Monday, January 27, 2014

"ලව් එකට ඇගිල්ල තියන්න"

 පුරාතන ශ්‍රී ලංකාව තුන් සිංහලය විදිහට බෙදිලා තිබුනා ..රුහුණු පිහිටි මායා කියල දැන් ඉතින් අහන්න එපා "ලව් එකට ඇගිල්ල තියන" එකෙයි.. තුන් සින්හලෙයි සම්බන්දෙ මොකක්ද කියල ...තුන් සිංහලය එහෙමත් නැත්නම් රුහුණු පිහිටි මායා කියල බෙදුණු තැන කටුගස්තොට.. මහවැලි ගගෙන් ඒ තුන් දිසාවම බෙදෙන තැන හොදටම කැපිලා පේනවා ..සුන්දර මහා වැලි ගගෙන් ..ඒ තුන් දිසාව බෙදෙන තැන තියෙනවා ,,අපුරු පන්සලක් ...පන්සලේ නම "ත්‍රී සිංහල සීමාරාමය" ...එතනින් තමා තුන් සිංහලය බෙදෙන ඉම ..පුංචි සන්දියේ ඉස්කෝලේ යන කාලේ කටුගස්තොට තිබුන මහා විසාල මාර ගහේ ඉංග්‍රීසි පන්තියක් ගැන පෝස්ටරයක් ගහල තිබුනා .."ජයවර්දන රත්නායක මෙහෙයවන ඉංග්‍රීසි කතා පුහුණුව ..ලිවීමට පොත් පත් පෑන් නොමිලේ සපයනු ලැබේ" කියල තිබුනා. ..ඉතින් මගේ සම වයස් මිත්‍රයෝ දෙන්නෙකුත් මාත් මේ පන්තියට සහබාගි වෙන්න සතියේ දවසක හවස් වරුවේ ත්‍රී සිංහල සීමාරාමෙට ගියා ..පන්සලේ හරි ලස්සන හිටි පිළිමයක් තියෙනවා ..සුන්දර මහා වැලි ගං කොමලියට මායිම්ව සුදු වැලි තලාව ..කුඩා දර්ම ශාලාවේ පන්තිය පැවැත් උනා ..කෙට්ටු උස ගාම්බීර පෙනුමක් තියෙන ඉරි කමිසයක් ඇදගත්ත යුරෝපා පෙනුමක් තිබුණු ගුරු බවතා ආවා .. පන්තිය ගැන මුලික දේශනයක් දුන්නා ..නවීන විදිහට ඉගැන්වීම් ගැනත් කිව්වා ..වැඩිය කට්ටිය හිටියේ නෑ ..අපි ඔක්කොම හිටියේ හත් දෙනයි ..එක ගැහැණු දැරිවියක් හිටියා ..පලවෙනි දවසේ ඉංග්‍රීසි භාෂාව ගැන වචන ගැන පැහැදිලි කරලා දුන්න ..අපි බලාපොරොත්තුවෙන් ගිය පොත් වෙනුවට ..හාප් සීට් කොළ දෙක බැගින් සහ පෑනක් දුන්න ලියන්න ...පන්තිය ඉවර වෙලා යද්දී සර් කිව්වා "හොදයි එහෙමනම් කොළ දෙක ගෙදර අරන් යන්න.. පෑන් තියල යන්න ,,ලබන සතියේ එන්න.. චෙරියෝ" ..කිව්වා ,,ඒ මගේ දෙවැනි ඉංග්‍රීසි ටියුසන් පන්තිය ,,ඒ සර් නම් සිංහලෙනුත් කතා කරන හින්ද හොදයි කියල මට හිතුනා .නැත්නම්( පලවෙනි ඉංග්‍රීසි පන්තියේ වෙච්ච සිදුවීම වගේ අකරතැබ්බයක් මට උනානම් වෙන්නේ පන්සල ලගින්ම ගලා ගෙන යන මහවැලියට පනින්න ..).ඉතින් ඊලග සතියෙත් අපි ගියා පංතියට .එදා අපිට පොඩි ටියුට් එකක් දුන්නා ..ඉංග්‍රීසි සින්දුවක් තිබුනා ඒ ටියුට් එකේ ..බෆල් සෙට් එකෙන් ඒ සින්දුව වාදනය වෙද්දී අපි අර කොලේ තියන සින්දුවේ වචන වලට ඇගිල්ල තියන්න ඕනේ ...එදා පන්තියේ හිටියේ හතර දෙනයි ..අපි තුන් දෙනයි අර ගැහැණු ළමයයි විතරයි ..කලින් හිටිය අය ඇවිත් තිබුනේ නිකම් පොත් ලැබෙයි කියල වෙන්න ඇති ..ඉතින් දැන් සර් සින්දුව වාදනය කරා ...සර් අපි ඉස්සරහම ..අනිත් කට්ටිය දිහා බලන් නැතුව තම තමන් ඒ වචන වලට ඇගිල්ල තියන්න කිව්වා ..මගේ ලග හිටිය මගේ යාළුවා සමරේ ..හොදටම දාඩිය දාලා ..සර් අපේ යාලුවට ටිකක් සැර දැම්ම .."ළමයා ඔය කොහෙද ඇගිල්ල තියන්නේ.. ලව් කියද්දි ලව් එකට ඇගිල්ල තියනවා "..සමරේ සෑහෙන්න අසරණ වෙලා.. ගීතය දිගටම යනවා සමරෙගේ ඇගිලි වෙන වෙන වචන වලට තියවෙනවා ....ආයෙත් සර් "මොකක්ද ළමය ඔය ලව් එකද ?ලව් එකට ඇගිල්ල තියනවා.ලව් අදුරන් නැද්ද ..ලව් එකට ලව් එකට ඇගිල්ල තියනවා ."..හොදම දේ තමා ..සමරෙට එහා පැත්තෙන් හිටියෙ අර තනි ගැහැණු ළමයා ..යාන්තම් ගීතය අහවර උනා ...සමරේ සැනසුම් සුසුම් හෙලුවා .."හොදයි ළමයිනේ අපි ආයෙත් ලබන සතියේ හම්බ වෙමු.. හිතින් සින්දුව රස විද විද යන්න පෑන් තියල යන්න ලබන සතියේ ආයේ එන්න චෙරියෝ" ..කියල සර් කිව්වා.."ඔය ළමයා ලව් එකට ඇගිල්ල තියන්න පුරුදු වෙලා එන්න" එහෙම කිව්වේ සමරෙට . ..ඊලග සතියේ මන් පන්ති යන්න කටුගස්තොට බහිද්දී මගේ යාළුවො දෙන්න කිව්වා ආයේ පන්ති නොයා ඉමු කියලා ..මන් ඇහුව ඇයි කියල .."ඒක හරි යන්නේ නෑ .මචන් "ලව් එකට ඇගිල්ල තියන්න" කියනවා" කියලා සමරේ කිව්වා ..ඉතින් එදායින් පස්සේ ඒ පන්තියට ගියේ නෑ ..අර ගැහැණු ළමය විතරක් ගියාද නැත්නම් එදායින් පස්සේ පන්තිත් නැවතුනාද කියන්න නම් දන්නෙ නෑ ..කොහොම උනත් ලස්සන සිදුවීමක් ..එදායින් පස්සේ මන් සිය දහස් වතාවක් ත්‍රී සිංහල සීමාරාමේ ගාවින් ගියත් මට ඒ පන්සලට යන්න බැරි උනා ..ඉන් පස්සේ ඒ සර් ගේ පෝස්ටර් දැක්කෙත් නෑ ..හැබැයි අදටත් ස්ටීව් වොන්ඩර් ගේ i just called to say i love you සින්දුව ඇහෙද්දී ත්‍රී සිංහල සීමාරාමේත් ..ඒ සර් වගේම හීන් දාඩිය දාල ලව් එකට ඇගිල්ල තියපු සමරෙත් මට මතක් වෙනවා ..

1 comment:

  1. ලව් එකට ඇඟිල්ල තියන්නත් කොච්චර පුරුෂ ශක්තියක් ඕනද..??

    ReplyDelete