුරු නොඉවසිල්ලෙන් බල හිටියා ..එතන තියෙන ටෙලිෆෝන් කණුවේ ඉහලින් කපුටෙක් කෑ ගහගෙන ඇතට ඉගිලිලා ගියා ,,මගේ ඇස් ටෙලිෆෝන් කනුව දිගේ ඉහල සිට පහලට යොමු වුනා .."මලින්ද ප්‍රින්ටර්ස් " කියල යටින් ලියවුනු ටිකක් පරණ මරණ දැන්වීමක් ඇලවිලා තිබුනා ..නිවන් සැප ලැබේවා .ලොකුවට ලියවිලා ..යන්තමට පේන කළු සුදු සේයාරුව ක්‍.. උදැසන තුෂර බිඳු එහි වෙලිලා විසිරිලා තිබුණා ..මන් .නිකමට වගේ ලංවෙලා බැලුවා ලක්ෂ්මි ගේ මරණ දැන්වීම ..ටික කාලෙකට කලින් ලක්ෂ්මි ජිවිතෙන් සමු අරන් තිබුනා ..පිළිකාවක් හැදිලා අවුරුදු ගානක් දුක් විඳලා දිවි මගෙන් ඇ සමු අරන් ..එදා පන්සලේ වේදිකාව විචිත්‍රවත් කළ සරස්වතී දේවිය නිහඩවම යන්න ගිහින් .......

Tuesday, January 1, 2013

අද එකයි


සකල ලෝක වාසින් බලපොරොත්තු කදු ,

පැතුම් බැමි, සිතුම් රැලි අතරින් තවත් නව වසරකට සේන්දු වුහ ..ගිය වසර පුරාම ජීවිතය ගලවා ගැනීමේ ...
බේරා ගැනීමේ ප්‍රයත්න දරු අයද බොහෝ වුහ ..සමහරු දේවාල පන්සල් බෝධි වන්දනා මාන කරමින් දස අතේ යමින් වසර පුරාම පින්කම් කරන්නට වුහ .
අවසන මායාවරුන් ගේ දින දසුනේ අවසානය මායවක්ම වී ..2013 පෙර වසරක් සේම විකසිතව බැබලුණි ..පෙර සේම මෙවරද සමහරු මේ ලබන්න වූ වසරේ
ග්‍රහ චාරිකාවන් අනුව ලියවුනු වසර පුරා ඉරණම කියවති ..ධන ලාබ ආදායම් වියදම් රැකි රක්ෂා උසස් වීම් විභාග ජය විවහ අපල උපද්‍රව ආදී දේ කියවමින්ද ඒ ගැන සිතමින්ද දවස් ගෙවනු ඇත ..එහෙත් එක සත්‍යක් ඇත ..
එනම්
හෙටද හිරු සුන්දරව සිනාසෙනු ඇත